Saturday, May 13, 2017

නොපෙනෙන බලවේග සහ අන්දරමාන්න

නිවාඩු දවස්වලට වැඩිපුර TV බලන එක මගේ පුරුද්දක්.ඒ වගේ වෙලාවක අහම්බෙන් බලන්න හම්බවෙච්ච ප්‍රෝග්‍රෑම් එකක් තමයි නොපෙනෙන බලවේගය .එකත් කාලයක් යනකොට ගොන් පාට් වැඩි වුනා.ඉන්දික තොටවත්ත ඊට පස්සේ අසංග ජයසුරිය කියන දෙන්නා තමන් ගේ මතය වෙනුවෙන් කරන කියන දේවල් වලින් ඕක බලන එක නතර කරන්න හිටියේ.එත් ගොඩක් පෝය දවස් වල අපේ ගෙදර කට්ටිය බලන නිසා මාත් බලනවට වැඩිය බැලුනා.

එත් මං බලපු නොපෙනෙන මානයේ ප්‍රෝග්‍රෑම් වලින් වැදගත්ම එක තමයි අන්දරමාන්නගේ කතාව .කව්ද මේ අන්දරමාන්න ..? ඒ ඉදුනිල් අන්දරමාන්න .තමන් මත් කූඩු වලට ඇබ්බැහිවීම ගැන කියන කතාව තමයි තියෙන්නේ.වැඩ සටහන අතරතුරේ දී මෙහෙම කියනවා " මෙහෙම  දෙයක් කියන ලංකාවේ එකම කලාකරුවා වෙන්න පුළුවන් " ඔව් ඒක සෑහෙන්න ඇත්තක් .මොකද කලාකාරයෝ ද සාමාන්‍ය මිනිස්සු ද තමන්ගේ අතීතයේ ලේසියෙන් කියන්නේ නැති නිසා.එක දවසක හඳහන් සහ ග්‍රහයෝ ගැන යන කතාවකදී දොස්තර කෙනෙක් වෙන අසංග ජයසුරිය මහතාගෙන් ඉන්දික තොටවත්ත  අහනවා මන් දැන් අනාවැකියක් කියන්න ද ඔබතුමා ගැන .මේ වෙලාවේ දොස්තර මහත්තයා කියනවා මං ගැන මොනවා කියන්න ද ඕනෙනම් කියයි මන් දොස්තර කෙනෙක් කියලා.එහෙම අනාවැකි නෙවෙයි පුද්ගලික දෙයක්.ඒ වෙලාවේ තොටවත්ත කියනවා දොස්තර මහතා තමන්ගේ බිරිඳ ට අයිති දෙයක් වෙනුවෙන් නඩුවක් තියෙනවා කියෙලා.කොතරම් උත්සාහ කලත් එහෙම දෙයක් නෑ කියලා දොස්තර මහතා කිව්වත්.සමීප රුප රාමු වලින් පෙනුනා යම්කිසි ඇත්තක් ඇති විත්තිය.මේක කිව්වේ ඉන්දික තොටවත්තගේ අනාවැකි හරි කියලා නෙවෙයි.එත් තමන්ගේ පුද්ගලික දේවල් අනිත් අය දැන ගන්න ඕනේ නැහැ කියා සිතීම ද වරදක් නෙවෙයි.එත් එකෙන් සමාජයට වැදගත් යමක් වෙනවනම් ,හොඳයි කියලා හිතනවානම් කිව්වට ද කමක් නැත.අන්දරමාන්න ගන්නේ තමන්ගේ කතාවෙන් සමාජයට වැදගත් වෙනවා නිසා කියන පුද්ගලික කතාවක් විදියට .

ආයි තැනක කියනවා '' මගේ බිරිඳ කැමැත්තෙන්ම මේ වැඩසටහනට එව්වා " ගොඩක් වෙලාවට බිරින්දෑවරු තමන්ගේ රහස් අනිත් අය දැන ගන්නවාට ද කැමැත්තක් නැත.අනික මේ දෙදෙනා විව්වාහ වී තවම වැඩි කල් නොගිය නිසා.අනික අන්දරමාන්න පොඩ්ඩක් හිට්  වීගෙන එන කාලේ නිසා.අනික මෙහෙම දෙයක් නොදන්නා අය දැන ගැනීමෙන් වෙන සමාජ ප්‍රශ්න වගේ දේවල් වලට පවා ඇය මුහුණ දෙන්න වෙනවා.ඒ අභියෝගයත් එක්ක ඇය කැමති වෙනවා.ඒ සමාජයට වැදගත් පණිවිඩයක් දෙන්න ..

අන්දරමාන්ගෙන් එතනදී සමීර අහනවා කොහොමද මේකට ඇබ්බැහි වෙන්නේ කියලා.එකට ඔහු හරි අපුරු උත්තරයක් දෙනවා ."සමීර මම කූඩු ගැහුව්වයි කියලා ඔයාට කූඩු ගහන්න එන්න කියලා .කෙනක් එහෙම විශ්වාස කරනවානම් ඒක අමුලික බොරුවක්" එයාලා මේකේ ආදීනව මේකයි කියලා කියනවා .ඒ එක්කම මේකේ ෆීල් එක මහ ඉහලින් වර්ණනා කරනවා .කැසට් කරන්න කොළඹ ගියාම එතන යම් යම් සමාජ තියෙනවා.ඒ සමාජ තමන් ,වීරයෝ කියලා පෙන්වනවා .ඒ සමාජයට පිටින් ගිහින් වෙනත් පාරක යන්න හැදුවොත් ,අර සමාජය තමන් කොන් කරයි කියලා බය ඇති වෙනවා.එක නිසා මුලින් අයිනෙන් ගිහින් වාඩිවෙලා ඉන්නවා.පස්සේ පොඩ්ඩක් ගන්නවා. දෙවෙනි දවසේ ආයි පොඩ්ඩක්එ ගන්නවා.ෆීල් එක මදි.ඊට වැඩිය ගන්නවා.එහෙම ගිහින් තමයි මේක ඇබ්බැහි වුනේ .

මේක අධ්‍යාපනයේ මදි කම ද සමජභාවිතයේ අල්ප දැනුම කියන කාරනාව වෙන්න පුළුවන්.තමන්ගේ පවෘශය ගැන තිබෙන ගැටලුව කි. එහෙම නැත්නම් ගමෙන් එහෙම එන අලුත් මල්ලිලා බා ගන්න කොළොඹ අයියලා බලා ඉන්නවා වෙන්නත් පුළුවන්.මත් කූඩු නිසා වැනසුණු අයියලා ,මල්ලිලා මතින් ගොඩ යන්න හදන උපක්‍රමයක් වෙන්න පුළුවන්.මෙහෙම දේවල් නිසා අපේ රටේ හොඳ කලාකරුවෝ කි දෙනෙක් වැනසුනා ද.අද සමහරු නැත්තටම නැති වී ගිහින්.එක්කෝ ලෙඩ රෝග වලට අසුවී.එයින් ගොඩ එන්නට පුළුවන් වුනේ කි දෙනෙකුට විතර ද.මේක කළා ලෝකයේ විතරක් නෙවෙයි සාමාන්‍ය සමාජයේ ද තියෙනවා.තමන් නොබිව්වොත් කොන් කරයි කියන හිනමානේ නිසා සමහරු බොනවා.යාලුවා නිසා ගන්නවා වගේ දේවල් තමයි කියන්නේ.



කළා ලෝකයේ මෙවෙනි අගාධයට ගිය කී දෙනෙක් සිටීද ..සමාන්‍ය සමාජයේ කී දෙනෙක් සිටී ද ..ඔවුන් මුදවා ගැනීමට අන්දරමාන්න ගේ ඉදිරිපත් වීම පලක් වේ ද ...


16 comments:

  1. පොරක් ලෙසට පෙනුමෙන් ඉන්නටයි කියා
    කෙනෙක් මතට හුරුවෙයිදෝ තුටක් කියා
    ටිකක් ගනියි මුලදී වැඩි දුරට නොයා
    ගොඩක් හොඳට අදනම් ඇත ලිපිය ලියා....

    හිතන්න ඇති පැත්තක් ගැන හොඳ සටහනක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මට කවි ලියනු බැරියා
      දහසක් වටි උපදෙසේයා
      කියනවා මම ජය වේවා ..!!!

      Delete
  2. වටින ලිපියක්. ඔබට ජය!

    ReplyDelete
  3. මමත් මේ වැඩසටහනේ අන්තිම ටික බැලුවා ටීවී එකෙ යන වෙලාවේ. අද ලියවිල්ලනම් නියමෙට ලියලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඒ ඉතින් සොඳුරු සදාවතී ගේ උඅපදෙස් නිසා තමයි

      Delete
  4. නියමයි ඔබේ ලියමන.... අන්දරමාන වගේ ශක්තිමත් මිනිස්සු ඉන්නවා කියන එකත් වටිනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් මිනිස්සු තමන්ට වැරදුනාම ඒක නිවැරදි කරගෙන අනිත් අයත් එකෙන් මුදොගන්න එක තමයි වටින්නේ

      Delete
  5. නොපෙනෙන බලවේග වැඩසටහන නිවේදකයා හැම විටම ගෙනියන්නේ වැරදි පාරක කියලයි මට හිතෙන්නේ.
    ඔහු කිසිම දෙයක් ශාස්ත්‍රීයව විග්‍රහ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මතුප්ට අතපත ගෑමක් විතරයි වෙන්නේ.
    ඒක නිසා මම ඒ වැඩසටහන දැන් බලන්නේ නැහැ මුලදී කීපයක් බැලුවා.

    ඔබ ඒ වැඩසටහනෙන් ග්‍රහනය කරගෙන ඇති දේ වැදගත්. ඔබගේ අදහසට මමත් එකඟයි.

    ReplyDelete
    Replies
    1. සමීර කියන්නෙත් එක ෆැලට් ෆෝම් එක්ක හිර වෙච්ච තවත් එක් නිවේදකයෙක් විතරයි

      Delete
  6. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete
  7. ඔබගේ උපදෙස් වැදගත්.ස්තූතියි ඔබට.

    ReplyDelete

ඔබේ අදහස මට කෝටියක් වටි..ලියා යන්න වචන දෙක තුනක්