Saturday, May 13, 2017

නොපෙනෙන බලවේග සහ අන්දරමාන්න

නිවාඩු දවස්වලට වැඩිපුර TV බලන එක මගේ පුරුද්දක්.ඒ වගේ වෙලාවක අහම්බෙන් බලන්න හම්බවෙච්ච ප්‍රෝග්‍රෑම් එකක් තමයි නොපෙනෙන බලවේගය .එකත් කාලයක් යනකොට ගොන් පාට් වැඩි වුනා.ඉන්දික තොටවත්ත ඊට පස්සේ අසංග ජයසුරිය කියන දෙන්නා තමන් ගේ මතය වෙනුවෙන් කරන කියන දේවල් වලින් ඕක බලන එක නතර කරන්න හිටියේ.එත් ගොඩක් පෝය දවස් වල අපේ ගෙදර කට්ටිය බලන නිසා මාත් බලනවට වැඩිය බැලුනා.

එත් මං බලපු නොපෙනෙන මානයේ ප්‍රෝග්‍රෑම් වලින් වැදගත්ම එක තමයි අන්දරමාන්නගේ කතාව .කව්ද මේ අන්දරමාන්න ..? ඒ ඉදුනිල් අන්දරමාන්න .තමන් මත් කූඩු වලට ඇබ්බැහිවීම ගැන කියන කතාව තමයි තියෙන්නේ.වැඩ සටහන අතරතුරේ දී මෙහෙම කියනවා " මෙහෙම  දෙයක් කියන ලංකාවේ එකම කලාකරුවා වෙන්න පුළුවන් " ඔව් ඒක සෑහෙන්න ඇත්තක් .මොකද කලාකාරයෝ ද සාමාන්‍ය මිනිස්සු ද තමන්ගේ අතීතයේ ලේසියෙන් කියන්නේ නැති නිසා.එක දවසක හඳහන් සහ ග්‍රහයෝ ගැන යන කතාවකදී දොස්තර කෙනෙක් වෙන අසංග ජයසුරිය මහතාගෙන් ඉන්දික තොටවත්ත  අහනවා මන් දැන් අනාවැකියක් කියන්න ද ඔබතුමා ගැන .මේ වෙලාවේ දොස්තර මහත්තයා කියනවා මං ගැන මොනවා කියන්න ද ඕනෙනම් කියයි මන් දොස්තර කෙනෙක් කියලා.එහෙම අනාවැකි නෙවෙයි පුද්ගලික දෙයක්.ඒ වෙලාවේ තොටවත්ත කියනවා දොස්තර මහතා තමන්ගේ බිරිඳ ට අයිති දෙයක් වෙනුවෙන් නඩුවක් තියෙනවා කියෙලා.කොතරම් උත්සාහ කලත් එහෙම දෙයක් නෑ කියලා දොස්තර මහතා කිව්වත්.සමීප රුප රාමු වලින් පෙනුනා යම්කිසි ඇත්තක් ඇති විත්තිය.මේක කිව්වේ ඉන්දික තොටවත්තගේ අනාවැකි හරි කියලා නෙවෙයි.එත් තමන්ගේ පුද්ගලික දේවල් අනිත් අය දැන ගන්න ඕනේ නැහැ කියා සිතීම ද වරදක් නෙවෙයි.එත් එකෙන් සමාජයට වැදගත් යමක් වෙනවනම් ,හොඳයි කියලා හිතනවානම් කිව්වට ද කමක් නැත.අන්දරමාන්න ගන්නේ තමන්ගේ කතාවෙන් සමාජයට වැදගත් වෙනවා නිසා කියන පුද්ගලික කතාවක් විදියට .

ආයි තැනක කියනවා '' මගේ බිරිඳ කැමැත්තෙන්ම මේ වැඩසටහනට එව්වා " ගොඩක් වෙලාවට බිරින්දෑවරු තමන්ගේ රහස් අනිත් අය දැන ගන්නවාට ද කැමැත්තක් නැත.අනික මේ දෙදෙනා විව්වාහ වී තවම වැඩි කල් නොගිය නිසා.අනික අන්දරමාන්න පොඩ්ඩක් හිට්  වීගෙන එන කාලේ නිසා.අනික මෙහෙම දෙයක් නොදන්නා අය දැන ගැනීමෙන් වෙන සමාජ ප්‍රශ්න වගේ දේවල් වලට පවා ඇය මුහුණ දෙන්න වෙනවා.ඒ අභියෝගයත් එක්ක ඇය කැමති වෙනවා.ඒ සමාජයට වැදගත් පණිවිඩයක් දෙන්න ..

අන්දරමාන්ගෙන් එතනදී සමීර අහනවා කොහොමද මේකට ඇබ්බැහි වෙන්නේ කියලා.එකට ඔහු හරි අපුරු උත්තරයක් දෙනවා ."සමීර මම කූඩු ගැහුව්වයි කියලා ඔයාට කූඩු ගහන්න එන්න කියලා .කෙනක් එහෙම විශ්වාස කරනවානම් ඒක අමුලික බොරුවක්" එයාලා මේකේ ආදීනව මේකයි කියලා කියනවා .ඒ එක්කම මේකේ ෆීල් එක මහ ඉහලින් වර්ණනා කරනවා .කැසට් කරන්න කොළඹ ගියාම එතන යම් යම් සමාජ තියෙනවා.ඒ සමාජ තමන් ,වීරයෝ කියලා පෙන්වනවා .ඒ සමාජයට පිටින් ගිහින් වෙනත් පාරක යන්න හැදුවොත් ,අර සමාජය තමන් කොන් කරයි කියලා බය ඇති වෙනවා.එක නිසා මුලින් අයිනෙන් ගිහින් වාඩිවෙලා ඉන්නවා.පස්සේ පොඩ්ඩක් ගන්නවා. දෙවෙනි දවසේ ආයි පොඩ්ඩක්එ ගන්නවා.ෆීල් එක මදි.ඊට වැඩිය ගන්නවා.එහෙම ගිහින් තමයි මේක ඇබ්බැහි වුනේ .

මේක අධ්‍යාපනයේ මදි කම ද සමජභාවිතයේ අල්ප දැනුම කියන කාරනාව වෙන්න පුළුවන්.තමන්ගේ පවෘශය ගැන තිබෙන ගැටලුව කි. එහෙම නැත්නම් ගමෙන් එහෙම එන අලුත් මල්ලිලා බා ගන්න කොළොඹ අයියලා බලා ඉන්නවා වෙන්නත් පුළුවන්.මත් කූඩු නිසා වැනසුණු අයියලා ,මල්ලිලා මතින් ගොඩ යන්න හදන උපක්‍රමයක් වෙන්න පුළුවන්.මෙහෙම දේවල් නිසා අපේ රටේ හොඳ කලාකරුවෝ කි දෙනෙක් වැනසුනා ද.අද සමහරු නැත්තටම නැති වී ගිහින්.එක්කෝ ලෙඩ රෝග වලට අසුවී.එයින් ගොඩ එන්නට පුළුවන් වුනේ කි දෙනෙකුට විතර ද.මේක කළා ලෝකයේ විතරක් නෙවෙයි සාමාන්‍ය සමාජයේ ද තියෙනවා.තමන් නොබිව්වොත් කොන් කරයි කියන හිනමානේ නිසා සමහරු බොනවා.යාලුවා නිසා ගන්නවා වගේ දේවල් තමයි කියන්නේ.



කළා ලෝකයේ මෙවෙනි අගාධයට ගිය කී දෙනෙක් සිටීද ..සමාන්‍ය සමාජයේ කී දෙනෙක් සිටී ද ..ඔවුන් මුදවා ගැනීමට අන්දරමාන්න ගේ ඉදිරිපත් වීම පලක් වේ ද ...


Wednesday, May 10, 2017

ඊට පස්සේ

ඊට පස්සේ කියන්නේ මේ නාට්‍යක්වත් ,නවකතාවක් හරි කෙටි කතාවක් වගේ එකක් නෙවෙයි.අවුරුද්දෙන් පස්සේ ඉතිරි මාස 3-4 හෙන බිසී කාලයක් නේ අපිට ඒ දවස්වල තිබුනේ.ඒ දවස්වල කියන්නේ ස්කොලේ යන කාලේ.මොකද අවුරුද්ද ගියපු ගමන් එන වෙසක් එක හෙන ජයටම අපි සමරනවා නේ .සමහරු ඉතිං අප්‍රේල් 20 වගේ ඉදන් තමයි  වෙසක් එකට  ලේස්ති වෙන්නේ.වෙසක් කිව්වොත් සරුංගල් .,වෙසක් කූඩු ,දන්සල් තමයි ඉතින් ඔන්න

වෙසක් එකට ගමන් තුනක්වත් කැලේට යනවා .ඉස්සෙල්ලම යන්නේ වේලිච්ච කිතුල් පිලි .තල් ඉරටු හොයාගෙන ..කට්ටිය ත් එක්ක කැලේට යනවයි කියන්නෙත් මාරම ගමනක් .ගෙවල් වලට හොරෙන් යන මේ ගමන් නිකන් හොල්මන් ෆිල්ම් එකක් බලනවා වගේ.කට්ටිය ත් එක්ක යන කොට ටිකක් කල්පනාවෙන් යන්න ඕනේ.මොකද කයිය පිට ගියොත් මොකක් හරි කට්ටියට හිනා වෙන්න වැඩක් කාට හරි කරන නිසා.දවසක් ඔහොම යද්දී කට්ටිය මාව නිකන් ආඩි  පාරෙන් එලියට යන විදියට කට්ටිය ඈත් වෙනවා.මන් දන්නවා මොකක් හරි ගේමක් තමයි කියලා.පොඩ්ඩක් වට පිට බැලුවා ..අප්පා හෙන කහඹිලියා ගොඩක්.මන් ටිකක් පස්සට වුනා.මට මෙහා පැත්තෙන් ගිය අජිත්ට මතක නැති වුනා ඕක.මොකද කතාව ඒ තරම් රසවත් නිසා.අජිත් දන්නෙම නැතිව කහඹිලියා ගාලේ.දැන් අජිත් උඩ පැන පැන කසනවා.අනිත් අය මහ හයියෙන් හිනා වෙනවා.ටිකක්  වෙලා  කට්ටිය හිනා වෙලා ඉවර වුන් පස්සේ ගෙනාපු පිහිවලින් අර බූව ටික හුරලා අයින් කරනවා.එතකොට ඉතින් වෙන්න ඕනේ හරිය වෙලා ඉවරයි.

ආයි කරන දෙයක් තමයි ඔන්න සර්පයෙක් කියලා කට්ටිය බය කරන එක,මොකද මේ කන්දේ නයි පොලොංගු පිඹුරෝ ඉදලා ඔය කරවැලා කුනකට්ටා වෙනකන් සර්පයෝ ඉන්නවා .එක පාරක් එහෙම බය වෙඡ්චා කෙනෙක් උඩ පැනලා අඩිය තිව්වේ බෝල ගලකට.මිනිහා ගලත් එක්ක බොලේ වගේ පෙරලිලා පල්ලෙහාට ගියා.කට්ටිය ඉතින් යනකන් එනකන් මිනිහා පෙරලුඅන් හැටි තමයි කතාව.ඔහොම යද්දී මට ඇහෙනවා  සතෙක් දගලන සද්දෙයක්.කොයි එකටත් අනිත් අයට කිව්වා සරපයෙක් ඉන්නවා කියලා.කට්ටිය එච්චර ගණන් ගත්තේ නෑ.එක යාලුවෙක් කෙලින්ම කකුල තියලා තියෙන්නේ සර්පයාගේ ඇඟ උඩ .මිනිහට කකුලට හීතලට දැනිලා.එක පාරටම බුදු අම්මෝ කියලා කෑ ගහපි.එතකොටම යෝධ කහ ගරඩියෙක් නිකන් නයා පෙනේ පුප්පනවා වගේ ඉස්සුනා.කට්ටියට සතාට බය නැතිවුනත් හෙන අප්පිරියාවක් වගේ දැනුනා.ඔහොම  යන කොට කට්ටිය හොඳටම බය වෙඡ්චා දවසකුත් තිබුනා.කට්ටිය ගිහින් කිතුල් පිත්තිත් කපාන එනවා.අපිත් එක්ක ගිය එක අයියා කෙනෙක් දර කාලක් උඩින් පැනලා ගියා.ඊට පස්සේ ගියපු කෙනා අර දර කෑල්ලට පයින් ගැහුව්වා.පයින් ගැහුව්වා ගමන් බොස් ගාලා සද්දයක් විතරයි ආවේ.අර අයියා අපිවත් පෙරලගෙන කන්දේ උඩහට දිව්වා.හෙන පිඹුරෙක් ගොදුරක් ගිලලා ඉදලා තියෙන්නේ.අපි යනකොටත් මූ මෙහෙම ඉන්න ඇති කියලා තේරුනාම තමයි කට්ටිය හොඳටම බය වුනේ.

ඒ දවස්වල අපිට සරුංගල්වේ හදන්න දන්නේ නෑ.ලොකු අයියා කෙනෙකුට කියලා තමයි සැකිල්ල බන්දවා ගන්න ඕනේ.ඒකට හොදම කෙනා තමයි සිරි අයියා.හැබැයි සිරි අයියගෙන්ලි සරුංගලයක්ච්ච හදා ගන්නවයි කියන එක ලේසි නැත.මුළු අවුරුද්දක්ම අවාතෙව කම් කරන්නම වෙනවා.සිරි අයියා සරුංගලේ හදලා පිහියේ තුඩ උඩ තියලා තමයි බැලන්ස් කරන්නේ.ඒ හැකියාවනම් පුදුමය . කිතුල් පිතිය වලින් හදපු සරුංගල් ලොකු අයද ,තල්  ඉරටු වලින් හදපු සරුංගල් පොඩි අය මේ දවස් වල යවනවා.තවත් අය පොල් කොළ ඉරටු වලින් හදපු ඒවත් ගෙනාවා.ඔය කොයි කවුරු ආවත් ලොකු අයගේ සරුංගල් වලට සහයෝගය දෙන්නම ඕනේ.නැත්නම් ඒ අය පොඩි අයගේ සරුංගල් වල නුල පටලවා කඩනවා.ලොකු අය තංගුස් නුලද ,පොඩි අය සන් නුල් තමයි ගත්තේ.ඉතින් තමන්ගේ සරුනගලේ කැඩෙනාවට  අකමැති නම් ලොකු යට සපෝට් කරන්නම වෙනවා .ආයි ජොලිම වැඩේ තමයි සරුංගලයක් කූරිය ගහලා බාන වෙලාවට හරි නූල කඩාගෙන ගියොත් පස්සෙන් දුවන එක.සමහර වෙලාවට උඩ බලාගෙන දිව්වේ කොහොමද කිව්වොත් ආයි ඒ පාරෙන් ආපහු එන්න බැරිය .

ආයි කැලේට යන්නේ කූඩු බඳින්න පට්ට ගන්න.ඕකට ඉතින් දැමිණ හරි වෙලන් පට්ට තමයි ගන්නේ.ඔය වැඩේනම් ලොකු කෙනෙක් තමයි ගොඩක් වෙලාවට කරලා දෙන්නේ.මන් නම් ඔය පට්ට ගන්න ලී කපන්න කැලේට ගිහින් නැති තරම්.මොකද අච්චිලයි ගෙදර ගියපු ගමන් රබර් වත්තට පැන හොරෙන් ඔට්ටපාළු ටිකක් ගලවන් එනවා කූඩු බඳින්න.ඔට්ටපාළු වලින් පට්ට වලට වැඩිය හොදින් කූඩු බදින්න පුළුවන් .ආයි ඉතිං කට්ටියත් එක්ක යනවා උණ ගස් කපන්න.මෙහෙ බට ගස් නැති නිසා උණ ගස් වලින් තමයි කූඩු හැදුවේ.ගොඩක් මොරලත් නැති ගොබත් නොවන සාමානය ගානේ උණ ගස් තමයි කපන්නේ.ගොඩක් වෙලාවට උණ ගහේ මැද විතරයි අරන් එන්නේ.මොකද මුල මෝරලා ,අඟ ලා නිසා.උණ ගස් කපාලා දාන දාඩියට උණ බූව ගෑවුනාම කට්ටිය කසන්නේ ඔක්කොම තරගෙට වගේ.අන්තිමට කට්ටිය කසපු තරම කිව්වොත් ඔක්කොම රතු පාටට තමයි කැලෙන් එලියට එන්නේ.ආපු ගමන් කරන්නේ නා ගන්න එක තමයි.ඒ නානකොට තවත් සුන්ඳරය.උණ කොළවලට කැපිච්චා ඔය වෙන වෙන ඒවාට හිරිච්චා වලට වතුර වැටෙනකොට දැනෙන සනීපෙ ගැන නම් කියන්න වචන නැහැ.

ඊට පස්සේ කට්ටිය වෙන වෙනම තමයි ගෙවල් වල කුඩු හදන්නේ.තමන් හදන කූඩුව ගැන කලින් කාටවත් කියන්නේ නැහැ.කට්ටියට හොරෙන් තමයි කූඩු හදන්නේ.දවල්ට සරුංගල් ඇරලා ඇවිල්ලා රෑට තමයි කූඩු හදන්නේ.අටපට්ටමේ සිට දහඅට පට්ටම දක්වාත් තරුවේ සිට නෙලුම් මල් දක්වාත් හඬනවා.අට්ටපට්ටමට අනිවාර්යෙන්ම පැටව ද පැටවුන්ට පැටව් ද හදනවා. පස්සේ ප්ලේන් ,දළදා මාලිගාව වගේ එව්වත් හැදුවා.පොල් තෙල් පහන් හරි ඉටි පන්දම් හරි තමයි ගොඩක් වෙලාවට පත්තු කරන්නේ.ඒවා පත්තු කරන නිසා බාන්න පුළුවන් වෙන්න තමයි හැදුවේ.මොකද ඒ කාලේ අපිට කරන්ට් එක තුබුණේ නෑ.පස්සේ කාලෙක මම කරන්ට් එක ආපු කාලෙක ටියුබ් ලයිට් එකක ස්ටාටරයක් අරන් ඔටෝ මැටික් වෙන්න හදලා තිබුනා.එකටනම් යාළුවො ගොඩක් පුදුම වුනා.ඇත්තටම ඒක ඔටෝ මැටික් වුනා නෙවෙයි.ලයිට් එලිය ගැස්සුනා විතරයි වගේ.ඔය ඔක්කොම වැඩ පෝය දවස වෙන කොට ඉවර කරලා තියෙනවා.

පෝය දවසේ උදෙන්ම පන්සල් ගිහින් ගෙදර එනවා.ඊට පස්සේ කට්ටියත් එක්ක දන්සල් වන්දනාවේ යෑම තමයි කරන්නේ.පොඩි දවස්වල නම් අහල පහල අයත් එක්ක ලෑන්ඩ් මාස්ටරේ තමයි යන්නේ.ඉස්සරහා පුවක් මලක් අනිවාර්යෙන්ම ගහනවා.ටෙලරේට කොටු බැදලා ටෙන්ට් රෙද්දක් බදිනවා.නැත්නම් කොටු විතරක් බැදලා රෙද්ද නොදා යනවා.වැස්සොත් විතරක් දාන්න.ට්‍රැක්ටරේ කොහොමත් 50 විතර යනවා.ලොකු කදු තිබුනොත් බැහැලා තල්ලු කරන්න ඕනේ.වෙසක් එකට මේ පැත්තේ එච්චර දන්සල් නැත.තියෙන්නේ තේ ,බත් දන්සල් විතරයි.දැන් කාලේ වගේ බිම ,සව් .අයිස්ක්‍රීම් තිබුනෙම නැත.ඉදාලා හිටලා තැනක් තැඹිලි දන්සල් තිබුනා.ට්‍රැකටරේ ගියාම නිදහස අඩු නිසා පස්සේ කාලෙක කාත් එක්ක හරි බයිසිකලේක එල්ලිලා යන්න පටන් ගත්තා.එතකොට ඉතින් මට බයිසිකල් පදින්නත් බැහැනේ.කාගේ හරි බයිසිකලේක තමයි යන්නේ.කදු සේරම තල්ලු කිරීම මගේ වගකීම.මාත් බයිසිකලයක් ගත්තම තමයි හොඳම නිදහස ආවේ.ඒ කාලේ වෙනකොට බිම ,සව් දන්සල් තිබුනා.වෙසක් පෝයේ පලවෙනි දවසේ කොහොමත් දන්සල් 25 -30 අතර ගානකට වගකියලා තමයි එන්නේ.බයිසිකලෙත් කිලෝමීටර් 50 විතර පදිනවා.ගෙදර එන්නේ නිකන් බඩ කොරවෙලා වගේ.මොකද කාපු බිපුවගේ තරම නිසා.කිසි දන්සලක් අතාරින්නේත් නැත.කොඩිය නොදැම්මත් දන්සලට ගිහින් කන පුරුද්දක් අපිට තිබුනේ.

මේ පොයටනම්දැ දන්සල්න් වල ලොකු අඩුවක් තියෙනවා.දැන් ඉන්න පොඩි අය ඔහොම බයිසිකල් වල දන්සල් වන්දනාවේ  යනවා මන් නම් දැකලා නැත.ඒ අතින් අපි කොච්චර නරකද කියලත් දැන් ළමයි හොඳයි කියලත් හිතන්න පුළුවන්.එත් ඒකාලේ මරු .

දැන්  නම් ඉතින් දන්සල් දෙක තුනක් විවෘත කරන්නත් පෝය දවස්වලට තියෙනවා.දන්සල් වලට යනවයි කියලා යන්නෙත් ඒ දෙක තුනට විතරයි.වෙසක් පෝය ගියාම එන පොසොන් පෝයටත් අපි  ගොඩක් බිසී.ඒ කාලේ ......

Sunday, May 7, 2017

චුටි ටීචර් සහ අපේ පංතිය

අලුත් අවුරුද්දේ අලුත් පන්තියට ගියාම හොයන දෙයක් නේ කව්ද උගන්වන්න ඉන්න ගුරුවරු ,පන්ති බාර කව්ද වගේ ඒවා .අපේ වුන් කවුරුත් කුරු කුරු ගගා හිටියේ ජෝතිපාල මහත්තයා පංතිය බාර ගත්තොත් ඉවරයි කියලා .මොකද 10 වසරේ ඉදන් විභාගේ ලියන කන් එකම ගුරුවරයෙක්ට තමයි පංතිය භාර දෙන්නේ  .එහෙම උනානම් අවුරුදු දෙකම ජෝතිපාල මහත්තයත් එක්ක ඉන්නවයි කියන්නේ මැරුවා සමග වාසේ වගේ තමයි ..ජෝතිපාල කියන්නේ සර්ගේ නම් නෙවෙයි ..කොහේ ගියත් කියන්නේ ජෝතිපාලගේ සින්දු විතරයි ..ඒක නිසා කවුරුත් කිව්වේ ජෝතිපාල කියලා තමයි.ඇත්ත නම නම් මතකම නෑ .

ඔන්න ඉතින් ජනවාරි වල ස්කොලේ ගියාම හැමදාම වගේ නිතරගයෙන්ම පන්තියේ මොනිටර් කම ලැබෙනවා .අපේ  .උන් කියන්නෙම කිබුලට කිරි මැටි වගේ තමයි මට මොනිටර් කම කියලා ,මේක නිතරගයෙන් දෙන්නේ 7 වසරේදී උගන්වපු මලානි ටීචර් නිසා තමයි.ඒ කාලේ මන් නොසන්ඩාල කොල්ලෙක් නිසා හදන්නලු මොනිටර් කම් දුන්නේ..පන්තිය උන් වැරද්දක් කරලා අහුවුනත් ඉතින් මට සඳ ගුටි ..අනිත් උන්ට එකනම් මට දෙකයි ..ඔය මොනිටර් කම් නිසා මන් ටිඅක ශේප් එකේ ඉන්න පුරුදු වුනා ..

මොකක් හරි වැඩකට ඔෆිස් එකට ගියාම ප්‍රින්සිපල් මගෙන් ඇහුව්වා කව්ද පන්තිභාර ඕනේ කියලා ..මන් කියන්න හිටියේ ඉතිහාසේ මිස් හරි සිංහල මිස් දෙන්න කියලා .එත් මන් ප්‍රින්සිපල් එක්කගෙන ගියා ස්ටාෆ් රූම් එකට .එතන හිටියා අලුත් පත්වීම් අරගත්තු මිස්ලා හතර දෙනෙක්.ඒ මිස්ලා පෙන්නලා ඇහුව්වා කව්ද පන්තිභාර ඕනේ කියලා ..අම්මට සිරි කිව්වලු ..මන් කොයි එකටත් මිස්ලා දිහා හොඳට බැලුවා .එතන හිටියා වැඩිය උස මහතා නැති .කොටින්ම කියනවනම් අවුරුදු 15 කෙල්ලෙකුගේ සයිස් මිස් කෙනෙක්.හිනා වෙනකොට කම්මුල වල ගැහෙන ..ඒ එක්කම නල දත් තියෙන මිස් කෙනෙක් .මන් කිව්වා ඒ මි හොඳයි කියලා ..ඒ මිස් හොඳයි කිව්වම සමහර සර්ලා මිස්ලා චුටි ටීච දිහා බැලුවේ පහුවෙනිදා රස්සාවට නෑවිදින් ඉදියි කියලා වගේ කියලා මට තේරුනා ..මොකද අපේ පන්තියේ කිසිම මුල් ම පත්වීමක් ලබපු කෙනෙක් වැඩි දවසක් උගන්නපු නැති නිසා ..මොකද අපේ උන් ඉස්සෙල්ලම මිස් රැග් කරන නිසා ..හැබැයි සරත් සර් විතරයි කිසිම ප්‍රශ්නයක් නොවී අපිට ඉගැන්නුවේ..හැබැයි සරත් සර් කිසිම දිනක කොටුවකින් පාරක් තියා අතින්වත් ගසා නැත.එත් අපි පුදුම කීකරු කමක් තියෙන්නේ ..මිස් කැමති උනා අපේ පංතිය භාර ගන්න.මම මිසුත් එක්ක එලියට එද්දී සමහරු මගෙන් ඇහුව්වේ හෙට මිස් එයි නේද කියලා ..මිස් මගේ පස්සෙන් අපේ පන්තියට එන්න අවා .ඒ එන ගමන් මිස් මගෙන් ඇහුව්වේ ඇත්තටම මෙහෙ දුෂ්කරයි ද කියලා .මාත් ඉතින් මට නම් එහෙම නෑ කියලා කිව්වා ..

මිස් මගින් නතර කරලා මන් පන්තියට දුවලා ඇවිත් අපේ උන්ට විස්තරේ කිව්වා.අපේ උන් ඉස්සි බලනවා .සමහරු උන් එක එක යෝජනා දානවා මිස්ව රැග් කරන්න.ඒ එක්කොම ශේප් කරන මිස්ව පන්තියට එක්ක ඇවිත් කතාවක් කරලා අදුන්වලා දුන්නා.මන් මිස්ගේ නම දන්නේ නැති නිසා අදුන්නලා දෙද්දී චූටී ටීචර්ව සාදරයෙන් පිලිගන්නවා  කියලා කියපු නම් තමයි අන්තිමට චුටි ටීචර් උනේ .හැබැයි මිස් කතාව කරද්දී බාධා කරන්නේ නැතිව අහගෙන ඉදලා මිස් ගේ කතාවේදී නම ගම කිව්වා.යශෝධරා මිස්ගේ ගම දෙහිවල.අපේ උන් දෙහිවල කියද්දීම ඇහුව්වේ අඹුල් තියේ ද කියලා .මිස්ටත් එකට හිනා.හැබැයි මන් කියපු එකාට ඔරෝපු නිසා කතාව එතනින් ඉවර වුනා .ටිචර්ටත් පුදුමයි අපේ පන්තියේ සයුතිය ගැන ගෑනු ළමයි 32 පිරිමි ළමයි 9 .එකෙනුත් දෙපැත්තේම ඉස්සරහින් ඉන්නේ ගෑනු ළමයි.අපි හිටපු පැත්තේ මුල්ම පේලි 3 ගෑනු ළමයි.ඉතිරි පෙලි දෙකේ තමයි අපි 9 දෙනා හිටියේ .ඇයි මේ පිරිමි ළමයි පස්සේ කියපු එකට අපේ සිසිරයා කිව්වේ එයාලා කැම්පස් එකට ළඟ නිසා ඉස්සරහින් තිව්වා කියලා.

මිස් කතා කරන කොට "නේද් නේ " කියලා හැම තිස්සෙම කියන්න පුරුදු වුනා.අපේ පන්තියේ කෙල්ලොන්ටත් එච්චරකල් නැතිවම බැරිව හිටිය අපි කොල්ලෝ නම දෙනාට වැඩිය මිස් ව ලොකු උනා.එකට අපේ සමහර උන්ගේ නම් වැඩි කැමැත්තක් තිබුනෙම නෑ .අපේ උනුත් මිස්ව අනුකරණය කරන්න ගත්තා.ඒ වගේ පිළිවෙලට එන්න පුරුදු වුනා.එකෙන් මෙච්චර කල් අර නවදැලි හේනේ පිච්චුනු වදිරියෝ වගේ හිටපු කෙල්ලෝ නිකන් සුරංගනාවියෝ වගේ නැතත් ,ටිකක් ලස්සනට ස්කොලේ අවා.එකෙන් උනේ ඉහල පන්තිවල කොල්ලෝ අපේ පංතිය වටේ කැරකෙන්න පටන් ගත්තා.එකත් චුටි ටීචර් ඈවිල්ලා කරපු හොඳ දෙයක් වුනා.කෙල්ලෝ උක්කොම මිස් වගේ වෙන්න පටන් ගත්තා.මිස් නැවතිලා හිටියෙත් අපේ ගෙවල් ළඟ ගෙදරක.මන් බයිසිකලේ න් තමයි ස්කොලේ ආවේ ගියේ.හැබැයි මිස් බයිසිකලේ යන්න කොච්චර කතා කලත් ආවේ නම් නෑ.හැබැයි බයිසිකලේ ඉල්ලගෙන තනියම පැදලා තියෙනවා.නැත්නම් ස්කොලේ හවස පංති තියෙන දවසට මිස් බයිසිකලේ ඉල්ලා ගන්නවා .මන් ඉති හවසට ගිහින් බයිසිකලේ ගෙන්න යනවා .නැතනම් මිස් ගෙදර එන ගමන් ගෙනත් දෙනවා .

මිස් අපිට ගොඩක් ලං වෙලා.අපේ යාලුවෙක් තරමට ම.මිස්ට ඕෆ් පීරියඩ් වල අපිට උගන්වන්න කවුරුවත් නැත්නම් මිස් ඇවිත් අපිට ඉංග්‍රීසි කියලා දෙනවා.ඒ අවම අපේ කෙල්ලෝ වට කරන ඕප දූප කතා තමයි වැඩිපුර කෙරුනේ.අපේ පන්තියේ උන් ඕපා දුපෙට නියම කට්ටිය.යන්තන් වචනයක් තිබුනම් ඇති දවසෙම කියවයි.චුටි ටිචත් එකටනම් අහුවෙලා හිටියේ.ඒ වෙලාවටනම් එයාටත් ගුරුවරියක් කියලා අමතක වෙනවා වගේ.අනික ටිචරුයි අපි අතරේ එච්චර ලොකු වයස් පරතරයක් නැති නිසා මිස්ටත් ඒක අමතක වෙනවා ඇති.අපේ පන්තියේ හිටපු කොල්ලන්ගේ සිහින කුමාරිත් ඒ වෙනකොට මිස් වගේ වෙන්න ඕනේ කියලා හිතිලා තිබිච්ච උන් හිටියා.ඊට කලින් ට්‍රයි කරපු කෙල්ලෝ නිකන්ම විසි වෙලා ගියා.මොකද මිස් වගේ නෙවෙන නිසා ....

ඔය කිව්වේ පොඩි හැදින්වීමක් විතරයි ..රස කතා බලාපොරොත්තු වන්න