Sunday, March 26, 2017

වික්ටර්ගේ හිට්ම 10

මේක මට ලියන්න හිතුනේ මෙන්න මේ කෑල්ල නිසා තමයි ඉතිං ":ඉතින් ඔන්න ඔහොමයි වික්ටර් රත්නායකයන්ගේ ගී ගඟුලෙන් තොරල බේරල මම කැමතිම 10ක් ලිස්ට් ගත කලේ.හා දැන් කවුද කැමති ඔයාලා කැමති ගීතත් මේ වගේ ලිස්ට් එකකට ගන්න. වැඩිය ඔනේ නෑ මේ වගේ 10ක් ඇති."මෙහෙම කිව්වේ සොදුරු සදාවතී ඒ එයාගේ වික්ටරුයි මමයි .බ්ලොග් ලියන අයයි කියන එකේ .ඒක බලන්න යන්න ඕනේ නම මෙතනින් යන්න ..

ඒකට උත්තර ලිව්වේ ඉයන් ..සොදුරු සදවතිගේ වික්ටර් අභියෝගය කියලනේ..ඒක බලන්න මෙතනින් යන්නකෝ එහෙනම් ..ඉයන් ඉතිං සංගීත ය ගැන අනං මනං ගොඩක් දාලා තිබුනට මම නම් දන්නේ සිංදු අහන්න විතරක් නිසා ඒ ගැන කියන්න දන්නේ නෑ ..

ඔන්න එහෙනම් මගේ 10

1.තරු අත් අකුරින් ඔබට ලියා එවමි පෙම් පත

මේක ටිකක් විශේෂ යි.මොකද එක්තාරා කාලෙක ඩි ගැල් ළමයෙකුට ලියන ලියුමකට ඔය සින්දුව ලියන්න ගිහිල්ලා ආයි නොලිය හිටියා මගේ අකුරු තරු වගේ නොවන නිසා ..හැබැයි තාමත් මන් ගොඩක් අසාවෙන් අහන සිංදුවක්

තරු අත් අකුරින් ඔබට ලියා එවමි ඔබට පෙම් පත
ඔබේ සෙවන පමණි මිහි පිට ඇති එකම සම්පත ...//

මඳ පවන මොටද ඔබේ සුවද මුසුවී නැත්නම්
සඳකිරණ මොටද ඔබ මගේ තනියට ළඟ නැත්නම්
හෙළිකරමි මගේ ළඟ ඇති ආදරයේ වත්කම්
පැල්පතද මට හොදයි මිහිරියේ ඒක හිත ඇත්නම්

තරු අත් අකුරින් ...//

කල්ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම පිය කතේ
කල්පනා කල පමණ මට කල්පනාවක් නැතේ
ඇඳිරියේද මණික හදුනන ඇස් දෙකක් මට අතේ
එනු මැනවි රස බලනු සෙවනක එකම පල පතේ



2. සිහින් සුළන් රැල්ලේ

මේක අහන කොට හිත අමුතුම තැනකට යනවා වගේ..වෙනස්ම හැඟීමක් තියෙන සිංදුවක් ..

සිහිල් සුළං රැල්ලේ...
ඔබේ සුවඳ මුසු වේ ආදරයේ මඳ සිනිඳු
පහස ලැබ හදවත දළු සෙලවේ
සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ

සුදු වැලි කතරේ පිපුණු මල වගේ
ලොව්තුරු රස ගංගා
ඔබේ ආදරේ වරුසා වැහැලා
කතර දෙව්ලොවක් වේ... කතර දෙව් ලොවක් වේ...

සිහිල් සුළං රැල්ලේ... ඔබේ සුවඳ මුසු වේ..//

සීත හිමව්වේ කඳු ගැට අතරේ
සෙනෙහස දිය දහරා
ඈත හිමේ කඳු අතරේ පාවෙන
අමා සුවය පැතුවේ... අමා සුවය පැතුවේ


3.අම්මා නැති මට

මේක ආස හිතුනේ ඉකොලේ යන කාලේ අපේ පන්තියේ හිටපු ගෑනු ළමයෙක් නිතර කිව්වා සිංදුවක්..ඒ ක එයාගේ ජිවිත කතා ව වගේ නිසා නිතරම කිව්වා..මන් මුලදී හිතුවේ මේක ගායිකාවකගේ සිංදුවක් කියලා .පස්සේ තමයි දන්නේ මේක වික්ටර් රත්නායක ගේ සිංදුවක් කියලා...

අම්මා නැති මට කිරි අම්මා වී
කරුවල ගෙදරට මිනි පහනක් වී
දැන ගත් දා සිට පෙරුම් පිරුවේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලා දෝ ...

පියුම් රටාවට පැදුරක් පිපෙයි රැයේ
උදයට ලිප ළඟ කඩයප්පන් ගොඩවෙ
දෙකම්මුලින් වට වූ මුතු වට්ටිය නුබගේ
පණ මට දී මගේ නැණ නෙත් පෑදුවේ ...

අම්මා නැති මට

මෝරා හද ගැබ පෙම් මල් නැහැ පිපුණේ
ඉහිලා බඳ වට ගෝමර ලතවිල්ලේ
බාල යොවුන් හද වැහැරී ගේ ඇතුලේ
මා ලද ශිල්පය නුබ හා ඒක මුල්ලේ ..

අම්මා නැති මට


4.කොහේද කොහේද අපේ ලොවක්

මේක මඩොල් දුව ෆිල්ම් එකේ සිංදුවක් ..මේක ට ඉස්කෝලේ යන කාලේ නැටුමක් තිබුනා ..එකට මමත් හිටියා .හැබැයි මම  කලේ චිත්‍ර .මොකදෝ හෙතුවකට මව තෝරාගත්තා ඕකට ..ඉතිං පුරුදු වෙන්නම අහලා සින්දුව කැට පාඩම් වෙලා තිබුනා

කොහෙද කොහෙද අපේ ලොවක්
කොහෙද කොහෙද අපේ රටක්
මුරකාවල් නැති වැට කොටු බැමි නැති
අපේම අපේම නවාතැනක් ..

රාජ කුමාරයන් කුමරියන් ඉන්න පළාතක්
නපුරු රාස්සයන් රාස්සියන් ඉන්න කැලාවක්
පුංචි සුරන්ගනාවන් සැඟවී ඉන්න වලාවක්
අපට හිතුමතේට රජ කරගෙන ඉන්න දිහාවක්
අපට හිතුමතේට රජ කරගෙන ඉන්න දිහාවක්

කොහෙද කොහෙද අපේ ලොවක් ..

කිදුර විමානයට පාර ලගයි එන්න යාලුවේ
මුහුදු හතක එහා ඔරු පදින්න එන්න යාලුවේ
මකර කටින් නාග භවනට යමු එන්න යාලුවේ
අපිම අපේ ලොවක් සොයා ගන්න එන්න යාලුවේ
අපිම අපේ ලොවක් සොයා ගන්න එන්න යාලුවේ

කොහෙද කොහෙද අපේ ලොවක් ..


5.මිණ නුවන් යුගින් බලන් මීනා

මේක වික්ටර් රතාන්යක එක්ක නිරංජලා සරෝජනී එක්ක කියපු යුග ගීතයක්...මේක ඉස්සර දවසක රේඩියෝවෙන් ඇහුවම පොඩි මතකයක් ඉතුරු වෙලා තිබිලා  මිට අවුරුදු 6-7 කලින් තමයි ඉන්ටනෙට් එකෙන් හොයලා ඇහුව්වේ...මොන විශේෂත්වයකට්ද දන්නේ නෑ මේක එහෙම ඒක පාරින් ම මතකේ  තිබුනේ කියලා ..මන් හිතන්නේ එහම මතක හිටිම්ම තමයි මේකේ තියෙන විශේෂත්වය

මිණ නුවන් යුගින් බලන් මීනා මීනා
තල්  ඇරඹේ තල්  පවුරෙන් එබී බලන් මීනා
බලන්න බැහැ බණ්ඩාරේ උඩරට කුල නිල බල යුතු
බණ්ඩාරේ බණ්ඩාරේ

ඔබ කෝවිල් එන්නෙත් නැහැ
මට පන්සල් එන්නත් බැහැ
අපි ඇතැයි අපි ඇතැයි බණ්ඩාරේ බණ්ඩාරේ

මිණ නුවන් යුගින් බලන් මීනා මීනා

අත්වැල් බැඳ කෝවිල් යමු
පෝයදාට පන්සල් යමු
මෘදංග නද ගැට බෙර හඩ
අපගේ  දෙසවනට එකයි

මිණ නුවන් යුගින් බලන් මීනා මීනා


6.පෙම් රස වහෙනා

ඉන්ද්‍රානි පෙරේරාත් එක්ක කියන යුග ගීතයක්..ඒ එක්කම වේග රිද්මේ ගීතයක්..මේකටත්  මන් ගොඩක් කැමතියි ..

පෙම් රස වැහෙන මංගල ගීතේ ජිවිතේ
මධුරස වැහෙන ආදර නැකත ලඟාවේ
නිල වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොලඟ ගී සැලේ මි වඳ සුවඳ සදා දේ ..

පෙම් කතරේදී දෑස නිවාලන
අවාරයේ ආ පිනි රස වේවා
ඒ පෙම් කතරේ මා එන අතරේ
තනි තරුවක් සේ පා වේවා

පෙම් රස වැහෙන

සසර සඳැල්ලේ නැගුනු සුපෙම් සඳ
මැකී නොයේවා සදාතනික වේවා
සසරින් සසරේ එන්නම් මිහිරේ
ධිවරියක් සේ මා එනවා

පෙම් රස වැහෙන


7.දෛවයෝගයකින්

මේක මගේ ලකී 7 වගේ තමයි...හීනියට කියන්න පුළුවන් වගේම විදින්නත් පුළුවන් එකක්

දෛවයෝගයකින් නොවේදෝ
හමුවුනේ අප හමුවෙනේ
දෛවයේ සරදම් ලබන්නට
කීම මෙසේ අප හමු වුනේ ..

අදුරුතුමියයි ඔබ ප්‍රමයේ
අදුරුතුමියයි යෞවනේ .....
ශෝකයේ රුදු වේදනාවේ
කදුළු සයුරේ උල්පතයි ...

දෛවයෝගයකින් නොවේදෝ

නදුන් උයනයි ස්නේහයේ
සදුන් සිසිලයි ජිවිතේ ....
සොම්නසේ ආනන්දයේ
හසරැල් තරන්ගේ උල්පතයි

දෛවයෝගයකින් නොවේදෝ




8.අහිමි උනත් නුබ ලඳේ

මේක ට ආස කරේ අපේ ගෙවල් ළඟ අයියා කෙනෙක් බටනලාව පිබ පිබ කියනවා ..ඒක ඇහිලා මන් පොඩි කලේ ඉදලම ආස සිංදුවක්..4 වසරේ විතර ඉන්න කාලේ වාර විභාගෙට තියෙන කවි කතන්දර කියන එකකට කියන්න ගිහිල්ලා බැනුම් ඇහුව්වා ..ඒ තරම් මගේ හිට් එකක්


අහිමි උනත් නුඹ ලදේ ….
මට හඩන්න අවසර නෑ….. 
විලෙන් එහා ඉද නුබේ සුවද වත
එතී ආ සුලං මගෙ මුව සිම්බා 

නොපැතූ අතකට... අතදුන් දවසේ 
හෙලු දුක් සුසුම්.. මගෙ මුව සිම්බා 

අහිමි උනත් නුබ ලදේ 
නුබ කැනදන් ගිය මංගල රිය නැගි 
දූලි වලාවන් මගෙ මුව සිම්බා….. 

අහිමි උනත් .. 

කියාගන්න බැරි... දුකක් නිමන්නට 
නෙත හෙලු කදුලක්.. මගෙ මුව සිම්බා 

අහිමි උනත්… 




9.ආදරයේ උල්පත වූ අම්මා

මව් ගුණ සිංදු වලින් මන් ආසම එක

ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදු වන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැඟිලේ එල්ලී...

සඳ දිය කොට කිරි වතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක් වන් නැළැවිලි ගීයෙන්
මතකයි මා නැළැවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජිවිතයට කිරි දී පණ දී
මා දැඩි කළ අම්මා...

ආදරයේ උල්පත වූ අම්මා

තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ළබැඳී
ගෙන දී දිවියට නව පණ ලැබ දී
මා දැඩි කල අම්මා.

ආදරයේ උල්පත වූ අම්මා


10.දෙව්රම් වෙහෙරේ ..

බුදු ගුණ ගියක තියෙන්න ඕනේ ශාන්ත බව අඩු නැතිව තියෙන හොදම සිංදුවක්...

දෙව්රම් වෙහෙරේ
හිමි වැඩ සිටි සමයේ
මා සිටියානම් සමිදුනි ඔබ පිළිසරණ පතා
මම‍ එමි බවදුරු කතර ගෙවා

සහසක් දොම්නස් දුක් ගිනි අතරේ
දැවෙන මහද සිතිවිලි ගිණි අදුරේ
සමිද ඔබේ පිළිරුව දුටු පමණින්
නිවී නිවී යන අරුමය කිමද...

දෙව්රම් වෙහෙරේ

ජීවමානවන් හිමි දැක ගන්නට
මා නෙත කල පින් මද බව වැටහිනි
එහෙයින් හිමි අනුරුව අභියස සිට
බවුන් වඩමි ‍මෙත් බුදුන් දකින්නට

දෙව්රම් වෙහෙරේ


ඔන්න ඕවා තමයි ඉතිං මම කැමති 10 ..මටත් කියන්න තියෙන්නේ සොදුරු සිත කිව්වා වගේ ඔයාලගේ 10 ත් කියන්න කියලා තමයි...

ජය වේවා ...!!!!!!

මා සහ නුබ


මා නුබේ නොවන බව දැන 
නුබට පෙම් කරපු තරම් 
හිතා ගන්න බෑ 
මා නුබට රැවටුන තරම් 
ජිවිතයක් ජිවත් කරපු 
සිත ඔබ හැදූ තරම් 
අතීතය අත ගාමි 
අදුරේ ඉදන් 


මන් දන්නෙත් නෑ 
හිත හිලෑ නෑ 
නුබ හොයනා තරම් 
නුබ දන්නේ නෑ 
මන් හෙලේනා සුසුම් 
අදහන්නත් බෑ 
මා අතහැර ගියපු දුරක් 
ආදරේ විද 
විදවන්නට බෑ මහ මෙරක් 

Friday, March 17, 2017

දේදුන්න

මේක දැක්ක ගමන් හිතන්න ඇති ලව් ස්ටොරියක් ,බුට් කවියක් වෙන්න ඇති කියලා ..මොකද ඒ තරමට ආදරයට දේදුන්න ගැන ඕවා ලියවිලා තියෙන නිසා .කාලෙකට පස්සේ දේදුන්නක් දැක්කා ..ඉස්සර දේදුන්නක් දැක්කම කියපු කතා


අත දික් කරන්න එපා දේදුන්න නැතිවෙලා යනවා .ඒක පව් සිද්ද වෙන වැඩක් ...දේදුන්නේ එක කෙළවරක් වැවක හරි මුහුදක හරි තමයි තියෙන්නේ .එකෙන් තමයි අහසට වතුර ගන්නේ ඔය වගේ හැට හුට හමාරක් කිව්වනේ ඒ කාලේ 

කොහොමෙන් කොහොම හරි ඕක ගැන තියෙන සමහර කතා බොරුයි කියලා තේරුනේ විද්‍යාව පාඩමක දී.වසරනම් මතක නෑ .

ඉස්සර ඔය දේදුන්නේ එහෙම පාට හත එහෙම නැත්නම් වර්ණාවලිය මතක  තියාගත්තේ කොහොමද කියලා 
"න් තැඹිලි ඩන කොල්ලා නිල් රක් කී" කියලනේ ..කස්ටියට මතක ඇති නේ..ඕකට තවත් එක්ක තිබුනා ඒක කියලා අපේ එකෙක් ගුටි කෑවා මිස්ගෙන්..මට එකනම් මතක නෑ ..මේ වර්ණාවලිය ගැන මුලින්ම අදහස ඉදිරිපත කලේ දෙවන චාර්ල්ස් රජු කාලේ ජිවත් වෙච්ච අයිසැක් නිව්ටන් තමයි 

සරලවම කිව්වොත් දේදුන්නක් පායන්නේ වැහි බිඳුවලට ඉර එලිය වැටුනම සිදුවන ආලෝක වර්තනය නිසා..වර්තනය කියන්නේ නැමීම ..විදුරු ප්‍රිස්මයකට සුර්යාලෝකය හිනි කදම්භයක් වැටුනම දේදුන්නක් පායවන්න පුලුවනිනේ..අපි සාමාන්‍ය වෙලාවට දකින්නේ ඉර එලිය සුදු පාටටනේ ..එහනම් කොහොමද ප්‍රිස්මයෙන් පාට වෙන් වන්නේ කියලා ..සුදු ආලෝක කදම්බයේ පාට ගොඩක් තියෙනවනේ..එක ප්‍රිස්මය හරහා යනකොට ,එක එක පාට වැල වර්තනය එහෙම නැත්නම් නැමීම වෙනස් වෙනවා..ඒක නිසා අපිට පාට වෙන් වෙනවා දකින්න පුළුවන්..

රතු පාටේ ආලෝක වර්තනයට වඩා වැඩි කෝණයකින් නිල් පාට නැවේ.එතකොට ඒ පාට දෙක තරමක් ඈතින් තමයි පිහිටන්නේ..ඒ ඒ පාට වැල වර්තන  හැටියට තමයි ඔය දේදුන්නේ පාට ටික පිහිටන්නේ.රතු තැබිලි කහ කොළ නිල් දම් කියන පාට ටික .

අයිසැක් නිව්ටන්ට කලිනුත් හිටිය අය ප්‍රිස්මය හරහා ආලෝකය යවලා දේදුනු එහෙමත් නැත්නම් වර්ණාවලි සෑදුවත් ,ඔවුන් සිතා සිටියේ ඒ ප්‍රිස්මයේ තිබෙන ඩයි වර්ග නිසා මෙවැනි වර්ණාවලි මැවෙන බව .මේක බොරු කරන්න නිවුටන පරීක්ෂණ දෙකක් කර තිබුනා..එකේදී මුලින්ම ආලෝකය එක ප්‍රිස්මය ක් ට වැටෙන්න දීලා එකෙන් පිටවෙන එක ආලෝක වර්ණයක් තවත් ප්‍රිස්මයක් ඇතුලෙන් යැව්වම අර පලවෙනි ප්‍රිස්මයෙන් පිට වෙඡ්චා පාට තමයි දෙවෙනි එකෙනුත් පිට වෙලා තියෙන්නේ .

දේදුනු කොච්චර දැකලා තිබුනත් එක සැරේටම මතක් වෙන්නේ අර පරණ දේවල් ම තමයි..හැබැයි දැන් දේදුනු ඉස්සර තරම් දකින්න නැත්තේ..අපිට දෙදුන්නක්වත් දකින්න වෙලාවක් නැති නිසා වත් ද ..?නැත්නම් දේදුනු දැන් ඇත්තටම පායන්නේ නැද්ද ..

ප .ලි

දැන් ලැබුණු ආරංචි මාර්ගයකින් කියවුනේ නිවුටන් මේක ඔප්පු කරන්න තවත් එක පරික්ෂණයක් කරලා තියෙනවා ..එකට ප්‍රිස්ම තුනක් යොදාගෙන කරලා තියෙනවා..එක ප්‍රිස්මයකට ආලෝක කිරණක් එල්ල කරලා එකන් නිකුත් වෙන වර්ණාවලිය අනික් ප්‍රිස්මයට වැටෙන්න දෙනවා .හැබැයි එතකොට ප්‍රිස්මය තියන්නේ ඔලුවෙන් හිටවාලා ..එතකොට අර වර්ණාවලිය සුදු කිරණක් වෙලා තමයි පිට වෙන්නේ..ඒ කිරණ තව ප්රිස්මයකට වැටුනම ආයි අර වර්ණාවලිය එනවා ..

තවත් විස්තර ලැබුණු ගමන් ම දාන්නනම් 

Sunday, March 12, 2017

කෝච්චි කතා

ගිය සතියේ අගහරුවා දා කොළඹ යන්න උවමාන්වක් තිබුනා ..එත් මගේ කරුමෙට ද දන්නේ නෑ දවල් වෙනකන් නින්ද ගියපු නිසා ට්‍රෙන් එකේ යන්න හිතා ගත්තා ..මොකද දවල් වෙනකොට ට්‍රැෆික් නිසා යන්න ලේසි නැති නිසා ..කොහොමහරි දනී පනියේ ලේස්ති වෙලා රැජිනට යන්න අවා ..මාතරින් 9.40 නේ අදින්නේ...මමත් ඉතිං අයිනක් අල්ලන් වාඩි වෙලා ඉන්නකොට පෙර පාසල් පොඩි උන් ටිකක්  අම්මලා එක්ක ඇවිල්ලා මන් හිටපු පෙට්ටියේම ඉද ගත්තා ....

මං ඉස්සෙල්ලම ට්‍රේන් එකක ගියෙත් අර පොඩි උන් වගේ මොන්ටිසෝරියෙන් නෙවෙයි ස්කොලේ 3 පන්තිය්දී විතර ට්‍රිප් එකක් විදියට මාතර ඉදන් වැලිගමට ගියපු ගමන තමයි  ..ඒක තමයි කෝච්චියේ ගිය ගමන් වලින් අමතක නොවෙන ගමන..එදා ගමනට කොච්චර වෙලාවක් ගියාද කියන්නවත් තේරුමක් නෑනේ..

ඊට පස්සේ ස්කොලේ අට වසරේ වගේ ඉන්න කාලේ ගමපහට ගියා ..ඒ ගියේ අපේ මාම කෙනෙක් එක්ක..ගමන යනකන් මම හිතින් බැන බැන තමයි ගියේ...ඇයි යකෝ බස් එකේ ගියානම් මීට කලින් සිංදුවක් අහගෙන ශපාන් එකේ යන්න තිබිඡ්චා ගමන් ..මේ කෝච්චියක නැගලා මුළු දවසෙම ගිය ඒක ගැන...ඒ නොතේරෙන කාලෙනේ

පස්සේ කෝච්චියේ යන්න ආස හිතුනා මහන්සිය අඩු නිසා .මොකද රුහුණ 80 ට විතර යනවනේ..ඒක නිසා ගොඩක් වෙලාවට ගියේ රුහුනෙම තමයි..අනික රේල්ඊ පාරත්ට හදපු නිසා කලින් වගේ උඩින් විසිවෙලා යන්නේ නැතුව ඇලට්ප එකක්ස්සේ උනත් ගෙන යන්න පුළුවන් කම තිබ්බා ..ඒක නිසා ගමන ගොඩක්ම පහසු උනා

 මම ජොබ් එකක් කරන කලේ මාතර ඉදන් කළුතර ට වැඩට එනවා රුහුණු කුමරියේ .ටික කාලෙකට නිසා සීසන් ගත්තෙත් නැතිව ටිකට් අරන් එනවා ..හොදට නිදා ගන්න ඕනේ නිසා ටිකට් එක අරන් බෑග් එකේ සාක්කුවේ දාගන්නවා ..ඔහ්හොම ටික දවසක් ගියාම චෙකර්ලා පැනලා ටිකට් චෙක් කරනවා ..මමත් හීනෙන් වගේ බෑග් පොකට් එකට අත දාලා ටිකට් එක දුන්නා ..මේ මොකක්කද මිනිහෝ කියලා අහපු පාරට නින්ද කොහේ ගියද දන්නේ නෑ ..අයි ඔය තියෙන්නේ ටිකට් ඒක කියලා මමත් කියලා දැම්මා ..මේක මේ පරණ එකක්..හොරෙන් යන ගමන් සද්දෙත් දමනවා .නැගිටිනවා නැගිටිනවා
මටත් ඉතිං මල මම ගත්තනේ , ගත්තනම් තියෙන්න එපාය  ටික්කයි මයි හෙන වලිය වගේ..අපේ සද්දේ ඇහිලා තවත්ම චෙකර් කෙනෙක් අවා ..ඒ මනුස්සයා හරි හොදයි ..මහත්තයා පොඩ්ඩක් ආයි බෑග් එක බලන්න කිව්වා ..මම  කොයි එකටත් කියලා ආයි බෑග් එකට අත දාලා බැලුවා ..අම්මට සිරි හෙන ටිකට් කන්දක් පොකට් එකේ....මම ඒ මනුස්සයට ඒ ටිකට ටිකම දුන්නා හරි එක තොර ගන්න කියලා ..කොහොම හරි කළුතරින් බහිනකොට අර සද්දේ දාපු ටික්කා ලගට ඇවිල්ලා කියනවා රාජකාරියට බාධා කරයි කියලා නඩු දානවයි කිව්වා මමත් ඇරියා නෑ හරි නඩු කියමු ..මමත් දානවා මගී අයිතිවාසිකම් කඩ කලා කියලා ..ඇත්තටම එහෙම එකක් දාන්න පුලුවන්ද කියලවත් දන්නේ නෑ..කොහොම හරි ඒ වෙලාවේ කටට ආපු ඒක කියලා මන් බැස්සා..එයින් පස්සෙනම් මම ටිකට් එක ගමන් ඉවර වුන් පස්සේ විසි කරනවා

මේකනම් ටිකක් අවුල් වගේ..මේකත් රුහුණේ ඇවිල්ලා කට්ටිය තබදෙට බහිනවනේ..මම දැන් ඉකමනට බහින්න දොර ලග ඉන්නවා ..ඔය ලේක් හවුස් ඒක ලග බෙන්ඩ් එකේදී ට්‍රෙන් ඒක පොඩ්ඩක් පද්දෙනවනේ..ඔහොම පද්දෙනකොට කවුද මන්දා කෙනෙක්ගේ මුණක් වැදුනා පිට මැදට ..මමත් එච්චර ගණන් ගන්නේ නැතිව වැඩට ගියා ..කට්ටිය හිනා වෙලා අහනවා කොහෙද උදේම  ගියේ කියලා ..මට ෆුල් අවුල ..මුන් මාව අහස්වෙනකන් බයිට් කරලා තමයි කිව්වේ ලිෆ්ටික් පාරක් තියෙනවය කියලා ..එතකොට තමයි මට මතක් වුනේ දොරේදී වදීන ඇත්තේ කෙල්ලෙකුගේ කටට්ක් වෙන්න ඇති කියලා ..කොහොමහරි ටිනර් පොඩ්ඩක් දාලයි ෂර්ට් ඒක හෝද  ගත්තේ...හවස ගෙදර යන්න ඕනේ නිසා ..

ට්‍රේන් වල ලව් සිනුත් තියෙනවනේ..මම මේක උනේ ඒ ක ගෑනු කෙනෙක් නැග්ගේ වැලිගමින් .එයා යාලු වෙලා ඉන්න කොල්ල නැග්ගේ හික්කඩුවෙන්..කොහොමත් ඒ ගෑනු කෙනා පිරිමි කෙනාට ෂීට් එකක් බුක් කරන එන්නේ..දවසක් මම ඔය කපල් එක ඉස්ස්සරහින් තියෙන එකේ වාඩි වෙලා යනවා ..ට්‍රෙන් එක අම්බලන්ගොඩි අද්දලා කන්දෙගොඩ පහුවෙනවත් එක්කම මනුස්සයෙක් ඇවිල්ලා අර කපල් එකට ගහගෙන ගහගෙන ගියා ...මටත් හිතා ගන්න බැරිව ගියා මොකද වුනේ කියලවත්..කොහොම හරි අර ගෑනු මනුස්සයව කොන්ඩෙන්  ඇදන් කොස්ගොඩින් බැස්සුවා අර මනුස්සය ..කොල්ලා අලුත්ගමින් බැහැලා ගියා ..පස්සේ ආරංචි වෙච්ච විදියට ඒක තැනම ගැහෙ ගෙඩි කෑමක් ලු..අර කොල්ලා බැදලා නැහැ..ඒ කොල්ලා එක්ක යාලුවෙන්න බලන් හිටපු වැලිගමින්ම නගින කෙනෙක්ලු ඔත්තුව දීලා තියෙන්නේ..කොහොමහරි ඒ කොල්ලා එයින් පස්සේ අවේ නෑ ට්‍රේනේ එකේ ..ඔය වගේ ලව් සින් නම්  තියෙනවලු ගොඩක්

මේක වුනේ 2008 වගේ ..යුද්දේ අවසාන කලේ ඔය දෙහිවලදී ට්‍රේන් එකට බෝම්බ ගහපු අලුත ම වගේ මතක විදියට..මම ඔන්න එදත් කොළඹ ඉදන් මාතර යන ගමන් 2.20 ගාලු කුමරියේ යනවා ..මට ඔය දවස්වල ට්‍රේන් එකේ යන කොට බයටම  නින්ද යන්නේ නෑ ..මම ඉතිං වැඩි සෝදිසියට වට පිට බල බල යනවා..ඇදන් ගියෙත් කලුයි දුබුරුයි තියෙන අත් දිග ෂර්ට් එකක්..මගේ අතෙත් ලොකු පාර්සලයක් තිබුනා ..ඒක මන් ඉන්න තැන බිම තියලා තිබුනේ..ට්‍රේන් එක නැවැත්තුවා පානදුරේ ..ඒ එක්කම පොලිසියේ දෙන්නෙකුයි රේල්වේ එකේ දබලකුයි ඇවිත් මගෙන් අයිඩින්ටිය ඉල්ලුවා..මමත් ඉතිං දුන්නා ..දාහක් ප්‍රශ්න අහනවා ..අන්තිමට ඇහුවේ පාර්සලේ මොනවද කියලා ..වයර් වගයක් කිව්වා..මම පොඩි පාර්ට් ටයිම් වැඩකට පළමු හරස් විදියෙන් ගත්ත බඩු වගයක් තිබුනේ..ඇරලා පෙන්නන පුලුවන්ද කියලත් ඇහුවා..මම ඉතිං ඇරලත් පෙන්නන්න හදාදීම මනුස්සයෙක් කිව්වා අම්මෝ එපා ඕක පුපුරයි කිව්වා  මට හිතා ගන්න බෑ ඒ මොකද කියලා ..මම කොයි එකටත් අරක ඇරලා පෙන්නුවා..පොලිසියට තේරුනා කාට හරි පොඩි වැරදීමක් වෙලා කියලා ..මොකද පෙට්ටිය පැක් කරද්දී ටුකෝ වයර් කෑල්ලක් පෙට්ටියෙන් එළියට ඇවිත්..එකට බය වෙච්ච කෙනෙක් තමයි 119 ට කෝල් කරලා  තියෙන්නේ..

ආයි දවසක් රුහුණෙන් මාතර එනකොට ,රුහුණට කලින් ගිය කෝච්චිය උතුරු කළුතර හරියේදී කැඩිලා..දැන් ඉති කෝච්චිය නතර කරන ඉන්නවා ..මොකද පිල්ල මාරු කරන්නත් බැරි හරියෙකදී තමයි රුහුණ නතර කලේ..හුටා තමයි..කට්ටිය බැහැ බැහැ බස්සෙක යන්න යනවා ..පර්ස් එකේ මට මතක විදියට තිබුනේ ගෙදරට යන බස් එකේ ගාන විතරයි ..දැන් මොකෝ කරන්නේ..කමක් නෑ ඕන එකක් කියලා හිටියා ..අපේ පෙට්ටියේම මම විතරයි..ඉස්සරහා එකේ නම් 4-5 දෙනෙක් ඉන්නවා ..අවුලක්කො නෑ කියලා හිතා හදා ගත්තා ..හොම හරි පැය දෙකක විතර චාටරයක් කන්න වුනා ..හැබැයි ඊට පස්සෙනම් අවා වෙඩිල්ල වගේ..ඊට පස්සේ මම ට්‍රේන් එකේ යාම පොඩ්ඩ පොඩ්ඩ  අඩු කලේ හයිවේ එක නිසා ..ඒ හැබැයි අතේ සල්ලි තියෙනවට නෙවෙයි පැයක විතර වේලාවේ ඉතිරියි ,සැප පහසුවයි නිසා තමයි.ඒ මුල් කාලේ..එත් ආයි ට්‍රේන් එකටම බහින්න උනා ..

කෝච්චිය  ඇතුලේ වෙනම සංස්කෘතියක් තියෙනවා ..ගොඩක් වෙලාවට ඔය ඔෆිස් ඒවගේ  ..ෂීට් වලට රණ්ඩු ,ඕපා දුප සංගම් ,කාර්ඩ් ගැහිලි ඒ වගේම සමහර පෙට්ටිවලට පිට අයට නගින්න නොදෙන තරම් ..ඒවගේ නැග්ගොත් ,ඒ නැගපු කෙනාට කනක් ඇහිලා ඉන්න නැති තරම් ..සමහර ගැහුණු ය මගින් අනගින යට ෂීට් අල්ලන්න බෑග් එක බද අයිනෙන් තියලා කකුල් දෙක පළල් කරන යනවා අනන්තවත්..සමහර එව්වගේ බබෙක් ඉන්නන කෙනෙකුටවත් ෂීට් හමබ්වෙන්නේ නැති තරම් .

කොච්චි ඇතුලේ ජැක්සන් ලා ගැන ඕනේ තරම් විස්තර තියෙනවා ..සමහර ගැහැණු අයද එකට ස්ව කැමැත්තෙන් යනවා කියලා මගේ යාලුවෙක් නිතර කියනවා ..ඒයා එන්නේ කෑගල්ලේ ඉදලා ..කොහොමත් පොදු ප්‍රවාහන සේවය ඇතුලේ කාන්තාවනට සිදුවන අතවර ප්‍රමාණය 90% කියලා තමයි කියන්නේ..එකෙනුත් වැඩිපුර වෙන්නේ ට්‍රේන් එකෙය කියලා කියන්නේ..

ඕවා තමයි ඉතිං කෝච්චියේ කතා ..ඔයාලගෙත් කතා තියේනම් බෙදා ගමු

Monday, March 6, 2017

භාණ්‌ඩ හා සේවා 3ක්‌ සදහා ප්‍රමිති ආයතනය ප්‍රමිති සහතික අනිවාර්ය කරයි

හෙල්මට්‌, පානීය ජල බෝතල සහ ආහාර සැකසුම් ස්‌ථාන (ආපන ශාලා) සඳහා ප්‍රමිති සහතික ලබාගැනීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අනිවාර්ය කරනු ලැබ ඇත.



ආරක්‌ෂක හිස්‌වැසුම් (හෙල්මට්‌) සඳහා වන ප්‍රමිතිය SLS 517 අංකය යටතේත්, ඇසුරුම් කළ පානීය ජල බෝතල් SLS 1336 ( 2008 යටතේත්, ආපනශාලා GMP (යහපත් නිපැයුම් පරිචයන්) සහතිකය යටතේත් මෙසේ ප්‍රමිතිගත වනු ඇත.

මේ ප්‍රමිතීන් හඳුන්වා දෙනු ලබන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ 12 (2) වැනි වගන්තිය යටතේ ය. මීට අදාළ ගැසට්‌ නිවේදන 2015 වසරේ දී නිකුත් ව තිබිණි. අදාළ ගැසට්‌ නිවේදනවලට අනුව හෙල්මට්‌ සහ පානීය ජල බෝතල් පිළිබඳ ප්‍රමිතීන් 2016 සැප්තැම්බර් 01 දින සිට බලපැවැත්වෙයි. ආපනශාලා ප්‍රමිතිය බලපැවැත්වෙන්නේ 2017 ජනවාරි 01 දින සිට ය.

හෙල්මට්‌ ප්‍රමිතිය A සහ B ලෙස වර්ග දෙකකට අයත් හෙල්මට්‌ සඳහා බලපැවැත්වෙයි. A වර්ගයෙන් නියෝජනය වන්නේ තරග ඉසව්වල භාවිතය සඳහා සහ විශේෂයෙන් ඉහළ මට්‌ටමක ආරක්‌ෂාවක්‌ බලාපොරොත්තු වන පළඳින්නන් ගේ භාවිතය සඳහා වන ආරක්‌ෂක හිස්‌වැසුම් ය. B වර්ගය යටතේ මංමාවත් මත සාමාන්‍ය යතුරුපැදි පදවන්නන් සඳහා වන ආරක්‌ෂක හිස්‌වැසුම් නියෝජනය වේ.

මේ අනුව දේශීයව නිෂ්පාදනය කරනු ලබන සහ / හෝ ආනයනය කරනු ලබන ඉහත වර්ගීකරණයන්ට අයත් ආරක්‌ෂක හිස්‌වැසුම් SLS 517 භාණ්‌ඩ සහතික ලාංඡනය දරන්නේ නම් මිස නිෂ්පාදනය කිරීමට, ආනයනය කිරීමට, බෙදාහැරීමට, ගබඩා කිරීමට හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීමට අවසර නො ලැබේ.

එමෙන් ම පොලිමර් ද්‍රව්‍යයන් ගෙන් සාදන ලද පානීය ජලය ඇසිරීම සඳහා භාවිත කරනු ලබන බඳුන් / බෝතල් සඳහා වන SLS 1336 (2008 ප්‍රමිති පිරිවිතර සපුරන්නේ නම් මිස එකී ද්‍රව්‍යවලින් සාදන ලද බඳුන්වල, බෝතලවල පානීය ජලය ඇසිරීම, බෙදාහැරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම හෝ තොග වශයෙන් හෝ සිල්ලරට විකිණීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම නො කළ යුතු බව ගැසට්‌ නිවේදනයෙහි දක්‌වා ඇත.

ගැසට්‌ නිවේදනයේ ආපනශාලා සඳහා වන යහපත් නිපැයුම් පරිචයන් (GMP) අර්ථ නිරූපණය කර ඇත්තේ මේ අයුරිනි(

විශාල ලෙස ආහාර පාන සැපයීම (mass catering) - සමූහයකට ආහාර පිළියෙල කිරීම සහ / හෝ බෙදාහැරීම හා අහාර පිරිනැමීම.

පිට ස්‌ථානයක ආහාරපාන සැපයීම (outdoor catering) - තමා ගේ ස්‌ථානය නො වන වෙනත් ස්‌ථානයක එක`ග වූ මිලකට හා ආහාර වට්‌ටෝරුවකට, එක`ග වූ පිරිස්‌ සංඛ්‍යාවකට, එක`ග වූ වේලාවක දී ආහාර පාන පිරිනැමීමේ සේවාව.

මෙකී සේවාවන් සපයන කිසිදු අයකු, වෙළෙන්දකු, හෝ සමාන ක්‍රියාවක නිරත වන්නකු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙතින් යහපත් නිපැයුම් පරිචයන් (GMP) සඳහා වන සහතිකයක්‌ ලබා තිබිය යුතු අතර එම සුදුසුකම ලබා නැත්නම් අදාළ ව්‍යාපාරවල යෙදිය නොහැකි වේ.

මෙ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඉකුත් සතියේ පැවැති මාධ්‍ය හමුවක දී අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්‌ෂ ජනරාල් ගාමිණී ධර්මවර්ධන මහතා මේ වන විටත් හෙල්මට්‌ ආනයනකරුවන්/නිෂ්පාදකයන් 12 දෙනකු නව ප්‍රමිති සහතිකය සඳහා අයදුම්පත් යොමු කර ඇති බවත් ඉන් 5 දෙනකුට ප්‍රමිතිය ලබා දී ඇති බවත් පැවසී ය.

ජල බඳුන් හා බෝතල් ප්‍රමිතිය සඳහා ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාව 29කි. ඉන් 16කට සහතිකය ලබා දී ඇත.

GMP සහතිකය සඳහා අයදුම්පත් 30කට වඩා ලැබී තිබූ අතර 20කට සහතිකය නිකුත් කර තිබේ.

හෙල්මට්‌ ප්‍රමිතිය සම්බන්ධයෙන් මෙහි දී දැනුවත් කිරීමක්‌ සිදු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ (පරීක්‌ෂණාගාර සේවා, ද්‍රව්‍ය අංශය) ඒ. එස්‌. දේවගේ මහතා හෙල්මට්‌වල ප්‍රමිතිය පරීක්‌ෂා කිරීමේ දී මූලික අනතුරු සිදු විය හැකි අවස්‌ථා 3කට එහි ඔරොත්තු දීමේ හැකියාව විමසා බලන බව පවසා සිටියේ ය. නෙරාගිය හෝ තලීය මතුපිටක ගැටුණු විට, තියුණු තුඩක ගැටුණු විට හා හිස ඇතිල්ලී ගිය විට යන අවස්‌ථා එහි දී සලකා බැලෙයි.

බරැති තියුණු තුඩක්‌ මීටර 3ක ඉහළක සිට හෙල්මටය පසාරු කරගෙන යන සේ පතිත වීමට සලස්‌වා ඇතුළත ඇති සංවේදකයකට තුඩෙහි ස්‌පර්ශය දැනුණි ද යන්න පරීක්‌ෂා කිරීම මෙහි එක්‌ අවස්‌ථාවකි. නෙරා ගිය හෝ තලීය හෝ මතුපිටකට මීටර 4ක්‌ උසින් හෙල්මටය අතහැර පතිත වීමේ දී ප්‍රමිතියෙහි සඳහන් ශක්‌තිය අවශෝෂණය කරගැනීමට එහි ඇතුළත ආස්‌තරය සමත් වේ ද යන්න විමසා බැලීම තවත් පරීක්‌ෂණයකි. මෙය එක ම පැත්ත ගැටෙන ලෙස දෙවරක්‌ සිදු කර බැලිය යුතු වේ.

මෙවැනි පරීක්‌ෂණ පෙළකින් සමත් වූ හෙල්මටයක්‌ පැළඳි අය අනතුරකට ගොදුරු වනවා නම් වන්නේ නො සැලකිලිමත් අයුරින් හෙල්මටය පැළඳ සිටීමෙන් මිස හෙල්මටයේ දෝෂයකින් නො වන බව ද හේවගේ මහතා පෙන්වා දුනි.

බොහෝ දෙනා නිකට යටින් හෙල්මට්‌ පටිය නිසි අයුරින් තද නො කරන බැවින් ගැටීමක දී හෙල්මටය ගැලවී විසි වෙයි. සමහර කාන්තාවන් ඉහත සඳහන් පරීක්‌ෂණවලින් අසමත් වන සවි ශක්‌තියෙන් හා ඇතුළත ශක්‌ති අවශෝෂණ රිජිෆොaම් ආස්‌තරයකින් තොර හුරුබුහුටි හෙල්මට පැළඳ යැම ද අනතුරුවලට අතවැනීමකි. සමහර මෝටර් සයිකලවල මාපිය දෙපළ හෙල්මට්‌ පැළඳ ගිය ද කුඩා දරුවා ගේ හිස නිරාවරණයව තබාගෙන යැම ද අවදානම් ය.

නිසි ප්‍රමිතියෙන් යුතු හෙල්මටයක ලක්‌ෂණ දීර්ඝ වශයෙන් විස්‌තර කළ හේවගේ මහතා හෙල්මටයක්‌ පැළඳි අයකු අංශක 105ක පරාසයක්‌ දෙපස ද, අංශක 7ක පරාසයක්‌ උඩ ද අංශක 45ක පරාසයක්‌ පහළ ද දැකීමට සමත් විය යුතු බව පෙන්වා දුන්නේ ය. එසේ නො වුව හොත් පැති කණ්‌ණාඩිය හා වේගමාපකය දෙස බැලීමේ දී ඉදිරි දර්ශන පථය හරිහැටි දෑසට හසු නො වේ. හෙල්මටයේ ප්‍රමිතිය පරීක්‌ෂා කිරීමේ දී මේ කරුණ ද විමර්ශනය කෙරෙයි.

මෙහි දී ආපනශාලා ප්‍රමිතිය සම්බන්ධව කරුණු පැහැදිලි කළ ජ්‍යෙෂ්ඨ නියාaජ්‍ය අධ්‍යක්‌ෂ දීපිකා මුණවීර මහත්මිය මෙය ඇත්ත වශයෙන් ම පසුගිය වසරේ පිළියල කරන ලද මාර්ගෝපදේශන සංග්‍රහයක්‌ බව පැවසුවා ය. නිෂ්පාදනයෙහි සිට පාරිභෝගකයා අතට පත් වන තුරු ආහාරයෙහි ප්‍රමිතිය ආරක්‌ෂා කරගැනීමේ උපදෙස්‌ මාලාවක්‌ එහි අන්තර්ගත වේ.

එ අනුව පිසූ හා අමු ආහාර එකිනෙකින් වෙන් කර තැබීමේ අවශ්‍යතාව, නියමිත උෂ්ණත්වයට පිසීම හා ගබඩා කිරීම, ආහාර පිසින්නන් ගේ සෞඛ්‍යාරක්‌ෂිත බව, නැවත නැවත රත් නො කිරීම, පිළිගන්වන උපකරණ හා බඳුන්වල ප්‍රමිතිය වැනි කරුණු මේ උපදෙස්‌ සංග්‍රහයෙහි අවධාරණය කර ඇත.

Saturday, March 4, 2017

පිරිමි මායම් Vs ගෑනු මායම්

ඒකිගේ මායමට රැවටිලා අපේ එකා ;;කියලා ගුණවතී නැන්දා කාටද බනිනවා ඇහුනා ..
අනේ උබේ එකා තොත්ත බාබා නේ ..උබේ එකාගේ මායම් 108 අහුවෙලා තමයි අපේ කෙල්ල ...ආ  මේ සිරියාවතී නැන්දා නේ...

ප්‍රේමයක් මුල් කරගෙන තම මව් වරුන් කෑ ගහන්නේ තමන්ගේ දරුවන් සුදනුන් කිරීමටය..


මායම් ,,ඒ කියන්නේ විරුද්ද ලිංගිකයන් ආකර්ෂණය කර ගැනීම සදහා යොදන උපක්‍රම කියලනේ කියන්නේ..මේවා ඉතිං උපතින් ම එන එව්වා..මේවා ඉතිං පුරුදු පුහුණු නොකළ යුතු දේවල්..

ගැහැනුන්ට මායම් හැට හතරක් තියෙනකොට පිරිමින්ට මායම් 108ක් තියෙනවාය කියලා කතාවට කියනවා. ගැහැනු මායම් ගැන කතාව නම් ඉතින් පරණයිනේ. මතකය අලුත් කරගන්න කියෙව්වට කමක් නෑ.
පිරිමි මායම් 108 ගැන හෙව්වට හම්බුණේ 64යි. හැබැයි මේ පිරිමි මායම් ලැයිස්තුව නම් අලුතින් ලියවෙච්ච එකක් වෙන්න ඕන.මිට වැඩිය  දන්නවනම් කියන්න මතක කරන්න එපා හොදේ
පිරිමි මායම්

  •  කෙල්ලන් දුටු විට හොරැහින් බැලීම
  • ඇස් ගැසීම
  •  වරින් වර බැලීම
  • සරාගී ඇසින් බැලීම
  • ආඩම්බරකම පෙන්වීම
  • නාසය ඇල්ලීම/කැසීම
  • ශබ්දය ඇසෙන ලෙස හුස්ම ගැනීම
  •  කට කෙළවරින් සිනාසීම
  •  ශබ්ද නගා සිනාසීම
  •  තොල සැපීම
  •  බොරු කැස්ස
  • කෙල්ලන්ගේ කකුල් පෑගීම
  •  කෑරීම
  •  පපුව පෙනෙන ලෙස කමිස ඇඳීම
  •  කරාබු දැමීම
  •  මාල පැලඳීම
  •  බබල්ගම් (චුයින්ගම්) සැපීම
  •  කොණ්ඩය ඇල්ලීම
  •  අත්දෙක බැඳගෙන සිටීම
  • බෝට්ටු සපත්තු දැමීම
  •  දෙපා විහිදාගෙන සිටීම
  •  කරබාගෙන සිටීම
  •  විහිළු කිරීම
  •  බැරෑරුම් ලෙස කතා කිරීම
  •  බොරු වීරකම් පෙන්වීම
  •  කොණ්ඩය වැවීම
  •  කොණ්ඩයේ ජෙල් ගෑම
  •  මග යමින් ආපසු හැරී බැලීම
  •  කොලරය (කමිසයේ) දිගහැර ඇඳීම
  •  විසිල් ගැසීම
  •  ජංගම දුරකථනය අතේ ගෙනයාම
  •  කොට කලිසම් ඇඳීම
  •  යට ඇඳුමේ වාටිය පෙනෙන ලෙස කලිසම ඇඳීම
  •  කෙල්ලන් කිහිප දෙනකුට එකවර ආදරය කිරීම
  •  රැවුල මෝස්තරේට කැපීම
  •  ලොකු අව් කණ්ණාඩි  පැලඳීම
  •  කොණ්ඩය පාට කිරීම
  •  කෙල්ලන්ගේ ඇඟේ හැප්පීම
  •  කකුලක් උඩ කකුලක් දමා සිටීම
  •  ජංගම දුරකථන අංකය තුණ්ඩු කෑලිවල ලියා කෙල්ලන්ට දීම
  •  දිලිසෙන ලොකු බඳ පටි පැලඳීම
  • Touch දුරකථන භාවිත කිරීම
  •  බොරු වත්‍පොහොසත්කම් පෙන්වීම
  •  බොරු අහිංසකකමක් පෙන්වීම
  •  ලොකු පසුම්බි භාවිත කිරීම
  •  පච්ච කෙටීම
  •  ඉණෙන් පහළට කලිසම් ඇඳීම
  •  ඉංග්‍රීසි වචන දමමින් කතා කිරීම
  •  ගීත කොටස් ගැයීම
  •  කෙල්ලන්ට කෙටි පණිවුඩ යැවීම
  •  කෙල්ලන්ට Miss call දීම
  • රබර් වළලු දැමීම
  •  රබර් සෙරෙප්පු දැමීම
  •  අධික සුවඳැති විලවුන් ගැසීම
  •  යතුරක් කරකවමින් ඇවිදීම
  •  Headset කනේ ගසාගෙන යාම
  • නිය‍පොතු වැවීම
  • Alice band දැමීම
  •  කමිස අත් හිරට ඇඳීම
  •  කලිසම් කකුල් තදවන ලෙස ඩෙනිම් ඇඳීම
  •  බොරුවට ළමයින් සුරතල් කිරීම
  • Gym යාම
  •  ඇහිබැම සකස් කිරීම
  •  කෙල්ලන් සමග සල්ලාපය 

  • ගෑනු මායම්
  •   ඇස් කරකැවීම
  •  ඇස් පියවීම
  •  ඇස් කොනින් බැලීම
  •  ඇස් ලොකුකර බැලීම
  • ඇස අඩක් වසා බැලීම
  • ඇස මුළුමනින්ම වසා බැලීම
  • වරින් වර බැලීම
  • ඉවත බලාගෙන සිටීම
  • නාසය හැකිලීම
  • සුසුම් ලෑම
  • කට කොනින් සිනාසීම
  • යමක් සිපගැනීම
  • කොක්හඬලා සිනාසීම
  • දෙතොල පිට පෙරළා සිනාසීම
  • තොලින් තොල පටලැවීම
  • දිව නැටවීම
  • දිව විකා පෙන්වීම
  • බොරු කැස්ස
  • දිව දික් කිරීම
  • පැලඳ සිටින අභරණ වරින් වර අතගෑම
  • අත වැනීම
  • ඇඳි වත දිහා නැවත බැලීම
  • කෑරීම
  • අත කැසීම
  • පා කැසීම
  • බඩ අතගෑම
  • දෑත් බැඳ සිටීම
  • ළයෙහි අත තැබිම
  • පයින් පය ගැටීම
  • පයින් බිම ඉරි ඇඳීම
  • දෙපා ගස්සමින් යාම
  • අඟ පසඟ පෙන්වීම
  • අවේලාවේ නිදාගැනීම
  • අවයව පෙනෙන සේ හිටගැනීම
  • කතා නොකර සිටීම
  • දොරකඩ ළඟ සිටීම
  • මඳක් හැරී බැලීම
  • කරබාගෙන සිටීම
  • පා විහිදාගෙන සිටීම
  • උඩ බලාගෙන සිටීම
  • බොරු ඈනුම් ඇරීම
  • උරහිස නැටවීම
  • නාභිය පෙනෙන සේ ඇඳුම් ඇඳීම
  • දිව ගොස් ගෙට වැදීම
  • දොර කවුළු තුළින් බැලීම
  • බොලඳ ලෙස කතා කිරීම
  • පියයුර නෙරන සේ ඇඳුම් ඇඳීම
  • අඟපසඟ පෙන්වමින් ගමන් කිරීම
  • වරලස ලිහාගෙන යාම
  • ඉඟටිය පැද්දීම හා නැටවීම
  • පියයුරු නැටවීම
  • ඇඳිවත කොනක් අල්ලාගෙන සිටීම
  • පිටිපස හැරෙමින් ආපසු බැලීම
  • කුඩා දරුවන් සුරතල් කිරීම
  • කෝප වූවකු මෙන් කතා කිරීම
  • හඬ නගා කතා කිරීම
  • පිරිමින්ගේ ගුණ කීම
  • පිරිමින්ගේ අගුණ කීම
  • කවට බස් දෙඩීම
  • බොරු බියක් දැක්වීම
  • බොරු නෑකම් කීම
  • විසිතුරු දේ ගැන කුහුල දැක්වීම
  • යමක් කෑමේ ගිජු බව
  • ක්ලාන්ත ගතියක් දැක්වීම

  • මිට වැඩිය මායම් ගැන දන්නවනම් කියන්න හොදේ ..... 

Thursday, March 2, 2017

චතුර, ට්‍රම්ප් හා දේශපාලක පුත්තු

මේ දවස්වල සමාජ ජාල තුල ඉමහත් ජනප්‍රියත්වයට පත්ව ඇති චතුර සේනාරත්න ගැන ඔහුගේ පියා වන කැබිනට සම මාධ්‍ය ප්‍රකාශක වන අමාත්‍ය රාජිත සේනාරත්න ගෙන් මාධ්‍ය විමසා සිටියා.ඒ අවස්ථාවේ අමාත්‍ය වරයා ප්‍රකාශ කර සිටියේ “ඉතින් හොඳයිනේ. දැන් ඩොනල්ඞ් ට්‍රම්ප් දිනුවේ කොහොමද? පොසිටිව් කැම්පේන් එකකින්ද නෑ නෙගටිව් කැම්පේන් එකකින්නේ. ජනාධිපති වුණේ නෙගටිව් කැම්පේන් එකකින්.”

ජනාධිපති වෙන්න ප්ලෑන් කරලා කරන ප්‍රචාරක ව්‍යාපාරයක් ද මේ?
“ඔව් ඉතින් හරිනේ ප්ලෑන් එක වුණත් හොඳයිනේ.”

ඒත් ඉතින් සමාජ ජාල තුළ යන ප්‍රතිරූපය තරමක් වෙනස්..
“ඉතින් මොකද? (සිනාසෙමින්) මෝඩයා කරලා හරි මෝඩයෝ ඒක ජනප්‍රිය කරනවා නම් අපි මොකද කරන්නේ.


ඊයේ මල ගෙදරක් නයිටක් අදිද්දී වැඩිපුරම ගියේ චතුර සේනාරත්නගේ කතාය..ඒවා අහලා හොදටම හිනා විය.ඉස්සර කිව්වේ  ඇම්ඩා ගේ කතා  වුනාට දැන් කියන්නේ චතුරගේ කතා ය..එකත් හොදය..ඇම්ඩා ගේ එකම කතා සෙට් එක ආසා එපා වූ අපිට මේ අලුත් කතා වලින් හොදට හිනා වෙන්න පුළුවනි ..

ඔහොම චතුරගේ කතා කියවන යනකොට  තමයි අචාර්ය මර්වින් සිල්වාගේ පුතා ගැන කතාවක් අපේ එකෙක් කිව්වේ (එතුමාගේ ආචාර්ය පට්ටම ලැබුණු විදිය ද ජෝක් එකක් ම විය).. මාලක සිල්වා නයිට් ක්ලබ් ගිහින් ගුටි ඇනගෙන උසාවි ගියාම ,ලොයස්ලා ඇප ඉල්ලන්න හේතුව විදියට දාලා තිබුනේ මාගේ මේ සේවාදායකයා අනාගත ලංකාවේ අධ්‍යාපන ඇමති වෙන්න පුළුවන් නිසා..එය එතුමාගේ කිර්ති නාමයට හානියක් වෙන්න පුළුවන් නිසා ඇප ලබා දෙන ලෙසය ..
ඒ කාලේ මේ ගැන මර්වින් සිලවා කිව්වේ ඇයි වෙන්න බැරිද...? කියා පමණි...

චතුර සේනාරත්න ,මාලක් සිල්වා විතරක් නෙවෙයි තවත් පුත්තු ගැනත් මතක් වෙයි..ඒ අතර ජනප්‍රියම කතාවක් තමයි රණසිංහ ප්‍රේමදාස මහතා තම පුතා වන සජිත් ට ටෙලිෆෝන්  එකෙන් ඉංග්‍රීසි උගන්නපු කතාව..ඔය කතාව හැන්සාඩ් වාර්තාවෙත්න්න තියෙනවලු..

දැනට ජනාධිපති සිරිසේන මහතා ගේ පුතා වන දහම් සිරිසේන මහතා හා පොලිස් මහත්තෙයෙකුගේ පුතෙක් අතර ඇතිවූ ගුටි බැට හුව මාරුවේදී දහම් සිරිසේන ගුටි දී ඇත්තේ අපේ තාත්තා අනාගත අගමැති යි කියයි ඒ කාලේ ප්‍රසිද්ධ විය.හැබැයි ඒතුමා අගමැති නොවිය..

අපේ  රටේ දේශපාලකයන්ගේ පුත්තු අපිට සතුට ලබා දෙන්න..සමහර කතා මළ ගෙවල් වල නිදි මරන්න කියාපු කතාය ...හැබැයි මේවා පුත්තුන්ගේ විතරක් නෙවෙයි සමහර තාත්තලා ගැනත් රස කතා බොහෝය..අන්තිමට ඒ තාත්තලා පුතාල අපේ සල්ලි වියදම කර කර අපිට අතල් දෙති..

Wednesday, March 1, 2017

උඩරට මැණිකෙට හමුවන සොඳුරු දසුන් මවන ත්‍රාස පව්ව


කොළඹ ඉඳන් උඩරට මාර්ගයේ දුම්රියෙන් ගමන් කරන කෙනෙකුට රඹුක්කන දුම්රිය ස්ථානයට එහා ඇති කඩිගමුව දුම්රිය ස්ථානය පසු කළ පසු දකුණු පැත්තෙන් බෑවුම් ප්‍රදේශයක් දකින්න ලැබෙනවා. උඩරට දුම්රිය අලගල්‍ලේ කඳුවැටිය හරහා කපන ලද දුම්රිය මාර්ගය ඔස්සේ උඩරට කඳුකරය වෙත මඳින්මඳ සමීප වෙනකොට මේ බෑවුම ඔස්සේ සදාහරිත සබරගමු මිටියාවත හරිම ලස්සනට පේන්න පටන් ගන්නවා. ඒ ඉහළ නගින අතරේ දුම්රියේ සිට සබරගමු මිටියාවත අතිශය මනස්කාන්ත ලෙස දර්ශනය වන  ස්ථානය හැඳින්වෙන්නේ Sensational Rock යනුවෙන්.
මේ ස්ථානයට ඒ නම යොදලා තියෙන්නේ මේ දුම්රිය මාර්ගය තැනූ ඉංග්‍රීසි ජාතික ඉංජිනේරුවන්ම බවයි පැවසෙන්නේ. sensational  කියන ඉංග්‍රීසි වචනයට ශබ්ද කෝෂවල නොයෙකුත් අරුත් දී තිබෙනවා. නමුත් ඒවා සියල්ල කැටි කළාම ඉන් උද්වේගකර වගේ ‍පොදු අරුතක් ද්විතියික කර ගන්න පුළුවන් මේ ස්ථානයට ඉංග්‍රීසින් උද්වේග කර පර්වතය කියලා යොදන්න විශේෂ හේතුවක් තිබෙනවා තමයි මේ ස්ථානයෙන් දුම්රිය ගමන් කරන්නේ මොටන කන්දේ කළුගල් පර්වතයක් හරහා ඉංග්‍රීසි ‘එල්’ අකුරේ හැඩයට කැපූ කට්ටියක් මතින් වීම. එහි ත්‍රාසය ඇති වෙන්නේ ඒ නිසා ‍නෙවෙයි ඒ කට්ටය මැදින් ඇති දුම්රිය පාරෙන් අඩි කීපයක් දකුණු පසින් අඩි දහසකටත් වඩා උසින් යුතු ප්‍රපාතාකාර බෑවුමක් තිබිම; බැරිවෙලාවත් මේ දුර්ගය පසුකරන අතරේ දුම්රියක් පීලී පැනීමකට ලක්වුණොත් ඒ දුම්රිය අඩි දහසකටත් වඩා පහළින් පිහිටි සබරගමු පළාතේ මාවනැල්ලට අයත් දුනුගම, මාලියැද්ද, මීපිටිවල කියන පිටිසර ගම්මානවලට පෙරළෙන බවක් යමකුට හැඟී යා හැකියි. ඒත් බයවෙන්න එපා මේ දුම්රිය මාර්ගය තැනූ ඉංජිනේරුවන් එතරම් අනුවණ නැහැ. මේ කට්ටිය මතදී දුම්රියක් පීලී පැනීමකට ලක්වුණොත් එහි රෝද පීලී අතරේ සිරවීම පිණිස අතිරේක ආරක්ෂක පීල්ලක් (Guard rail) ත්‍රාස පව්ව ප්‍රදේශයේ දුම්රිය මග සඳහා යොදා තිබෙනවා.




කොළඹ සිට උඩරට මාර්ගයේ දුම්රියෙන් ගමන් කරන ඔබට මෙම ස්ථානය නිවැරදිව හඳුනා ගැනීමට අවශ්‍ය නම් දුම්රියේ දකුණු පස කවුළුවක් සමීපයේ ගමන් කළ යුතු වෙනවා. එම ඉසව්වේදී දුම්රිය මාර්ගයේ දකුණු පස ඇති සැතපුම් කණු පිළිබඳ විමසිලිමත් වන ඔබට එහි 61 1/4 වැනි සැතපුම් කණුව පසුවත්ම දුම්රිය මෙම ත්‍රාස පව්ව පසු කරන බව වටහා ගන්න පුළුවන්. මේ දුර්ගය මීටර් සීයයකට කිට්ටු දිනකින් යුක්තයි. මොටකන්ද කියන්නේ කන්ද උඩරට රාජධානි සමයේ බලන ක‍පොල්ල හා සම්බන්ධ යුදමය වශයෙන් ඉතා වැදගත් ස්ථානයක්. ඉංග්‍රීසීන් sensational Rock නමින් හඳුන්වන ත්‍රාස පව්ව පැරණි ගැමියන් හඳුන්වන්නේ ‘හකුරා වැටිච්ච ගල’ යනුවෙන්. මහනුවර රාජධානී සමයේ රජ වාසලට හකුරු සැපයූ පුද්ගලයෙක් කිතුලක් මැදීමට යාමේදී මෙම පර්වතයෙන් වැටී මිය යාම නිසා මේ ස්ථානයට ඒ නම පටබැඳුණු බවයි ගැමියන් කියන්නේ. දුම්රිය මාර්ග තනන මුල් යුගයේ කඹයක එල්ලී මේ ප්‍රපාතය තරණය කිරීමට ගිය ඉංග්‍රීසි ජාතික ඉංජිනේරුවකුද මෙම ප්‍රපාතයෙන් වැටී මියගිය බවක් පැවසෙනවා.


ඒ ත්‍රාස පව්වෙන් පහළ පෙනෙන ගම්වර අතරට ගැනෙන ‘දුනුගම’ නාමය කන්ද උඩරට රාජධානි සමයේ බලන සටන් සඳහා දුනු සැපයූ ගම්වරය ලෙස පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. එමෙන්ම උඩරට දුම්රිය මාර්ගයේ මෙම සොඳුරු දසුන් මවන මේ දර්ශන මානයෙන් පහළ පිහිටි සොබාසිරියෙන් අනූන මීපිටිවල, දුනුගම මාලියැද්ද කියන ගම්මානවලට ගියොත් අඩි දහසකටත් වඩා උසින් යුතුව මොටන කන්ද හරහා උඩරට බලා ඇදෙන ‘උඩරට මැණිකේ’ ඉතා දුරින් දැක ගන්න පුළුවන්. රඹුක්කන මාවනැල්ල ප්‍රධාන මාර්ගය ඔස්සේ අප මේ කියන ඉසව්වට පහසුවෙන් ළඟාවිය හැකියි. මේ ප්‍රදේශයේ ඇති සදාහරිත පාරිසරික වටපිටාව කෙතරම්ද කිවහොත් ‘ගොඩමඩ දෙකම සරුසාරය ඵලබරය’ යනුවෙන් කියැවෙන කේයස් කිවිඳුන්ගේ සුදෝ සුදු කාව්‍යය ඇසුරින් ජාතික රූපවාහිනියේ විකාශනය කෙරුණු ‘සුදෝ සුදු’ ටෙලි නාට්‍යය රූපගත කොට ඇත්තේත් මෙහිදී අපට දැන ගන්නට ලැබුණා. ඒ වගේම මේ ඉසව්වේ සුන්දරත්වය කොතරම් ඉහළ මට්ටමක පවතිනවා ද කිවහොත් ඉංග්‍රීසින් සකස් කළ අඟ‍ලේ සිතියම්වල ත්‍රාස පව්ව ආශ්‍රිත ස්ථානයක් දක්වා ඇත්තේ හොඳ දසුන (Good view) යනුවෙන් මෙම ත්‍රාස පව්වට මහා මාර්ගයෙන් ගමන් කරනවා නම් කොළඹ නුවර ප්‍රධාන පාරේ කඩුගන්නාව රේල් ගේට්ටුව අද්දරින් වමට වැටී ඇති ‍පොත්තපිටිය පාරේ තුනේ කනුව ළඟින් වමට හැරෙන බලන පාරේ ගොස් ‘මොටන’ ප්‍රදේශයට ළං වෙන්න පුළුවන්  















උපුටා ගැනීම ලක්බිම.කොම්