Saturday, April 15, 2017

ජන ක්‍රීඩා සහ අපේ ගේම්

ඔක්කොලටම ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ,බත බුලති සපිරුණු අවුරුද්දක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා ..


 
මේ කියන්නේ මට මතක ඇති කාලේ ඒ කියන්නේ හිච්චි එකා කාලේ අපේ ගමේනම් අවුරුදු උත්සව තිබුනේ නැත..තිබුනේනම් තිබුනේ ටවුන් එකෙය..එකත් ගමේ හිටං හතක්ම 6-7 දුරින් ය...

අවුරුද්දට කලින් ඔකේ ප්‍රචාරය යනවා ..යන්නේ දැන් වගේ ත්‍රිවිල් එක්ක නොව ලෑන්ඩ් මාස්ටර් එක්ක හරි මහා ට්‍රැක්ටර් එක්ක ය ..
ආයුබෝවන් වාසනාවන් ..මේ ඔබ අමතන්නේ  එක්සත් ක්‍රීඩා සමාජය 13 වෙනි වරටත් ඉදිරිපත කරන මහා අවුරුදු උත්සවයේ ප්‍රචාරක රථයයි..අප්‍රේල් 15 දින පොළ භුඋමියේදී පැවැත්වේ...එහිදී බනිස් කෑම ..අලියට ඇස තැබීම ,අන්ධයාට කිරි කවිම ,පොල් අතු විවීම ,කොට්ටා පොර ,ලිස්සන ගහ ........ආදී ජන ක්‍රීඩා රැසක් පැවැත්වේ..එදින රාත්තිරි යාමේදී දිවයෙනේ ජනප්‍රිය කලාකරුවන් සහබාගි වෙන මහා සංගීත ප්‍රසංගයක් ද පැවැත්වේ ..ඔබ සැමට ආරාධනා ..

අපිත් ඔය ට්‍රැක්ටර් පස්සේ දුවන ඒක තමයි කරන්නේ..ඕක බලන්න කොහොම හරි යනවා ..යන්නේ ඉතිං පයින් තමයි..ඕකට අපේ පුන්චිලා ,අච්චිලත් යන වේලාවන් තියෙනවා ..මොකද ආච්චිත් එක්ක යන්න මන් හරි කැමතිය..මොකද ආච්චිත් එක්ක යන කොට මගදිගට හැමබ්වෙන අයත් එක්ක කතා කර කර තමයි යන්නේ..සමහරු ගෙට ගොඩවෙන්න කියලත් කියන්නවා ..මම නිකන් අකමැති මුණක් පෙන්නුවත් ,කැමැත්තෙන්ම යනවා ..මොකද කැවිලිත් කාලා තෙත් බිලා ඉවර වුනාම අර ගනුදෙනු කරන පිරිසිය අල්ලනවනෙ..හොඳට බලලා ලොකුම කාසිය ගන්න තමයි මගේ කැමැත්ත..සමහර වෙලාවට ආච්චි බනිනවා ලොකු ඒවා ගන්නවාය කියලා..නැත්නම් සත 50 පිරිසියෙන් අරන් දෙනවා .ඔකේ තියෙන ලොකුම කාසිය දෙකේ කාසිය තමයි ..ඒ එක්කම හුණු කිල්ලොටෙත් දෙනවා ..මන් නම් බොරුවට කිල්ලොටෙට ඇගිල්ල දාලා නිකන් ඉන්නවා ..කොහොමත් ඔය ගමන යද්දී ගෙවල් 4-5 ගොඩ වෙලා යන නිසා රුපියල් 5 විතර හොයා ගන්න පුළුවන්..සමහර ගෙවල් වැල ඔය පිරිසිය අල්ලන්නේ නැත .ආච්චි  ත් එක්ක අවුරුදු උත්සවේ බලන්න යනවයි කියන්නේ කොහොමත් 12 විතර වෙලා ..ඒ වෙලාවට ඉතුරු වෙලා තියෙන්නේ කොට්ටාපොරයි ,කානා මුට්ටියයි ලිස්සන ගහ විතරයි ..අනිත් සේරම ඉවර වෙලා ...සත 50 ක් දීලා අයිස් කිරීම් දෙකක් කාලා ආයි එන්න ගන්නවා ..

ඔය අවුරුදු කාපු සල්ලිත් අරන් යනවා ලොතරැයි අල්ලන්න .තිබුනේ බෝල කෝර්ඩ් එකේ බෝ ගහ යට .එතනට ගෑනු පිරිම දෙගොලෝම එනවා ..පෝය දොළහටම සිල් ගන්න අයත් එනවා..අවුරුද්දට අය වැය කොහොමද බලන්න..තවත් අය ඉන්නවා එයාලා එන්නේ තමන්ගේ ලග්නේ අය වැඩිනම් විතරයි වැය වැඩිනම් එනේන්ත් නැත,,මම නම් ඕකට ගොඩක් අවුරුදු වල ගිහින් ඇත .

.ඕකට ගන්නේ කොළ 12 අසියා ඉදන් හේරා වෙනකන් කොළ අරන් තමයි සෙල්ලම කරන්නේ..ඒක කොලෙකට කිව්වේ ගොඩක් කියලා ..ඔය දවස්වල සබන් කැටයක් ,රතිඤ්ඤා පෙට්ටියක ගොඩක් රුපියලයි ..ඔකේ තිබුනෙත් කොහොඹ සබන් තමයි ගොඩක් ම .සමන් ටින් රතිඤ්ඤාවගේ ඒවා රුපියල් දෙක වගේ තමයි මතක ..කොළ ටික වටේට තියාගෙන යනවා ..කොළ තියන්නේ නොපිට..අන්තිමට කරන කෙනා අහනවා මේ ගොඩ කාගේද කාගේද කියලා..ඒ වෙලාවට ඒක ඉල්ලන්න පුළුවන්..ඒ දවස්වල මගේ ලක් ඒක කොහොමද කියනවනම් අල්ලන හැම ඔට්ටුවක්ම දිනනවා ..සමහරු මම ලොතරැයි පොලට එනවා දැක්කම එතනින් නැගිටලා යන්න පවා පුරුදු වෙලා තිබුනා..සමහරු කියනන්වා ඔය දරුවා ගොඩවල් ඉල්ලනවානම් අපි ඉල්ලලා වැඩක් නෑනේ කියලත් කියනවා ..කොහොමත් මන් ලොතර්යි වලින් මුළු අවුරුද්දටම සබන් ,සැමන් දිනනවා ..ලොතරැයි පොලට කවදාකවත් පොලිසියෙන් පන්නේද නැත..සමහරු කිව්වේ බෝගහ යට නිසා පොලිසියෙන් පනින්නේ නැති විත්තිය..

ලොතරැයි පොලට පොලිසිය පනින්නේ නැති නිසා ප්‍රජාශාලාව පිටි පස්සේ කැට පොලක් සහ හෙඩ් පොලක් තිබුනා..එතනින් දිනපු සමහරු ගොඩ වැඩිකර ගන්නට එතන එහා පැත්තේ තිබුණු කොස් මන්ඩියේ බුරු පොලට ගියා..සමහරු ගොඩ ගියා තවත් අය නැති වුනා ..ඕකට පොලිසියෙන්ඔ පැනපු වෙලාවට අර ඔක්කොම ලොතරැයි පොළ ළඟය ..අන්තිමට ලොතරැයි පොලේ මුළු ගමේම අය ඉන්නවා ..ඔහොම කට්ටිය වැඩි වුනොත්ය අර සේරවම පන්නලා දානවා ගෙවල් වලට ..පස්සේ කාලෙක ලොතරැයි පොලත් අවුරුදු දවස් දෙකට විතරක් තියන්න කියලා බුරු ගාමිණීට පොලිසියෙන් කිව්වා .ඔය  සුදු පිටි ඔක්කොම කලේ බුරු ගාමිණිය ..බුරු ගාමිණි කියන්නේ මල ගෙවල් වල් හොයාගෙන ගිහින් සුදු ගහන කෙනෙක්..සමහරු කියන්නේ ගාමිණීට මුණු හයක් තියන කතරගම දෙයියෝ බුරු ගහන්න ගියාම අරුඩ වෙනවය කියලා ..කොච්චර මල ගෙවල් වල බුරු ගැහුවත් අවුරුදු දවස් වල බුරු ගැහුවේ නැත..අන්තිමට අඩුම ගොඩ 2,5,10 වුනා ..බුරු ගාමිණීට බුරු පොළකදී පිහියෙන් ඇනලා මැරුණම ලොතරැයි පොළ නැතිව ගියා ..එත් කැට පොලයෝ හෙඩ් එකයි ,බුරු පිටියයි තවම තියෙනවා ..

අවුරුද්දෙන පස්සේ තමයි එක එක්කෙනා දිනපු පැරදුන එකේ ප්‍රතිඵල එන්නේ..සමහර  අයගේ ගෙදර ගෑනිගේ ද දත් අඩුය... තවත් අය වේද ගෙදර ගිහින් තැල්මට බේත් ගන්නවා ...ඔලු පැලීම් ද නැතිවා නොවේ ..ඒ  හොදටම පැරදුණු අය ය ..කොච්චර ලක් ඒක තිබුනත් ලොතරැයි පොලෙන් එහාට එක අඩියක්වත් මම තිව්වේ ද නැත..ඒ ඇයිද කියන්න මම තවම දන්නේ ද නැත ..

10 comments:

  1. චාන්ස් එකත් තිබුන එකේ බූරුවා ගහන්ටයි තිබුනේ

    ReplyDelete
    Replies
    1. අදටත් මට බුරුවා ගහන්න හිතෙන්න නෑනේ හිටං

      Delete
  2. අවුරුද්දට මෙහෙම එවා තියනව කියල ඈහුවෙත් අදයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ නෙවේ වෙන්න ඇති හිටං

      Delete
  3. ලක් එකත් තියෙන එකේ යන්නනේ තිබ්බේ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ඉදන්ම කිසි ආසාවක් තිබුනේ නෑ ..

      Delete
  4. ලොතරැයි අල්ලනවා කියන්නෙ මොකක්ද වගතුග?

    ReplyDelete
  5. ලොතරැයි අදින්න ගන්නේ කාර්ඩ් කුට්ටමේ ඒක වර්ගයකින් කොළ 12 ..ඕකට ගොඩක් වෙලාවට ගන්නේ රජ වනසේ වන ස්කෝප්ප තමයි..ඒක පිටියේ නොපිටට බෙදනවා ..ගොඩවල් 12 ගහනවා ..ඊට පාසේ අපිට පුළුවන් ගොඩක් ඉල්ලන්න..එකෙන් හේරා එන කෙනාට අර තියෙන බඩුව දෙනවා

    ReplyDelete
  6. අපෙ ගෙමෙත් තියෙනවා බන් ඔය් වගේ එක එක සෙල්ලම්

    ReplyDelete
    Replies
    1. කාට් කුට්ටමේ කොළ 52 ට සෙල්ලම් 52 තියෙනවා කියලා කියන වනේ

      Delete

ඔබේ අදහස මට කෝටියක් වටි..ලියා යන්න වචන දෙක තුනක්