Saturday, April 8, 2017

ගිහින් 14 වුනාට තවමත් මුමුණනවා

අප්‍රේල් 03 වෙනිදට කපුගේ මිය ගිහින් අවුරුදු 14 වෙනවා...ඒ 2003 අවුරුද්දේදී ..කපුගේ කියන්නේ මගේ ෆේවරිටම  ගායකයා ..මොකද මගේ බෑන්ඩ් පිස්සු දවස්වල කියන්න ට්‍රයි කරපු සිංදු වැඩිපුරම කපුගේ ගේ තමයි....

කපුගේ ගැන හරි අපුරු විස්තරයක් දවසක් කළා සන්ෆලවර් නිල් ..කපුගේ සන්ෆලවර් එක්ක  කැසට් ඒක කලාම හැමෝම බැන්නලු .එකට උත්තරයක් විදියට කපුගේ කියලා තියෙන්නේ..මට කන්න බොන්න දෙනවද කියලා තමයි..හැබැයි ඒ සල්ලි වලින් වැඩි කොටසක් වියදම් කරලා තියෙන්නේ ජුලි වර්ජකයෝ වෙනුවෙන් කියල තමයි නිල්වලා කැසට් එකේ උපුල් ජයසිංහ කිව්වේ..උග්‍ර සමාජවාදියෙකු විදියට තමයි කපුගේ හදුන්වන්නේ..

දැන් වුනත්ඩ අපේ සෙට් එක මී  විතකට සෙට් වෙඡ්චා ගමන් කපුගේ තමයි..මොකද ඒ සිංදු නොදන්නා කෙනෙකුත් නැති තරම්.. මේ කියන්න යන්නේ මම  කපුගේ ගේ සිංදු වලින් මගේ හිත නවතිඡ්ච්ම සිංදු 10 ගැන

1.දවසක් පැල නැති හේනේ 

මේක තමයි අදටත් මව් ගුණ සිංදු වලින් වැඩිපුරම ඇහෙන සිංදුවක්....ඒ වගේම මම වැඩිපුරම කියපු සින්දුවත් ඕකම තමයි..නිදහසේ අහන්න නියම සින්දුව..

දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ...
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ ...

නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුනදා
බිරිදකගේ සෙනෙහෙ ගියා
යෝධ ඇලේ නැම්මේ...

ඔබෙ සෙනෙහස සුවද දිදී
දැනුනා මට අම්මේ ...//

කොළඹ අහස කලු කරගෙන
මුහුදු හුලග හඩලනකොට
ඔටුන්න බිමදා දුවගෙන
එන්නද එක පිම්මේ...

මං එනතුරු ඉදිකඩ ලග
ඉන්නවාද අම්මේ...// 


Title :  Dawasak Pala Nathi Hene 
Singer : Gunadasa Kapuge
Lyrics : Ran Banda Seneviratne
Music :  Gunadasa Kapuge


2.මන් මුලා වී 

මේකත් මන් අසම සිංදුවක් ..මේකේ තේරුම නම් ඒක ඒක අය ඒක ඒක විදියට විස්තර කරනවා ..සමහරු කියනවා මේක අටලෝ දහම ගැන කියවෙන සිංදුවක් කියලා ..හරි නිස්කලංක මියුසික් එකත් ගැබුරු කටහඩින් ගුණදාස කපුගේ සින්දුව කියද්දී හිත භාවනාවකට ගියා වගේ වෙනවා 

මං මුලාවී පාර හොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලාවූ සමනළියකගෙනි
පාර අසා තිබුනේ //

ඇයත් නොදන්නිය ඇය යන මානය
උන්හිටි තැන් මතකයේ අඩමානය //
පාර කියන්නේ කෙලෙසද මා හට
ඇයටද පාරක් ඇති නැති ගානය

මං මුලාවී..........

අප හමුවූයේ මන්දැයි නොදනිමි
පාර ඇසූයේ ඇයිදැයි නොකියමි //
අපේ ගමන අද නවතනු හැකිනම්
අප යන ගමනද අද මෙතැනින් නිමි

මං මුලාවී.........


Title :  Man Mulawee Para Asagena
Singer : Gunadasa Kapuge
Lyrics : Sunil Ariyaratne
Music : Gunadasa Kapuge


3.උන්මාද සිතුවම් 

එකටම් ගේ කියන චිත්‍රපටියට තමයි මේ සින්දුව ගයනා කරලා තියෙන්නේ..ලංකාවේ හදපු බුට් සිංදු වලින් උඩින්ම තියෙන සින්දුව මේක තමයි..ඉකොලේ යන කාලේ අපේ සෙට් එකේ ගොඩ දෙනෙක් අහිමිවීම් එක්ක වැඩිපුරම කියපු.,පොත් වල ලියපු ,අහුමුලුවල කුරුටු ගාපු සිංදුවක් තමයි මේක..එකයි කියන්නේ හොදම බුට් සින්දුව කියලා 

උන්මාද සිතුවම් මැවේ බිඳේ
මීදුම් වළා මැද අතීතයේ
බිඳුණු පෙමින් ගිණිගත් හදවත්
තනිවේවි එක්ටැම් ගේ

අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
පාළු හුදකලා සුළග පමනි උරුමේ
හඩා වැටෙන සිත සදා සරණ මට
තනිවේවි එක්ටැම් ගේ

උන්මාද සිතුවම්.....

දහසක් මල් මැද එකම මලයි පැතුවේ
එමල කිමද සරදම් කර සැඟව ගියේ
දැනේ තවම මට මලේ සුවඳ පොද
තනිවේවි එක්ටැම් ගේ

උන්මාද සිතුවම්.....

Singer : Gunadasa Kapuge
Lyrics : Sunil Ariyarathne 
Music : Sarath Dasanayake


4.දුක හාදු දෙන රැයේ 

මේකත් ප්‍රේමයේ දුක ..අහිමිවීමේ දුක ගැන කියවෙන එකක්....කට්ටිය සෙට් වුනාම ඉස්සෙල්ලම කියන සිංදුවක් තමයි මේක ...

දුක හාදු දෙන රැයේ 
හිත පතුලටම වෙලා
යෞවනේ අගට විය විරහී 
හද ගිලන් වෙලා..//

ගහ කොළද මල් පිපේ 
ඇල දොල නිල කඩා හැලේ
පෙර දාක මිරිගු සයුරේ 
ඒ රුවට රැවටුනේ...

දුක හාදු දෙන රැයේ....

නන්නාඳුනන ලෙසේ 
මග තොට යලිත් හමු වෙලා
මහ මෙර හිසින් දරාගෙන 
අපි යමු දුරස් වෙලා...

දුක හාදු දෙන රැයේ....

Singer : Gunadasa Kapuge
Lyrics : Wasantha Bandara Dissanayaka
Music : Gunadasa Kapuge



5.නින්නද නැති රැයේ 

කවුරු හරි කියයි කපුගේ කියන්නේ අඩන අය ගැනම සිංදු කියපු කෙනෙක් කියලා..මොකද පැරදුණු ප්‍රේමය ගැන සෑහෙන්න සිංදු තියෙන නිසා..තවත් විශේෂත්වයක් තමයි ගොඩක් ඒවගේ තනුවත් කපුගේ ගේ නිසයි..මගෙත් කුලුදුල් ඒක නැති වුනාම ලැජ්ජාවට ද කොහෙද ටොයිලට් එකට ගිහින් තමයි ඇඩුවේ ...

නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා අඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ

කිළිපොළා සැලී යමින් නොහිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදිවී යා යුතුව තිබේ

නින්ද නැති රැයේ.....

රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ

නැති රැයේ.....

Singer : Gunadasa Kapuge
Lyrics : Rathna Sri Wijesinghe 
Music : Gunadasa Kapuge


6.රුවක් ඇදෙනවා 

කපුගේ එක්ක දිවුල්ගනේ කියන හරි අපුරුතම සින්දුව ක් තමයි මේක..විරහව නැති කරන්න බාර් ගානේ යන කෙනෙක් ගැන කියවෙන සිංදුවක් නේ..මහින්ද දිසානායක තමයි ලියලා තියෙන්නේ සංගීතේ කපුගේ ගේ..මොකද කපුගේ මී විතට බර කෙනෙක් කියල නේ ප්‍රසිද්ද ..

රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇතිරිය දෑස වසනවා
හද පොදි බැදි රුව දියකර පා කර
ඔබේ ලොවට මා..මොහොතින් එනවා...

සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද
කිම තොල මීවිත පොඟවන්නේ...//
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ

රුවක් ඇදෙනවා...//

නැගුනු නුරා ගිනි මිනි පොද වැටිලා
හතර අතින් දළුලා එනවා...//
අවන්හලේ මීවිත තනිකරලා
වරෙන් මලේ පියවර නගලා..

රුවක් ඇදෙනවා...//

Singer : Gunadasa Kapuge ,karunarathana diwulgane 
Lyrics : mahinada disaanayaka 
Music ;gunadaasa kapuge 



7.සබඳ අපි කදු නොවෙමු 

මේකත් මගේ හිතගත්ම සිංදුවක්..මේකට එඡ්චාරටම කැමති වෙන්නේ අයි කියලා කියන්න නම් දන්නේ නෑ..එත් ආයි ආයි අහන්න ආස සිංදුවක් ..

සබඳ අපි කඳු නොවෙමු 
උනුන් පරයා නැගෙන 
සුනිල දිය දහර වෙමු 
එකම ගඟකට වැටෙන

වියරු ගිනිදැල් නොවෙමු 
වනය අවුලා තබන 
මිහිර දෙන වැස්ස වෙමු 
දැවෙන කැලයට වසින

සබඳ අපි කඳු නොවෙමු 

නපුරු හීනය නොවෙමු 
ළමුන් නිදි සුව බිඳින 
සොඳුරු අඬහැරය වෙමු 
දනන් නින්දෙන් මුදන

සබඳ අපි කඳු නොවෙමු 


 8.බිරිඳ මගේ ඔබ

නන්දා මාලනිත් එක්ක කපුගේ කියන මේ සින්දුව ත් මගේ හිත ගත එකක්..යෝජිත විවාහයක් සහ ඔවුන්ගේ ප්‍රේම කතා ගැන කියවෙන සිංදුවක්..සුනිල් අරියර්තනය්න් ලිව්වා හරි අපුරවම සිංදුවක් තමයි මේක ;;

බිරිඳ මගේ ඔබ
නැ මා ඔබ‍ගේ බිරිඳ නොවේ
දෑගිලි හුයකින් බැඳි පමණින් මා ඔබගේ
බිරිඳ ‍නොවේ.. ඔබගේ බිරිඳ නොවේ

ඔබ පෙම් කල අය ඔබට ලැබී නැත
මා පෙම් කල අය මටද ලැබී නැත...//
මාව් පිය නෑ සිය ආසිරි ගී මැද
දෑගිලි පමණක් එකට බැඳී ඇත
දෑගිලි පමණක් එකට බැඳී ඇත

බිරිඳ මගේ ඔබ..//

සිරුරින් එකතැන හදවත් දෙතැනක
දෙදෙනෙකු වෙමු අපි එකම වහලයට..//
ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද..
අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද..

බිරිඳ මගේ ඔබ..//



9.මං හින්දා ඔබෙ

සුනිල් ආරියරත්න ලියලා කපුගේ සංගීතවත් කරපු මේක මලානි බුලත්සිංහල එක්ක කියන මන් හින්දා ඔබේ කියන සින්දුවත් මගේතවත් හිත ගත සිංදුවක් 

මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා..
මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැගෙන්නෙපා..
ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ
කිසිදා එක් නොවෙනා...

අහස් මාලිඟා නැහැ ඔබ නිසා මැවී...
සැක සංකා නැහැ ඔබ ගැන හිතේ රැදී...
හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා...
උරණ නොවන්නෙමි ඔබ අන්සතු වූ දා...

මං හින්දා ඔබෙ...//

අතැඟිලි බන්ධන නොපතමි පෙමින් බැදී..
ඔබ සිරකරලන දොරඟුලු දමනු බැරී..
නෑ කුල සිරිතෙන් සැලෙනා පෙමක් නොවේ..
පෙමට පෙමින් යන පෙම්ලොව මෙයයි අපේ..

මං හින්දා ඔබෙ...//


10.බිතුසිතුවම් රු මෙන් 

මේකනම් මගේ යි තව යාලුවෙකුගෙයි ජිවිත අත්දැකීමක් වගේ ම තමයි..සින්දුව ඇහුවම තේරෙයි මොකක්ද කියලා ..ලක්ෂ්මන් හේවාවිතාරණ එක්ක කියන මේකැ අහලා බලන්න කෝ 

බිතු සිතුවම් රූ මෙන් පැවතී
හිත මිතුරන් විරසක නොවෙතී...//
එක මලකට පෙම් බැන්ද පවින්..
මිතුරු දමින් සමුගමුද ඉතින්...
හෙවනැල්ලෙන් සමු ගමුද ඉතින්...

මල කීවේ නෑ මට ඔබ පෙම්කල වග..
කීවානම් මා පෙම් කරන්නෙ නෑ තව..
මොටදෝ පෙමකට සොහොයුරු දම් බිඳ
අප දෙන්නා සමුගත යුතු නෑ..නෑ..

බිතු සිතුවම්......

මලට කියන්නම් මා පෙම් නොකරන වග
සමාවෙයන්කෝ මට ඕනෑ මිතුදම..
ඇගෙ පෙම ජයගෙන සතුටින් ඉනුමැන
මා නම් හිත රිදවන්නේ නෑ නෑ..

බිතු සිතුවම්....


------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

කපුගේ ගේ සිංදු 10 ක් නෙවෙයි 100 විතර තියෙනවා මම කැමති ඒවා "මලානි බුලත්සින්හලත් එක්ක කියන ලා දම් පාටින් සඳ බැස යනවා ,ඔබට යන්නට ඕනා නම් ,ලෙලි තලන මගේ දෝණියේ ,පසක්කොට් ඇති .පිහිටක් නැති සරණක් නැති ,..ඔය වගේ සිංදු බර ගානක තියෙනවා ..ඔය යන්තම තෝරලා බේරලා ගත්ත ටික තමයි මෙටික..මන්නම් හිතන විදියට කපුගේ කියන්නේ ප්‍රේමයේ විරහව ගැන හරි අපුර්වතම අත්දැකිමක් ලබාදෙන්න පුළුවන් විදියේ ගායකයෙක්..

එතුමා ගිහින් 14 වුන්නට අදත් එතුමාගේ ගීත ඕනෑම රේඩියෝ චැනල් එක්ක යනවා ..හම පයකම ඒක සිංදුවක් යනවා..එකනම පේනවනේ එතුමාගේ ගීත කොඡ්චාර ජනප්‍රියද කියලා ..

කපුගේ ඔබට නිවන්සුව ...!!!!

16 comments:

  1. උන්මාද සිතුවම් පට්ටම බූට් සින්දුවක්,ඒක ඇහෙද්දි තනිකම ඇටමිඳුළු වලටම දැනෙන්නේ .නියම තේරීම් ටිකක් .

    ReplyDelete
    Replies
    1. උන්මාද සිතුවම් එකේ මුල් ඕඩියෝ ඒක අහන්න ඇත්නම් සුපිරියි..එත් පාසේ ඒක ඒක බෑන්ඩ් වලින් එකේ තිබිඡ්චා නියම ගතිය කෑවා ...

      Delete
    2. ඔව්.. උන්මාද සිතුවම් ගීතය ඉතා විශිෂ්ට ලෙස ගායනය කරනවා... මාත ආසයි ඒ ගීතයට හුඟක්..
      උන්මාද සිතුවම් ගීතයට සම්මානයක් නොලැබීම පුදුමයට කරුනක් කියලා විචාරකයන් කියනවා. කපුගේව හරි ඇගයීමකට ලක් වෙලා නැහැ..

      Delete
    3. කපුගේ ගේ දේශපාලනය නිසා ඇගයීම් නොකලාය කියලා සමහරු කියනවා ..ඔහුගේ සමහර ගීත උඩින් නොවුනත් යටින් පවතින දේශපාලනය දැඩි ලෙස විවේචනය කරා

      Delete
  2. ඊයේ රෑ මිත්‍ර කපුගේ ගේ show එකක් බලලා ඇවිත් තාම සින්දු ටික හිතේ රැව් දෙද්දී තමයි මේ පෝස්ට් එක දැක්කේ. කපුගේ ගේ මමත් කැමතිම සින්දු බොහොමයක් මෙතැන තියෙනවා. මිත්‍ර ත් තාත්තාගේ සින්දු වලට සෑහෙන්නම සාධාරණයක් ඉටු කරනවා කියලයි මට හිතුනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මිත්‍ර කපුගේත් ..සාධාරණයක් කරනවා ..එත් ඔහුට තමන්ගේම ගීත ටිකක් නැති ඒක ලොකු අඩුවක් ..තතගේ ආරේ ගීත ටිඅක්ක් ඔහුට තිබුනානම් ...අන්න එතකොට හොඳයි

      Delete
  3. නොමියෙන කපුගේ.!!!

    ReplyDelete
    Replies
    1. ජෝතිපාලයන්ගෙන් පසේ අපිට ඉන්න නොමියෙන ගායකයෙක් තමයි..එත් ජෝතිපාල සහ කපුගේ කියන්නේ ඒක අන්තයේ දෙන්නෙක් නොවෙන නිසා ..,කපුගේ ,ජෝති නොමියෙන ගායකයෝ

      Delete

  4. කපුගේ කියන්නෙ මගෙත් ප්‍රියතම ගායකයෙක්.එයාගේ දුක හාදු දෙන රැයේ.. දොඹ මල් කැලෑවේ තමයි මට මුලින්ම මතක් වෙන්නේ

    ReplyDelete
    Replies
    1. කපුගේ තමයි ලංකාවේ ඉන්න රෝමාන්ටික්ම ගායකයා ...

      Delete
  5. මේ විශේෂිත කටහඩ කපුගේටම සුවිශේෂයි . මම නම් කැමති මංමුලා වුනු සමනලියකගෙන් පාර ඇසු සින්දුවට.

    ReplyDelete
    Replies
    1. ඔව් ..ඒ කටහඩ කවදාවත් වියපත් නෑ..හැමදාම තරුණයි

      Delete
  6. උන්මාද සිතුවම් කියන්නෙ ඔතන තියෙන මන් කැමතිම සින්දුව පද රචනය, සංගීතය, ගායනය පිස්සු හැදෙනවා බන්

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත...ඕක අහපු සුද්දෙක් ආයි සැරයක් ඔය සින්දුව කියන්න කියලා තියෙනවා

      Delete
  7. අහා ඔයාත් කපුගේ රසිකයෙක් වගේ

    නියමයි !

    සිලෙක්ට් කරපු සින්දු සෙට් එකම සුපිරි !

    ReplyDelete
    Replies
    1. ඔව්..ඒක රසිකත්වයට එහා ගිය දෙයක් වගේ..නිකන් උමතුවක් වගේ ..

      ස්තුතියි ....

      Delete

ඔබේ අදහස මට කෝටියක් වටි..ලියා යන්න වචන දෙක තුනක්