Saturday, May 13, 2017

නොපෙනෙන බලවේග සහ අන්දරමාන්න

නිවාඩු දවස්වලට වැඩිපුර TV බලන එක මගේ පුරුද්දක්.ඒ වගේ වෙලාවක අහම්බෙන් බලන්න හම්බවෙච්ච ප්‍රෝග්‍රෑම් එකක් තමයි නොපෙනෙන බලවේගය .එකත් කාලයක් යනකොට ගොන් පාට් වැඩි වුනා.ඉන්දික තොටවත්ත ඊට පස්සේ අසංග ජයසුරිය කියන දෙන්නා තමන් ගේ මතය වෙනුවෙන් කරන කියන දේවල් වලින් ඕක බලන එක නතර කරන්න හිටියේ.එත් ගොඩක් පෝය දවස් වල අපේ ගෙදර කට්ටිය බලන නිසා මාත් බලනවට වැඩිය බැලුනා. එත් මං බලපු නොපෙනෙන මානයේ ප්‍රෝග්‍රෑම් වලින් වැදගත්ම එක තමයි අන්දරමාන්නගේ කතාව .කව්ද මේ අන්දරමාන්න...

Wednesday, May 10, 2017

ඊට පස්සේ

ඊට පස්සේ කියන්නේ මේ නාට්‍යක්වත් ,නවකතාවක් හරි කෙටි කතාවක් වගේ එකක් නෙවෙයි.අවුරුද්දෙන් පස්සේ ඉතිරි මාස 3-4 හෙන බිසී කාලයක් නේ අපිට ඒ දවස්වල තිබුනේ.ඒ දවස්වල කියන්නේ ස්කොලේ යන කාලේ.මොකද අවුරුද්ද ගියපු ගමන් එන වෙසක් එක හෙන ජයටම අපි සමරනවා නේ .සමහරු ඉතිං අප්‍රේල් 20 වගේ ඉදන් තමයි  වෙසක් එකට  ලේස්ති වෙන්නේ.වෙසක් කිව්වොත් සරුංගල් .,වෙසක් කූඩු ,දන්සල් තමයි ඉතින් ඔන්න වෙසක්...

Sunday, May 7, 2017

චුටි ටීචර් සහ අපේ පංතිය

අලුත් අවුරුද්දේ අලුත් පන්තියට ගියාම හොයන දෙයක් නේ කව්ද උගන්වන්න ඉන්න ගුරුවරු ,පන්ති බාර කව්ද වගේ ඒවා .අපේ වුන් කවුරුත් කුරු කුරු ගගා හිටියේ ජෝතිපාල මහත්තයා පංතිය බාර ගත්තොත් ඉවරයි කියලා .මොකද 10 වසරේ ඉදන් විභාගේ ලියන කන් එකම ගුරුවරයෙක්ට තමයි පංතිය භාර දෙන්නේ  .එහෙම උනානම් අවුරුදු දෙකම ජෝතිපාල මහත්තයත් එක්ක ඉන්නවයි කියන්නේ මැරුවා සමග වාසේ වගේ තමයි ..ජෝතිපාල කියන්නේ සර්ගේ...

Sunday, April 30, 2017

රතු කමිසය

සාදුකින් පෙලෙන වුන් දැන් ඉති නැගිටියව් ....... ආ ...සහෝදරයා පෙළපාලියට යන්න වගේ .. නැතිව නැතිව බෑනේ ..එතකොට ඔය සහෝදරයා  ආ...මන් මේ මිටියයි දෑකැත්ත හොයාගෙන යන ගමන්  ඒ මොකද ..... අපේ පක්ෂේ දෙකට කැඩීලානේ ... උන් යද්දී කෑලි දෙක අරන් ගිහින් ...මන් ඒක එකතු කරන්න යන ගමන්  අමරබන්දු පිටව යන ජයසේකර දිහා කිසි හැගීමකින් තොරව බලා සිට දිග හුස්මක් හෙලීය. මාසේ වැටුපෙන් කරන්න...

Sunday, April 23, 2017

ගෑනු ෂොපින්

අපේ එකෙක් ඊයේ කියනවා .අවුරුද්දට කරන්න තියෙන වැඩවලින් එපා කරනම වැඩේ ලු ගෑනිත් එක්ක ෂොපින් කරන එකලු..කොටින්ම පොලේ ගියත් මුළු පොලේම ඇවිදින්න ඕනලු.. අවුරුදු කාලෙට පොළ කියන්නේ සෙනග සෑහෙන්න ඉන්නවා නේ..එත් ගණක නැතිලු..අන්තිමට මිනිහට  මල පැනලා බඩු  අරන් එන්න කියලා පැත්තකට වෙලා ඉන්නවලු .. කිව්වම මට පොඩි කතාවක් මතක් වුනා .. කතාවක් කියන්නේ  මන් අත්දැකපු සිද්දි ටිකක්   සාපෙ...

Saturday, April 15, 2017

ජන ක්‍රීඩා සහ අපේ ගේම්

ඔක්කොලටම ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ,බත බුලති සපිරුණු අවුරුද්දක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා ..   මේ කියන්නේ මට මතක ඇති කාලේ ඒ කියන්නේ හිච්චි එකා කාලේ අපේ ගමේනම් අවුරුදු උත්සව තිබුනේ නැත..තිබුනේනම් තිබුනේ ටවුන් එකෙය..එකත් ගමේ හිටං හතක්ම 6-7 දුරින් ය... අවුරුද්දට කලින් ඔකේ ප්‍රචාරය යනවා ..යන්නේ දැන් වගේ ත්‍රිවිල් එක්ක නොව ලෑන්ඩ් මාස්ටර්...

Saturday, April 8, 2017

ගිහින් 14 වුනාට තවමත් මුමුණනවා

අප්‍රේල් 03 වෙනිදට කපුගේ මිය ගිහින් අවුරුදු 14 වෙනවා...ඒ 2003 අවුරුද්දේදී ..කපුගේ කියන්නේ මගේ ෆේවරිටම  ගායකයා ..මොකද මගේ බෑන්ඩ් පිස්සු දවස්වල කියන්න ට්‍රයි කරපු සිංදු වැඩිපුරම කපුගේ ගේ තමයි.... කපුගේ ගැන හරි අපුරු විස්තරයක් දවසක් කළා සන්ෆලවර් නිල් ..කපුගේ සන්ෆලවර් එක්ක  කැසට් ඒක කලාම හැමෝම බැන්නලු .එකට උත්තරයක් විදියට කපුගේ කියලා තියෙන්නේ..මට කන්න බොන්න දෙනවද කියලා තමයි..හැබැයි ඒ සල්ලි වලින් වැඩි කොටසක් වියදම් කරලා තියෙන්නේ ජුලි වර්ජකයෝ...

Monday, April 3, 2017

මම සහ මගේ පිස්සුව

මේක නිකන් මොන්ටිසෝරි කතාවක් වගේ තියෙයිද මන්දා ..කාට කොහොම හිතුනත් ඒ ඉතිං මන් ගැන නේ ..ආයි ඉති මක්කෙටෙයි දුක් වෙන්නේ කියලා හිතලම ලියනවා හිටං .මේ මන් ගැන .මන් ගැන කිව්වට මේ මන් දැකපු හිනා ගැන . හින කියන්නේ මෙව්වා තවමත් හින .පොඩි කාලේ එක එක අය අහනවනේ පොඩි කාලේ  කවුද වෙන්න කැමති කියලා ..අපේ පන්තියේ  හිටපු ගොඩක් වුන් ඒක ඒක ඒවා කියලා ,ම්ම් විතරයි ඔලුව කහලා තියෙන්නේ..ඒ...

Sunday, March 26, 2017

වික්ටර්ගේ හිට්ම 10

මේක මට ලියන්න හිතුනේ මෙන්න මේ කෑල්ල නිසා තමයි ඉතිං ":ඉතින් ඔන්න ඔහොමයි වික්ටර් රත්නායකයන්ගේ ගී ගඟුලෙන් තොරල බේරල මම කැමතිම 10ක් ලිස්ට් ගත කලේ.හා දැන් කවුද කැමති ඔයාලා කැමති ගීතත් මේ වගේ ලිස්ට් එකකට ගන්න. වැඩිය ඔනේ නෑ මේ වගේ 10ක් ඇති."මෙහෙම කිව්වේ සොදුරු සදාවතී ඒ එයාගේ වික්ටරුයි මමයි .බ්ලොග් ලියන අයයි කියන එකේ .ඒක බලන්න යන්න ඕනේ නම මෙතනින් යන්න .. ඒකට උත්තර ලිව්වේ ඉයන් ..සොදුරු සදවතිගේ වික්ටර් අභියෝගය කියලනේ..ඒක බලන්න මෙතනින් යන්නකෝ එහෙනම්...

මා සහ නුබ

මා නුබේ නොවන බව දැන  නුබට පෙම් කරපු තරම්  හිතා ගන්න බෑ  මා නුබට රැවටුන තරම්  ජිවිතයක් ජිවත් කරපු  සිත ඔබ හැදූ තරම්  අතීතය අත ගාමි  අදුරේ ඉදන්  මන් දන්නෙත් නෑ  හිත හිලෑ නෑ  නුබ හොයනා තරම්  නුබ දන්නේ නෑ  මන් හෙලේනා සුසුම්  අදහන්නත් බෑ  මා අතහැර ගියපු දුරක්  ආදරේ විද  විදවන්නට...

Friday, March 17, 2017

දේදුන්න

මේක දැක්ක ගමන් හිතන්න ඇති ලව් ස්ටොරියක් ,බුට් කවියක් වෙන්න ඇති කියලා ..මොකද ඒ තරමට ආදරයට දේදුන්න ගැන ඕවා ලියවිලා තියෙන නිසා .කාලෙකට පස්සේ දේදුන්නක් දැක්කා ..ඉස්සර දේදුන්නක් දැක්කම කියපු කතා අත දික් කරන්න එපා දේදුන්න නැතිවෙලා යනවා .ඒක පව් සිද්ද වෙන වැඩක් ...දේදුන්නේ එක කෙළවරක් වැවක හරි මුහුදක හරි තමයි තියෙන්නේ .එකෙන් තමයි අහසට වතුර ගන්නේ ඔය වගේ හැට හුට හමාරක් කිව්වනේ...