Friday, February 24, 2017

මම සහ ලයිෆ් ස්ටයිල්



පිටතින් බලපු උන් කියන්නේ හෙන ආඩම්බර කාරයෙක් කියලා ..හැබැයි ඒ මගේ හැටි ද ..?..නැත්නම් මම පොරක් කියා හිතාගෙන ඉන්න නිසා පිටතින් බලන යට පෙන්නේ මගේ පොර ස්ටයිල් ඒක ආඩම්බර කමක් හැටියට ද ..?

ඇත්තටම මම පොරක් ද ...එත් මේ පොර මානසිකත්වය කොහෙන් ආපු එකක්ද..?මේක ලේවලින් එන දෙයක් ද .?

අපි හැමෝම පොරක් ය...පොරක් ය කියන්නේ අපේ ලයිෆ් ස්ටයිල්  ඒක එහෙම නැත්නම් ජිවන අනන්‍යතාවය ..අපි හැමෝටම අපේමය කියන අනන්‍යතාවයක් ඇත..එය අපෙන් තව කෙනෙකුගෙන් පැහැදිලිව වෙනස් කමක් ඇත..කොටින්ම කියනවනම් අපේ ඇඟිලි සළකුණු තව කෙනෙකුට සමාන වෙන්නේ නැහැනේ.අන්න ඒ වගේ තමයි අපේ ලයිෆ් ස්ටයිල් එකකත් ..

ඔබ දන්නවා ද ඔබේ ස්ටයිල් එක..ගොඩ දෙනෙක් කරන්නේ අනුන්ගේ ස්ටයිල් කොපි කර අමාරුවේ වැටීමයි..මොකද ඔබ ට එය නොගැලපෙන නිසාය ..ඉස්සර ඔය පඩිවරු කියලා තියෙන්නේ තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කියලා දත් පනුවෝ කනොවට නෙවෙයි නේ..අන්න ඒක නිසා ඔබේ ස්ටයිල් ඒක හොයා ගන්න 

කොහොමද ස්ටයිල් ඒක හොයා ගන්නේ..ඔබ ,ඔබ ගැනම කල්පනා කරන්න..ඔබ සතුටු වෙච්ච සහ දුක් වෙච්ච දේවල් ගැන එහම නැත්නම් ඔබේ සාර්ථකත්වය අසාර්ථකත්වය ගැන..ඔබ සාර්ථක වුනානම් ඒ කොහොමද ..අසාර්ථක වුනානම් ඒ මොන හේතු නිසාද කියලා තේරුම් බේරුම් කර ගන්න..ඕනෙනම් කොලේක ලියන්න..

දැන් ආයි කලපනා කරන්න ඔබ අසාර්ථක වුනේ ඇයි..ඔබට තේරෙනවා ඇති ඔබට ඔබ ම නොවී කරපු වැඩ නිසා තමයි ඒ අසාර්ථකත්වය ට හේතුව..මෙහෙම පැහැදිලි කරනවා නම් ඔබේ යහළුවාට බයික් එකේ හිටගෙන යන්න පුළුවන්..ඔබත් හිතෙනවා එහෙම කරන්න පුළුවන් කියලා.ඔබ එය කරනවා ..අසාර්ථක වෙනවා ..වැටෙනවා ..අන්න ඒක නිසා තමයි කියන්නේ ඔබ ,ඔබම වෙන්න කියාය..එතැනදී කියයි පුරුදු වුනේ නෑ ....වගේ ඒවා ..සමහර වෙලාවට කොච්චර පුරුදු උනත් ඒ යාලුවා වගේ කරන්න බෑ..ඒ කියන්නේ ඔබේ ස්ටයිල් ඒක වෙනස් .

ඔබ කරේ ඔබගේ යාලුවා අනුකරණය කිරීමක් ..අන්න එතනදී තමයි ඔබට වැරදුනේ..ඔබ කල යුතුව තිබුනේ ඔහුගෙන් දෙයක් ගෙන එය ඔබේ ස්ටයිල් කරන්න..අන්න එතනදී ඔබට බයික් එකේ හිටගෙන නෙවෙයි ..ඔලුවෙන් උනත් යන්න පුළුවන්..

ලෝකේ මිනිස්සු වෙනස් කළා නොව මිනිස්සු ලෝකේ වෙනස් කළා. ඒ මිනිස්සු ලෝකේ  වෙනස් කලේ අනුන්ගේ දේවල් ගෙඩි පිටින් කොපි කරලා නෙවෙයි..ඒවායින් හොඳ දේවල් ගෙන තමන්ගේ දේවල් වලින් පුරෝලා තමයි..අපි හැමෝම පොරක් වෙන්නේ තමන්ගේ ලයිෆ් ස්ටයිල් එක අදුර ගත්ත දවසට අන්න එදාට කියන්න පුළුවන් ලයිෆ් ඉස් මයි ස්ටයිල් කියලා ..ඔබ ඔබම වෙන්න අනුන්ගේ චරිත රඟ නොපා ...

2 comments:

  1. මම ත් පොරක්... පොරවල් වලට අපි නම් කැමතියි ...
    ආයෙ කාටවත් පදිරි නැති පොරක් කොච්චියා

    ReplyDelete

ඔබේ අදහස මට කෝටියක් වටි..ලියා යන්න වචන දෙක තුනක්