Sunday, April 30, 2017

රතු කමිසය

සාදුකින් පෙලෙන වුන් දැන් ඉති නැගිටියව් .......
ආ ...සහෝදරයා පෙළපාලියට යන්න වගේ ..
නැතිව නැතිව බෑනේ ..එතකොට ඔය සහෝදරයා 
ආ...මන් මේ මිටියයි දෑකැත්ත හොයාගෙන යන ගමන් 
ඒ මොකද .....
අපේ පක්ෂේ දෙකට කැඩීලානේ ... උන් යද්දී කෑලි දෙක අරන් ගිහින් ...මන් ඒක එකතු කරන්න යන ගමන් 

අමරබන්දු පිටව යන ජයසේකර දිහා කිසි හැගීමකින් තොරව බලා සිට දිග හුස්මක් හෙලීය. මාසේ වැටුපෙන් කරන්න තියෙන වැඩ සහ ණය ගැන කල්පනා කරමින් ගෙදරට ආ අමරබන්දු පියවි සිහිය ලැබුවේ මැටිල්ඩා ගේ කට හඩිනි ..

මොකෝ මේ බර ක්ල්පානාවක ..
ධනපතියා භංග වේවා - කම්කරුවා දිනේවා .
දැන් එතකොට ඕක ගැනද කල්පනා කර කර හිටියේ .
මේකනේ මැටි ..හෙට අපේ දවසනේ ..
ඒ කියන්නේ 
හෙට කම්කරු දවස 
එතකොට අනිත් දවස් කාගේද 
ඒ දවස් ඉතිං .....අපේ නෙවෙයි නේ ..
හරි හරි ..දැන් ඔයා හෙට මොනවද කරන්නේ 
ආ ..කිව්වමයි මතක් වුනේ හෙට පෙළපාලියට යන්න එන්න කියලා මන්ත්‍රීතුමා කිව්වා ..
සල්ලි නම් ඉල්ලන්න එපා ...මාසේ වියදමට ගානටම්යි තියෙන්නේ 
ඒ ඔක්කොම මන්ත්‍රී තුමා ගානේ තමයි ..තව කෑම බිමත් දෙනවා ..

මට කතා කර කර ඉන්න වෙලාවක් නෑ වැඩ තියෙනවා 

මැටිල්ඩා පිටව ගිය පසු අමරබන්දු කල්පනා කරේ කොච්චර ot කලත් මාසේ අන්තිමට ගන්න පඩිය ,මාසයක් ජිවත් වෙන්න මදි බවය.අමරබන්දු හෙමින් හෙමින් කුස්සිය පැත්තට ගියේ කෑමට ඇත්තේ මොනවද කියලා බැලීමටය ..හට්ටි ඇර  බැලු විට දැක්කේ අදත් සුපුරුදු කෑම වෙලාම ඇති බවය ..එකෝ ලංකාවේ පරිප්පු තහනම් කල යුතුය ..එතකොට වෙන මොනවා හරි කන්න හැකිය.එත් ..අඩුවට තියෙන දේ නේ මේ කියා අමරබන්දු හිත හදා ගත්තේය ..

මේ මැටි ...හෙට දෙන කෑම එකක් ඔයාටත් අරන් එන්නනම් ..
ඒ කොහොමෙයි 
එක මන් කරන්නම් කෝ 
මොනවද ඔය කෑමට දෙනවයි කියන්නේ 
චිකන් ප්‍රයිඩ් රයිස් ලු 
හැබැයි ජරාව කටේ දෑ ගත්තම ඕවා මතක්වෙයි ද දන්නේ නෑ ..මතකනේ ගිය සැරේ හතර ගාතෙන් අවා ..

තවත් එතන හිටියොත් මැටිල්ඩා ගේ කුරු කුරුව ටික ටික වැඩිවී කන්දොස්කිරියාවක් වෙන්න කලින් සාලෙට ආවේය ..හෙට ඇදන් යන්න ඇදුම් පිළියෙළ කරග්ගන් සිතා අල්මාරිය පැත්තට ගිය අමරබඳුට ..,තමන්ගේ රතු කමිසය එහි නැති බව ය ..

මැටි ..කෝ මගේ අර රතු කමිසේ 
අල්මාරියේ ඇති ..
මේකේ නැහැ.. නේ 
හොයන්නකෝ ..
මේ හොයලා දෙනවා කෝ 
මේ මොන කරදරයක් ද මන්දා 

මැටිල්ඩා වේගයෙන් පැමිණ අමරබන්දු අත කමිසය තැබීය ..

මේකේ පාට රතු නෙවෙයි නේ 
හෙදුවම සායම ගියා 
එක පාරයිනේ ඇන්දේ 

ගිය අවුරුද්දේ මැයි දිනේට යන්න  පොඩි මුදලාලිගෙන්රු පියල් 1000 පොලියට අරන් ගත්ත කමිසේ රෝස පාට වෙලා ..ඔය දාහේ පොලිය ගෙවා ගන්නත් මාස කිහිපයක් ගියා ..මුදලාලිගේ කරු කුරුවත් සෑහෙන්න අහන්න වුනා ..දැන් ඉතින් මොනවා කරන්නද ..කුස්සියට ගොස් වතුර උගුරක් බි පුටුවෙහි ඇලවුණු අමරබන්දු .....එක පාරටම පුටුවෙන් නැගිට 
මැටිල්ඩා ..හෙට මන් පෙළ පාලි යන්නේ නෑ ...



Sunday, April 23, 2017

ගෑනු ෂොපින්

අපේ එකෙක් ඊයේ කියනවා .අවුරුද්දට කරන්න තියෙන වැඩවලින් එපා කරනම වැඩේ ලු ගෑනිත් එක්ක ෂොපින් කරන එකලු..කොටින්ම පොලේ ගියත් මුළු පොලේම ඇවිදින්න ඕනලු.. අවුරුදු කාලෙට පොළ කියන්නේ සෙනග සෑහෙන්න ඉන්නවා නේ..එත් ගණක නැතිලු..අන්තිමට මිනිහට  මල පැනලා බඩු  අරන් එන්න කියලා පැත්තකට වෙලා ඉන්නවලු .. කිව්වම මට පොඩි කතාවක් මතක් වුනා .. කතාවක් කියන්නේ  මන් අත්දැකපු සිද්දි ටිකක් 

 සාපෙ ලියලා ගෙදර ඉන්න තියෙන මාස තුනේ සල්ලි ටිකක් හොයා ගන්න ජොබක් හෙව්වා ..කොහොම හරි අන්තිමට කොළඹ සපත්තු ෂොප් එක්ක ජොබ සෙට් වුනා .එක තට්ටු දෙකක එකක්..එකේ යට තට්ටුවේ ටමයි ගෑනු අයගේ සපත්තු බෑග් තිබුනේ..එකේ එකම ඩිසයින්  එකේම  පාට පාට සපත්තු සෙරෙප්පු ගොඩක් තියෙනවා ..උඩ තියෙන පිරිමි එකේ තියෙන්නේ එක ඩිසයින් එකකින් එක ගානේ විතරයි..උඩට ඉන්නෙත් එක පිරිමි ලමයි..පල්ලෙහා තව අක්කලා තුන් දෙනෙක් හිටියා..මටත් සෙට් වුනේ පහල තියෙන එක..

මුල් දවස්වල තිබුනේ ඉති අර අක්කලාට හෙල්ප් පාරක් දීගෙන ඉන්න එක විතරයි..පස්සේ මටත් බිනස් කරන්න වුනා..ගෑනු කෙනෙක් ආපු ගමන් මැඩම් කිව්වා ගමන් ඒ කෙනාගේ කට උකුණු වලට විතර ඇදිලා යනවා ..මැඩම් මොනවද බැලුවේ..අලුතෙන් ආපු සපත්තු සෙරෙප්පු හෑන්ඩ් බෑග් තියෙනවා කියලා කියනවා ..ගොඩක් අය එන්නේ සෙරෙප්පු බලන්න තමයි..පස්සේ ඒ ගෑනු කෙනා පස්සෙන් යනවා ..ගිහින් එයා තොරණ ඩිසයින් වලට ඇහැ ගහගෙන ඉන්න ඕනේ ..ඊට පස්සේ එයා තොර ගත්ත ඒවත් එක්ක කන්නාඩි ය ලගට ගිහින් අයි කකුලට දාගෙන හැඩ  බලනවනේ ..ගොඩක් වෙලාවට ඔය සෙරෙප්පු සපත්තුවල තියෙන බකල් හරි ගස්සලා කකුලට ෆිට් ද කියලා බලන්න ඕනේ වැඩ කරන කෙනා ..ඒ දවස්වල ජනප්‍රියම විලාසිතාවක් තමයි දිගට ඇදලා උඩට පලපු එක..ඕක තමයි කට්ටිය ආපුවම කෙරෙන සාමාන්‍ය විදිය..

ඕකට එනවා ඔප දුප සංගමයක් ..ඒ ලග ක්ලාස් එකක ළමයි ගෙනත් දාන අම්මලා සෙට් එකක්..එයාලා අවම මුල් කාලේ බිස්නස් එක කරන්න දුන්නේ මට..අර අක්කලා මිසින් වෙනවා .මමත් හරි සතුටින් බාරගන්නවා එක පාර බිස්නස් ගොඩක් කරගෙන කොමිස් එකක් ගන්න පුළුවන් නිසා .අපි කඩේ බිස්නස් එකක් කලොත් කොමිස් එකක් පඩියට එකතු වෙනවා .අපෝ මුළු කඩේම ඇදලා පෙන්වන්න ඕනේ..හැම එකකම මොකක් හරි ඇදයක් කියනවා ..අන්තිමට රුපියල් 100 විතර පොඩි එකක් තමයි අරන් යන්නේ..අන්තිමට අර ඇදපු ටික ආයි  පිළිවෙලට තියන්න ගියාම දවස ඉවරයි..එයාලා හැම සතියෙම එනවා ..හදිස්සියෙන් දවසක විතරයි ටිකක් ලොකු ගානක එකක් ගන්නේ..මන් ගෙදර එනකන් එයාලගෙන් බේරෙන්න බැරි වුනා.

තවත් එනවා ගණන් කියලා ඉවරයක් නැති කට්ටියක්..ඔය රාක්කවල තියෙන්නේ මිල අනුව තමයි ..හැම තිස්සෙම ගණන් දාලා තියෙන්නේ 100 වැඩියෙන් ..අඩු කරන්න බැරි ද කියලා ඇහුවම ගැන අඩු කරලා කියනවා ..අපි ගණන් කියද්දී එයාලට කල්පනාවෙන් කියන්න ඕනේ..අපෙන් ගාන වෙනස් වෙච්ච ගමන් කොක්කට එන අය ..එයාලත් ගොඩක් වෙලාවට බඩු ගන්නේ නැති තරම්..හැබැයි අර වගේ කකුලට දාලා හැඩ බලන්නේ අඩුවෙන් ..කොහොම හරි කකුලට දම්මුවොත් බිස්නස් එකක් කරගන්න පුළුවන් .

තව කට්ටියක් එනවා ඔෆිස් යාලු වෝ ..ඒ කියන්නේ ඔෆිස් එකක  වැඩ කරන කට්ටිය ..එයාල යාළුවො ගොඩක් එක්ක එනවයි කියන්නේ බඩු බලන්න විතරයි..එයාලටත් මුළු ෂොප් එකම පෙන්වන්න ඕනේ..ඒ මුණු මතක තියාගන්නම ඕනේ..මොකද එයාලා බඩු බලද්දී තෝරපු ඩිසයින් ගැන මතකයක් තියෙන්න ඕනේ..එයාලා තනියෙන් එනවයි කියන්නේ අනිවාර්යයෙන්ම බිස්නස් එකක් වෙනවා තමයි..මැඩම් ට මේක ගොඩක් ලස්සනට තියෙයි.කියලා එදා තෝරපු ඩිසයින් එකක් පෙන්නවා .එයා අර මිල වැඩි ඒවා අත ගගා ඉදලා වට පිට බලලා මේ ඩිසයින් එකේම ගාන  අඩු එකක් නැද්ද කියලා අහනවා .ඉතින්  පස්සේ ඒ ඩිසයින් එකේම ලෝකල් එකක් දෙනවා ..ඔය ආපු අය ඉන්නේ එක එක අයට හොරෙන් .සමහර වෙලාවට ආයි බඩු අතගගා ඉන්නවනම් "මැඩම්  එක්ක ආපු අර එක මිස් කෙනෙක් මේ ජාතියේ එකක් අරන් ගියා කියලා මිල වැඩි එකක් පෙන්නුවම්..ගොඩක් වෙලාවට එයත් අර ලෝකල් එකක් අරන් යනවා .

තව කටිටියක් එනවා කලින් අරන් ගියපු එකක් කැඩුනා කියාගෙන එන කට්ටිය..එයාලගේ ට්‍රයි එක හොඳ එකක් ලෝකල් එකෙක ගානට ගන්න එක.හැබැයි එයාලට කඩේම ඇදලා පෙන්වන්න ඕනේ නෑ..එයාලගේ කන්දොස්කිරියාව අහන ඉන්න එක තමයි වැඩේ .

ඊලග කට්ටිය තමයි මැඩම්ට මේක ලස්සනයි කියලා කිව්වම ගන්න අය .එයාලා හරි කැමතියි ලස්සනයි කියනවට .එයාලත් වැඩිය බඩු අදින්න ඕනේ නෑ .දෙක තුනක් බලලා මේක ලස්සනට තියෙනවා කිව්වා ගමන් එක ගන්නවා ..තව කට්ටිය එනවා අර ආපු නිසා මොනවහරි ගන්න ඕනේ කියලා හිතාන එන කට්ටිය..එයාල ගෙන් කරදරයක් ඇත්තෙම නෑ .

ආයි එනවා පුරාජේරුවට කැමති අය ..එයාලත් එන්නේ තව කවුරු හරි එක්කෙනෙක් දෙන්නෙක් එක්ක..ඒ ආපු අනිත් අයට වැඩිය වටිනාකම් වැඩි බඩු තමයි ගන්නේ.එයාලට බිස්නස් කරන්න මාර ලේසියි..සල්ලි සේරම කඩේට දීලා යන්න උනත් බැරි කමක් නෑ ..මොකද ඒ තරම් කැමතියි මුරුංග ඇත්තේ තියලා කතා කරනවට..තමන්ගේ යාලුවන්ට වඩා කැපිපෙනෙන එක තමයි එයාලගේ ගේම් එක..එක නිසා කිසි ප්‍රශ්නයක් නැතිව බිස්නස් එක කරගන්න පුළුවන්.එයාලා එන්නේ පඩි දවස් අල්ලලා ..

බිස්නස් කරන්න අමාරුම කට්ටිය තමයි ඔය ස්කොලේ මිස්ලට..එයාලා රුපියලත් දෙකට පලලා ගණන් හදලා තමයි බඩු ගන්නේ..මන් හිතන්නේ ස්කොලේ උග්ඵන්වන්න ට්‍රේනින් දෙද්දීම ඕවත් ට්‍රේනින් කරනවා වෙන්න ඕනේ..එයාලා තමයි එන ගෑනු අය ගෙන් වෙනස්ම කට්ටිය..

හැබැයි පිරිමි සපත්තු තියෙන පැත්තේ ඔය කිසි කතාවක් නෑ..ගාන කිව්වම ගත්තා..හදිස්සියෙන් කෙනෙක් අඩු කරන්න පුළුවන් ද කියලා අහනවා ..

වෙට්ට  පිත්තල කට්ට කයිරාටික වුනත් බිස්නස් ට්‍රික්ස් වලට ගෑනු හොදට අහු වෙනවා ..




Saturday, April 15, 2017

ජන ක්‍රීඩා සහ අපේ ගේම්

ඔක්කොලටම ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ,බත බුලති සපිරුණු අවුරුද්දක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා ..


 
මේ කියන්නේ මට මතක ඇති කාලේ ඒ කියන්නේ හිච්චි එකා කාලේ අපේ ගමේනම් අවුරුදු උත්සව තිබුනේ නැත..තිබුනේනම් තිබුනේ ටවුන් එකෙය..එකත් ගමේ හිටං හතක්ම 6-7 දුරින් ය...

අවුරුද්දට කලින් ඔකේ ප්‍රචාරය යනවා ..යන්නේ දැන් වගේ ත්‍රිවිල් එක්ක නොව ලෑන්ඩ් මාස්ටර් එක්ක හරි මහා ට්‍රැක්ටර් එක්ක ය ..
ආයුබෝවන් වාසනාවන් ..මේ ඔබ අමතන්නේ  එක්සත් ක්‍රීඩා සමාජය 13 වෙනි වරටත් ඉදිරිපත කරන මහා අවුරුදු උත්සවයේ ප්‍රචාරක රථයයි..අප්‍රේල් 15 දින පොළ භුඋමියේදී පැවැත්වේ...එහිදී බනිස් කෑම ..අලියට ඇස තැබීම ,අන්ධයාට කිරි කවිම ,පොල් අතු විවීම ,කොට්ටා පොර ,ලිස්සන ගහ ........ආදී ජන ක්‍රීඩා රැසක් පැවැත්වේ..එදින රාත්තිරි යාමේදී දිවයෙනේ ජනප්‍රිය කලාකරුවන් සහබාගි වෙන මහා සංගීත ප්‍රසංගයක් ද පැවැත්වේ ..ඔබ සැමට ආරාධනා ..

අපිත් ඔය ට්‍රැක්ටර් පස්සේ දුවන ඒක තමයි කරන්නේ..ඕක බලන්න කොහොම හරි යනවා ..යන්නේ ඉතිං පයින් තමයි..ඕකට අපේ පුන්චිලා ,අච්චිලත් යන වේලාවන් තියෙනවා ..මොකද ආච්චිත් එක්ක යන්න මන් හරි කැමතිය..මොකද ආච්චිත් එක්ක යන කොට මගදිගට හැමබ්වෙන අයත් එක්ක කතා කර කර තමයි යන්නේ..සමහරු ගෙට ගොඩවෙන්න කියලත් කියන්නවා ..මම නිකන් අකමැති මුණක් පෙන්නුවත් ,කැමැත්තෙන්ම යනවා ..මොකද කැවිලිත් කාලා තෙත් බිලා ඉවර වුනාම අර ගනුදෙනු කරන පිරිසිය අල්ලනවනෙ..හොඳට බලලා ලොකුම කාසිය ගන්න තමයි මගේ කැමැත්ත..සමහර වෙලාවට ආච්චි බනිනවා ලොකු ඒවා ගන්නවාය කියලා..නැත්නම් සත 50 පිරිසියෙන් අරන් දෙනවා .ඔකේ තියෙන ලොකුම කාසිය දෙකේ කාසිය තමයි ..ඒ එක්කම හුණු කිල්ලොටෙත් දෙනවා ..මන් නම් බොරුවට කිල්ලොටෙට ඇගිල්ල දාලා නිකන් ඉන්නවා ..කොහොමත් ඔය ගමන යද්දී ගෙවල් 4-5 ගොඩ වෙලා යන නිසා රුපියල් 5 විතර හොයා ගන්න පුළුවන්..සමහර ගෙවල් වැල ඔය පිරිසිය අල්ලන්නේ නැත .ආච්චි  ත් එක්ක අවුරුදු උත්සවේ බලන්න යනවයි කියන්නේ කොහොමත් 12 විතර වෙලා ..ඒ වෙලාවට ඉතුරු වෙලා තියෙන්නේ කොට්ටාපොරයි ,කානා මුට්ටියයි ලිස්සන ගහ විතරයි ..අනිත් සේරම ඉවර වෙලා ...සත 50 ක් දීලා අයිස් කිරීම් දෙකක් කාලා ආයි එන්න ගන්නවා ..

ඔය අවුරුදු කාපු සල්ලිත් අරන් යනවා ලොතරැයි අල්ලන්න .තිබුනේ බෝල කෝර්ඩ් එකේ බෝ ගහ යට .එතනට ගෑනු පිරිම දෙගොලෝම එනවා ..පෝය දොළහටම සිල් ගන්න අයත් එනවා..අවුරුද්දට අය වැය කොහොමද බලන්න..තවත් අය ඉන්නවා එයාලා එන්නේ තමන්ගේ ලග්නේ අය වැඩිනම් විතරයි වැය වැඩිනම් එනේන්ත් නැත,,මම නම් ඕකට ගොඩක් අවුරුදු වල ගිහින් ඇත .

.ඕකට ගන්නේ කොළ 12 අසියා ඉදන් හේරා වෙනකන් කොළ අරන් තමයි සෙල්ලම කරන්නේ..ඒක කොලෙකට කිව්වේ ගොඩක් කියලා ..ඔය දවස්වල සබන් කැටයක් ,රතිඤ්ඤා පෙට්ටියක ගොඩක් රුපියලයි ..ඔකේ තිබුනෙත් කොහොඹ සබන් තමයි ගොඩක් ම .සමන් ටින් රතිඤ්ඤාවගේ ඒවා රුපියල් දෙක වගේ තමයි මතක ..කොළ ටික වටේට තියාගෙන යනවා ..කොළ තියන්නේ නොපිට..අන්තිමට කරන කෙනා අහනවා මේ ගොඩ කාගේද කාගේද කියලා..ඒ වෙලාවට ඒක ඉල්ලන්න පුළුවන්..ඒ දවස්වල මගේ ලක් ඒක කොහොමද කියනවනම් අල්ලන හැම ඔට්ටුවක්ම දිනනවා ..සමහරු මම ලොතරැයි පොලට එනවා දැක්කම එතනින් නැගිටලා යන්න පවා පුරුදු වෙලා තිබුනා..සමහරු කියනන්වා ඔය දරුවා ගොඩවල් ඉල්ලනවානම් අපි ඉල්ලලා වැඩක් නෑනේ කියලත් කියනවා ..කොහොමත් මන් ලොතර්යි වලින් මුළු අවුරුද්දටම සබන් ,සැමන් දිනනවා ..ලොතරැයි පොලට කවදාකවත් පොලිසියෙන් පන්නේද නැත..සමහරු කිව්වේ බෝගහ යට නිසා පොලිසියෙන් පනින්නේ නැති විත්තිය..

ලොතරැයි පොලට පොලිසිය පනින්නේ නැති නිසා ප්‍රජාශාලාව පිටි පස්සේ කැට පොලක් සහ හෙඩ් පොලක් තිබුනා..එතනින් දිනපු සමහරු ගොඩ වැඩිකර ගන්නට එතන එහා පැත්තේ තිබුණු කොස් මන්ඩියේ බුරු පොලට ගියා..සමහරු ගොඩ ගියා තවත් අය නැති වුනා ..ඕකට පොලිසියෙන්ඔ පැනපු වෙලාවට අර ඔක්කොම ලොතරැයි පොළ ළඟය ..අන්තිමට ලොතරැයි පොලේ මුළු ගමේම අය ඉන්නවා ..ඔහොම කට්ටිය වැඩි වුනොත්ය අර සේරවම පන්නලා දානවා ගෙවල් වලට ..පස්සේ කාලෙක ලොතරැයි පොලත් අවුරුදු දවස් දෙකට විතරක් තියන්න කියලා බුරු ගාමිණීට පොලිසියෙන් කිව්වා .ඔය  සුදු පිටි ඔක්කොම කලේ බුරු ගාමිණිය ..බුරු ගාමිණි කියන්නේ මල ගෙවල් වල් හොයාගෙන ගිහින් සුදු ගහන කෙනෙක්..සමහරු කියන්නේ ගාමිණීට මුණු හයක් තියන කතරගම දෙයියෝ බුරු ගහන්න ගියාම අරුඩ වෙනවය කියලා ..කොච්චර මල ගෙවල් වල බුරු ගැහුවත් අවුරුදු දවස් වල බුරු ගැහුවේ නැත..අන්තිමට අඩුම ගොඩ 2,5,10 වුනා ..බුරු ගාමිණීට බුරු පොළකදී පිහියෙන් ඇනලා මැරුණම ලොතරැයි පොළ නැතිව ගියා ..එත් කැට පොලයෝ හෙඩ් එකයි ,බුරු පිටියයි තවම තියෙනවා ..

අවුරුද්දෙන පස්සේ තමයි එක එක්කෙනා දිනපු පැරදුන එකේ ප්‍රතිඵල එන්නේ..සමහර  අයගේ ගෙදර ගෑනිගේ ද දත් අඩුය... තවත් අය වේද ගෙදර ගිහින් තැල්මට බේත් ගන්නවා ...ඔලු පැලීම් ද නැතිවා නොවේ ..ඒ  හොදටම පැරදුණු අය ය ..කොච්චර ලක් ඒක තිබුනත් ලොතරැයි පොලෙන් එහාට එක අඩියක්වත් මම තිව්වේ ද නැත..ඒ ඇයිද කියන්න මම තවම දන්නේ ද නැත ..

Saturday, April 8, 2017

ගිහින් 14 වුනාට තවමත් මුමුණනවා

අප්‍රේල් 03 වෙනිදට කපුගේ මිය ගිහින් අවුරුදු 14 වෙනවා...ඒ 2003 අවුරුද්දේදී ..කපුගේ කියන්නේ මගේ ෆේවරිටම  ගායකයා ..මොකද මගේ බෑන්ඩ් පිස්සු දවස්වල කියන්න ට්‍රයි කරපු සිංදු වැඩිපුරම කපුගේ ගේ තමයි....

කපුගේ ගැන හරි අපුරු විස්තරයක් දවසක් කළා සන්ෆලවර් නිල් ..කපුගේ සන්ෆලවර් එක්ක  කැසට් ඒක කලාම හැමෝම බැන්නලු .එකට උත්තරයක් විදියට කපුගේ කියලා තියෙන්නේ..මට කන්න බොන්න දෙනවද කියලා තමයි..හැබැයි ඒ සල්ලි වලින් වැඩි කොටසක් වියදම් කරලා තියෙන්නේ ජුලි වර්ජකයෝ වෙනුවෙන් කියල තමයි නිල්වලා කැසට් එකේ උපුල් ජයසිංහ කිව්වේ..උග්‍ර සමාජවාදියෙකු විදියට තමයි කපුගේ හදුන්වන්නේ..

දැන් වුනත්ඩ අපේ සෙට් එක මී  විතකට සෙට් වෙඡ්චා ගමන් කපුගේ තමයි..මොකද ඒ සිංදු නොදන්නා කෙනෙකුත් නැති තරම්.. මේ කියන්න යන්නේ මම  කපුගේ ගේ සිංදු වලින් මගේ හිත නවතිඡ්ච්ම සිංදු 10 ගැන

1.දවසක් පැල නැති හේනේ 

මේක තමයි අදටත් මව් ගුණ සිංදු වලින් වැඩිපුරම ඇහෙන සිංදුවක්....ඒ වගේම මම වැඩිපුරම කියපු සින්දුවත් ඕකම තමයි..නිදහසේ අහන්න නියම සින්දුව..

දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ...
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ ...

නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුනදා
බිරිදකගේ සෙනෙහෙ ගියා
යෝධ ඇලේ නැම්මේ...

ඔබෙ සෙනෙහස සුවද දිදී
දැනුනා මට අම්මේ ...//

කොළඹ අහස කලු කරගෙන
මුහුදු හුලග හඩලනකොට
ඔටුන්න බිමදා දුවගෙන
එන්නද එක පිම්මේ...

මං එනතුරු ඉදිකඩ ලග
ඉන්නවාද අම්මේ...// 


Title :  Dawasak Pala Nathi Hene 
Singer : Gunadasa Kapuge
Lyrics : Ran Banda Seneviratne
Music :  Gunadasa Kapuge


2.මන් මුලා වී 

මේකත් මන් අසම සිංදුවක් ..මේකේ තේරුම නම් ඒක ඒක අය ඒක ඒක විදියට විස්තර කරනවා ..සමහරු කියනවා මේක අටලෝ දහම ගැන කියවෙන සිංදුවක් කියලා ..හරි නිස්කලංක මියුසික් එකත් ගැබුරු කටහඩින් ගුණදාස කපුගේ සින්දුව කියද්දී හිත භාවනාවකට ගියා වගේ වෙනවා 

මං මුලාවී පාර හොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලාවූ සමනළියකගෙනි
පාර අසා තිබුනේ //

ඇයත් නොදන්නිය ඇය යන මානය
උන්හිටි තැන් මතකයේ අඩමානය //
පාර කියන්නේ කෙලෙසද මා හට
ඇයටද පාරක් ඇති නැති ගානය

මං මුලාවී..........

අප හමුවූයේ මන්දැයි නොදනිමි
පාර ඇසූයේ ඇයිදැයි නොකියමි //
අපේ ගමන අද නවතනු හැකිනම්
අප යන ගමනද අද මෙතැනින් නිමි

මං මුලාවී.........


Title :  Man Mulawee Para Asagena
Singer : Gunadasa Kapuge
Lyrics : Sunil Ariyaratne
Music : Gunadasa Kapuge


3.උන්මාද සිතුවම් 

එකටම් ගේ කියන චිත්‍රපටියට තමයි මේ සින්දුව ගයනා කරලා තියෙන්නේ..ලංකාවේ හදපු බුට් සිංදු වලින් උඩින්ම තියෙන සින්දුව මේක තමයි..ඉකොලේ යන කාලේ අපේ සෙට් එකේ ගොඩ දෙනෙක් අහිමිවීම් එක්ක වැඩිපුරම කියපු.,පොත් වල ලියපු ,අහුමුලුවල කුරුටු ගාපු සිංදුවක් තමයි මේක..එකයි කියන්නේ හොදම බුට් සින්දුව කියලා 

උන්මාද සිතුවම් මැවේ බිඳේ
මීදුම් වළා මැද අතීතයේ
බිඳුණු පෙමින් ගිණිගත් හදවත්
තනිවේවි එක්ටැම් ගේ

අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
පාළු හුදකලා සුළග පමනි උරුමේ
හඩා වැටෙන සිත සදා සරණ මට
තනිවේවි එක්ටැම් ගේ

උන්මාද සිතුවම්.....

දහසක් මල් මැද එකම මලයි පැතුවේ
එමල කිමද සරදම් කර සැඟව ගියේ
දැනේ තවම මට මලේ සුවඳ පොද
තනිවේවි එක්ටැම් ගේ

උන්මාද සිතුවම්.....

Singer : Gunadasa Kapuge
Lyrics : Sunil Ariyarathne 
Music : Sarath Dasanayake


4.දුක හාදු දෙන රැයේ 

මේකත් ප්‍රේමයේ දුක ..අහිමිවීමේ දුක ගැන කියවෙන එකක්....කට්ටිය සෙට් වුනාම ඉස්සෙල්ලම කියන සිංදුවක් තමයි මේක ...

දුක හාදු දෙන රැයේ 
හිත පතුලටම වෙලා
යෞවනේ අගට විය විරහී 
හද ගිලන් වෙලා..//

ගහ කොළද මල් පිපේ 
ඇල දොල නිල කඩා හැලේ
පෙර දාක මිරිගු සයුරේ 
ඒ රුවට රැවටුනේ...

දුක හාදු දෙන රැයේ....

නන්නාඳුනන ලෙසේ 
මග තොට යලිත් හමු වෙලා
මහ මෙර හිසින් දරාගෙන 
අපි යමු දුරස් වෙලා...

දුක හාදු දෙන රැයේ....

Singer : Gunadasa Kapuge
Lyrics : Wasantha Bandara Dissanayaka
Music : Gunadasa Kapuge



5.නින්නද නැති රැයේ 

කවුරු හරි කියයි කපුගේ කියන්නේ අඩන අය ගැනම සිංදු කියපු කෙනෙක් කියලා..මොකද පැරදුණු ප්‍රේමය ගැන සෑහෙන්න සිංදු තියෙන නිසා..තවත් විශේෂත්වයක් තමයි ගොඩක් ඒවගේ තනුවත් කපුගේ ගේ නිසයි..මගෙත් කුලුදුල් ඒක නැති වුනාම ලැජ්ජාවට ද කොහෙද ටොයිලට් එකට ගිහින් තමයි ඇඩුවේ ...

නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා අඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ

කිළිපොළා සැලී යමින් නොහිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදිවී යා යුතුව තිබේ

නින්ද නැති රැයේ.....

රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ

නැති රැයේ.....

Singer : Gunadasa Kapuge
Lyrics : Rathna Sri Wijesinghe 
Music : Gunadasa Kapuge


6.රුවක් ඇදෙනවා 

කපුගේ එක්ක දිවුල්ගනේ කියන හරි අපුරුතම සින්දුව ක් තමයි මේක..විරහව නැති කරන්න බාර් ගානේ යන කෙනෙක් ගැන කියවෙන සිංදුවක් නේ..මහින්ද දිසානායක තමයි ලියලා තියෙන්නේ සංගීතේ කපුගේ ගේ..මොකද කපුගේ මී විතට බර කෙනෙක් කියල නේ ප්‍රසිද්ද ..

රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇතිරිය දෑස වසනවා
හද පොදි බැදි රුව දියකර පා කර
ඔබේ ලොවට මා..මොහොතින් එනවා...

සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද
කිම තොල මීවිත පොඟවන්නේ...//
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ

රුවක් ඇදෙනවා...//

නැගුනු නුරා ගිනි මිනි පොද වැටිලා
හතර අතින් දළුලා එනවා...//
අවන්හලේ මීවිත තනිකරලා
වරෙන් මලේ පියවර නගලා..

රුවක් ඇදෙනවා...//

Singer : Gunadasa Kapuge ,karunarathana diwulgane 
Lyrics : mahinada disaanayaka 
Music ;gunadaasa kapuge 



7.සබඳ අපි කදු නොවෙමු 

මේකත් මගේ හිතගත්ම සිංදුවක්..මේකට එඡ්චාරටම කැමති වෙන්නේ අයි කියලා කියන්න නම් දන්නේ නෑ..එත් ආයි ආයි අහන්න ආස සිංදුවක් ..

සබඳ අපි කඳු නොවෙමු 
උනුන් පරයා නැගෙන 
සුනිල දිය දහර වෙමු 
එකම ගඟකට වැටෙන

වියරු ගිනිදැල් නොවෙමු 
වනය අවුලා තබන 
මිහිර දෙන වැස්ස වෙමු 
දැවෙන කැලයට වසින

සබඳ අපි කඳු නොවෙමු 

නපුරු හීනය නොවෙමු 
ළමුන් නිදි සුව බිඳින 
සොඳුරු අඬහැරය වෙමු 
දනන් නින්දෙන් මුදන

සබඳ අපි කඳු නොවෙමු 


 8.බිරිඳ මගේ ඔබ

නන්දා මාලනිත් එක්ක කපුගේ කියන මේ සින්දුව ත් මගේ හිත ගත එකක්..යෝජිත විවාහයක් සහ ඔවුන්ගේ ප්‍රේම කතා ගැන කියවෙන සිංදුවක්..සුනිල් අරියර්තනය්න් ලිව්වා හරි අපුරවම සිංදුවක් තමයි මේක ;;

බිරිඳ මගේ ඔබ
නැ මා ඔබ‍ගේ බිරිඳ නොවේ
දෑගිලි හුයකින් බැඳි පමණින් මා ඔබගේ
බිරිඳ ‍නොවේ.. ඔබගේ බිරිඳ නොවේ

ඔබ පෙම් කල අය ඔබට ලැබී නැත
මා පෙම් කල අය මටද ලැබී නැත...//
මාව් පිය නෑ සිය ආසිරි ගී මැද
දෑගිලි පමණක් එකට බැඳී ඇත
දෑගිලි පමණක් එකට බැඳී ඇත

බිරිඳ මගේ ඔබ..//

සිරුරින් එකතැන හදවත් දෙතැනක
දෙදෙනෙකු වෙමු අපි එකම වහලයට..//
ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද..
අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද..

බිරිඳ මගේ ඔබ..//



9.මං හින්දා ඔබෙ

සුනිල් ආරියරත්න ලියලා කපුගේ සංගීතවත් කරපු මේක මලානි බුලත්සිංහල එක්ක කියන මන් හින්දා ඔබේ කියන සින්දුවත් මගේතවත් හිත ගත සිංදුවක් 

මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා..
මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැගෙන්නෙපා..
ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ
කිසිදා එක් නොවෙනා...

අහස් මාලිඟා නැහැ ඔබ නිසා මැවී...
සැක සංකා නැහැ ඔබ ගැන හිතේ රැදී...
හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා...
උරණ නොවන්නෙමි ඔබ අන්සතු වූ දා...

මං හින්දා ඔබෙ...//

අතැඟිලි බන්ධන නොපතමි පෙමින් බැදී..
ඔබ සිරකරලන දොරඟුලු දමනු බැරී..
නෑ කුල සිරිතෙන් සැලෙනා පෙමක් නොවේ..
පෙමට පෙමින් යන පෙම්ලොව මෙයයි අපේ..

මං හින්දා ඔබෙ...//


10.බිතුසිතුවම් රු මෙන් 

මේකනම් මගේ යි තව යාලුවෙකුගෙයි ජිවිත අත්දැකීමක් වගේ ම තමයි..සින්දුව ඇහුවම තේරෙයි මොකක්ද කියලා ..ලක්ෂ්මන් හේවාවිතාරණ එක්ක කියන මේකැ අහලා බලන්න කෝ 

බිතු සිතුවම් රූ මෙන් පැවතී
හිත මිතුරන් විරසක නොවෙතී...//
එක මලකට පෙම් බැන්ද පවින්..
මිතුරු දමින් සමුගමුද ඉතින්...
හෙවනැල්ලෙන් සමු ගමුද ඉතින්...

මල කීවේ නෑ මට ඔබ පෙම්කල වග..
කීවානම් මා පෙම් කරන්නෙ නෑ තව..
මොටදෝ පෙමකට සොහොයුරු දම් බිඳ
අප දෙන්නා සමුගත යුතු නෑ..නෑ..

බිතු සිතුවම්......

මලට කියන්නම් මා පෙම් නොකරන වග
සමාවෙයන්කෝ මට ඕනෑ මිතුදම..
ඇගෙ පෙම ජයගෙන සතුටින් ඉනුමැන
මා නම් හිත රිදවන්නේ නෑ නෑ..

බිතු සිතුවම්....


------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

කපුගේ ගේ සිංදු 10 ක් නෙවෙයි 100 විතර තියෙනවා මම කැමති ඒවා "මලානි බුලත්සින්හලත් එක්ක කියන ලා දම් පාටින් සඳ බැස යනවා ,ඔබට යන්නට ඕනා නම් ,ලෙලි තලන මගේ දෝණියේ ,පසක්කොට් ඇති .පිහිටක් නැති සරණක් නැති ,..ඔය වගේ සිංදු බර ගානක තියෙනවා ..ඔය යන්තම තෝරලා බේරලා ගත්ත ටික තමයි මෙටික..මන්නම් හිතන විදියට කපුගේ කියන්නේ ප්‍රේමයේ විරහව ගැන හරි අපුර්වතම අත්දැකිමක් ලබාදෙන්න පුළුවන් විදියේ ගායකයෙක්..

එතුමා ගිහින් 14 වුන්නට අදත් එතුමාගේ ගීත ඕනෑම රේඩියෝ චැනල් එක්ක යනවා ..හම පයකම ඒක සිංදුවක් යනවා..එකනම පේනවනේ එතුමාගේ ගීත කොඡ්චාර ජනප්‍රියද කියලා ..

කපුගේ ඔබට නිවන්සුව ...!!!!

Monday, April 3, 2017

මම සහ මගේ පිස්සුව


මේක නිකන් මොන්ටිසෝරි කතාවක් වගේ තියෙයිද මන්දා ..කාට කොහොම හිතුනත් ඒ ඉතිං මන් ගැන නේ ..ආයි ඉති මක්කෙටෙයි දුක් වෙන්නේ කියලා හිතලම ලියනවා හිටං .මේ මන් ගැන .මන් ගැන කිව්වට මේ මන් දැකපු හිනා ගැන .

හින කියන්නේ මෙව්වා තවමත් හින .පොඩි කාලේ එක එක අය අහනවනේ පොඩි කාලේ  කවුද වෙන්න කැමති කියලා ..අපේ පන්තියේ  හිටපු ගොඩක් වුන් ඒක ඒක ඒවා කියලා ,ම්ම් විතරයි ඔලුව කහලා තියෙන්නේ..ඒ කියන්නේ මට එදා ඉදන්ම හීනයක් තිබිලා නෑ නේ..

මට ඉස්සෙල්ලම පොඩි හීනයක් තිබුනා රුකඩ නටවන්න ..ඒක වුනේ මෙහෙමයි අපේ පන්සලට රුකඩ නටවන්න අම්බලන්ගොඩ ශ්‍රී අනුර කියන රුකඩ කට්ටිය ආවම ඕක බලන්න මමත් ගියා. ගියා  කියන්නේ හමදාම යනවා .ටිකට් නැතිව බැලීමේ භාගයක් තිබුනා නිසා ආරාධිත අමුත්තන්ටත් කලින් තිබුන පොඩි බැංකුවක ඉදන් තමයි රුකඩ බැලුවේ.කතාවට වැඩිය ඒ අයගේ අත් වැඩ කරන විදිය තමයි බැලුවේ...සතියෙම රුකඩ බැලුවා ..දැන් ඉතිං රුකඩ නටවන ඒක තමයි ..සපත්තු පෙට්ටියකට යතුරු කටු වලින් හදපු අත් කකුල් සෙට් කරලා නුල් දාලා ලියක ගැට ගහලා කට හඩ වෙනස් කර කර කතා කරලා  වැඩේ ගොඩ දාගත්තා ..පස්සේ ඒක ඒක විදියට රුකඩ හදලා නැටෙව්වා ..වැඩේ තවත් දියුණු කරන්න මේසයක් උඩ නැගලා කරන්න ගිහින් මේසෙන් වැටිලා ඔලුව පැලිලා ගියා .ඔලුව පැලුනත් හරි රුකඩ හීනය ඉවර වුනා

ඊට පස්සේ මට ආවේ ක්‍රිකට් හීනෙ..ඉස්කෝලේ 5 වසරේ වගේ වෙද්දී අත කරකවලා වේගෙන් බෝල් කිරන්න මට පුළුවන්..හැබැයි ඒ වෙනකොටත් මට වැඩිය අවුරුදු දෙකක් විතර වැඩිමල් අයත් සි බෝල් තමයි දැම්මේ..ඒක නිසා ලොකු අයියලා උනත් මන් සෙල්ලම් කරන්න එනවට කැමතියි..එක නිසා අපේ සෙට් එකේ හිටිය වැඩර් කෙනෙක් උනෙත් මම තමයි ..අපේ උන්ගේ විරයත් මම ..ඔය ක්‍රිකට් හීනෙ කොච්චරද කියනවනම් මට එක එක බොලස්ලා බෝල් කරන විදියටත් බෝල් කරන්න පුළුවන් වුනා ..රවින්ද්‍ර පුෂ්පකුමාරගේ ,වකා යුස්නිස් වගේ බෝල් කරන්න ..දන්නවනේ දැන් ඔය මාලිංග බෝල් කරන වගේ තමයි .හැබැයි එච්චර අත හරහට යන්නේ නැතිව ..ඊට චමින්ද වාස් වගේ ..ඊට පස්සේ ජවනගල් ශ්‍රීනාත් ..ඔය වගේ හැට හුට හමාරක් ඇක්ෂන්  වලින් බෝල් කරා ..සමහර වෙලාවට විකට් ගියාම දුන්නෙත් නෑ කලින් විදියට නෙවෙයි බෝල් කරේ කියලා ..සමහර් වෙලාවට මට මතක නෑ කලින් කොහොමද බෝල් කරේ කියලා ..හොදම දේ කියන්නේ අදටත් මට බෝල් කරන්න ඔය එක ඇක්ෂන් එකක් නෑ ..ක්‍රිස් ඒක ලඟදි හිතුන විදියට දැම්මා ..ටෙනිස්  නේ ගැහුවේ ..ආසාවට ලෙදර් බෝලයක් තිබුනේ නැති නිසා ඒ හීනෙත් සොරි උනා ..

ඊට පස්සේ අපේ ගමේ පාර කපන්න බැකෝ ,ඩෝසර් ,ගෙඩර් අවම ඔන්න අලුත් හීනයක් ආවා ඩෝසර් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න ..කොහොම හරි පස්සෙන් ගිහින් ගෙදරේ ඩ්‍රයිවර් හිටපු අයියව සෙට් කරගත්තා ..අයි ඉතිං ඉස්කෝලේ ගිහින් ආපු ගමන් දුවනවා..කන්නෙත් නැතිව ..ඊට පස්සේ ගෙඩර් එකෙන් තල්ලු කරන පස් වල තියෙන ගල් එහෙම අයින් කරලා අයියට සපෝට් කලාම ඔන්න රවුමක් එක්ක යනවා ..ඒ යන්නෙත් හෙන ස්පීඩ්..පාර හදලා ඉවර වෙනකම්ම ගෙඩර් ඒක පස්සේ ගියපු නිසා පන්තියේ දෙවනියා වුන මම 3 වෙනියට පල්ලම් බහින්නත් වුනා ...ඒ ගල් අස්සකර්ද්දී අත කොච්චර කැපිලා අත් ද ..හැබැයි ඒ හීනේ පාර හදලා ඉවර වෙනකොටම ඉවර වුනා ...

ඊට පස්සේ තව හොඳ පිස්සුවක් හැදුනා ..ඒ බෑන්ඩ් පිස්සුව ..එක්ස්ට්‍රේ කොළ ,බයිසිකල් කොෆ්ෆ්‍රිල් ,අලුමියම් පිගන් ,කෑන් එක්ක තියෙන ඩ්‍රම් ,මෙගා බෝතල් ,එක්ස්ට්‍රේ කොළ වලින් හදපු ඕකට පෑඩ් ,ඉදල් ගිටාර් වගේ ඒවා එක්ක තමයි බෑන්ඩ් පිස්සුව තිබුනේ..ඒක ඒක අයගේ කටහඩින් සිංදු කියන්න ට්‍රයි කරන කාලේ ..මන් නම් ඉතිං ඔය කපුගේ ගේ විජයගේ සිංදු තමයි ගැබුරු කටහඩින් ට්‍රයි කලේ ..හැබැයි මට සිංදු කියන්න පුළුවන් වුනාට අනිත් යට අහන ඉන්න බැරි නිසා කියන ඒක නතර කරලා ..ඩ්‍රම්ස් ,ඔක්ට පෑඩ් ගහන්න පටන් ගත්තා...ගෙදරින් බර බරේ කනක් ඇහිලා ඉන්න නෑ කියලා ..එත් ඒක ඇතාරියේ නෑ ..හැබැයි යාලුවොන්ට ඒක ඒක බෑන්ඩ් වලින් කතා කරා..මට කවුරුවත් කතා කරන්නේ නැත්තේ මන් හරි නැති නිසා වෙන්න ඇති කියලා ..ඒ පිස්සුව කෙලින්ම වහලා දැම්මා ..

ඊට පස්සේ වයිකින් උන ..ඒ කියන්නේ බස් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න තියෙන ආසාව.ස්කොලේ යනකොට ඔය සෙට් වෙච්ච ඩ්‍රයිවර් ලා දෙතුන් දෙනෙක් නිසා බොනට් ඒක උඩ දොරේ යන්න පහසුකම තිබුනා ..අදටත් අසයි වයිකින් එකක් 100 විතර අරන් යන්න..හැබැයි අරන් ගිහින් තියෙනවා ඒ 100 විතර නෙවෙයි 40 වගේ ..

ඔය ස්කොලේ යන කාලේ ඒවානේ .ඊට පස්සේ අපොයි පොත් වලට ගිය සල්ලි උ/පෙ ලියලා ගාමන්ට් ගියා ..රිසාල්ට් එනකන්..දැම්මා ට්‍රේනින් ලයින් එකට ..මන් විතරයි කොල්ලෙකුට ඉන්නේ..අනිත් ඔක්කොම මල් මල් අක්කලා ,නංගිලා .ට්‍රේනින් කරන්න හිටියේ රානි අක්කා .නුල දාන්න ..කොළ වල මහන්න .ඊට පස්සේ තමයි තමයි රෙදි කෑලි ..දෙවැනි දවසේ දැම්ම නේද ලයින් එකට ..දැම්මෙත් ඔර්ලොක් එකට..අතන ඇල්ලුවේ nomal  මැෂින් .මේක ඔලොක් ..දැන් ඉතිං කවද කාපු ටකරන් ද මේවා කියලා හිත හිත ඉන්න කොට සංජිව කියන ලයින් හෙඩ් අවා ..මන් හිතුවේ ඇගේ තරමට හෙන තද පොරක් කියලා ..අනේ එහෙම නෑ ..හරි හොඳ මනුස්සයා ..මට මහන විදිය කියලා දුන්නා..ඒ එක්කම එතනට ටෙක්නිශියන් කෙනෙකුත් දුන්න මැෂින් ඒක බලන්න ..ඔන්න එදා හවස් වෙනකොට පයකට කෑලි 30 විතර මහන්න පුළුවන් උනා ..ඒ ලයින් එකේ දෙවනි දවස හවස් වෙනකොට එකේ ටර්ගට් ඒක වෙච්ච කෑලි 80 මහන්න පුළුවන් උනා ..ඒක අහපු ප්‍රඩක්ෂන් මනේජරුත් ඇවිත් බලලා ගියා ..නිකන්ම නෙවෙයි මගේ ඔලුත් අත ගලා ..ඊට එහා පැත්තේ හිටියේ ඒක කලින් මහපු අක්කා .ඒ අක්කා ඇවිත් කිව්වා මල්ලි ටර්ගට් ඒක විතරක් දෙන්න .වැඩිය මහන්න එපා කියලා ..පස්සේ පසේ මට 120 මහන්න පුළුවන් උනා ..එත් දෙන්නේ 80-85 වගේ ගණන් තමයි...කලින් හිටපු කෙනා අතින් ඩැමේජ් එනවා කියලා තමයි මන් එතනට දාලා තියෙන්නේ...සංජිව සර් පොරොන්දු වුනා මට ෆීල්ඩ් ඒක උගන්නවයි කියලා ..මොකද එයත් බින්දුවෙන් පටන් ගත්ත කෙනෙක් නිසා..ලයින් සුපවයිසර් කෙනෙක් වෙන ඒක තමයි මගේ ඉ ළඟ හීනෙ වෙලා තිබුනේ  .මන් මන් මහන ගානට අඩුවෙන් තමයි රෙකෝඩර් අක්කට දුන්නේ..

අන්තිමට එකටත් කෙස් එකක් අවා ..කවුරු හරි කියලා මන් ගොඩක් මහනවයි කියලා .අඩුවෙන් රෙකෝඩ් එකට දන්වය කියලා..මොකද මන් මහපු කෑල්ල හෙල්පර් කෙනෙක් කපලා තමයි ඊලග කෙනාට දෙන්න ඕනේ ..එත් මන් මහන වේගෙට හෙල්පර්ට කපන්නත් බෑ ..මගේ ඉස්ස්ස්රහා බින් එකේ හෙන තොගයක් තියෙනවා කියලා ..දැන් රෙකෝඩර් අක්කයි ,සංජිව සරුයි ,ඉන්නවා ප්‍රඩක්ෂන් මැනේජර් ලග ..මේ යකා ඇහුවේ කවුද පුතාට අඩුවෙන් කියන්න කියලා කිව්වේ ..මන් කන්නේ ටිකිරි මාරි නිසා කිව්වා ,සමහර වේලාවට් මැෂින් ඒක කැඩුනොත්, ඩැමේජ් අවොත් ඒවාට කවර කරන්න අඩුවෙන් කිව්වයි කියලා .ආයි අහපි එහෙම කියන්නේ කියාලේ...දන්නවනේ ගාමන්ට් වල බැනුම් අහන්න වෙනවයි කියන්නේ හොඳි ඕනෙම නෑ ..ගත්  කටටම කිව්වා බැනුම් අහන්න බැරි නිසා කියලා ..අන්තිමට රෙකෝඩර් අක්කට බැන්නා .මොකද මහන එව්වා කටින් එකෙන් ගේන්නේ එයා නිසා ..එයා දැන ගන්න ඕනය කියලා කොච්චර කෑලි මහේනවද කියලා .එන ගමන් අක්කට සොරි කිව්වා ..අක්කට සොරි කියලා පහු වෙනිදා ඉදන් වැඩට ගියේ නෑ ..අන්තිමට ප්‍රඩක්ෂන් මැනේජර් මන් හොයාගෙන ගෙදරත් අවා වැඩට එක්ක යන්න..එත් මන් කිව්වා මන් නිසා කෙනෙක් නිකන් බැනුම් අහපු නිසා ආයි වැඩ කරන්න හිත  නෑ කියලා ..රෙකෝඩර් අක්කත් අවා වැඩට එන්න කියන්න එත්මන් ගියේ නෑ..දවස් 10 මගේ ගාමන්ට් ගැන තිබුන හීනෙත් ඉවර වුනා

ඊට පස්සේ තව රස්සාවල්  කරාට ඒ එකක්වත් හීනයක් වුනේ නෑ ..තවමත් ඒක ඒක මොන්ටිසෝරි හින හිතෙනවා ..සමහරු කියනවනේ හින  තියෙන්න ඕනේ කියලා ජිවත් වෙන්න ..එකත් අත්හ තමයි..ජීවිතෙත් ඒක පිස්සුවක් තමයි හිටං