Sunday, March 26, 2017

වික්ටර්ගේ හිට්ම 10

මේක මට ලියන්න හිතුනේ මෙන්න මේ කෑල්ල නිසා තමයි ඉතිං ":ඉතින් ඔන්න ඔහොමයි වික්ටර් රත්නායකයන්ගේ ගී ගඟුලෙන් තොරල බේරල මම කැමතිම 10ක් ලිස්ට් ගත කලේ.හා දැන් කවුද කැමති ඔයාලා කැමති ගීතත් මේ වගේ ලිස්ට් එකකට ගන්න. වැඩිය ඔනේ නෑ මේ වගේ 10ක් ඇති."මෙහෙම කිව්වේ සොදුරු සදාවතී ඒ එයාගේ වික්ටරුයි මමයි .බ්ලොග් ලියන අයයි කියන එකේ .ඒක බලන්න යන්න ඕනේ නම මෙතනින් යන්න ..

ඒකට උත්තර ලිව්වේ ඉයන් ..සොදුරු සදවතිගේ වික්ටර් අභියෝගය කියලනේ..ඒක බලන්න මෙතනින් යන්නකෝ එහෙනම් ..ඉයන් ඉතිං සංගීත ය ගැන අනං මනං ගොඩක් දාලා තිබුනට මම නම් දන්නේ සිංදු අහන්න විතරක් නිසා ඒ ගැන කියන්න දන්නේ නෑ ..

ඔන්න එහෙනම් මගේ 10

1.තරු අත් අකුරින් ඔබට ලියා එවමි පෙම් පත

මේක ටිකක් විශේෂ යි.මොකද එක්තාරා කාලෙක ඩි ගැල් ළමයෙකුට ලියන ලියුමකට ඔය සින්දුව ලියන්න ගිහිල්ලා ආයි නොලිය හිටියා මගේ අකුරු තරු වගේ නොවන නිසා ..හැබැයි තාමත් මන් ගොඩක් අසාවෙන් අහන සිංදුවක්

තරු අත් අකුරින් ඔබට ලියා එවමි ඔබට පෙම් පත
ඔබේ සෙවන පමණි මිහි පිට ඇති එකම සම්පත ...//

මඳ පවන මොටද ඔබේ සුවද මුසුවී නැත්නම්
සඳකිරණ මොටද ඔබ මගේ තනියට ළඟ නැත්නම්
හෙළිකරමි මගේ ළඟ ඇති ආදරයේ වත්කම්
පැල්පතද මට හොදයි මිහිරියේ ඒක හිත ඇත්නම්

තරු අත් අකුරින් ...//

කල්ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම පිය කතේ
කල්පනා කල පමණ මට කල්පනාවක් නැතේ
ඇඳිරියේද මණික හදුනන ඇස් දෙකක් මට අතේ
එනු මැනවි රස බලනු සෙවනක එකම පල පතේ



2. සිහින් සුළන් රැල්ලේ

මේක අහන කොට හිත අමුතුම තැනකට යනවා වගේ..වෙනස්ම හැඟීමක් තියෙන සිංදුවක් ..

සිහිල් සුළං රැල්ලේ...
ඔබේ සුවඳ මුසු වේ ආදරයේ මඳ සිනිඳු
පහස ලැබ හදවත දළු සෙලවේ
සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ

සුදු වැලි කතරේ පිපුණු මල වගේ
ලොව්තුරු රස ගංගා
ඔබේ ආදරේ වරුසා වැහැලා
කතර දෙව්ලොවක් වේ... කතර දෙව් ලොවක් වේ...

සිහිල් සුළං රැල්ලේ... ඔබේ සුවඳ මුසු වේ..//

සීත හිමව්වේ කඳු ගැට අතරේ
සෙනෙහස දිය දහරා
ඈත හිමේ කඳු අතරේ පාවෙන
අමා සුවය පැතුවේ... අමා සුවය පැතුවේ


3.අම්මා නැති මට

මේක ආස හිතුනේ ඉකොලේ යන කාලේ අපේ පන්තියේ හිටපු ගෑනු ළමයෙක් නිතර කිව්වා සිංදුවක්..ඒ ක එයාගේ ජිවිත කතා ව වගේ නිසා නිතරම කිව්වා..මන් මුලදී හිතුවේ මේක ගායිකාවකගේ සිංදුවක් කියලා .පස්සේ තමයි දන්නේ මේක වික්ටර් රත්නායක ගේ සිංදුවක් කියලා...

අම්මා නැති මට කිරි අම්මා වී
කරුවල ගෙදරට මිනි පහනක් වී
දැන ගත් දා සිට පෙරුම් පිරුවේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලා දෝ ...

පියුම් රටාවට පැදුරක් පිපෙයි රැයේ
උදයට ලිප ළඟ කඩයප්පන් ගොඩවෙ
දෙකම්මුලින් වට වූ මුතු වට්ටිය නුබගේ
පණ මට දී මගේ නැණ නෙත් පෑදුවේ ...

අම්මා නැති මට

මෝරා හද ගැබ පෙම් මල් නැහැ පිපුණේ
ඉහිලා බඳ වට ගෝමර ලතවිල්ලේ
බාල යොවුන් හද වැහැරී ගේ ඇතුලේ
මා ලද ශිල්පය නුබ හා ඒක මුල්ලේ ..

අම්මා නැති මට


4.කොහේද කොහේද අපේ ලොවක්

මේක මඩොල් දුව ෆිල්ම් එකේ සිංදුවක් ..මේක ට ඉස්කෝලේ යන කාලේ නැටුමක් තිබුනා ..එකට මමත් හිටියා .හැබැයි මම  කලේ චිත්‍ර .මොකදෝ හෙතුවකට මව තෝරාගත්තා ඕකට ..ඉතිං පුරුදු වෙන්නම අහලා සින්දුව කැට පාඩම් වෙලා තිබුනා

කොහෙද කොහෙද අපේ ලොවක්
කොහෙද කොහෙද අපේ රටක්
මුරකාවල් නැති වැට කොටු බැමි නැති
අපේම අපේම නවාතැනක් ..

රාජ කුමාරයන් කුමරියන් ඉන්න පළාතක්
නපුරු රාස්සයන් රාස්සියන් ඉන්න කැලාවක්
පුංචි සුරන්ගනාවන් සැඟවී ඉන්න වලාවක්
අපට හිතුමතේට රජ කරගෙන ඉන්න දිහාවක්
අපට හිතුමතේට රජ කරගෙන ඉන්න දිහාවක්

කොහෙද කොහෙද අපේ ලොවක් ..

කිදුර විමානයට පාර ලගයි එන්න යාලුවේ
මුහුදු හතක එහා ඔරු පදින්න එන්න යාලුවේ
මකර කටින් නාග භවනට යමු එන්න යාලුවේ
අපිම අපේ ලොවක් සොයා ගන්න එන්න යාලුවේ
අපිම අපේ ලොවක් සොයා ගන්න එන්න යාලුවේ

කොහෙද කොහෙද අපේ ලොවක් ..


5.මිණ නුවන් යුගින් බලන් මීනා

මේක වික්ටර් රතාන්යක එක්ක නිරංජලා සරෝජනී එක්ක කියපු යුග ගීතයක්...මේක ඉස්සර දවසක රේඩියෝවෙන් ඇහුවම පොඩි මතකයක් ඉතුරු වෙලා තිබිලා  මිට අවුරුදු 6-7 කලින් තමයි ඉන්ටනෙට් එකෙන් හොයලා ඇහුව්වේ...මොන විශේෂත්වයකට්ද දන්නේ නෑ මේක එහෙම ඒක පාරින් ම මතකේ  තිබුනේ කියලා ..මන් හිතන්නේ එහම මතක හිටිම්ම තමයි මේකේ තියෙන විශේෂත්වය

මිණ නුවන් යුගින් බලන් මීනා මීනා
තල්  ඇරඹේ තල්  පවුරෙන් එබී බලන් මීනා
බලන්න බැහැ බණ්ඩාරේ උඩරට කුල නිල බල යුතු
බණ්ඩාරේ බණ්ඩාරේ

ඔබ කෝවිල් එන්නෙත් නැහැ
මට පන්සල් එන්නත් බැහැ
අපි ඇතැයි අපි ඇතැයි බණ්ඩාරේ බණ්ඩාරේ

මිණ නුවන් යුගින් බලන් මීනා මීනා

අත්වැල් බැඳ කෝවිල් යමු
පෝයදාට පන්සල් යමු
මෘදංග නද ගැට බෙර හඩ
අපගේ  දෙසවනට එකයි

මිණ නුවන් යුගින් බලන් මීනා මීනා


6.පෙම් රස වහෙනා

ඉන්ද්‍රානි පෙරේරාත් එක්ක කියන යුග ගීතයක්..ඒ එක්කම වේග රිද්මේ ගීතයක්..මේකටත්  මන් ගොඩක් කැමතියි ..

පෙම් රස වැහෙන මංගල ගීතේ ජිවිතේ
මධුරස වැහෙන ආදර නැකත ලඟාවේ
නිල වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොලඟ ගී සැලේ මි වඳ සුවඳ සදා දේ ..

පෙම් කතරේදී දෑස නිවාලන
අවාරයේ ආ පිනි රස වේවා
ඒ පෙම් කතරේ මා එන අතරේ
තනි තරුවක් සේ පා වේවා

පෙම් රස වැහෙන

සසර සඳැල්ලේ නැගුනු සුපෙම් සඳ
මැකී නොයේවා සදාතනික වේවා
සසරින් සසරේ එන්නම් මිහිරේ
ධිවරියක් සේ මා එනවා

පෙම් රස වැහෙන


7.දෛවයෝගයකින්

මේක මගේ ලකී 7 වගේ තමයි...හීනියට කියන්න පුළුවන් වගේම විදින්නත් පුළුවන් එකක්

දෛවයෝගයකින් නොවේදෝ
හමුවුනේ අප හමුවෙනේ
දෛවයේ සරදම් ලබන්නට
කීම මෙසේ අප හමු වුනේ ..

අදුරුතුමියයි ඔබ ප්‍රමයේ
අදුරුතුමියයි යෞවනේ .....
ශෝකයේ රුදු වේදනාවේ
කදුළු සයුරේ උල්පතයි ...

දෛවයෝගයකින් නොවේදෝ

නදුන් උයනයි ස්නේහයේ
සදුන් සිසිලයි ජිවිතේ ....
සොම්නසේ ආනන්දයේ
හසරැල් තරන්ගේ උල්පතයි

දෛවයෝගයකින් නොවේදෝ




8.අහිමි උනත් නුබ ලඳේ

මේක ට ආස කරේ අපේ ගෙවල් ළඟ අයියා කෙනෙක් බටනලාව පිබ පිබ කියනවා ..ඒක ඇහිලා මන් පොඩි කලේ ඉදලම ආස සිංදුවක්..4 වසරේ විතර ඉන්න කාලේ වාර විභාගෙට තියෙන කවි කතන්දර කියන එකකට කියන්න ගිහිල්ලා බැනුම් ඇහුව්වා ..ඒ තරම් මගේ හිට් එකක්


අහිමි උනත් නුඹ ලදේ ….
මට හඩන්න අවසර නෑ….. 
විලෙන් එහා ඉද නුබේ සුවද වත
එතී ආ සුලං මගෙ මුව සිම්බා 

නොපැතූ අතකට... අතදුන් දවසේ 
හෙලු දුක් සුසුම්.. මගෙ මුව සිම්බා 

අහිමි උනත් නුබ ලදේ 
නුබ කැනදන් ගිය මංගල රිය නැගි 
දූලි වලාවන් මගෙ මුව සිම්බා….. 

අහිමි උනත් .. 

කියාගන්න බැරි... දුකක් නිමන්නට 
නෙත හෙලු කදුලක්.. මගෙ මුව සිම්බා 

අහිමි උනත්… 




9.ආදරයේ උල්පත වූ අම්මා

මව් ගුණ සිංදු වලින් මන් ආසම එක

ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදු වන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැඟිලේ එල්ලී...

සඳ දිය කොට කිරි වතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක් වන් නැළැවිලි ගීයෙන්
මතකයි මා නැළැවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජිවිතයට කිරි දී පණ දී
මා දැඩි කළ අම්මා...

ආදරයේ උල්පත වූ අම්මා

තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ළබැඳී
ගෙන දී දිවියට නව පණ ලැබ දී
මා දැඩි කල අම්මා.

ආදරයේ උල්පත වූ අම්මා


10.දෙව්රම් වෙහෙරේ ..

බුදු ගුණ ගියක තියෙන්න ඕනේ ශාන්ත බව අඩු නැතිව තියෙන හොදම සිංදුවක්...

දෙව්රම් වෙහෙරේ
හිමි වැඩ සිටි සමයේ
මා සිටියානම් සමිදුනි ඔබ පිළිසරණ පතා
මම‍ එමි බවදුරු කතර ගෙවා

සහසක් දොම්නස් දුක් ගිනි අතරේ
දැවෙන මහද සිතිවිලි ගිණි අදුරේ
සමිද ඔබේ පිළිරුව දුටු පමණින්
නිවී නිවී යන අරුමය කිමද...

දෙව්රම් වෙහෙරේ

ජීවමානවන් හිමි දැක ගන්නට
මා නෙත කල පින් මද බව වැටහිනි
එහෙයින් හිමි අනුරුව අභියස සිට
බවුන් වඩමි ‍මෙත් බුදුන් දකින්නට

දෙව්රම් වෙහෙරේ


ඔන්න ඕවා තමයි ඉතිං මම කැමති 10 ..මටත් කියන්න තියෙන්නේ සොදුරු සිත කිව්වා වගේ ඔයාලගේ 10 ත් කියන්න කියලා තමයි...

ජය වේවා ...!!!!!!

18 comments:

  1. හොද ගීත ටිකක් මන් ආස ඒවත් ගොඩක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. දෛවයෝගයකින් කියන්නෙ මන් වික්ටර්ගේ උමතුවකට ලක් වුණු ගිතයක් මන් එතරම් කැමති නැත්තෙ ගීත එහෙකට දෙහෙකට ව්තරයි අනිත් සියළු ගීත වලට කැමතියි.විශේෂ්‍යෙන්
      දෙව්රම් වෙහෙරේ
      සිහින් සුළන් රැල්ලේ
      ආදරයේ උල්පත වූ අම්මා වගේ ගීත

      Delete
    2. දෛවයෝගයකින් මගේ හිට් එකක් වුනේ බෑන්ඩ් පිස්සුවත් එක්කමයි

      Delete
    3. මන් කැමති බන් ගිටාර් දෙකක් විතරක් බැක්ග්‍රවුන්ඩ් එකෙන් ප්ලේ කරන ඔරිජිනල් සිංදුවට

      Delete
    4. එකනම් නිකන් ..බෝතලයක් බිව්වා හැකි සෝඩා නැතිව

      Delete
  2. තව පොඩ්ඩෙන් මට මේක මිස් වෙනවා රස්තියයි පාර කිව්වේ එන්න. ස්තූතී මගේ අභියෝගයට ප්‍රතිචාර දැක්වීම ගැන. අදයි මේ බ්ලොග් එක ගැන දැන ගත්තේ.

    ReplyDelete
    Replies
    1. Mis nokarapu eka gana sthuthi wantha wenawa..

      Ekane ape minissu challenge ekata ice buket nawe

      Delete
  3. හොඳම ගීත ටික සුමුදු... තව කැමති ගීත ගොඩක් ඇති කියලා හිතනවා. ජයවේවා !!!

    ReplyDelete
  4. Replies
    1. ස්තුතියි ...එකෙනුත් වැඩියෙන් ma kamathi mona sindu wata da

      Delete
    2. අපි හැඟුම්වලට ඉඩ දී මොහොතක්... ගොඩක්ම කැමතියි. මේ දහයෙන් නම් සිහිල් සුළං රැලේලේ... වික්ටර්ගෙ කැමති නැති ගීත හොයන්න බැරි තරම්...

      Delete
    3. ඔව් ,,එකනම් එහෙම තමයි ..සමහර සිංදු අපි අහලා නැති නිසා දන්නේ නැති එව්වත් ගොඩක් තියෙනවා

      Delete
  5. මේ ගීත ටිකට මාත් ආසයි

    ReplyDelete

ඔබේ අදහස මට කෝටියක් වටි..ලියා යන්න වචන දෙක තුනක්