Saturday, May 13, 2017

නොපෙනෙන බලවේග සහ අන්දරමාන්න

නිවාඩු දවස්වලට වැඩිපුර TV බලන එක මගේ පුරුද්දක්.ඒ වගේ වෙලාවක අහම්බෙන් බලන්න හම්බවෙච්ච ප්‍රෝග්‍රෑම් එකක් තමයි නොපෙනෙන බලවේගය .එකත් කාලයක් යනකොට ගොන් පාට් වැඩි වුනා.ඉන්දික තොටවත්ත ඊට පස්සේ අසංග ජයසුරිය කියන දෙන්නා තමන් ගේ මතය වෙනුවෙන් කරන කියන දේවල් වලින් ඕක බලන එක නතර කරන්න හිටියේ.එත් ගොඩක් පෝය දවස් වල අපේ ගෙදර කට්ටිය බලන නිසා මාත් බලනවට වැඩිය බැලුනා. එත් මං බලපු නොපෙනෙන මානයේ ප්‍රෝග්‍රෑම් වලින් වැදගත්ම එක තමයි අන්දරමාන්නගේ කතාව .කව්ද මේ අන්දරමාන්න...

Wednesday, May 10, 2017

ඊට පස්සේ

ඊට පස්සේ කියන්නේ මේ නාට්‍යක්වත් ,නවකතාවක් හරි කෙටි කතාවක් වගේ එකක් නෙවෙයි.අවුරුද්දෙන් පස්සේ ඉතිරි මාස 3-4 හෙන බිසී කාලයක් නේ අපිට ඒ දවස්වල තිබුනේ.ඒ දවස්වල කියන්නේ ස්කොලේ යන කාලේ.මොකද අවුරුද්ද ගියපු ගමන් එන වෙසක් එක හෙන ජයටම අපි සමරනවා නේ .සමහරු ඉතිං අප්‍රේල් 20 වගේ ඉදන් තමයි  වෙසක් එකට  ලේස්ති වෙන්නේ.වෙසක් කිව්වොත් සරුංගල් .,වෙසක් කූඩු ,දන්සල් තමයි ඉතින් ඔන්න වෙසක්...

Sunday, May 7, 2017

චුටි ටීචර් සහ අපේ පංතිය

අලුත් අවුරුද්දේ අලුත් පන්තියට ගියාම හොයන දෙයක් නේ කව්ද උගන්වන්න ඉන්න ගුරුවරු ,පන්ති බාර කව්ද වගේ ඒවා .අපේ වුන් කවුරුත් කුරු කුරු ගගා හිටියේ ජෝතිපාල මහත්තයා පංතිය බාර ගත්තොත් ඉවරයි කියලා .මොකද 10 වසරේ ඉදන් විභාගේ ලියන කන් එකම ගුරුවරයෙක්ට තමයි පංතිය භාර දෙන්නේ  .එහෙම උනානම් අවුරුදු දෙකම ජෝතිපාල මහත්තයත් එක්ක ඉන්නවයි කියන්නේ මැරුවා සමග වාසේ වගේ තමයි ..ජෝතිපාල කියන්නේ සර්ගේ...