Sunday, May 7, 2017

චුටි ටීචර් සහ අපේ පංතිය

අලුත් අවුරුද්දේ අලුත් පන්තියට ගියාම හොයන දෙයක් නේ කව්ද උගන්වන්න ඉන්න ගුරුවරු ,පන්ති බාර කව්ද වගේ ඒවා .අපේ වුන් කවුරුත් කුරු කුරු ගගා හිටියේ ජෝතිපාල මහත්තයා පංතිය බාර ගත්තොත් ඉවරයි කියලා .මොකද 10 වසරේ ඉදන් විභාගේ ලියන කන් එකම ගුරුවරයෙක්ට තමයි පංතිය භාර දෙන්නේ  .එහෙම උනානම් අවුරුදු දෙකම ජෝතිපාල මහත්තයත් එක්ක ඉන්නවයි කියන්නේ මැරුවා සමග වාසේ වගේ තමයි ..ජෝතිපාල කියන්නේ සර්ගේ නම් නෙවෙයි ..කොහේ ගියත් කියන්නේ ජෝතිපාලගේ සින්දු විතරයි ..ඒක නිසා කවුරුත් කිව්වේ ජෝතිපාල කියලා තමයි.ඇත්ත නම නම් මතකම නෑ .

ඔන්න ඉතින් ජනවාරි වල ස්කොලේ ගියාම හැමදාම වගේ නිතරගයෙන්ම පන්තියේ මොනිටර් කම ලැබෙනවා .අපේ  .උන් කියන්නෙම කිබුලට කිරි මැටි වගේ තමයි මට මොනිටර් කම කියලා ,මේක නිතරගයෙන් දෙන්නේ 7 වසරේදී උගන්වපු මලානි ටීචර් නිසා තමයි.ඒ කාලේ මන් නොසන්ඩාල කොල්ලෙක් නිසා හදන්නලු මොනිටර් කම් දුන්නේ..පන්තිය උන් වැරද්දක් කරලා අහුවුනත් ඉතින් මට සඳ ගුටි ..අනිත් උන්ට එකනම් මට දෙකයි ..ඔය මොනිටර් කම් නිසා මන් ටිඅක ශේප් එකේ ඉන්න පුරුදු වුනා ..

මොකක් හරි වැඩකට ඔෆිස් එකට ගියාම ප්‍රින්සිපල් මගෙන් ඇහුව්වා කව්ද පන්තිභාර ඕනේ කියලා ..මන් කියන්න හිටියේ ඉතිහාසේ මිස් හරි සිංහල මිස් දෙන්න කියලා .එත් මන් ප්‍රින්සිපල් එක්කගෙන ගියා ස්ටාෆ් රූම් එකට .එතන හිටියා අලුත් පත්වීම් අරගත්තු මිස්ලා හතර දෙනෙක්.ඒ මිස්ලා පෙන්නලා ඇහුව්වා කව්ද පන්තිභාර ඕනේ කියලා ..අම්මට සිරි කිව්වලු ..මන් කොයි එකටත් මිස්ලා දිහා හොඳට බැලුවා .එතන හිටියා වැඩිය උස මහතා නැති .කොටින්ම කියනවනම් අවුරුදු 15 කෙල්ලෙකුගේ සයිස් මිස් කෙනෙක්.හිනා වෙනකොට කම්මුල වල ගැහෙන ..ඒ එක්කම නල දත් තියෙන මිස් කෙනෙක් .මන් කිව්වා ඒ මි හොඳයි කියලා ..ඒ මිස් හොඳයි කිව්වම සමහර සර්ලා මිස්ලා චුටි ටීච දිහා බැලුවේ පහුවෙනිදා රස්සාවට නෑවිදින් ඉදියි කියලා වගේ කියලා මට තේරුනා ..මොකද අපේ පන්තියේ කිසිම මුල් ම පත්වීමක් ලබපු කෙනෙක් වැඩි දවසක් උගන්නපු නැති නිසා ..මොකද අපේ උන් ඉස්සෙල්ලම මිස් රැග් කරන නිසා ..හැබැයි සරත් සර් විතරයි කිසිම ප්‍රශ්නයක් නොවී අපිට ඉගැන්නුවේ..හැබැයි සරත් සර් කිසිම දිනක කොටුවකින් පාරක් තියා අතින්වත් ගසා නැත.එත් අපි පුදුම කීකරු කමක් තියෙන්නේ ..මිස් කැමති උනා අපේ පංතිය භාර ගන්න.මම මිසුත් එක්ක එලියට එද්දී සමහරු මගෙන් ඇහුව්වේ හෙට මිස් එයි නේද කියලා ..මිස් මගේ පස්සෙන් අපේ පන්තියට එන්න අවා .ඒ එන ගමන් මිස් මගෙන් ඇහුව්වේ ඇත්තටම මෙහෙ දුෂ්කරයි ද කියලා .මාත් ඉතින් මට නම් එහෙම නෑ කියලා කිව්වා ..

මිස් මගින් නතර කරලා මන් පන්තියට දුවලා ඇවිත් අපේ උන්ට විස්තරේ කිව්වා.අපේ උන් ඉස්සි බලනවා .සමහරු උන් එක එක යෝජනා දානවා මිස්ව රැග් කරන්න.ඒ එක්කොම ශේප් කරන මිස්ව පන්තියට එක්ක ඇවිත් කතාවක් කරලා අදුන්වලා දුන්නා.මන් මිස්ගේ නම දන්නේ නැති නිසා අදුන්නලා දෙද්දී චූටී ටීචර්ව සාදරයෙන් පිලිගන්නවා  කියලා කියපු නම් තමයි අන්තිමට චුටි ටීචර් උනේ .හැබැයි මිස් කතාව කරද්දී බාධා කරන්නේ නැතිව අහගෙන ඉදලා මිස් ගේ කතාවේදී නම ගම කිව්වා.යශෝධරා මිස්ගේ ගම දෙහිවල.අපේ උන් දෙහිවල කියද්දීම ඇහුව්වේ අඹුල් තියේ ද කියලා .මිස්ටත් එකට හිනා.හැබැයි මන් කියපු එකාට ඔරෝපු නිසා කතාව එතනින් ඉවර වුනා .ටිචර්ටත් පුදුමයි අපේ පන්තියේ සයුතිය ගැන ගෑනු ළමයි 32 පිරිමි ළමයි 9 .එකෙනුත් දෙපැත්තේම ඉස්සරහින් ඉන්නේ ගෑනු ළමයි.අපි හිටපු පැත්තේ මුල්ම පේලි 3 ගෑනු ළමයි.ඉතිරි පෙලි දෙකේ තමයි අපි 9 දෙනා හිටියේ .ඇයි මේ පිරිමි ළමයි පස්සේ කියපු එකට අපේ සිසිරයා කිව්වේ එයාලා කැම්පස් එකට ළඟ නිසා ඉස්සරහින් තිව්වා කියලා.

මිස් කතා කරන කොට "නේද් නේ " කියලා හැම තිස්සෙම කියන්න පුරුදු වුනා.අපේ පන්තියේ කෙල්ලොන්ටත් එච්චරකල් නැතිවම බැරිව හිටිය අපි කොල්ලෝ නම දෙනාට වැඩිය මිස් ව ලොකු උනා.එකට අපේ සමහර උන්ගේ නම් වැඩි කැමැත්තක් තිබුනෙම නෑ .අපේ උනුත් මිස්ව අනුකරණය කරන්න ගත්තා.ඒ වගේ පිළිවෙලට එන්න පුරුදු වුනා.එකෙන් මෙච්චර කල් අර නවදැලි හේනේ පිච්චුනු වදිරියෝ වගේ හිටපු කෙල්ලෝ නිකන් සුරංගනාවියෝ වගේ නැතත් ,ටිකක් ලස්සනට ස්කොලේ අවා.එකෙන් උනේ ඉහල පන්තිවල කොල්ලෝ අපේ පංතිය වටේ කැරකෙන්න පටන් ගත්තා.එකත් චුටි ටීචර් ඈවිල්ලා කරපු හොඳ දෙයක් වුනා.කෙල්ලෝ උක්කොම මිස් වගේ වෙන්න පටන් ගත්තා.මිස් නැවතිලා හිටියෙත් අපේ ගෙවල් ළඟ ගෙදරක.මන් බයිසිකලේ න් තමයි ස්කොලේ ආවේ ගියේ.හැබැයි මිස් බයිසිකලේ යන්න කොච්චර කතා කලත් ආවේ නම් නෑ.හැබැයි බයිසිකලේ ඉල්ලගෙන තනියම පැදලා තියෙනවා.නැත්නම් ස්කොලේ හවස පංති තියෙන දවසට මිස් බයිසිකලේ ඉල්ලා ගන්නවා .මන් ඉති හවසට ගිහින් බයිසිකලේ ගෙන්න යනවා .නැතනම් මිස් ගෙදර එන ගමන් ගෙනත් දෙනවා .

මිස් අපිට ගොඩක් ලං වෙලා.අපේ යාලුවෙක් තරමට ම.මිස්ට ඕෆ් පීරියඩ් වල අපිට උගන්වන්න කවුරුවත් නැත්නම් මිස් ඇවිත් අපිට ඉංග්‍රීසි කියලා දෙනවා.ඒ අවම අපේ කෙල්ලෝ වට කරන ඕප දූප කතා තමයි වැඩිපුර කෙරුනේ.අපේ පන්තියේ උන් ඕපා දුපෙට නියම කට්ටිය.යන්තන් වචනයක් තිබුනම් ඇති දවසෙම කියවයි.චුටි ටිචත් එකටනම් අහුවෙලා හිටියේ.ඒ වෙලාවටනම් එයාටත් ගුරුවරියක් කියලා අමතක වෙනවා වගේ.අනික ටිචරුයි අපි අතරේ එච්චර ලොකු වයස් පරතරයක් නැති නිසා මිස්ටත් ඒක අමතක වෙනවා ඇති.අපේ පන්තියේ හිටපු කොල්ලන්ගේ සිහින කුමාරිත් ඒ වෙනකොට මිස් වගේ වෙන්න ඕනේ කියලා හිතිලා තිබිච්ච උන් හිටියා.ඊට කලින් ට්‍රයි කරපු කෙල්ලෝ නිකන්ම විසි වෙලා ගියා.මොකද මිස් වගේ නෙවෙන නිසා ....

ඔය කිව්වේ පොඩි හැදින්වීමක් විතරයි ..රස කතා බලාපොරොත්තු වන්න 

9 comments:

  1. හැම පිරිමි ළමයෙක්ම ලස්සන ටීචස්ලට ආදරේ කරනවා... හි හි...

    ReplyDelete
    Replies
    1. මේක එහෙම ආදරයක් ගැන නෙවෙයි චුටි ටීචර් නිසා අපේ පංතිය වෙනස් වෙච්ච විදිය තමයි ..

      Delete
  2. හුගක් කොල්ලොන්ගෙ මුල් ලව් එක එක්කො මිස් කෙනෙක්...නැත්තම් ප්‍රිෆෙක්ට් අක්කා කෙනෙක්...

    ReplyDelete
    Replies
    1. අපේ පන්තියේ එකෙක්වත් ටීචර්ට ලව් කරා කියලා මන් හිතන්නේ නෑ..අපේ උන් හෙව්වේ ටීචර් වගේ කෙල්ලෝ ..එකනේ අපේ පන්තියේ කෙල්ලොත් ටීචර් වගේ වෙන්න ට්‍රයි කලේ

      Delete
  3. දැල්වූ නෙතින් හැමදෙන ඈ දෙස බලලා
    මුල් දිනයේම පිළිගත්තෙලු හිනා වෙලා
    සිල් ගත් ළමුන්දැයි ටීචර් හට හිතිලා
    කල් නැත ලියනු ඊළඟ ලිපි රස දමලා...

    සුමුදු. ඉස්පිලි පාපිලි අඩු තැන් ගැන ටිකක් සැළකිළිමත් වෙන්න. මොකද ලිපියේ රසයට ඒක බාධාවක් වෙන්න පුළුවන්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. උපදෙසට බොහොම ස්තුතියි

      ජය වේවා ..!!!!

      Delete

ඔබේ අදහස මට කෝටියක් වටි..ලියා යන්න වචන දෙක තුනක්