
පවුලේ සියලු දෙනා ම බෝට්‌ටුවෙන් විනෝද සවාරියක් යා යුතු ය යන යෝජනාව ගෙන ආවේ
අම්ම්d වුව ද එය තාත්තා ගේ අදහසක් ක්‍රියාවට නැඟීමක් වන බව ටිමොති දැන සිටියේ
ය. යෝජනාව ඉදිරිපත් වූ වහා ම ළමයින් අතරින් මහත් ඝෝෂාවක් පැනනැඟි අතර සියල්ලෝ
ම ගමනට සූදානම් වූ හ. තාත්තා අඟහරු අහස දෙස නෙත් යොමාගෙන සිටියේ ය. ළමුයි
තිදෙනා මෝටර් බෝට්‌ටුව තුළට පැනගත් හ.
"හුරා·" බෝට්‌ටුව ඈත දියඹට ඇදී යද්දී සියල්ලෝ ම එකවර ප්‍රීති ඝෝෂා කළ හ.
ටිමොති බෝට්‌ටුවේ පිටුපස තාත්තා ළඟින් වාඩි වී සිටියේ ය. පෘථිවියේ සිට ඔවුන්
පැමිණි පෞද්ගලික රොකට්‌ටුව ගොඩබැස්‌වූ ස්‌ථානය ඔහුට පෙනිණි. පෘථිවියෙන් නික්‌ම
ඒමට පෙර දින රාත්‍රිය ඔහුට සිහිපත් විය. තාත්තා කොතැනකින් හෝ කවර අන්දමකින් හෝ
රොකට්‌ටුවක් සොයාගෙන තිබිණි. නිවාඩුව ගත කිරීම සඳහා අඟහරු ලොව යන බව කියෑවිණි.
ඔවුන් අඟහරු ලොවට පැමිණියේ ඒ අන්දමට ය.
බෝට්‌ටුව ඈතට ඇදී යද්දී තාත්තා ගේ මුහුණේ සටහන් වී තිබූ අමුතු පෙනුම ටිමොතිට
ගැටලුවක් විය.
"අපි කොයි තරම් ඈතට යනව ද තාත්තේ?" රොබට් විමසී ය.
"අවුරුදු දස ලක්‌ෂයක් ඈතට."
තාත්තා කියද්දී රොබට් ගේ මුහුණෙන් පිළිබිඹු වූයේ විස්‌මයකි.
"අර බලන්න, මිය ගිය නගරයක්." අම්මා අත දිගු කර පෙන්වූවා ය.
ඔවුන් ගේ බලාපොරොත්තු සහගත බැල්ම ඒ දෙසට යොමු විය. අගහරු අහසේ වූ හිරු ගේ
රශ්මියෙන් ගිනියම් වී තිබූ රෝස පැහැති ගල් තලාවක්, ගරා වැටුණු කුලුනු
කිහිපයක්, හුදෙකලා වූ කොතක් හා මායිම් ක්‌ෂිතිජයේ සීමාවෙන් ඔබ්බට දිව ගිය
වැලි කතරක් බැල්මට හසු විය.
ටිමොති, තෙරක් නො පෙනෙන නිල් අහස දෙස බලා සිටියේ ය. පෘථිවිය, යුද්ධය, විනාශ වී
ගිය නගර, එකිනෙකා කුලල් කාගන්නා මිනිසුන් ඔහුට සිහිපත් විය. එහෙත් ඔහුට ඒ
කිසිවක් නො පෙනෙණි.
"කොහොම ද ටිම් ගමන?"
විලියම් තෝමස් තම නළල පිස දමමින් පුතු ටිමොති දෙස බැලී ය.
"හොඳයි, තාත්තේ. තාත්තා මොකද ඔය තරම් අහස දිහා බලන්නේ?"
"මම හොයන්නේ යුක්‌තිය, හරි දැක්‌ම, හොඳ ආණ්‌ඩුවක්, සාමය, වගකීම වගේ දේවල්."
"අහසේ?"
"නැහැ, පුතා. දැන් ඒවා එහෙ නැහැ. සමහර විට නැවත ඇති වන ඒකකුත් නැහැ." එක්‌වර ම
ළමයින් ගෙන් මහත් ඝෝෂාවක් ඇති විය. බෝට්‌ටුව අසලට පැමිණ සිටි රිදී පැහැති
මාළුවකු, ආහාර කැබැලි ගැනීමට පොරබදන අයුරු බැලීමට ළමයින් එක් රොක් වීම නිසා
බෝට්‌ටුව තදින් පැද්දිණි.
"හරියට ම යුද්ධය වගේ. යුද්ධය පිහිනාගෙන එනවා, ආහාර දකිනවා, ගිවිසුම් ඇති
කරගන්නවා, ඊට මොහොතකට පස්‌සේ පෘථිවිය විනාශයි."
"විලියම්·" අම්මා ගේ ස්‌වරයේ වූයේ අනතුරු ඇඟවීමකි.
"කණගාටුයි" තාත්තා සෙමෙන් කීවේ ය.
ò ò ò
ඔවුහු නිසලව ඉදගෙන ගලා බසින සිසිල් වූ ජල කද ස්‌පර්ශ කළ හ. ඇසුණේ, ගලාබසින ජලයේ
හඩත්, බෝට්‌ටුවේ මෝටරයේ හඩත් පමණි.
"කොයි වෙලාවට ද තාත්තේ, අපි අඟහරු ලෝකේ මිනිස්‌සු දකින්නේ?" මයිකල් ඇසුවේ ය.
"ඉක්‌මනට සමහර විට අද රෑට ම" තාත්තා කීවේ ය.
"ඒ ගොල්ලෝ දැන් වඳ වෙලා." අම්මා කීවා ය.
"නැහැ. මම කොහොම හරි පෙන්නන්නම් කෝ." තාත්තා ස්‌ථිර කොට කීවේ ය.
ටිමොති කිසිවක් කීවේ නැත.
"ඒ ගොල්ලෝ කොයි වගේ ද?" මයිකල්ට දැනගැනීමට උවමනා විය.
"ඒ අයව දැක්‌කම දැනගන්න පුළුවන් වෙයි." තාත්තා කීවේ මඳ සිනාවකින් යුතු ව ය.
අම්මා ගේ මුහුණේ වූ කල්පනාකාරී ස්‌වභාවය ටිමොතිට තවමත් ගැටලුවක් විය.
ඔවුහු සැතපුම් දස ලක්‌ෂ ගණනක් ගෙවා පැමිණියේ හුදෙක් මේ විනෝද චාරිකාවේ
යෙදෙන්නට ද? රොකට්‌ටුව තුළ තුවක්‌කුවක් තිබුණේ ඇයි? ඔවුන්ට වසර ගණනාවකට
ප්‍රමාණවත් වන තරම් ආහාර තොගයක් ඔවුන් ගේ රොකට්‌ටුව ආසන්නයේ සඟවා තබා තිබුණේ
ඇයි? විනෝද සවාරියකට වඩා වෙනස් හා බිය ගෙන දෙන දෙයක් ඒ පිටුපස ඇත. එහෙත් එම
කඩතුරාව ඉවත් කිරීමට ටිමොතිට හැකියාවක් නො වී ය. වයස 8 හා 10 වන අනෙක් දරුවන්
දෙදෙනාට ඒ ගැන තේරුමක් නැත.
"අඟහරු ලෝකේ මිනිස්‌සු තවමත් නැහැ නේ." රොබට්, තම නිකට දැත් මත තබා ජල කද දෙස
බලමින් කණගාටුවෙන් කීවේ ය.
තාත්තා පරමාණුක රේඩියෝවක් අතේ බැඳගෙන විත් තිබිණි. එය ක්‍රියා කළේ යල් පැනගිය
සිද්ධාන්තයකට අනුව ය. ඔබේ කන අසලට ළං කළ විට, එය කම්පනය වී ශබ්දය නිකුත් වේ.
තාත්තා දැන් එයට සවන් දේ. ඔහු ගේ මුහුණ ගරා වැටුණු අඟහරු නගරයක් මෙන් අජීවී
විය.
ඉන්පසු එය අම්මාට සවන් දීමට දුන්නේ ය. ඇගේ මුව ඉබේ ම විවර විය.
"මොකක් ද?" ටිමොති අසන්නට සැරසුණු ප්‍රශ්නය, ඔහු ගේ මුවින් පිට වූයේ නැත.
තාත්තා එක්‌වර ම බෝට්‌ටුවේ වේගය වැඩි කළේය. බෝට්‌ටුව තදින් පැද්දෙන්නට විය.
රොබට් බිය වී කෑගසන්නට වූ මුත් මයිකල් අම්මා ගේ කකුලේ එල්ලී, තම නාසය අසලින්
ගලා ගිය ජල දහර දෙස බලා සිටියේ ප්‍රීතියෙනි. තාත්තා, බෝට්‌ටුවේ වේගය අඩු කොට එය
අතුරු ජල මාර්ගයකට යොමු කළේ ය. ජල කඳ කැළඹී, දිය රැළි නැඟුණු අතර, ඒවා ගල්පර මත
හැපී විසිරී ගියේ ය. බෝට්‌ටුව නතර විය.
සියල්ලෝ ම සවන් යොමාගෙන සිටිය හ.
තාත්තා තදින් හුස්‌ම ගන්නා හඩ ඔවුනට ඇසිණි.
තාත්තා ඉන් පසු සුසුමක් පිට කොට සැහැල්ලුවෙන් තමාට ම සිනාසුණේ ය.
"අපේ රොකට් එක ගැන කල්පනා කළේ....."
"ඇයි මොකද වුණේ, තාත්තේ? මොකද වුණේ?"
මයිකල් ඇසී ය.
"අපි අපේ රොකට් එක පුපුරුවා හැරියා. තාත්තා වෙනුවට පිළිතුරු දුන්නේ ටිමොති ය."
"ඇයි අපි අපේ රොකට් එක පිපිරෙව්වේ?, ඇයි තාත්තේ?" මයිකල් ඇසී ය.
"තාත්තා එහෙම කළේ අපි කොහාට ද ගොඩ බැස්‌සේ, කොහාට ද ගියේ කියලා හොයාගන්න බැරි
වෙන්න. සමහර විට ඒ අය සොයලා බලන්න පුළුවනි."
"මම ටිකක් බයෙන් හිටියේ. තවත් රොකට් තියේ වි කියලා හිතන එක මෝඩකමක්. සමහර
විට එඩ්වඩ් එයා ගේ නෝනත් එක්‌ක ඒගොල්ලන්ගේ පෞද්ගලික රොකට් එකෙන් එන්න ඉඩ
තියෙනවා." තාත්තා කීවේ ය.
ඔහු නැවත වරක් තම කුඩා රේඩියෝව කනට ළං කළේ ය. මිනිත්තු දෙකකට පසුව ඔහු තම අත
පහත හෙළී ය.
"ඒක ඉවරයි." ඔහු අම්මාට කීවේ ය.
"අන්තිම පරමාණුක තරංගයත් නැති වී ගියා. හැම ගුවන් විදුලි විකාශනයක් ම අවසානයි.
අහස සම්පූර්ණයෙන් ම නිශ්චලයි. එය සමහර විටම එලෙසින් ම පවතී වි."
"කොයි තරම් කාලයක් ද තාත්තේ?" රොබට් ඇසී ය.
"සමහර විට ඔයගොල්ලන් ගේ මුණුබුරන්ට ඒක ආයෙත් අසන්නට පුළුවන් වේ වි." ඔහු
බෝට්‌ටුව නැවතත් ඇල මාර්ගයට යොමු කොට, ඔවුන් මුලින් යමින් සිටි දිශාවට නැවතත්
ගමන් කරවී ය.
හිරු බැස යමින් පැවැති අතර, තවත් මිය ගිය නගර කීපයක් ඔවුන් අබියස විය.
තාත්තා ඉතා සෙමින්, මෘදු ව තම පුතුන් සමඟ කතා කළේ ය. අද ඔහු ඔවුන් සමඟ අමුතු
සුහදබවක් ඇති කරගෙන ඇති සෙයකි.
"මයික්, නගරයක් තෝරන්න"
"මොකද්ද තාත්තේ?"
"නගරයක් තෝරන්න පුතා. අපි දැන් පහු කරගෙන යන ඕනෑ ම නගරයක්"
"හොඳයි" මයිකල් පැවසී ය.
"කොහොම ද තෝරන්නේ?"
"ඔයා වැඩියෙන් ම කැමැති නගරය තෝරන්න."
රොබට්, ටිම් ඔයගොල්ලත් තෝරන්න.
"මට ඕනේ අඟහරු ලෝකේ මිනිස්‌සු ඉන්න නගරයක්." මයිකල් කීවේ ය.
"ඔයාට ඒක ලැබෙයි. ඒ ගැන මම පොරොන්දු වෙනවා." තාත්තා එසේ කියද්දී ඔහු ගේ දැස්
අම්මා වෙත යොමු වී තිබිණි. මිනිත්තු 20ක් ඇතුළත ඔවුහු නගර 6ක් පසු කොට ගමන්
කළ හ. මුල් ම නගරයට මයිකල් කැමැති විය. දෙවැන්නට කිසිවකු කැමැති වූයේ නැත.
දැවයෙන් නිමවා තිබූ එය පෘථිවිවාසියකු ගේ වාසභූමියක් වූ අතර, ගරා වැටෙමින්
පැවතිණි. හතර වැනි හා පස් වැනි ඒවා බොහෝ කුඩා විය. හය වැන්න අම්මා ද ඇතුළු
සියල්ලන් ගේ ම ප්‍රසාදයට ලක් විය.
විශාල ආකෘති 50ක් 60ක් පමණ එහි තවමත් ඉතිරි වී පැවතිණි. මං මාවත්
දුහුවිල්ලෙන් ගහන විය. ජලය ගබා බසින උල්පත් කිහිපයක් ද දකින්නට හැකි විය.
"අපි කැමැති මේ නගරයට." සියල්ලෝ ම එකඟත්වය පළ කළ හ.
තාත්තා බෝට්‌ටුවේ මෝටරය ක්‍රියා විරහිත කොට ඉන් පිටතට පැනගත්තේ ය.
(මතු සම්බන්ධයි)
අනුවාදය
අමල් වික්‍රමසූරිය
මීට අවුරුදු විස්‌සකට කලින්, මම මේ ප්‍රදේශයෙන් සොයාගත් ආවේණික මකුළු විශේෂයෙන් ලබාගත් ප්‍රොaටීනයකින් ඒඩ්ස් රෝගයට සාර්ථක ප්‍රතිජීවකයක් සොයාගත්තා. ඒ ප්‍රතිජීවකය සායනික මට්‌ටමින් අති සාර්ථක ප්‍රතිඵල පෙන්වූ නිසා, ලොව පුරා ඖෂධ සමාගම් එම ප්‍රතිජීවකය වානිජ මට්‌ටමින් නිෂ්පාදනය කරන්න ඉදිරිපත් වුණා. මෙන්න මේ කාලයේ මම, අවසාන වාතාවට වනය මැද වූ මගේ පරීක්‌ෂණාගාරය බලන්න ආවා. මම ඒ කටයුත්ත කරන අතරතුර දී, පිග්මි මනුෂ්‍යයෙක් හදිසියේ ම එතැනින් දිව ගියා. මම මෝඩයෙක් වගේ ඔහු ලුහුබැඳ ගිහින්, දන්නෙ ම නැතුව වනය මැදට ආවා. ඒත් මට ඔහුව සොයාගන්න බැරි වුණා. ඒ නිසා මම ආපහු හැරිලා යන්න හැදුවා. ඒත් අවාසනාවකට, පොළොවේ තිබුණු බොරු වළකින් මම අර උමඟක් ඇතුළට ඇදීගෙන ගියා. අපි දෙන්නා අද වැටුණු විදිහට ම මම එදා ඇතුළට වැටුණා.අපිට ඒ හමු වුණේ පිග්මි ගෝත්‍රිකයන් වගයක්. හඳුන්වන්නේ කුහුඹු පිග්මි ගෝත්‍රිකයන් කියලයි. උන් මීනී කන ජීවීන්. සාමාන්‍ය මනුෂ්‍යයන් දඩයම් කරගෙන කනවා. උන් ජීවත් වන්නේ කුහුඹුවන් අනුකරණය කරමින්, පොළොව ඇතුළේ සංකීර්ණ ගුහා හාරගෙන."උමඟ තුළ සිටින විට, තමන් යෝධ කුහුඹු ගුලක සිටින්නාක් මෙන් හැඟීමක් ඇති වූ බව ජොෂුවාට සිහිපත් විය. "ඒ ගුහා ඇතුළේ වාතය සංසරණය වන්නේ සාමාන්‍ය කුහුඹු ගුහා තුළ වාතය සංසරණය වන විදියට මයි. උන් අදහන්නේ කුහුඹු වෙස් ගත්ත දෙවියෙක්."ජොෂුවාට යෝධ කුහුඹු ප්‍රතිමාව මතක් විය. "ඒ වගේ ම, සාමාන්‍ය කුහුඹු ජනපදවල වගේ, මේ කුහුඹු පිග්මි ගෝත්‍රිකයන්ටත් එක් රැජිනක් හිටියා. අනෙක් සියලු දෙනා වැඩකාරයෝ. ඔයා අර සිහසුනේ දුටුවේ ඇයයි. වෙනසකට තිබුණේ, කුහුඹුවන් අතරේ ප්‍රජනනය කරන්නේ රැජින විතරයි නේ. නමුත් කුහුඹු පිග්මි ගෝත්‍රයේ රැජින ප්‍රජනනයට සහභාගි වුණේ නැහැ. වැඩකාර ගැහැනුන් සහ පුරුෂයන් විතරක්, නිසි වයසට පැමිණියා ම ඊට දායක වුණා.""උන් මිනී කන ගෝත්‍රිකයන් නම්, ඇයි එදා ඔයාව මරාගෙන කෑවේ නැත්තේ?" ජොෂුවා විමසී ය. "ඔයාට මතක ද අපි අර බොරු වළවල් තිබුණු ප්‍රදේශයෙන් උමං දෙකකට ඇතුළු වුණා? ඒ ප්‍රදේශයේ බොරු වළවල් රාශියක් තියනවා. පාර වැරදිලා ඔතනට එන සතෙක් නැත්නම් මනුෂ්‍යයෙක්, කවදා වත් ආපසු යන්නේ නැහැ. ඔවුන් අනිවාර්යයෙන් ම අර බොරු වළකට වැටෙනවා. ඒ තරමට එතන බොරු වළවල් තියෙනවා. ඒ හැම වළක් ම විවර වෙන්නේ උමං මාර්ගයකටයි. ඒවා මටසිලුටු උමං මාර්ග. වැටුණොත් අනිවාර්යයෙන් ම පහළට ඇදිලා යනවා. නමුත් ඔයා දකින්න ඇති, කුහුඹු පිග්මි ගුල ඇතුළේ වහළේ, ඒ කීවේ අපි වැටුණු පූජාසනයට ඉහළින් වහළේ තිබුණේ විශාල සිදුරු හතරයි. ඒවා උතුර, දකුණ, නැෙගනහිර සහ බටහිර ලෙස ස්‌ථානගත ව පවතිනවා. පොළොව මතුපිටින්, උතුරු දෙසින් ඇති සියලු උමං මාර්ග මැද දී සම්බන්ධ වෙලා උතුරු සිදුරටත්, දකුණින් ඇති ඒවා දකුණු සිදුරටත්, අනෙක් දිශාවන් දෙකේ ඇති ඒවා අදාළ දිශාවන්වල සිදුරු දෙකටත් සම්බන්ධ වෙනවා. ඒ සිදුරු හතර ම විවෘත වෙන්නේ පූජාසනයකටයි. ඒ පූජාසනය වටේ පැය විසි හතරෙ ම, මාරුවෙන් මාරුවට පිග්මි ගෝත්‍රිකයන් රැකවල් ලාගෙන ඉන්නවා. මේ පූජාසනයට වැටෙන ඕනෑ ම අවසනාවන්ත මනුෂ්‍යයෙක් නැත්නම් සත්ත්වයෙක් ඔවුන් වැටුණු ගමන් උල් ආයුධවලින් කොටලා මරනවා. ඒත් මම බේරුණේ මට අහම්බෙන් පිහිටලා තිබුණු වාසනාවකටයි. මගේ ඇස් මොන පාට ද?" ඩේවිඩ් ජොෂුවා දෙස බලමින් ඇසී ය."නිල්" ජොෂුවා පිළිතුරු දුනි. "අහස මොන පාට ද?""නිල්" ජොෂුවා නැවත පිළිතුරු දුනි."හොඳයි, මේ කුහුඹු පිග්මි ගෝත්‍රිකයන් විශ්වාස කළා, කවදා හරි දවසක, අහසින් වඩින දෙවියන් ගේ දූතයෙක් අහස් දියයි අහසේ ආලෝකයයි අරගෙන ඇවිත් ඔවුන්ට ගැලවීම ගෙන දෙයි කියලා. ඒ මොකද, ඔවුන්ට ජලය සහ ස්‌වාභාවික ආලෝකයේ හිඟයක් තිබුණා. ඔවුන්ට ජලය ලබාගන්න නිතර නිතර මතුපිටට පැමිණිය යුතු ව තිබුණා. ඔවුන් භූගත ව සිටි නිසා ස්‌වාභාවික ආලෝකය ලැබුණේ නැහැ. මේ අඩුලුqහුඩුකම් ඌනපූරණය කරගන්න ඔවුන් හාස්‌කමක් බලාපොරොත්තු ව සිටියා. ඔවුන් බලාපොරොත්තු වුණු මේ දේව දූතයා, වලාකුළුවලින් නිර්මිත සුදු හමක්, අහසේ නිල් පාට හිමි කරගත් නිල් ඇස් සහිත විය යුතු ව තිබුණා. ඔවුන් ගේ ජනප්‍රවාදයට අනුව, මේ දූතයා අහසින් වැඩම කර අදාළ කටයුත්ත ඉටු කරාට පස්‌සේ, විශේෂ විසකුරු සර්පයෙක් ලවා දෂ්ඨ කර, මරලා, පූජාසනය මත තියලා කුහුඹු දෙවියාට නැවත බිලි දෙනවා. ඒ දූතයා ගේ සිරුර කුහුඹු දෙවියෝ එවන කුහුඹු හමුදාවක් විසින් භක්‌ෂණය කරනු ලබා වි කියලා ඔවුන් තරයේ විශ්වාස කළා."ජොෂුවාට මැස්‌ස මත තිබූ නිසල දේහයත්, ඒ දේහයේ කලව ප්‍රදේශයේ තිබූ තුවාල දෙකත් සිහිපත් විය. ඒ සර්පයා දෂ්ඨ කළ තුවාලය විය යුතු යෑයි ඔහු තේරුම්ගත්තේ ය. ඒ පූජාසනය වටා පිග්මි මිනිසුන් රැස් ව සිටියේ, දේහය භක්‌ෂණය කිරීමට කුහුඹු දෙවියන් කුහුඹු හමුදාවක් එවන තෙක් විය හැකි යෑයි ඔහු වැඩිදුරටත් තේරුම්ගත්තේ ය. ඒත්, ඒ සිරුර තමන් ගේ අනුරුවක් වූ බැවින්, ඔහු භීතියෙන් සලිත විය. "පූජාසනයේ හිටියේ කවුද? එයා මම වගේ මයි. ඇයි ඒ? අනෙක එයා ගේ දේහයේ එතකොටත් උණුසුම රැඳී තිබුණා. ඇයි ඒ?" ඔහු විමසී ය. "ම්....... ඒක වුණේ මෙහෙමයි. පිග්මි ගෝත්‍රිකයන් බලාපොරොත්තු වුණු දේව දූතයා පැමිණිය යුතු ව තිබුණේ නැෙගනහිර සිදුරෙන්. නමුත් මම වැටිලා තිබුණේ දකුණු සිදුරෙන්· ඒ නිසා ඔවුන් මාව බිලි දුන්නේ නැහැ. ඔවුන් මාව සැලකුවේ දූතයා ගේ පෙරනිමිත්තක් විදියට. ඔවුන් මාව මාස දෙකක් ඒ අඳුරු ගුහාවක සිර කරගෙන මට ගෝත්‍රික භාෂාව ඉගැන්නුවා. ඒ මට, පණිවිඩයක් දෙන්න. ඔවුන් මට දුන්න පණිවිඩය තමයි, මම දූතයෙක් නො වුණට, මට දා ව උපදින පළමු පුතාව දූතයෙක් ලෙස ඔවුන්ට කැප කළ යුතු බව.""එහෙනම් අර හිsටියේ මගේ වැඩිමල් සහෝදරයෙක්?" ජොෂුවා විමසී ය."නැහැ, පොඩ්ඩක් ඉන්න. මාස දෙකකින් පස්‌සේ ඔවුන් මාව නිදහස් කළේ, අර දරුණු ඉල්ලීමත් සමඟයි. මම ගෙදර ගියේ පුදුම ව්‍යාකූලතාවකින්. මම මේ ගැන දැනුවත් කළේ මගේ ඒ කාලේ පෙම්වතිය, ඒ කීවේ ඔයා ගෙ අම්මයි මගෙ පවුලේ උදවියයි විතරයි. අපි හැමෝ ම කම්පා වුණා. ඒ වෙන කොට මාව නොබෙල් ත්‍යාගලාභියෙක් විදිහට නිර්දේශ වෙලත් තිබුණා. මම ගොඩක් ප්‍රසිද්ධ වෙලයි හිටියේ. ඒ නිසා, මේ ඉල්ලීම ඉටු නො කළොත් වනාන්තරයට එන සියලු සුදු මිනිසුන් කෲර ලෙස ඝාතනය කරන බවට පිග්මීන් මට තර්ජනය කර තිබුණා. මම ඉල්ලීම ඉටු කළොත්, කට වත් හානි නො කරන බවට ඔවුන් පොරොන්දු වුණා. මගේ ප්‍රසිද්ධිය නිසාත් අර මකුළු විශේෂය ලැබුණේ ඇමසෝන් වනයේ මධ්‍යයෙන් විතරක් නිසාත් එeතනට මිනිසුන් යන එක වළක්‌වන්න බැරි දෙයක් බව මම තේරුම්ගත්තා. ඉතින් ඔයා ගේ අම්මත්, මාත්, ඉතා අකමැත්තෙන් වුණත්, අපේ පළමු දරුවා දන් දෙන්න තීරණය කළා. නිමාෂි ප්‍රනාන්දු
අපට තවත් බාධක රාශියකට මුහුණ දෙන්න වුණා. එකක් තමයි අපි කොහොම ද අපිට ලැබෙන්න ඉන්නේ පුතෙක් බවටත්, ඒ පුතා ගේ ඇස් නිල් පැහැ බවටත් තීරණය කරන්නේ කියන එක. මීට පිළියමක් විදියට, අපි x, y ජාන සහිත අපේ ජන්මාණු සෛල දෙකක් විද්‍යාගාරයක කෘත්‍රිම ව සංසේචනය කරලා, ඒ කලලයේ දැස්‌වල වර්ණය නිල් පාට වන විදියට ජාන වෙනස් කළා. ඊළඟට ප්‍රශ්නය වුණේ, මම ප්‍රසිද්ධ නිසා, මගේ බිරිඳ ගර්භණී වුණා ම, මේක කාටත් පුවතක් වේ වි. ඒ වගේ ම, උපදින පළමු දරුවා අභිරහස් විදියට අතුරුදන් වුණා ම, ඒක ඊට වඩා ලොකු පුවතක් වේ වි. ඒකට පිළියමක් විදියට, අර සංසේචිත ඩිම්බය අපි දෙකට කඩලා, කලල දෙකක් විදියට ඔයා ගේ අම්ම ගේ ගර්භාෂයේ තැන්පත් කළා. එයින් සම නිවුන් පුතුන් හැදුණා. එයින් පළමුව ඉපදුණු පුතාව අපි දන් දුන්නා. ඔයා එතන දැක්‌කේ එයා තමයි· අනෙක් පුතා තමයි ඔයා·"
ජොෂුවා මුව අයාගෙන පුදුමයෙන් අසා සිටියේ ය. ඔහුට සිය අවාසනාවන්ත නිවුන් සොහොයුරා ගැන වාවාගත නොහැකි දුකක් ඇති විණි.
"ඒ විතරක් නො වෙයි ජොෂුවා, මේ වේච්ච ව්‍යසනය නිසා මට පිස්‌සු හැදෙන්න වගේ ආවා. මාව සනසවන්න ඔයා ගෙ අම්මත් මගේ එක ම සහෝදරයත් ගොඩක් උත්සාහ දැරුවා. මගේ සහෝදරයා ඔයාව හදා වඩාගන්න පොරොන්දු වෙලා ඔයා වෙනුවෙන් ලොකු කැප කිරීමක් කළා. එයා ප්ලාස්‌ටික් සැත්කමකින් මුහුණ වෙනස් කරගෙන, වෙන නමකින් පෙනී සිටිමින්, ඔයාට නො දැනෙන්න ඔයාව හොඳින් බලාගත්තා. ලෝකයා හිතන්නේ එයා හදිසියේ ම අතුරුදන් වුණා කියලා. ඒත් එයා අදටත් අපි එක්‌ක ඉන්නවා. තව දෙයක්, මම ඔයා ගේ නිවුන් සහෝදරයව පිග්මි මිනිසුන්ට භාර දෙන්න ගිය වෙලාවෙ දී, ඒ අය මට කිව්වා, එයාට අවුරුදු 18ක් පිරුණු දවසට එයාව බිලි පූජාවක් විදියට ඔප්පු කරන බව. මම කැමැති නම්, එයාව අවසාන වතාවට දැකබලාගන්න එදාට එන්න පුළුවන් බව ඒ අය කිව්වා. නමුත් ඊට කලින් මම පැමිණියොත්, එයා වත් මාවත් මරණ බවට ඔවුන් තර්ජනය කළා. ජොෂුවා, ඔයාට අද අවුරුදු 18යි නේ. එයාව බලාගන්න තමයි අපි මෙහේ ආවේ."
ජොෂුවා කල්පනා කරන්නට විණි. ඔහු සිය දැතෙහි වූ රබර් පටියෙන් තමන්ට ඉදිරියෙන් වූ ගසක කඳට කොළ විද්දේ ය. ඔහු ගේ මනස ව්‍යාකූල තත්ත්වයක පැවතිණි.
"මගේ නිවුන් සහෝදරයා..... පව්..... එයා මම වෙනුවෙන් නේ ද මේ තරම් කැප කිරීමක් කළේ? අපිට එයාව බේරගන්න බැරි ද? එයා ගේ ඇඟේ තාමත් උණුසුම තියනවා. මම හිතන්නේ නැහැ එයා මැරිලා කියලා."
"ඔව්, මමත් මෙහෙ ආවේ එයා ගේ නිසල සිරුර දැකීමේ බලාපොරොත්තුවෙන්. ඒaත් මටත් හිතෙනවා අපිට එයාව පණ පිටින් ගෙදර ගෙනියන්න පුළුවන් වේ වි කියලා. මට එහෙම දෙයක්, අපිට උමඟ තුළ මඟ පෙන්වපු පිග්මි මිනිහා හොර රහසින් සැළ කළා. ඒත් ඒක වෙන්නේ කොහොම ද කියලා එයා කීවේ නැහැ. එයා ඔයා ගේ සහෝදරයාව ගොඩක් වර්ණනා කළා. ඔයා ගේ සහෝදරයා ගේ ගෝත්‍රික නම කෝහට් ලු. කෝහට් තරමක් ලොකු වෙනකොට, එයා අනෙක් අයට වඩා වෙනස් බව නිරීක්‌ෂණය කරලා, තමන් ගේ සම්භවය ගැන අහලා තියෙනවා. මුල දී එයාට කවුරු වත් පිළිතුරු දීලා නැහැ. නමුත් පස්‌සේ, අපට අර පාර පෙන්වපු පිග්මි මිනිහා, මගේ පුතාට අනුකම්පා කරලා එයාට ළං වෙලා තියෙනවා. එයා කියා තියෙන්නේ, මගේ පුතා ඔවුන් බලාපොරොත්තුවෙන් හිටිය දේව දූතයා බවත්, ඔවුන්ට අහස් දිය සහ ආලෝකය ලබා දීම ඔහු ගේ දේව කාර්යය බවත්, ඒ කාරණා සාක්‌ෂාත් කළාට පස්‌සේ ඔහුට ගැලවීම ලැබෙන බවත් විතරයි. ඒ අනුව ක්‍රියාත්මක වුණු ඔයා ගේ නිවුන් සහෝදරයා, ඔහු ගේ බුද්ධියත් නිර්මාණාත්මක හැකියාවත් පාවිච්චි කරලා, ස්‌වාභාවික ආලෝකය ලබාගන්න ශාක රෙසිනවලින් පාරගම්‍ය පැතලි තැටි හදලා තියෙනවා. ඒ වගේ ම, අපිට මේ ඉහළින් ඇහෙන කුඩා දිය ඇල්ලේ දිය දහරාවත්, ශාක කඳන්වල හාරපු බට මාර්ගයෙන් පිග්මි කුහුඹු ගුල ඇතුළට හරවා තිබෙනවා. එයින් ඇතුළට
රැස් වන වතුර, ඇතුළේ නො රැඳී නැවතත් පිටතට යැම සඳහා විශේෂ කාණු පද්ධතියක් පවා සකස් කර තියෙනවා. අපි උමං තුළ නිරීක්‌ෂණය කරපු මේ නිර්මාණය එයා ගේ. ඒ වාගේ ම එයා විවිධ මාදිලියේ වැඩිදියුණු කළ ආයුධ හදා දීලා තියෙනවා. මම මුල දී මේ ගුලට වැටුණම එතැන තිබුණේ අඳුරු පරිසරයක්. නමුත් අද ඒක සුදු ආලෝකය සහිත හුළු අතුවලින් ආලෝකවත් වෙලා තියෙනවා. ඒකත් එයා ගේ නිර්මාණයක්."
ඩේවිඩ් ඈත බලාගෙන දිගු සුසුමක් ලෑවේ ය. "ඔයා දන්නව ද ජොෂුවා, එයත් ඔයා වගේ තාරකා පිස්‌සෙක් ලු. හවසට, රාත්‍රියට ගස් උඩට වෙලා තාරකා රාශි අධ්‍යයනය කිරීම එයා ගේ විනෝදංශයක් ලු. තමන්ට ගෝචර වන විදියට රාත්‍රි අහස පිග්මි අක්‌ෂර අනුසාරයෙන් එයා සිතියම්ගත කර තිබෙනවා. පව්...... මොන තරම් දීප්තිමත් අනාගතයක් තියෙන්න තිබ්බ දරුවෙක් ද? මගේ වරදින් තමයි මේ හැම දෙයක් ම සිද්ධ වුණේ. මම කවදා වත් මට සමාව දෙන්නේ නැහැ."
ජෙෂුවා ගේ දැස් කඳුළින් තෙත් විය. තමන් වෙනුවෙන් මෙතරම් පරිත්‍යාගයක් කළ තම නිවුන් සොහොයුරා ගැන ඔහුට මහත් දුකක් ඇති විය. මේ වෙනස තීරණය වුණේ, ඔහු තමන්ට වඩා විනාඩි කිහිපයකට ප්‍රථමයෙන් මෙලොව එළිය දුටු නිසා නො වේ ද? එදා පටන් ඔහු අඳුරු ගුහාවකට සිර වී කටුක, නීරස ජීවිතයක් ගත කරන්නට ඇති. නමුත් තමන්..... සියලු සැප සම්පත්වලින් හෙබි, ලොව සුපිරි ම රටේ, සුඛෝපබෝගී ජීවිතයක් ගත කර තිබේ.
"ඇයි අපි මෙතන ඉන්නේ?" ඔහු සෙමින් අහක බලාගෙන ඇසී ය.
"අර පිග්මි ගෝත්‍රිකයා, මගෙ පුතා ගේ දක්‌ෂකම්, ධෛර්යය, ජීවත් වීමට ඇති ආශාව දැකලා, එයා ගැන අනුකම්පා කරලා, එයාට අත් වෙන්නට යන ඉරණම සැළ කරලා තියෙනවා. ඒ විතරක් නො වෙයි, අනෙක් පිග්මි මිනිසුන්ට නො දැනෙන විදියට ඔහුව එයින් මුදවාගන්නටත් දෙන්නා සැලසුමක් හදලා තියෙනවා. ඒකයි අපි මෙතන ඉන්නේ."
මේ අතරතුර, ගුහාව ඇතුළත අමුතු ජවනිකාවක් දිගහැරෙමින් පැවතිණි. නිසල ව සිටි "දේව දූතයා" හදිසියේ ම දැස් හැර, ලී මැස්‌ස උඩ හිඳගත්තේ ය. ඉන් පසුව බැරෑරුම් මුහුණක් මවා පෑ ඔහු, මැස්‌ස උඩ හිටගෙන, කුහුඹු ප්‍රතිමාවට දෙඅත් එක්‌කොට වැඳ නමස්‌කාර කළේ ය. මේ අතර පිග්මි ගෝත්‍රිකයෝ, දේවදූතයා මරණින් නැඟිට ඇතැයි සිතා, බෙහෙවින් බියට පත් වී, ඔහුට නමස්‌කාර කිරීමට පටන් ගත් හ. අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගත් දූතයා, කුහුඹු ප්‍රතිමාවේ රහසිගත ස්‌ථානයක සඟවා තිබූ කුඩා පාර්සලයක් ගෙන, එහි අන්තර්ගත කුඩු වර්ගයක් පිග්මි මිනිසුන් වෙත භක්‌තියෙන් ඉසී ය. ඔවුහු සැණෙකින් මත් වී, එක්‌කෙනා දෙන්නා නින්දට වැටෙන්නට විය. එම කුඩු වර්ගයේ බලපෑම පැය කිහිපයක් යන තෙක් රැඳෙනු ඇතැයි ඔහු දැන සිටියේ ය. ඉන්පසුව, දූතයා මැස්‌ස උඩ සිටගනිමින්, උතුරු සිදුර තුළ පෙර අවස්‌ථාවක රහසින් සවි කළ කඹයක් මාර්ගයෙන් මතුපිටට පැමිණියේ ය. ඔහු වේගයෙන් දිව ගොස් ජොෂුවා සහ ඩේවිඩ් සිටි තැන හදිසියේ ම නතර විය. ඔවුහු දෙදෙනා ම කෙළින් වී හිඳ ගත් හ. ඔවුන් තිදෙනා මුව අයා එකිනෙක දෙස මාරුවෙන් මාරුවට බැලූ හ. මුලින් ම කටහඩ අවදි කළේ කෝහට් ය. ඔහු ගෝත්‍රික භාෂාවන් ඩේවිඩ්ට යමක් කී ය. ඩේවිඩ් ප්‍රීතියෙන් ඉදිරියට පැන සිය පුත්‍රයා සිය වැළඳගත්තේ ය. ජොෂුවා දෙසට හැරුණු ඩේවිඩ්, "මෙයාට අපිත් එක්‌ක ගෙදර එන්න අවශ්‍යයි ලු·" යෑයි උද්දාමයෙන් පැවසී ය. ඩේවිඩ්, ජොෂුවා සහ කෝහට් එකිනෙකාට හඳුන්වා දුනි. උපතින් වෙන් වුණු නිවුන් සොහොයුරන් නැවත හමු වූයේ අවුරුදු 18 කට පසු ව ය·
ජොෂුවා ඔහු ගේ ගමන් මල්ලෙන් ඇඳුමක් සිය සොහොයුරාට ප්‍රදානය කළ ද, ඔහු එය ප්‍රතික්‌ෂේප කළේ ය. කෝහට් ගේ අතෙහි වූ රෝලක් සහ කුඩා කැටපෝලයක් ඇස ගැටුණු ජොෂුවා, ඒවා මොනවා දැයි සිය පියා මාර්ගයෙන් විමසී ය. ඔහු රෝල දිග හැර පෙන්වී ය. එය ගස්‌වල පොතුවලින් සාදා තිබුණු අතර, බලි කුරුටු මෙන් එහි තාරකා සිතියම් රාශියක් විය. එය දුටු ජොෂුවාට, සිය ටැබ්ලොයිඩ් පරිගණකයත් නාසා ආයතනයත් සිහිපත් විය. ඔහුට සිය සොහොයුරා ගැන දැඩි කම්පාවක් ඇති විය. කැටපෝලය ගැන විමසූ ඩේවිඩ්, සිනාසෙමින්, "මම කීවේ ජොෂුවා, මෙයා ඔයා වගේ මයි. ඔයා කල්පනා කරන කොට රබර් පටියෙන් කඩදාසි කොළ ප්‍රක්‌ෂේපණය කරනවා නේ. කෝහට් ඒ ආකාරයන් ම කුඩා කැටපෝලයකින් ගස්‌වල කොළ ප්‍රක්‌ෂේපණය කරනවා." ඩේවිඩ් සිනාසිණි. ජොෂුවා සිය දැතෙහි පටලැවී තිබූ රබර් පටිය අඹරවමින් සිහින් සිනාවක් නැඟී ය.
"කෝහට්, විෂකුරු සර්පයා දෂ්ට කළ එකෙන් බේරිලා තියෙන්නේ කොහොම ද?" ජෙෂුවා කෝහට් ගේ කලවා ප්‍රදේශයේ වූ දළ පහරවල් පෙන්වමින් පියා ගෙන් විමසී ය.
"එයා ගේ පිග්මි මිත්‍රයා විෂකුරු සර්පයා දෂ්ඨ කිරීමට කලින් උගේ විෂ ඉවත් කරලා." ඩේවිඩ් පැවසී ය.
කෝහට් ඉතා ප්‍රීතියෙන් සිය පියා සහ සොහොයුරා සමඟ ඔහු ගේ නිවස බලා පිටත් විය.
නිවසට ළඟා වූ ඔහුට සිය මව ගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.
දින දෙකකින් පසුව, ජොෂුවා, නාසා ආයතනයේ කවුළුවක් අසල බර කල්පනාවක නිමග්න ව සිටගෙන සිටියේ ය. අවට රෑ බෝ වෙමින් පැවතිණි. ඔහු ඈත අහස දිහා හිස් බැල්මක් හෙළී ය. ඔහු ගේ අතෙහි සුපුරුදු රබර් පටිය වෙනුවට සිය සොහොයුරා ගේ කැටපෝලය රැඳී තිබිණි.
"ජොෂුවා ගෙදර යන්න කල්පනාවක් නැද්ද?" මහාචාර්ය එලන් පැට්‌රික් ගේ කටහඩින් ජොෂුවා තිගැස්‌සිණි.
"ම්... මහාචාර්යතුමා, මගෙන් හේතුව අහන්නේ නැතුව මට ලොකු උදව්වක් කරන්න පුළුවන් ද?" ජොෂුවා බැගෑපත් විය.
"මොකද්ද?" මහාචාර්යවරයා නළල රැළි කරගනිමින් විමසී ය.
"අනිද්දට විවෘත කරන්න නියමිත මගේ අභ්‍යවකාශ මධ්‍යස්‌ථානය, අන්තර්ජාතික ජොෂුවා සැම්සන් මධ්‍යස්‌ථානය වෙනුවට අන්තර්ජාතික කෝහට් මධ්‍යස්‌ථානය කියලා නම් කරන්න මට පුළුවන් ද? අනේ කරුණාකරලා හේතුව නම් අහන්න එපා."
මහාචාර්ය එලන් ජොෂුවාට ළං ව, ඈත අහස දිහා බැලී ය. "ඔයා ගේ කැමැත්තක්," ඔහු සෙමින් පැවසී ය. "එහෙනම් ඒකයි ඔයා ගේ සහෝදරයා ගේ ගෝත්‍රික නම" ඔහු දිගු නිහැඩියාවකින් පසුව පැවසී ය.
"එහෙනම් ඔබයි මගේ පියා ගේ අභිරහස් සහෝදරයා?"
ජොෂුවා කී ය. මහාචාර්යවරයා පිළිතුරු නො දුනි.
ඔවුහු දෙදෙන ම ඈත අහස දෙස් හිස් බැල්මෙන් යුතු ව බලා සිටිය හ.
"අභිරහස් පරිත්‍යාග" ජොෂුවා සෙමින් මිමිණී ය.
නිමාෂි ප්‍රනාන්දු

සුඛෝපභෝගී නාගරික ජීවිතයකට හුරු ව සිටි ජොෂුවා, ඝර්ම කලාපීය වනාන්තරයක්
මධ්‍යයට ගමන් කරන්නට යන පළමු අවස්‌ථාව මෙය විය. ඔහු කුඩා කාලයේ පටන් සිය පියාට,
අදාළ මකුළු විශේෂය සොයාගත් ඇමසොන් වනාන්තරයට තමා ගෙන යන ලෙස කොතෙකුත් ඇවිටිලි
කළ ද, ඔහු ගේ පියා ඒ හැම අවස්‌ථාවක දී ම ඒ ඉල්ලීම ප්‍රතික්‌ෂේප කළේ ය. කරුණුq
එසේ වුව ද, තමන් ගේ 18 වැනි උපන්දිනයේ දී තමන්ව වනාන්තරයට ගෙන යැමට සිය පියා
ඉදිරිපත් වූයේ ඇයි ද යන්න ඔහුට මහත් ප්‍රහේලිකාවක් විය.
ඒ එසේ වුවත් ජොෂුවා මහත් උද්යෝගයෙන් දින ගණනාවක් තිස්‌සේ ගමනට සූදානම් විය.
ඔහුට නාසා ආයතනයෙන් ලැබුණු දියුණු තාක්‌ෂණික උපකරණ, එනම් ටැබ්ලට් පරිගණකය,
දුරදක්‌න, වීඩියෝ කැමරා ආදී සියල්ල ඔහු තම ගමන් මල්ලෙහි බහාලී ය.
"ජොෂුවා, අපි එහෙ යන කොට ගෙනියන්න පුළුවන් ඔයා ගේ අතපය හතරයි, කෑම ටිකක්,
ඇඳුමක් දෙකක් සහ ප්‍රථමාධාර පෙට්‌ටිය විතරයි. කරුණාකරලා අනෙක් ඔක්‌කොම බඩු
මෙහෙ තියලා එන්න." ඔහු ගේ පියා උපදෙස් දුන්නේ ය.
"අවම වශයෙන් මගේ ටැබ් එක වත් ගෙනියන්න බැරි ද? සති දෙකක් තිස්‌සේ මම නිකරුණේ
හිටියොත් මගේ අත් දෙක ගල් වේ වි." ජොෂුවා මැසිවිලි නැඟී ය.
"ඔයා ගෙ ඇඟිලිවලට ඔය තරම් ම ව්‍යායාම අවශ්‍ය නම් ඔයා ගේ අර රබර් පටි කැටපෝලය
අරන් යන්න. මාත් එක්‌ක වාද කරන එක නවත්වන්න."
ජොෂුවා නිහඩ විය.
ඔවුන් ගමන යන්නට පිටත් වූ දිනයේ දී, ජොෂුවා ගේ මව ඔවුනට සමු දුන්නේ හඩා
වැළපෙමිනි. ඒ ඇයි ද යන්න ජොෂුවාට නො තේරෙණු නමුදු, ඒ ගැන ප්‍රශ්න කිරීමට ඒ
මොහොතේ ඔහුට සිතක් පහළ වූයේ නැත.
"අම්මා ඔයා බය වෙන්න එපා. අපි ඉක්‌මනට ආපහු එනවා නේ." ඔහු මව වැළඳගනිමින් පැවසී
ය. ඇය හැඩුම් අතරින් පිළිතුරු දෙමින් "ඒත් ඔය දෙන්නා විතර නේ ඉන්නේ," යෑයි
පැවසුවා ය.
පිය පුතු යුවළ සිය පෞද්ගලික ගුවන් යානාවකින් ඇමසොන් වනය බලා පිටත් වූ හ.
"මම මෙහෙ එන්නේ අවුරුදු 18කට පස්‌සේ. වනය ගොඩාක් වෙනස් වෙලා. වල් වැදිලා....
මම ඔවුන්ට පොරොන්දු වුණා, හරියට ම අවුරුදු 18කට පස්‌සේ මම මෙහේ එනවා කියලා.
සමහර විට මම එනකල් එයාලා මඟ බලන් ඇති." වනයට අවතීර්ණ වුණු ඩේවිඩ් කටහඩ අවදි කළේ
ය. ඔහු කතා කළේ සංවේදීව බව ජොෂුවාට අවබෝධ විය.
"කවුද?" ජොෂුවා සෙමින් විමසී ය.
ජොෂුවාට පිළිතුරු නො ලැබිණි. දෙදෙනා නිහඩ ව තව පැයක් පමණ වනයට ගමන් කළෝ ය. වනය
මධ්‍යයේ නැවතුණු දෙදෙනා ගෙන් ඩේවිඩ් සිය පුතු වෙත හැරෙමින්, "ජොෂුවා, ඔයා
මෙතැන් පටන් අත්‍යවශ්‍ය දෙයකට ඇරෙන්න ප්‍රශ්න අහන්න එපා. මාව විශ්වාස කරලා මගේ
පස්‌සෙන් ම එන්න. මම ඔයාට අනතුරක් වෙන්න ඉඩ තියන්නේ නැහැ."
ඔහු ගේ පියා ගේ දැස් කඳුළින් තෙත් ව තිබූ බව ඔහු නිරීක්‌ෂණය කළේ ය. එය එතරම්
තැකීමක් නො කළ ජොෂුවා, "මම එහෙම කොන්දේසිවලට යටත් වෙන්න කැමති නැහැ·" යෑයි
මුරණ්‌ඩු ලෙස පිළිතුරු දුනි.
ඩේවිඩ්, කොළ රොඩුවලින් වැසුණු, එක ළඟ පිහිටි බොරු වළවල් දෙකක් අසල නැවතිණි.
"මේ තියන්නේ උමං මාර්ග දෙකක විවර. මම මේකෙන් නො පෙනී ගියා ම තත්පර දහයකට විතර
පස්‌සේ ඔයා ඔය උමං විවරයෙන් එන්න. ඔයා ඕක උඩ හිටගත්තම, නිකම් ම ඇතුළට ලිස්‌සලා
යා වි. අපි ඇතුළෙ දී හමු වෙමු." එසේ පැවසූ ඩේවිඩ්, බොරු වළ උඩ පය තැබූ සැණින්
ඇතුළට කි¹ බැස නො පෙනී ගියේ ය.
සැණින් ඩේවිඩ් නො පෙනී ගිය නිසා, ජොෂුවාට කිසිවක් ඇසීමට ද අවස්‌ථාවක් නො
විණි. ජොෂුවාට සිය පියා ගේ හැසිරීම ගැන ඇති වූයේ කෝපයකි.
"මම යන්නේ නැහැ. තාත්තාට ඕනේ නම් මාව උඩට ඇවිල්ලා ගෙනියපුදෙන්." ජොෂුවා තමාට ම
මුමුණා ගත්තේ ය. ඔහු සිය පියා එන තෙක් පොළොව මතුපිටට වී සිටින බවට ඉටා ගත්තේ
ය. ඔහු බිම වූ කොළ රොඩු පීරා, වාඩි වීමට ස්‌ථානයක් සකසාගත්තේ ය. ඔහු වාඩි වී
තත්පර කිහිපයක් ගත වෙත් ම, ඔහුට ඉදිරියෙන් පඳුරු අතරින් නයි පැටියෙක් විසි වී
ආවේ ය. එය කවරකු හෝ විසින් තමන් වෙත ප්‍රක්‌ෂේපණය කරන්නට ඇතැයි, ඔහුට ක්‌ෂණයෙන්
වැටහිණි. තමන් අසල පතිත වූ නයි පැටියා දුටු ජොෂුවා, මහත් සේ බිය වී නැඟිට දිව
යන්නට උත්සාහ කළේ ය. එහෙත්, ඔහු බොරු වළකට වැටී, උමං මාර්ගයක් ඔස්‌සේ ඇතුළට
රූටා ගියේ ය. ජොෂුවා දිගු වේලාවක් රූටා අවුත්, "තඩ්" යෑයි ශබ්දයක් නඟමින් යම්
පෘෂ්ඨයක් මතට වැටිණි.
ඔහු මුලින් ම දුටුවේ සිය පියා ය. ඩේවිඩ් ඔහුට අත දී ඔහුව නැඟිට්‌ටුවේ ය.
දෙපයින් සිටගත් ජොෂුවා සිය වස්‌ත්‍රයේ තැවරුණු කොළරොඩු පිස දමන ගමන් ඉහළ
බැලුවේ, නිතර තරු ගණින පුරුද්දට ය. එහෙත් අහසක් වෙනුවට එහි විශාල සිදුරු
හතරක් සහිත වහලයක් විය. "මේ කොහෙද මේ?" ඔහු තමා ගෙන් ම අසාගත්තේ ය. අඩියක්
පස්‌සට ගිය ජොෂුවා, තමන් ගේ දකුණු පසට හිස හැරවූ විට, ඒ අඳුරු ගුහාවේ බිම වාඩි
වී, භාවනායෝගී ව සිටි කුඩා පිග්මි මිනිසුන් රාශියක් දුටුවේ ය. ඔහු පුදුමයෙන්
මුව අයාගනිමින් පිටුපසට හැරිණි. ජොෂුවා ඊළඟට දුටු දෙයින් ඔහුව පුදුමයෙන් ගල්
ගැසිණි. ඔහු ගේ පියා ඔහුව දැඩිව අල්ලාගනු ඔහුට දැනිණි. ඔවුනට තරමක් ඉදිරියෙහි
වූ ලී මැස්‌සක් මත සුදු මිසිසකු ගේ නිසල දේහයකි. එහෙත් ඒ නිසල දේහය ජොෂුවාට
සැම අතින් ම සමාන වියෘ ජොෂුවා මුව අයාගෙන දේහයේ මුහුණ දෙසට එබිණි. එහෙත් ඔහු ගේ
මුහුණ ඉතා ප්‍රසන්න විය. ජොෂුවා ගේ පියා ඒ මුහුණ ළඟ දණින් වැටී, ඉකිබිඳ හඩන්නට
විය.
"අනේ මගේ පුතා, මට සමාවෙන්න... මට සමාවෙන්න...." සිය පියා අසල බිමට පහත් වූ
ජොෂුවා, "මේ ඔබේ පුතා?... එතකොට මම කවුද?" යෑයි විමසුවේ වික්‌ෂිප්ත ස්‌වරයකිනි.
ඔහු ගේ පියා දිගට ම වැළපෙන්නට විය. ජොෂුවා ඔහු ගේ පිට අතගාමින් ඔහුව සනසන්නට
උත්සාහ කරන අතරතුර දේහය නිරීක්‌ෂණය කරන්නට විය. දේහයේ ඉන වටා වු දුඹුරු රෙදි
කඩක් හැරෙන්නට වෙන කිසි වස්‌ත්‍රයක් නො වී ය. දේහයේ කලව ප්‍රදේශයේ රතු පැහැ
ලප දෙකක් විය. එය නම් තුවාලයක සලකුණක් විය. දේහයේ පපු ප්‍රදේශයේ වූ රෝම
ව්‍යාප්තිය ජොෂුවා ගේ පපු ප්‍රදේශයේ වූ රෝම ව්‍යාප්තියට සමාන විය. ජොෂුවා දේහයේ
අතක් සෙමින් ස්‌පර්ශ කළේ ය. ඔහු අතැඟිලි ද අල්ලා බැලුවේ ය. මොහොතකට ජොෂුවාට
තමන් ගේ ම අතක් ස්‌පර්ශ කරන්නාක් මෙන් හැඟීමක් දැනිණි. දේහයේ තවම ප්‍රාණය
රැඳී ඇතැයි ඔහුට නිකමට මෙන් සැක පහළ විය. තවදුරටත් අත ස්‌පර්ශ කරමින් ජොෂුවා,
සිය පියා දෙස හැරී, "මේ කවුද තාත්තා? ඇයි මට මාව ම ස්‌පර්ශ කරනවා වගේ හැඟීමක්
දැනෙන්නේ? මෙයා මැරිලා වුණාට තවම ඇඟ උණුසුම් නේ·"
මේ අතර, ඩේවිඩ් සහ ජොෂුවා වටා පිග්මි මිනිස්‌සු රොක් වන්නට වූ හ. ඔවුහු පිය
පුතු දෙපළට වැඳ නමස්‌කාර කළ හ. මින් එක් පිග්මි මිනිසෙක් ඩේවිඩ් වෙතට අවුත්
රහසින් ඔහුට යමක් කී ය. එකිණෙහි ම ඩේවිඩ් ගේ මුහුණෙහි වූ දුක තුනී විය. ඩේවිඩ්
වහා ගෝත්‍ර බසින් පිග්මි ජනතාවට ජොෂුවාව හඳුන්වා දුනි. ජොෂුවාට ඒ වගක් නො
තේරිණි. ඔවුහු සියල්ලෝ ම නැවත වාරයක් ජොෂුවාට බිම දිගා වී වැඳ නමස්‌කාර කළ හ.
"මම දෙවියෙක් ද?" ජොෂුවා සිය පියා ගෙන් උපහාසත්මක ව විමසී ය.
"මෙතැනට විතරයි." ඩේවිඩ් වහා පැවසී ය. "වටපිට හොඳට බලාගන්න. අපි ආපහු එන්නේ
නැහැ මෙතැනට. අපි එළියට ගියාම මම ඔයාට මේ හැම දේ ම විස්‌තර කරන්නම්."
නිසල දේහය ජොෂුවා ගේ සිතෙහි හොල්මන් කරන්නට විය. පිග්මි මිනිසා ඔවුනට මඟ
පෙන්වීමට පටන්ගත්තේ ය. ජොෂුවා වටපිට හොඳින් නිරීක්‌ෂණය කළේ ය. නිසල දේහයට
ඉහළින් යෝධ කුහුඹු ප්‍රතිමාවක් විය. ඒ අනුව, මෙය යම් බිලි පූජාවක් විය හැකි
බව ඔහු තේරුම්ගත්තේ ය. සිහසුන මත සිටි ප්‍රභූ පිග්මි කාන්තාව ඔහු ගේ ඇස ගැටිණි.
ඇය වර්ණවත් කබාවලින් සැරසී සිටියා ය. ඔවුන් සිටි පෙදෙසේ, වහළත්, පොළොවත් අතර උස
අඩි 8ක් පමණ විය. බිත්ති තැනින් තැන තිබූ හුළු අතුවලින් අලෝකවත් වී තිබිණි.
ඒවායෙන් සුදු ආලෝකය නිකුත් විය. ඔවුහු විශාල සහ සංකීර්ණ උමං පද්ධතියක් තුළින්
ගමන් ඇරඹූ හ.
මෙය බැලූ බැල්මට යෝධ කුහුඹු ගුලක් වැනි යෑයි ජොෂුවාට සිතිණි. උමං මාර්ගයේ
බිත්තියෙහි කුඩා කුටීර තුළ ආහාර වර්ග තැන්පත් කර තිබිණි. ඉන් සමහරක් කුටීරවල
කොළ වර්ග වූ අතර, සමහරක උරගයන්, උභය ජීවීන්, කෘමීන්, කුඩා ක්‌ෂීරපායින් ආදී
විවිධ මාදිලිවල කල් තබාගත් ආහාර විය. එම උමං මාර්ග ඇතුළත උෂ්ණත්වය කාමර
උෂ්ණත්වයේ විය. වාතය හොඳින් සංසරණය විය. ඔවුන් තවත් ඉදිරියට යන විට, එක් උමං
බිත්තියකින්, තරමක් උස් වූ ස්‌ථාන තුනක වූ විවර තුළින්, ශාක කඳක් හාරා
සෑදුණු බට තුනකින් උමඟ තුළට ජලය ගලන්නට විය. ඒ ජලය පහත් වේදිකාවක් මතට වැටී,
ශාක කඳන් හාරා සෑදූ කාණුවක් තුළට ඇතුළු වී බැස ගියේ ය. උමං තුළ, හුළු අතුවලින්
සැපයූ ආලෝකයට අමතර ව ස්‌වාභාවික ආලෝකය ද විය. ඒ උමං මාර්ගවල වහලේ තැනින් තැන,
ශාක රෙසින මගින් සාදන ලද පැතලි තැටි තැන්පත් කර තිබූ අතර, ඒ තුළින් ස්‌වාභාවික
ආලෝකය ඇතුළට ගලා ආවේ ය. ඔවුහු ඇතුළත කිලෝමීටරයක් පමණ ඇවිද, අවසානයේ දී උමඟක
කොනකට පැමිණියෝ ය. ජොෂුවා උමං පද්ධතිය නිශ්ශබ්ද ව නිරීක්‌ෂණය කළ ද, ඔහු ගේ පියා
උමඟ තුළ වූ මුළු වේලාවේ ම ඔවුනට මඟ පෙන්වූ ගෝත්‍රිකයා සමඟ කථා බහේ යෙදිණි.
උමඟ කෙළවර විවර වූයේ කඳු ගැටයක් පාමුල වූ ගුහාවකට ය. ගුහාවට ඉහළින් කුඩා දිය
ඇල්ලක් කඩා හැළෙන ශබ්දයක් ඇසිණි. උමඟින් එළියට පැමිණි ඩේවිඩ් සහ ජොෂුවාට සමු
දුන් පිග්මි ගෝත්‍රිකයා වහා ඇතුළට දිව ගියේ ය.
ඩේවිඩ් විඩාපත් ව ජොෂුවා දෙස බලා "මට තේරෙනවා ඔයාට ප්‍රශ්න මිලියනයක් අහන්න
තියෙනවා කියලා. මෙහෙන් එන්න," යෑයි කියමින් ඔහුව මඳක් එහායින් වූ ගසක් පාමුලට
කැඳවාගෙන ගියේ ය. ඔවුහු ගමන් මලු ලිහා වාඩි වූ හ. ඩේවිඩ් දිගු සුසුමක් හෙළා
කෙළින් ම කථාව ඇරඹී ය.
නිමාෂි ප්‍රනාන්දු
ඝන ඇමසොන් වනාන්තරය මධ්‍යයේ තනි ව ම සැරිසරන තරුණ විද්‍යාඥයෙකි."මම දිව්රනවා මම මේ හරියේ පිග්මි මනුෂ්‍යයෙක් දුවනවා දැක්‌කා කියලා. මම මේ තාක් කල් හිතාගෙන හිටියේ මෙතැන කිසි ම මනුෂ්‍යයෙක් පය ගහපු නැති තැනක් කියලා. ඒත් දැන්, අර පිග්මි මනුෂ්‍යයා දුටුවයින් පස්‌සේ මට හිතෙනවා මේ ළඟපාත ගෝත්‍රික කඳවුරක් ඇති.... ඒත් ඉතින් මම කවදාවත්, අවම වශයෙන් දුමක් නඟිනවා වත් දැක්‌කේ නැහැ නේ. කඳවුරක් තියෙනවා නම්, දුමක් නඟී වී නේ ද? හරි පුදුමයි."තරුණ විද්‍යාඥයා, ඩේවිඩ් සැම්සන්, තනිකම මඟහරවාගැනීම පිණිස, සිය අතෙහි වූ දැලකින් වසන ලද බෝතලයක සිර කරගන සිටි මකුළුවකුට කථා කළේ ය. ඩේවිඩ් සැම්සන් විනෝදයට බර චරිතයකි. දීප්තිමත් නිල් පැහැ දැස් යුවලකට හිමිකම් කී ඔහු, අමුතු ම සිරියාවකින් යුත් පුද්ගලයෙකි. ඔහු ඇමසොන් වනාන්තරය මධ්‍යයේ සැරිසරමින්, අහම්බෙන් සොයාගත් කළු පැහැ මකුළු විශේෂයක් පිළිබඳව පර්යේෂණ කරමින් සැහැල්ලු ජීවිතයක් ගත කළ පුද්ගලයෙකි. ඔහු ගේ දැතෙහි වූ බෝතලයේ වූයේ ඒ මකුළු විශේෂයේ එකෙකි. ඔහු, එම මකුළු විශේෂයේ, මකුළු දැල් තන්තුවල අන්තර්ගත ප්‍රොaටීනයක් අනුසාරයෙන් HIV ඒඩ්ස් රෝගයට ප්‍රතිජීවකයක් නිපදවී ය. ඒ අළලා ඔහු පර්යේෂණ ලිපි මාලාවක් ලිවී ය. මේ වැදගත් සොයාගැනීම නිසා ඔහු නොබෙල් ත්‍යාගයට පවා හිමිකම් කියනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළ හ. මේ මකුළු විශේෂය ඇමසොන් වනය මධ්‍යයට ආවේණික වූවකි. තව ද, ඒඩ්ස් ප්‍රතිජීවකය සෑදීමට නම්, මකුළු දැල්වලින් හෝ ඒ මකුළුවා ගේ ශරීරයෙන් හෝ අදාළ ප්‍රොaටීනය නිස්‌සාරණය කළ යුතු විය. ඒ වන විටත් ඒඩ්ස් රෝගය අති දරුණු වසංගතයක් ලෙස ලොව පුරා පැතිරෙමින් තිබුණු අතර, එය තුරන් කිරීමට නම් අතිවිශාල මකුළු ජනපදයක් සෑදිය යුතු ව තිබිණි. නමුදු, අදාළ මකුළු විශේෂය ජනපද ආකාරයෙන් කෘත්‍රිමව වගා කළ විට උන් ප්‍රචණ්‌ඩකාරී වී, තම වර්ගයා භක්‌ෂණය කරගනිමින් ජනපද විනාශ කරගනී. (cannibalism). එබැවින්, මකුළු ජනපද සෑදීම සාර්ථක පිළියමක් නො වී ය. ඊට පිළියමක් වශයෙන් ඩේවිඩ් සැම්සන් අපූරු ක්‍රමයක් හඳුන්වා දුනි. එනම්, ඒ ප්‍රතිජීවක ප්‍රොaටීනය සෑදීමට අදාළ ජාන, බැක්‌ටීරියා ජීනෝමයකට බද්ධ කොට, බැක්‌ටීරියා ජනපද නිපදවා, බැක්‌ටීරියා මාර්ගයෙන් ප්‍රොaටීනය නිස්‌සාරණය කිරීමයි. එය සාර්ථක විය. ඒ ආකාරයෙන් නිස්‌සාරණය කරගත් ප්‍රතිජීවක ප්‍රොaටීනයෙන් නිපදවූ එන්නත් අනුසාරයෙන්, ප්‍රථම සායනික නියෑදියට ස්‌වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ රෝගීහු 1,500 දෙනා සම්පූර්ණයෙන් ම ඒඩ්ස් රෝගයෙන් සුවය ලැබූ හ.මේ ගැන ඉතා ම ප්‍රීතියෙන් පසු වූ ඩේව්ඩ් සැම්සන්, සිය සතුට සැමරීම සඳහා අවසාන වතාවට යෑයි සිතා, ඇමසොන් වනය මධ්‍යයේ වූ ඔහු ගේ කුඩා පර්යේෂණ භූමියට පැමිණියේ ය. ඔහු සති කිහිපයකින් නැවතත් සිය රට වූ ඇමෙරිකාව බලා පිටත් වන බවට, සිය පෙම්වතිය වූ ලාරාට පොරොන්දු වී තිබිණි. ඔහු පර්යේෂණ භූමියට ළඟා වන විට, හදිසියේ ම එතැනින් පිග්මි මනුෂ්‍යයෙක් වේගයෙන් දිව යනු ඔහු ගේ නෙත ගැටිණි. පිග්මි මනුෂ්‍යයා උසින් අඩි තුනක් පමණක් විය. ඔහු දිව යනු දුටු සැම්සන්, "හෝව්, හෝව් පොඩ්ඩක් නවතින්න." යෑයි බෙරිහන් දුනි. එහෙත් පිග්මි මනුෂ්‍යයා ඉදිරියට දිව ගොස්, වනයේ ගස් කොළන් අතර සැඟව අතුරුදන් විය. සැම්සන් වහා, මකුළුවා දමාගත් වීදුරු බෝතලයත් ඇති ව, පිග්මි මනුෂ්‍යයා සොයා වනය මැදට පිවිසුණේ ඒ ආකාරයට ය. සැම්සන් හති දමාගෙන දිව ගොස් නතර වූයේ ඝන වනාන්තරය මැද ය. "හාහ්..... හාහ්.... මම හිතන්නේ..... හාහ්..... අපිට ඔහුව මඟහැරුණා. අපි ආපහු හැරෙමු.... හාහ්....." ඔහු හති දමමින් මකුළුවාට පැවසී ය. "මේ පැත්තට, මීට කලින් කිsසි ම මනුෂ්‍යයෙක් ඇවිත් නැහැ වගේ. මොකද දන්නේ නැහැ." ඔහු වටපිට විපරම් කරන අතරතුර අදහස් දැක්‌වී ය. "ඔයා දන්නව ද, ඉංගී්‍රසියෙන් "Curiosity killed the cat" කියලා ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. ඒ කීවේ, කුතුහලය නිසා අනවශ්‍ය දේට අත පෙවීමෙන් බළලෙක් මිය ගියා ලු." ආපසු හැරෙමින් සැම්සන් මකුළුවාට පැහැදිලි කළේ ය. "හොඳ වෙලාවට අපි දෙන්නා බළලුන් නො වුණේ, නැත්නම් අපටත් ඒ ඉරණම අත් වෙන්න ඉඩ තිබුණා." සැම්සන් මකුළුවා සමඟ විහිළු කරන්නට වූ නමුදු, ඊළඟ ක්‌ෂණයේ දී ඔහු ගේ පාදයට යටින් වූ පොළොව වේගයෙන් කි¹ බැස, උමඟක් දිගේ ඔහුව ඇදී ගියේ ය. ඔහු කෑගැසී ය. දිගට ම අඳුරු උමෙග් ඇදී ගිය ඔහු හදිසියේ ම දෘඪ පෘෂ්ඨයක් මතට වැටිණි. වටපිට බැලූ ඔහු දුටුවේ අමුතු ම දර්ශනයකි. ඔහු වටා පිග්මි මිනිස්‌සු රැස් ව සිටිය හ. ඔවුහු ඔහු දෙසට උල් වූ ආයුධ එල්ල කරගෙන සිටියෝ ය. අවට වූ අවකාශය, හුළු අතු වැනි දැවෙන පන්දම් වර්ගයකින් ආලෝකවත් වී තිබිණි. ඔහු ගේ දකුණුපසින්, තරමක් උස් වූ සිහසුනක් වැනි ස්‌ථානයක, ඉතා වර්ණවත් වූ වස්‌ත්‍රාභරණවලින් සැරසී සිටි පිග්මි කතකි. ඇය බැලූ බැල්මට ප්‍රභූ කාන්තාවක විය යුතු යෑයි සැම්සන්ට සිතිණි. සැම්සන්ට බිය මිශ්‍ර හැඟීමක් ඇති විය. ඔහු මෝඩ ලෙස සිනාසෙමින්, තමන් දෙසට එල්ල වූ උල් ආයුධයක්a සෙමින් තල්ලු කරමින්, "හායි, මම ඩේවිඩ් සැම්සන්. මම ආවේ ඇමෙරිකාවෙන්. ඉතින්, ඔයගොල්ලෝ කවුද?" යෑයි විමසී ය. එක් පිග්මි මනුෂ්‍යයෙක් හුළු අත්තක් සමඟ ඔහු දෙසට එන්නට විය. අනෙක් අය ඔහු වෙතට උල් ආයුධ එල්ල කරගෙන ම සිටිය හ. හුළු අත්ත සහිත පිග්මි මිනිසා, ඔහු ගේ අතෙහි වූ කුඩු වර්ගයක් හුළු අත්තේ දැල්ලට ඉසී ය. එවිට, මහත් වූ සුදු ආලෝකයක් ඇති වී, අවකාශය ආලෝකවත් විය. පිග්මි මිනිසා හුළු අත්ත ඉහළට ඔසවා සැම්සන් ගේ මුහුණට එබිණි. පිග්මි මිනිසා අනපේක්‌ෂිත ලෙස පුදුමයට පත් ව, මහා හඩින් යමක් තෙපළේ ය. එවිට අනෙක් සියලු පිග්මි මිනිස්‌සු උල් ආයුධ හනික පසෙක ලා, සැම්සන්ට වැඳ නමස්‌කාර කළ හ. සිහසුනේ හුන් කාන්තාව ද, සිහසුනින් නැඟිට, හිස නමා ආචාර කළා ය. "මම හිතන්නේ මේක පිග්මි ගෝත්‍ර ජනපදයක් වෙන්න ඇති. මේගොල්ලෝ මම දෙවියෙක් කියලා හිතලා මට වඳිනවා ඇති." මුව අයාගෙන වටපිට බලන ගමන් සැම්සන් කල්පනා කළේ ය. ඔහු බිම බැලූ විට, තමා අවට මිනිස් ඇටකටු සහ හිස්‌කබල් දුසිමකටත් වඩා දුටුවේ ය. ඒවා පිග්මි නො ව සාමාන්‍ය මිනිසුන් ගේ විය. ඒ දසුනින් සැම්සන් භීතියට පත් විය. ඔහු ඉහළ බැලූ විට දුටුවේ වහලේ සිදුරු හතරක් සහ ඊට සම්බන්ධ උමං පද්ධතියකි. ඔහු ඒ එක් උමඟක් ඔස්‌සේ රූටා අවුත්, එක් සිදුරකින් මේ බිමට පතිත වූ බව තේරුම්ගත්තේ ය. සැම්සන් ගේ මකුළු බෝතලය පසෙකට විසි වී තිsබිණි. තව ද, ඔහු ගේ වම්පසින් විශාල කුහුඹුවකු ගේ ප්‍රතිමාවක් විය. ප්‍රභූ කාන්තාව ගේ සිහසුන ස්‌ථානගත ව තිබුණේ, මේ කුහුඹු ප්‍රතිමාවට මුහුණ ලන පරිදි ය. ඔහු සිටගෙන සිටින්නේ යම් පූජාසනයක් මත විය හැකි යෑයි සැම්සන් එයින් තේරුම්ගත්තේ ය. වන්දනාමාන අවසන් වූ පසු, පිග්මි මිනිස්‌සු දෙදෙනෙක් ඉදිරියට අවුත් සැම්සන්ව පූජාසනයෙන් බස්‌සා, එම භූගත ගුහා සංකීර්ණයේ වෙනත් කුටීරයකට ගෙන ගියෝ ය. ඒ සියලු උමං මාර්ගවල හොඳින් වාතය සංසරණය වූ අතර, ඒවා හුළු අතුවලින් ආලෝකවත් ව තිබිණි.òòòòòòමාස දෙකක් ගත විය. සති කිහිපයකින් ගෙදර එන බවට පොරොන්දු වූ සැම්සන්, නැවත දක්‌නට ලැබුණේ මාස 2කින් පසු ව ය. ඔහු, සිය නිවැසියන්ට හෝ ලාරාට හෝ හඳුනාගත නොහැකි තරමට ම වෙනස් වී තිබිණි. කොණ්‌ඩය සහ රැවුල වැවී තිබිණි. ඔහු ගේ මුහුණෙහි වූ ප්‍රියමනාපභාවය පහ ව ගොස්, අඳුරු පරාජිත ස්‌වභාවයක් ආරුඪ වී තිබිණි. එහෙත් ඒ වන විට, ඒඩ්ස් රෝගයට සොයාගත් ප්‍රතිජීවකය ලොව පුරා ප්‍රචාරණය වෙමින් පැවතිණි. ඔහු කළ සේවයට නොබෝ කලකින් ඔහු නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීමට නියමිත ව තිබිණි. මීට පෙර, සමාජ ඇසුරට සහ සැලකිලිවලට බෙහෙවින් ප්‍රිය කළ ඩේවිඩ්, දැන් සිය බිරිඳ වූ ලාරා සමඟ, සමාජයෙන් දුරස් ව හුදෙකලා දිවියක් ගත කළේ ය. ඔහු ගේ මේ අබිරහස් වෙනස් වීම කාගේත් කථාබහට ලක් වූ නමුදු ඊට හේතු වූ සාධක ඔහු ගේ පවුලේ උදවිය හැර වෙන කවරකු වත් දැන සිටියේ නැත. තව ද, ඔහු ගේ ජීවිත අබිරහස තවත් ගුප්ත කරමින් ඔහු ගේ සහෝදරයා වූ වෝල්ටර් සැම්සන් හදිසියේ ම අතුරුදන් විය. ඔහුට කුමක් වූවා ද යන්න කිසිවකු නො දැන සිටි අතර, ඔහු ගැන සෙවීමට වත් ඩේවිඩ් ගේ පවුලේ උදවිය එතරම් උනන්දුවක් නො දැක්‌වූ හ. òòòòòòඅවුරුදු විස්‌සකට පසුව........"හම්...., ඔයා තව ටික දවසකින් ලෝකයේ ළාබාලතම අභ්‍යවකාශ ඉංජිනේරුවා විදියට ඉතිහාසගත වේ වි." මහාචාර්ය එලන් සිය ගෝලයා වූ ජොෂුවා සැම්සන් දෙසට හැරෙමින් ආඩම්බරයෙන් පැවසී ය. ජොෂුවා සිනාසිණි. ඔහු සිය අතැඟිලිවල දවටාගෙන සිටි රබර් පටියකින් කැටපෝලයක් ආකාරයෙන් කුඩා කොළ කැබැල්ලක් ජනේලයක් වෙත ප්‍රක්‌ෂේපණය කළේ ය. "ඔව් මට හිතාගන්නත් අමාරුයි. මට තාම අවුරුදු 18යි. නමුත් අඟහරු ග්‍රහයා වටා කක්‌ෂගත කළ ප්‍රථම අභ්‍යවකාශ මධ්‍යස්‌ථානයේ නිර්මාතෘ මමයි. තව ටික දවසකින් ඒකේ වැඩ නිල වශයෙන් ඇරඹේ වි. මිනිස්‌සු ඒක අන්තර්ජාතික ජොෂුවා සැම්සන් අභ්‍යවකාශ මධ්‍යස්‌ථානය විදියට හඳුනාගනී වි." ඔහු උදම් අනන්නට විය. ජොෂුවා වටා සිටි අනෙක් අභ්‍යවකාශ විද්‍යාඥයෝ ඔහු ගේ පිටට තට්‌ටු කර ඔහුට සුභාසිංශනය කළ හ. එහෙත් මහාචාර්ය එලන් පැට්‌රික් දිගු සුසුමක් හෙළී ය. ජොෂුවා සැම්සන්, නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය ඩේවිඩ් සැම්සන් ගේ පුත්‍රයා ය. ඔහු සිය පියා ගේ තරුණ කාලයේ මෙන්, විනෝදයට බර, ප්‍රියමනාප, කාගේත් සිත් දිනාගත් චරිතයක් විය. තවමත් අවුරුදු 18ක් වත් නො වූ ඔහු විශ්වවිද්‍යාලයකට වත් ඇතුළත් ව නො සිටියේ ය. එනමුත් ඔහු නාසා ආයතනයේ සේවයට බඳවාගෙන තිබිණි. ඔහුට එම අවස්‌ථාව ලැබුණේ අභ්‍යවකාශ මධ්‍යස්‌ථාන නිර්මාණය පිළිබඳව අන්තර්ජාතික ව පවත්වන ලද විවෘත තරගයකින් තේරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. නාසා ආයතනය සංවිධානය කළ ඒ තරගයට අනුව, අඟහරු වටා ඉදි වීමට නියමිත ව තිබූ ප්‍රථම අභ්‍යවකාශ මධ්‍යස්‌ථානය සෑදිය හැකි පහසුතම ක්‍රමවේදය පිළිබඳව අදහස් දක්‌වන ලෙස ඉල්ලීමක් කර තිබිණි. ලොව නන් දෙසින් ඊට ප්‍රතිචාර ලැබිණි. මේ ලක්‌ෂ සංඛ්‍යාත ප්‍රතිචාර අතුරින් ජයග්‍රාහී යෝජනාව ලෙස තේරුණේ ජොෂුවා සැම්සන් ගේ යෝජනාවයි. ඔහු ගේ අදහස සරල ප්‍රායෝගික එකක් විය. සිය පියා ඒඩ්ස් මර්දන ප්‍රතිජීවකය මකුළුවා ගෙන් නිස්‌සාරණය කර බැක්‌ටීරියා ජනපද මාර්ගයෙන් මහා පරිමාණයෙන් වගා කළා හා සමාන අදහසක් ජොෂුවා සිය අභ්‍යවකාශ මධ්‍යස්‌ථානය නිර්මාණය කිරීමට යෝජනා කළේ ය. ස්‌වාභාවික ලෝකයේ ඇති ශක්‌තියෙන් වැඩිතම තන්තු වන්නේ මකුළු දැල් තන්තු ය. ජොෂුවා ගේ යෝජනාව වූයේ, මකුළුදැල්වල අන්තර්ගත ප්‍රොaටීන සෑදීමට අදාළ DNA (ඩී.එන්.ඒ) මකුළුවා ගේ ජීනෝමයෙන් නිස්‌සාරණය කොට බැක්‌ටීරියා ජීනෝමයකට ඇතුළත් කර, එම බැක්‌ටීරියා රෝපණ මාධ්‍යයක වගා කොට, ඉන් නිපදවන මකුළු දැල් තන්තු ප්‍රොaටීනය නිස්‌සාරණය කළ හැකි බවයි. එම තන්තුවලින් යන්ත්‍රානුසාරයෙන් ශක්‌තිමත් අමුද්‍රව්‍යයක් සාදාගත හැකි ය. මේ අමුද්‍රව්‍යය මූලික අමුද්‍රව්‍යය කරගනිමින් අභ්‍යවකාශ මධ්‍යස්‌ථානය තැනිය හැකි ය.තව ද මේ යෝජනාවට අනුව, පෘථිවියේ සිට අභ්‍යවකාශයට ප්‍රවාහනය කළ යුතු ව තිබූ අමුද්‍රව්‍ය ස්‌කන්ධය සාපේක්‌ෂව ඉතා අඩු විය. එනම්, අදාළ අමුද්‍රව්‍යය ප්‍රවාහනය කරනවාට වඩා, එම අමුද්‍රව්‍යය නිපදවිය හැකි බැක්‌ටීරියා ගහන පමණක් අභ්‍යවකාශයට ගෙන යැම ප්‍රමාණවත් විය. මේ බැක්‌ටීරියා ගහන රැගත් කුඩා අභවකාශ යානා අඟහරු වටා කක්‌ෂගත වූ පසුව, ඒ තුළ ප්‍රශස්‌ථ පරිසර තත්ත්ව යටතේ, විශේෂ කුටීර තුළ තැන්පත් කර තිබූ බැක්‌ටීරියා වර්ධනය වී අදාළ ප්‍රොaටීනය නිපදවන ලදි. එම අභ්‍යවකාශ යානා තුළ වූ විශේෂිත රොබෝවන් විසින් ඒ ප්‍රොaටීනය නිස්‌සාරණය කර යන්ත්‍රානුසාරයෙන් අමුද්‍රව්‍ය නිපදවා, ඒ අමුද්‍රව්‍ය ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍ර (3D printers)වලට කවා, එමගින් අභ්‍යවකාශ මධ්‍යස්‌ථානයේ කොටස් නිර්මාණය කොට එකලස් කරන ලදි. අඟහරු ග්‍රහයා වටා කක්‌ෂගත වූ ප්‍රථම අභ්‍යවකාශ මධ්‍යස්‌ථානය නිර්මාණය වූයේ එලෙස ය. තව මාස දෙකකින් පමණ එහි වැඩ ආරම්භ කිරීමට නියමිත ව තිබිණි. "ජොෂුවා, කොහොම ද අභ්‍යවකාශ මධ්‍යස්‌ථානයේ වැඩ? විවෘත කරන්න සියල්ල සූදානම් ද?" එක් දිනක් සවස ජොෂුවා ගේ පියා ඩේවිඩ්, ඔහු ගේ පිටට තට්‌ටුවක් දමමින් විමසී ය. ජොෂුවා බර කල්පනාවක නිමග්න ව සිටියේ ය. "හම්... මම මේ කල්පනා කළේ," ජොෂුවා සිය ඇතැඟිලිවල දවටාගෙන සිටි රබර් පටියෙන් කොළ කැබැල්ලක් බිත්තියකට ප්‍රක්‌ෂේපණය කරන ගමන් කථා කරන්නට විය. "අපි බැක්‌ටීරියා සාම්පල, ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍ර, පරිගණක වැඩසටහන් මගින් ක්‍රියාත්මක කළ හැකි අභ්‍යවකාශ රෝබෝවන් කියන ත්‍රිත්වය එකට ඈඳලා අභ්‍යවකාශයට නිකුත් කළොත්, ඒවා අලෝක වර්ෂ ගණනාවක් ඈතින් තියෙන ග්‍රහ පද්ධතිවලට ළඟා වෙන්න පුළුවන් වන විදියට වැඩසටහන්ගත කළොත් (programmed) ඒවා අදාළ තැන්වල ස්‌ථානගත වෙලා, සක්‍රීය වෙලා අභ්‍යවකාශ මධ්‍යස්‌ථාන නිර්මාණය කරා වි. ම්ම්... මගේ දෙවැනි ව්‍යාපෘතිය විදියට ඒ අදහස අත්හදා බලන්න වටිනවා නේ ද?" ඔහු විමසී ය. "ඒක නෙවෙයි, ඔයගොල්ලෝ දන්නව ද? මහාචාර්ය එලන්, මගේ සංකල්පයක් අනුව නිපදවපු මේ ප්‍රථම අභ්‍යවකාශ මධ්‍යස්‌ථානයට මම කැමැති නමක් දාන්න අවස්‌ථාව ලබා දුන්නා. මම ඉතින් මගෙ නම යෝජනා කළා." ඔහු පොඩි දරුවකු මෙන් සතුටින් ඉපිල යමින් කී ය."මහාචාර්ය එලන් මගේ කොල්ලව නරක් කරනවා." ජොෂුවා ගේ මව කථාබහට එක් වූවා ය."එහෙම ද? එයා කිව්වා මම ලු ලෝකයේ ළාබාලතම අභ්‍යවකාශ විද්‍යාඥයා. ඔය දෙන්නට මගේ දක්‌ෂකම් ගැන සතුටු නැද්ද?" ජොෂුවා සිනාසෙමින් විමසී ය."ඒක මයි අපිට දුකෘ" ඔහු ගේ පියා ගෙන් ලැබුණේ අනපේක්‌ෂිත පිළිතුරකි. ඊට ප්‍රතිචාර ලෙස, ජෙෂුවා රබර් පටියෙන් සිය පියා ගේ පපුව ඉලක්‌ක කරමින් කොළ කැබැල්ලක් ප්‍රක්‌ෂේපණය කළේ ය. කොළ කැබැල්ල අතරමඟ දී අල්ලාගත් ඩේවිඩ්, එය ඉවතට විසි කරමින්, බැරෑරුම් කටහඩකින් ජොෂුවා ඇමතී ය. "ජොෂුවා, ඔයා ගේ 18 වැනි උපන්දිනය යෙදිලා තියෙන්නේ ඔක්‌තෝබර් 1 වැනිදාට නේ. අපි එදාට ඔයාට, ඔයා ගේ ජීවිතයෙන් මෙතෙක් කල් වසන් කරපු අබිරහසක් හෙළි කරනවා. ඒක ඔයාට හෙළි කිරීම අපේ යුතුකමක්. නමුත් ඒකට ඔයා මාත් එක්‌ක ඇමසොන් වනාන්තරය මැදට ගමන් කරන්න ඕන කරනවා. මොකද කියන්නේ?" එන්න කැමති ද?" "අනිවාර්යයෙන් මෘ ඒත් මොකද්ද ඒ අබිරහස? මට දැන් ම දැනගන්න පුළුවන් ද?""නැහැෘ" ඔහු ගේ පියා ඉවතට හැරී ගමන් කළේ ය. නිමාෂි ප්‍රනාන්දු

මැදියම්
රැය ගෙවී ගිය වහා ම බැටරිවල ශක්‌තිය ද වියෑකී ගයේ ය. මහාචාර්ය මිල්වර්ඩ් තුළ
තවදුරටත් ඒ ගැන සොයා බලන්නට හිතක් තිබුණේ නැත. ඒ නිසා ම ඔහු තමන් වටා ලෝම
දැවැටුම හොඳින් පොරවාගන සැප පහසු නැති නින්දකට වැටුණේ ය.
ඔහු නැවත විශ්ව විද්‍යාල ගොඩනැගිල්ල දෙසට හැරී එන විටත් උණුසුම රහිත හිරු සුදු
පැහැති තනිමංසල පුරා ආලෝක දහරා වගුරවා තිබුණි.
ඔහු සිටියේ හොඳහැටි හෙම්බත් ව ය. ලැබුණු සුළු නින්දටත් තමන් ගලවාගනු ලැබීම
පිළිබඳ සොඳුරු චින්තාවලීන් ගෙන් බාධා පැමිණ තිබූ හෙයිනි.
අන්න එවිට ම, අවට පැතිර තිබූ මළ නිහැඬියාව මැද එක්‌වර ම මහා ගිගුරුම් හඬක්
ඈතින් ඇදී ආවේ හිම මිදුණු ධවල පියෑසි දෙදරවා ලමිනි. එය පැමිණියේ - මෙවර නම්
කිසිදු සැකයක් නොමැති ව ම කලකට පෙර ලන්ඩනයේ මහා ක්‍රීඩාංගනය බවට පත් ව තිබූ
උතුරුකරයේ කඳු වැටිවලටත් එපිටිනි. දෙපස වූ ගොඩනැගිලි මුදුනින් පුළුල් මාර්ගය
මතට ඇද වැටුණේ සුධාධවල හිම දහරාවකි. ඉන්පසු, නැවතත් නිහඬතාව පැමිණියේ ය.
මහාචාර්ය මිල්වර්ඩ් ගල්ගැසී සිටගෙන උන්නේ සිතිවිලි කිරා බලමින්, සමාලෝචනය
කරමින් සහ විශ්ලේෂණයක යෙදෙමිනි. සාමාන්‍ය ගිගුරුම් හඬක් සේ ඇසෙන්නට මේ හඬ ඉතා
ඈත දුරක සිට ඇදී ආවා විය යුතු ය. නැතිනම්, ඔහු නැවතත් සිහින දකිනවා වත් ද? එය
ඈතින් ඇසුණු පරමාණු බෝම්බයක හඬට වැඩි දෙයක් නො වන්නටත් හැකි ය. වරකට ටොන්
මිලියන ගණනක් හිමකඳු ගිනි තබා පුපුරවා හරිමින් මරණය වෙනුවට ජීවිතය ගෙන එන
පරමාණු බෝම්බයක හඬක් විය හැකි ය. ඔහු ගේ බලාපොරොත්තුව නැවත කුළුගැන්වී නැගී
එන්නට විය. එහෙයින් ම රාත්‍රියේ පැන නැගුණු දුක්‌ඛ දෝමනස්‌සයන් කෙමෙන් වියෑකී
යන්නට වූයේ ය.
හිටි අඩියේ තාවකාලිකව සිදු කළ ඒ නැවැතීම තව පොඩ්ඩෙන් ඔහු ගේ ජීවිතය ද අහිමි
කරන්නට තිබුණි. පැත්තක තිබූ පටු පාරක් වෙතින් හදිසියේ ම ඔහු ගේ නෙත් මානයට ආවේ
සුවිශාල ධවල යමකි. එක් මොහොතකට ඔහු ගේ සිත තමන් දැක්‌ක දේ පිළිබඳ ඇත්ත විශ්වාස
කිරීමට අකැමැති විය. සිහිපත නැවත එද්දී ඔහු උන්නේ රිවෝල්වරය ඇදගන්නට කඩිමුඩියේ
නිශ්ඵල ලෙස අතපතගාමිනි. වශීකරණයකට ලක් කරන්නාක් මෙන් හිස ඒ පැත්තට මේ පැත්තට
වනමින් සර්පාකාර දඟර ගමනක යෙදෙමින්, හිම ඔස්‌සේ ඔහු දෙසට බර අඩි තබමින් එමින්
සිටියේ යෝධ ධ්‍රැව වලසෙකි.
සන්තක ව තිබූ සියල්ල අතහැර දැමූ ඔහු කඩිමුඩියේ හිමේ එරෙමින් දිවැ ගියේ ළඟ ම
තිබූ ගොඩනැගිල්ල වෙත ය. දෙවි පිහිටෙන්, බිම් මහල් දොරටුව තිබුණේ අඩි පහළොවක්
එපිටිනි. යකඩ දැල් ගේට්‌ටුව වසා දමලා ය. එහෙත් වසර ගණනාවකට පෙර එහි අගුල කැඩූ
බව ඔහු ගේ මතකයේ රැඳී තිබුණි. පිටුපස හැරී බලන්නට ඇති වූ පෙලැඹුම ඉවැසිය නොහැකි
තරම් වුණේ ඔහු පසුපස ලුහුබඳින්නා ඒ වන විට කෙතරම් කිට්‌ටු කර ඇති දැයි කිව හැකි
කිසිදු හාවක් හූවක් එදෙසින් නො නැඟුණු හෙයිනි.
එක් ත්‍රාසජනක මොහොතක් තුළ දී යකඩ දැල ඔහු ගේ අවසඟ ඇඟිලිවල බලපෑමට විරෝධය
දැක්‌වී ය. ඉන්පසු එය අකැමැත්තෙන් මෙන් මහා හඬක් නගමින් මඳක් විවර වූ අතර ඔහු
පටු විවරය ඔස්‌සේ තදබද වී ඇතුළට පැනගත්තේ ය.
එක්‌වර ම ඔහු සිත තුළට කඩා වැදුණේ තැනට නො ගැළපෙන ළමා වියේ මතකයකි. ඒ, කූඩුවේ
කම්බි දැල මත සිය සිරුර නො සැලකිල්ලෙන් මෙන් ඒ මේ අත වනමින් වියරු වී සිටිනු
ඔහු දුටු ඇලි දිවියකු පිළිබඳ මතකයයි. උගේ දක්‌නට ලැබුණේත් දැන් මේ යකඩ දැල
පසුපසට වී කේන්තියෙන් හිස ඔසවමින් එහි බාධාව මැඩ එය මතට නැගගන්නට තැත් දරනා
මිනිසකු මෙන් දෙගුණයක් උසැති මේ යක්‌ෂයා ගේ මුහුණේ වූ සර්පාකාර පරුෂ පෙනුම ම
ය. යකඩ දැල මඳක් වාංගු වූ නමුදු පීඩනය හේතුවෙන් නැමී ගියේ නැත. ඉතින්, වලසා
බිමට පැන්නේ හීන් ගෙරැවිල්ලක් පිට කරමිනි. ඉන්පසු ඌ සෙමින් පිය නගා ඈතට නික්‌ම
ගියේ ය. ඌ බිම ඇද වැටී තිබූ කරමල්ල වරක් දෙවරක් ඒ මේ අත විසි කර දැම්මේ හිම
මත ආහාර ටින් කිහිපයක් විසුරුවා දමමිනි. ඉන්පසු ඌ පැමිණියාක් මෙන්ම අතුරුදන්ව
ගියේ හැල හොල්මනක් නැති ව ය.
මහත් සේ තැතිගැනුණු මහාචාර්ය මිල්වර්ඩ් එක් ආරක්‌ෂක මුවාවකින් තවත් තැනකට
හැල්මේ කෙටිදුර දිවැ යමින් විශ්වවිද්‍යාල ගොඩනැගිල්ල කරා ළඟා වූයේ තෙපැයකට පසුව
ය. අන්තිමේ දී, මේ අවුරුදු ගණනාවට පසු ඔහු තවදුරටත් මේ නගරයේ සිටින්නේ තට්‌ට
තනිය ම නො වේ. ඔහු කල්පනා කළේ මෙහි තවත් අමුත්තන් පැමිණ ඇති දැයි කියා ය. ඒ
රාත්‍රිය ගෙවෙන්නට පෙර ඔහුට පිළිතුරු ලැබුණි. පහන් කළුව වැටෙන්නට ඔන්න මෙන්න
කියා තිබිය දී ඔහුට හයිඩ්පාර්ක් දිසාවෙන් පැහැදිලිව ම හඳුනාගත හැකි පරිදි
ඇසුණේ වෘකයකු ගේ හැමකි.
සතිය අවසානයට ළඟා වන විට උතුරේ සිටි සතුන් ගමන් කිරීම අරඹා ඇති බව ඔහු
තේරුම්ගත්තේ ය. වරෙක ඔහු දුටුවේ පිනි මුවකු දකුණ දිග බලා පලා යන අන්දම ය. වෘක
රංචුවක් සද්ද බද්ද නැති ව ඌ ලුහුබැඳ ගිය හ. ඇතැම් විට රාත්‍රී කාලයෙහි දී ඔහු
සවන් වැකුණේ මාරාන්තික පොරයක හඬ ය. උතුරු ධ්‍රැවයත් ලන්ඩයත් අතර පැතිර තිබූ
සුධාධවල හිම වනාන්තරය තුළ ඒ තරම් වනජීවීන් සංඛ්‍යාවක් දිවි ගැටගසාගන්නට සමත් ව
තිබීම ගැන ඔහු විමතියට පත් විය. දැන් යම්කිසි දෙයක් උන් සැවොම බිය කර දකුණු
දෙසට පන්නා දමමින් සිටියි. මේ අවබෝධය ඔහු තුළ මතු කළේ තැති ගැනෙනසුලු
ප්‍රමෝදයකි. මිනිසාට ආරක්‌ෂාව සපයන කිසියම් දෙයකින් මේ භය නැති සතුන් ඉවතට පලා
යා වි යෑයි ඔහු කොහෙත් ම විශ්වාස කළේ නැත.
බලා ඉඳිල්ල නිසා ම ඇති වූ පීඩාව මහාචාර්ය මිල්වර්ඩ් ගේ මනසට බලපෑම් කරමින්
තිබුණි. ඔහු සිය ලෝම තදින් පොරවාගෙන සීතල ඉරඑළිය යටට වී පැය ගණන් සිතන්නට වූයේ
තමන් ගලවාගන්නට කණ්‌ඩායමක් පැමිණීම ගැන ය. ඒ සඳහා මිනිසුන් කොයි දෙසින්
ලන්ඩනයට ළඟා වේ දැයි ඔහු සිතන්නට විය. සමහර විට ගවේෂණ කණ්‌ඩායමක් උතුරු
අමෙරිකාවේ සිට ඇට්‌ලාන්ටික් ඔස්‌සේ පැමිණියා විය හැකි ය. එසේ නම් එයට වසර
ගණනාවක් ගත වන්නට හැකි ය. ඒත්, ඔවුන් ඒ තරම් ඈත උතුරුකරයේ සිට එන්නේ මොන
කෙංගෙඩියකට ද? ඔහු ගේ ප්‍රියතම තර්කය වූයේ අත්ලාන්තික් හිම තට්‌ටුව බර බද්දල්
සහිත තදබද ගමනකට තුනී වැඩි බව ය. ඒ හැරත් එය දකුණේ සිට එනවාට වඩා දිග දුරකි.
එක දෙයක් ගැන කෙසේ හෝ ඔහුට සෑහීමකට පත් විය හැකි හේතුවක් දැක්‌වීමට නොහැක්‌කේ
ය. ගුවන් මගින් සෝදිසි කිරීමක් සිදු වුණේ නැත්තේ ඇයි ද යන්න ගැන ය. ගුවනින්
යැමේ ශිල්ප කලාව මේ තරම් සුළු කාලයක දී මිනිසාට අමතක ව ගියෑයි සිතීම ඉතා ම
අසීරු ය.
ඉඳහිට ඔහු පොත් කඳු අතර සරන්නේ එතැන මෙතැන වූ හොඳින් ආදරය කළ පොත් වෙළුම් වෙත
කොඳුරමිනි. වසර ගණනකින් හෝ විවෘත කරන්නට තරම් වත් ඔහු නිර්භීත නො වූ පොත් මෙහි
තිබේ. ඒවා ඔහුට අතීතය පිළිබඳ හද සසල කරවන මතක අවදි කරවන්නේ ය. ඒත් දැන්, දවස්
වඩාත් ප්‍රභාවත් ව, දිරිමත් ව වැඩෙන්නට ගත් විට ඉඳහිට ඒ කාලයේ ඔහු ගේ සිත්ගත්
කවි වෙළුමක් තෝරාගන නැවත කියවනු ඇත. ඊළඟට ඔහු උසැති ජනෙල් කවුළුව වෙත ගොස් මහ
හඬින් මේ ඉන්ද්‍රජාලික වචන මොර ගසන්නේ හරියට ඒ මගින් ලෝකය සිර කරගෙන වෙළා ඇති
මායා දැහැන බිඳී යතැයි සිතන්නාක් මෙනි.
දැන් මෙහි උණුසුම් ය. හරියට ම, මිය ගිය වසන්තයේ අවතාර මේබිම ගොදුරු කර
සැරිසරන්නට නැවත හැරී ආ ලෙසකි. මේ මුළු කාලය තුළ දී උෂ්ණත්වය හිමි මිදෙන
මට්‌ටමින් ඉහළට නැංවිලා ය. ඒ අතර බොහෝ තැන්වල හිම අතරින් මල් කිනිති හිස ඔසොවලා
ය. උතුරේ සිට එන්නේ කුමක් වුවත් එය ඉතා ළං වී තිබේ. දවසකට කිහිප වතාවක් ම අර
හිතාගත නොහැකි ඝෝර නාදය නගරය ගුගුරවා ඇදී යන්නේ දහස් ගණනක් පියෑසි මත වූ
හිමබිම පතිත කරවමිනි. ඒ සමග අමුතු පොඩි කර දමන්නාක් බඳු අතුරු හඬක් ද වූ අතර
මහාචාර්ය මිල්වර්ඩ් එය තේරුම්ගත්තේ අසුබ බාධාවක් ලෙස ය. සමහර වේලාවන්ට එය
හරියට ම මහා සේනාවන් දෙකක් අතර ගැටුමකට සවන් දී සිටින්නාක් මෙනි. එබඳු සමහර
වේලාවන්ට ඔහු තුළ නැගී එන ත්‍රාසජනක වියරු අදහස් නැවත සිත හැර යන්නේ ම නැති
තරම් ය. නිරන්තරයෙන් ම ඔහු මහ රැයේ ගැස්‌සී හනික අවදි වන්නේ තමන් මහා කඳුවැටි
මුහුද දෙසට ගමන් ගන්නා හඬ අසන බව සිතමිනි.
වසන්තය කෙමෙන් ගෙවී යද්දී ඈත සටන් පෙරමුණක බඳු ව නැගී ආ හඬ කෙමෙන් කෙමෙන් ළං
වන්නට විය. මහාචාර්ය මිල්වර්ඩ් උන්නේ අපේක්‌ෂාව සහ භීතිය අතර එකෙල මෙකෙල
වෙමිනි. ඒ නමුත් ඔහුට තවදුරටත් වෘකයන් හෝ වළසුන් හෝ දක්‌නට ලැබුණේ නැත. ඔවුන්
සියල්ලෝ ම දකුණ බලා පලාගිය ලෙසකි. ඒ වුවත් ඔහු තමන් ගේ මේ බළකොටුව හැර යැමේ
අවදානම ගන්නට කැමැති වුණේ නැත. සෑම උදෑසනක ම ඔහු ඉහළින් ම වූ ජනේලය අසලට ගොස්
දුර බලන කණ්‌ණාඩියකින් උතුරුකරය දිසාව හොඳින් පිරික්‌සන නමුත් ඔහු හැම විට ම
දුටුවේ හැමිස්‌ටීඩ්වලට ඉහළින් එක ලෙසට ම ඉතිරි පැතිර තිබූ හිරු රශ්මිය හා සටන්
වැදෙන මහා හිම තලයයි.
ඔහු ගේ සෝදිසිය මේ කෙටි වසන්තයේ අවසන් දිනය සමග නිමා වූයේ ය. රාත්‍රියේ ඇහෙන
මහා ඇඹරුම් ගිගුරුම් හඬ වෙන කවදාටත් වඩා ඉතා ළං වී තිබුණි. එහෙත් එයට නගරයේ සිට
ඇති දුර ගැන සිතාගන්නට සුළු ඉඟියක් වත් තවම ලැබුණේ නැත. පටු ජනේලය වෙත නැගී
උතුරු දෙසට සිය ප්‍රිස්‌ම දෙනෙතිය යොමු කරනා විට දීත් මේ ගැන කිසිදු පූර්ව
අනතුරු සංඥාවක් ඔහු තුළ පහළ වී තිබුණේ නැත.
තර්ජනයට ලක් වූ බළකොටුවක සිට පරීක්‌ෂාවෙන් බලන්නකු හට ඉදිරියට එන සතුරු
හමුදාවේ පෙරමුණ ගන්නවුන් ගේ හෙලි තුඩු හිරු රැස් වැදී දිදුළන අයුරු පෙනී යන්නට
ඕනෑ ය. ඉතින්, අන්න එලෙස, ඒ මොහොතේ මහාචාර්ය මිල්වර්ඩ් ඇත්ත වටහාගත්තේ ය. වාතය
සුපිරිසුදු ය. කඳු ශිඛර සීතල නිල් අහස් ගැබ පසුබිමේ තියුණු ව බැබළෙමින් ය.
ඒවායේ තිබූ සියලු ම හිම දිය වී ගොසිනි. නිරුවත් ව ය. නැවත වරක් ඔහු ඒ ගැන
උද්දාමයට පත් වුවත් දැන් එයින් කිසිදු ඵලක් නැත.
පසුගිය දිගු රාත්‍රීන් පුරා ඔහුට අමතක ව ගොස් තිබූ නිහඬ සතුරා ඔහු ගේ සියලු
අපේක්‌ෂාවන් බිඳ දමා අවසන් ප්‍රහාරයට නැවතත් සීරුවෙනි. ගිලී ගිය කඳු පර්වත
මුදුන් අතරින් නැෙගන මාරාන්තික ප්‍රභාවය දුටුමනින් ම, මහාචාර්ය මිල්වර්ඩ් මාස
ගණනක සිට ඉදිරියට පැමිණෙමින් තිබූ බව ඔහු අසා තිබූ ඒ ගොරබිරම් හඬ කුමක් දැයි
හොඳින් ම වටහාගත්තේ ය. ඒ ඔහු සිත තුළ මැවුණු සිහිනයක වූ විස්‌මිතයකි. කඳුවැටි
ඉදිරියට ගමන් කරමින් සිටියි.
උතුරුකරයෙන් පිටතට, ඔවුන් ගේ පෞරාණික උපන් බිමේ සිට වරෙක තමන් සතු ව තිබූ භූමිය
නැවත අත්පත් කරගැනීම උදෙසා, හිමකඳු නැවත පැමිණ තිබේ.

මහාචාර්ය මිල්වර්ඩ් පටු ඇඳේ දනි පනි ගාලා නැගිටලා කෙළින් වුණු පාරට වැටුණු
තියුණු ලෝම බිම ගැටුණේ බොහෝ ම සුමුදුවට. මේ වතාවේ නම්, ඔහුට ටක්‌කෙට ම
විශ්වාසයි, ඒක හීනයක් නම් නො වන බව. ඔහු ගේ පෙනහඵ කීරි ගාගන ඇදී යන හිම මිදෙන
සීතල පිරුණු වා තලය, තවමත් ඒ මහා ගැටුම් නාදයෙන් දෝංකාර දෙන බවකුයි දැනුණේ.
ලෝම ටික තමන් වටා නැවතත් ගොනු කරගන ඔහු කන් දීගෙන උන්නේ ලොකු බලාපොරොත්තුවකින්.
නැවතත් සියල්ල ගිලී තිබුණේ දැඩි නිහැඩියාවක ය. බටහිර පැත්තේ පටු කවුඵවලින් ගලා
ආ චන්ද්‍රdලෝකය නිමක් නැති ව ගොඩගසා තිබූ පොත් තට්‌ටු මත පතිත වූයේ හරියට ම
පොළොව යට සුසානයක කොත් මත රැඳී රග දෙන ආකාරයෙනි. මුඵ ලෝකය ම සහමුලින් ම නිහඬ ය.
ඉස්‌සර කාලේ සමහර දවස්‌වලත් නගරය නිහඬ ව තිබෙන්නට ඇති, නමුත් දැන් ඒ නිහඬ බව
දෙගුණ වෙලා ය.
තාමත් නිදිමතින් කිරා වැටෙද්දී ම මහාචාර්ය මිල්වර්ඩ් ඇගමැලි කඩලා ඇඳෙන් පැනගෙන,
කෝක් කැට අහුරක් අතේ ගෙනයන්න හැකි දිළිසෙන උණුවතුර බෝතලේට දාගත්තා. ඊට පස්‌සේ
හිමිහිට ළග ම ඇති ජනේලය දිහාට කිට්‌ටු කළේ, මේ අවුරුදු ගණනාව තිස්‌සේ පණ වගේ
ආරක්‌ෂා කරපු පොත් වෝඵම් මත ඉඳහිට ආදරයෙන් අත තියන්න පරක් වෙමිනුයි.
ඔහු දිස්‌නේ ගහන හඳ එළියෙන් ඇස් දෙක ආවරණය කරගන පිටත රාත්‍රිය දිහාට එබී
බැලුවා. අහස වලාවෙන් තොර ය, එනිසා ම ඔහුට ඇසුණු හඬ ගෙරැවිලි හඬක් වන්නට නොහැකි
ය. එය කුමක් වන්නට හැකි වුව ද, පැමිණුණේ උතුරෙනි. ඉතින්, මෙහෙම ඔහු මෙතැන බලා
සිටිය දී ම ඔන්න ඒ හඬ ආපහු.
දුරස්‌ථ බව එය බාල කර මුදු කර තිබුණි. දුරස්‌ථ බවත්, ලන්ඩනය එපිටින් වැතිර තිබූ
කඳුවැටි ගොන්නත් විසින් අහස ගොරවන හඬක් මෙන් එය ගුවන් තලය හරහා ඇදී ගියේ නැත.
ඒ වෙනුවට ඈත දුර උතුරුකරයේ යම් නිශ්චිත ස්‌ථානයක සිට පැමිණි ලෙසිනි. ඒ හඬ
මහාචාර්ය මිල්වර්ඩ් උපන්තේකට අසා නැති කිසි ම හඬක් වාගේ නම් නො වේ. ඉතින් එක්
මොහොතකට ඔහු බලාපොරොත්තු ඇති කරගන්නට තරම් දිරිමත් වූයේ ය.
මිනිසාට පමණි, ඔහුට හොඳහැටි විශ්වාස ය, එබඳු හඬක් ඇති කළ හැක්‌කේ. සමහර විට
වසර විස්‌සකටත් එහා සිට ශිෂ්ටාචාරයට අයත් මේ ධන නිධාන අතර ඔහුව රඳවා තබන්නට
හේතු වූ සිහිනය ඉතා ඉක්‌මනින් ම තවදුරටත් සිහිනයක් ම පමණක් නො වනු ඇත.
මිනිස්‌සු ලන්ඩනය වෙත ආපසු හැරී එමිනි. න්‍යෂ්ටික දූවිල්ල පැමිණෙන්නටත් පෙර
ඔවුන් සතු ව තිබූ විද්‍යාත්මක දැනුමෙන් තනාගත් උපකරණ මගින් මිදුණු නිම්නය
දැදුරු කරමින් ආපසු පැමිණෙමිනි. ඔවුන් ගොඩබිම දෙසින් පැමිණීමත්, උතුරුකරය
දෙසින් පැමිණීමත් ටිකක් අමුතුයි වගේ තමා, නමුත් ඔහු තමන් තුළ අලුතෙන් දැල්වුණු
බලාපොරොත්තුවේ ගිනිදලුව නිවා දමන්නට සමත් එබඳු සියලු සිතුවිලි බලාත්කාරයෙන් ම
වාගේ පසෙකට තල්ලු කර දැම්මේ ය.
අඩි තුන් සියයකට පහළින් අඳුරු සඳඑළියේ නැහැවෙමින් හිමෙන් වැසුණු සුනුවිසුනු වූ
නිවාස පියෑසි සාගරයකි. මයිල ගණනාවක් එපිටින් බැටර්ඒෂියා බලශක්‌ති
මධ්‍යස්‌ථානයේ උසැති ගොඩනැගිලි අහස යට දිදුළමින් නැගී සිටින්නේ කෙට්‌ටු
සුදුපැහැති අවතාර බඳු ව ය. මේ වන විට ශාන්ත පාවුඵ දේවස්‌ථානයේ අර්ධ ගෝලාකාර
පියෑස්‌ස මිදුණු හිම බරෙන් කඩා බිඳ වැටිලා ය. හිම පමණක් තනි ව එහි සුපිරි බවට
අභියෝග කර තිබේ.
මහාචාර්ය මිල්වර්ඩ් පොත් ගොඩවල් අතරින් ආපසු සෙමින් ඇවිද ගියේ ඔහු ගේ හිතේ ඇඳී
තිබූ සැලසුම ගැන නැවත කල්පනා කරමිනි. වසර විස්‌සකට පෙරාතුව ඔහු අවසන්
හෙළිකොප්ටරය ද රීජන්ට් පාර්ක් වෙතින් ඉහළට නැෙගනු බලා උන්නේ ය. ඒවායේ තටු
කැරැකුණේ ඇදහැළෙන හිම පියලි මත් ගාන්නාක් සේ කපා හරිමිනි. ඒ මොහොතේත්, ඔහු වටා
නිහඬ බව පොදි ගැහෙද්දීත් ඔහුට අදහාගන්නට නොහැකි කාරණය වූයේ මිනිසා උතුරුකරය
සදහට ම අත්හැර දමා ඇති බව ය. මේ වන තුරු මුඵ පරම්පරාවක් පුරා ඔහු බලා උන්නේ ය.
ඔහු ගේ ජීවිතය ම කැප කළ කාරණාව උදෙසා පොත් අතර රැඳී බලා උන්නේ ය.
ඔය කියන මුල් කාලයේ දිනවල ඔහුට ඉඳහිට අසන්නට ලැබුණේ, දකුණ සමග එක ම සබඳතාව බවට
පත් ව තිබූ රේඩියෝව ඔස්‌සේ, දැනට සමතෝෂ්ණ කලාපයක් බවට පත් ව ඇති සමකය අවට
ප්‍රදේශ ජනාවාස කරන්නට ගෙන යන අරගලය ගැන ය. ඈත දුර සිදු වූ ඒ සටනේ අවසන්
ප්‍රතිඵලය ගැන ඔහු දැන සිටියේ නැත. ඒ වන විටත් මුල් ම හිම කැටි පතිත ව තිබූ
මියෑදෙමින් සිටි කැළෑ සහ කාන්තාර සමග මිනිසා සිය අතිශූර දක්‌ෂතාවන් යොදමින් කළ
සටන ඔහුට අරුමයකි. සමහර විට එය පරාජය වී තිබෙන්නට හැකි ය. රේඩියෝව දැන් වසර
පහළොවක තරමේ සිට ම නිශ්ශබ්ද ව ගොසිනි. එහෙත් දැන් ඉතින් මිනිසුන් සහ යන්ත්‍ර
උතුරේ සිට නැවත පැමිණෙන්නේ නම්, නැතිනම් හතරවටින් ම පැමිණියා වුවත්, ඔවුන්
පැමිණෙන භූමිභාගයන් ගේ සිට ඔවුන් එකිනෙකා අතර දොඩන හඬ ඔහුට නැවත ඇසීමට හැකි වනු
ඇත.
මහාචාර්ය මිල්වර්ඩ් මේ සරසවි ගොඩනැගිල්ල හැර යන්නේ වසරකට කිහිප වතාවකි. ඒත් ඉතා
Rජු ව ම බලපානා අත්‍යවශ්‍ය කාරණාවක් සඳහා ම පමණකි. පසුගිය දශක දෙකක කාලය තුළ
දී බ්ලූම්ස්‌බෙරි ප්‍රදේශයේ කඩසාප්පුවලින්, මිනිසා ගේ අන්තිම නික්‌ම යැමේ දී
ප්‍රවාහන පහසුකම් නොමැති වීම නිසා අත්හැර දමා ගොස් තිබූ මහා බඩු භාණ්‌ඩ තොගය
අතුරින් තමන්ට අවශ්‍ය සියලු ම දේ එක් රැස් කරගන තිබුණි. බොහෝ අතට, ඔහු ගේ
ජීවිතය ඇත්තට ම ලස්‌සෙට කොඩි දැමූ එකක් යෑයි කියන්නට හැකි ය. ටක්‌කෙට ම කිසි ම
ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ මහාචාර්යවරයෙක්, ඔහු දැන් මේ අඳින පළඳින
ඔක්‌ස්µර්ඩ් මාවතේ ඇඳුම් මාළිගාවලින් ලබාගත් වර්ගයේ සුපිරි ඇඳුම් කිසි කලෙකත්
ඇන්දේ නැත.
හිරු වලාකුළු රහිත අහසේ බැබළෙමින් උන්නේ ඔහු සිය කරමලු උර මත එල්ලාගෙන මහා
ගේට්‌ටු පලු දෙක අගුලු හරිද්දී ය. අවුරුදු දහයකට පමණ පෙර බඩගිනිකාර වියරු බලු
රංචුවක් මේ අවට ගැවසුණේ ය. ඒ නිසා ම, අවුරුදු ගණනකින් උන් එකෙක් වත් නො දුටු
නමුත්, ඔහු කෝකටත් සූදානම් ශරීරේ කියා, එළිමහනට බසින හැම විට ම රිවෝල්වරය ද
රැගෙන යයි.
හිරු රශ්මිය තදින් දිදුල දුන්නෙන්, පරාවර්තනය වූ තද දිස්‌නය ඔහු ගේ දෑස්‌වලට
කළේ මහා හිරිහැරයකි. එහෙත් හිරු රැස්‌වල කිසිදු උණුසුමක් දැවැටී තිබුණේ ම නැත.
ග්‍රහ මඬුල්ල මේ වන විටත් පසු කරමින් සිටිනා අන්තරීක්‌ෂ දුහුවිල්ල හිරු ආලෝක
කදම්බවල තීව්‍රතාවයේ කැපී පෙනෙන වෙනසක් කර තිබුණත්, එමගින් හිරුගේ සියලු
ශක්‌තිය ද ගිලගෙන තිබුණි. ඉතින් හිරු නැවතත් උණුසුම් වන්නේ තවත් වසර දහයකින් ද
නැතිනම් දහසකින් ද යන්න ටක්‌කෙට ම කියන්නට කිසිවකුත් දැන උන්නේ නැත. ඒ නිසා ම
මිනිස්‌සු 'වසන්තය' කියන වචනය නිකම් ම හිස් විහිඵවක් නො වන භූමි භාගයන් සොයා
දකුණු දිසාවට සංක්‍රමණය වූ හ.
මෑතකාලීන දේශගුණික විපරියාස ඇති කළේ තදබල අසීරුතාවන් ය. මහාචාර්ය මිල්වර්ඩ් හට
ටොටෙන් හැම් උසාවි පාරේ ඇවිද යන්නටත් සිදු වූයේ අපහසුවෙනි. සමහර අවස්‌ථාවල දී
ඔහුට සිදු වුණේ හිම ගොඩැලි මත ගාට ගාටා යන්නට ය. එක් අවුරුද්දක හිමපතනය ඔහු ගේ
කොන්ක්‍රීට් නැරැඹුම් කුලුන මත අවසන් මාස නවය පුරා ඔහු සිරගත කර තැබුවේ ය.
ඔහු හිම බරෙන් පීඩිත ව මාරාන්තික ලෙස අයිස් කූරු එල්ලී තිබූ නිවාස පන්ති
අසලින් ඉවත් ව උතුරු දිසාවට යාර සියයක් පැමිණ ඇවිද ගියේ තමන් සොයා ආ කඩය හමු
වන තුරු ය. කැඩී බිඳී ගිය ජනෙල් වීදුරුවට ඉහළින් තිබූ වචන තවමත් පැහැදිලිව
දිදුළමිනි. 'තෝමස්, ජෙන්කිනිස් සහ පුත්‍රයෝ, රේඩියෝ සහ ඉලැක්‌ටි්‍රකල් වැඩ.
රූපවාහිනියට විශේෂඥයෝ ය.'
සමහර හිම පදාස වහලේ කැඩීබිඳී ගිය තැන්වලින් ඇතුළට පා වී අවුදිනි. එහෙත් අවුරුදු
ගණනාවකට පෙර අන්තිම වරට ඔහු මෙතැනට පැමිණි විට තිබූ ලෙසට ම උඩුමහලේ කාමරයේ
කිසිදු වෙනසක් සිදු වී නො තිබුණි. කෙටි තරංග ගුවන් විදුලිය තිබූ හැටියට තවමත්
මේසය මත ය. තැන තැන විසිර ගිය හිස් කෑම ටින් අවසන් බලාපොරොත්තුවත් මියෑදෙන්නට
පෙර ඔහු මෙහි ගත කළ අතීත හුදෙකලා හෝරාවන් පිළිබඳ සුමිතුරු මතක කොඳුරන්නාක් බඳු
ය. ඔහු සිතන්නට වූයේ, තමන් නැවතත් ඒ දුෂ්කර ව්‍යායාමයේ යෙදිය යුතු ද යන්න ය.
මහාචාර්ය මිල්වර්ඩ් රැහැන් රහිත ගුවන් විදුලිය පිළිබඳව දැන් ඔහු දන්නා සියලු දේ
ඔහුට කියා දුන් '1955 ආධුනිකයන් ගේ ගුවන් විදුලි අත්පොත' මත තිබූ හිමකැටි
පිසදැමුවේ ය. රේඩියෝ මාපක යන්ත්‍ර සහ බැටරි ආදිය කලකට පෙර අඩක් අමතකව අතහැර
දැමූ තැන්වල ම ය. ඔහුට මහත් සහනයක් ලබා දෙමින් සමහර බැටරි තුළ තාමත් ඒවා තුළ
බලය රඳවාගන තිබුණි. ඔහු ලට්‌ට ලොට්‌ට ගොඩ අතපත ගෑවේ හොඳ විදුලිබල සබඳතාවක්
ගොඩනැෙගන තු=රු ය. ඔහුට හැකි උපරිම අයුරින් ගුවන්විදුලි යන්ත්‍රය ද පරීක්‌ෂා
කළේ ය. ඉතින් දැන් ඔහු සූදානම් ය.
රේඩියෝ නිෂ්පාදකයාට ඔවුනට ලැබිය යුතු ම වූ පැසැසුම් සහතිකයක් යවන්නට නොහැකි
වීම ගැන ඔහුට කණගාටු ය. ස්‌පීකරය තුළින් නැගුණ සිහින් සර සර නාදය, දැන්
සිහිනයක් බඳු ව අතුරුදන් ව ගොස් ඇති ලෝකයේ දී ඔහුට නිකම් ම ලැබී තිබුණු සියලු
සැප සම්පත් සමග බී.බී.සී යේ 9 වැනි පැයේ ප්‍රවෘත්ති සහ සංගීත වැඩසටහන් පිළිබඳ
මතකය නැවත කැඳවාගන ආවේ ය. අසීරුවෙන් පාලනය කරගත් මහා ඉවසීමකින් යුතු ඔහු එකිනෙක
චැනලය සුසර කළේ ය. එහෙත් සැම තැනක ම තිබුණේ අසීරුවෙන් නැෙගන එක ම නාදයකින් යුතු
සර සරය ම පමණි. එය කලකිරීමට කරුණකි. එහෙත් තවදුරටත් නො වේ. ඔහු ගේ මතකයට ආවේ
රේඩියෝ තරංග විකාශනය නියමිත පරිදි සිදු වන්නේ රාත්‍රියේ දී බව ය. ඒ කාලය වන
තුරු ඔහුට අවට කඩමණ්‌ඩිවල ගැවැසි තමන්ට ඕනෑ කරන අඩුම කුඩුම මොන මොනවා හරි
සොයාගන්නට හැකි ය.
ඔහු නැවත කුඩා කුටිය වෙත එළැඹෙන විට ගොම්මන ළඟා වෙලා ය. ඔහු ගේ හිසට සැතැපුම්
සිය ගණනක් ඉහළින් නිදහස් ඉලෙක්‌ට්‍රොaන සහිත වායුගෝලයේ ඈත ම ඈත ඇති හෙපීසයිඩ්
ස්‌තරය හිරු බැස යැමෙන් පසු ඈත දුර තාරකා දක්‌වා ම විහිදී පැතිර තිබුණි.
අනාදිමත් කාලයක සිට එය සිදු කළාක් මෙන්ම මිනිසා තමන් ගේ වුවමනාවන් උදෙසා, තමන්
ගේ ද්වේෂය සහ සාමය පිළිබඳ පණිවුඩ බෙදාහැරීමට, පුංචි පුංචි අනම්මනම් කතා බහ සමඟ
අමරණීය බවට පත් වූ සංගීතය බෙදාගැනීමට, ශතවර්ෂයකට ආසන්න කාලයක සිට එය යොදාගන්නට
පෙර එය සිදු කළාක් මෙන්ම මේ සැඳෑවේ දී ද හිරු බැස ගිය පසු විශ්වයට දොර හැර
දුන්නේ ය. හෙමින්, ඉතා ම ඉවසීමකින් යුතු ව, මහාචාර්ය මිල්වර්ඩ් පරම්පරා ගණනාවකට
ඉහත කාලයේ මෝර්ස් සංඥාවන් ගේ ටක-ටකයෙන් සහ මිනිසුන් ගේ විවිධ චරෝ බරෝ දෙඩවිලි
හඬින් එක ම කන් කරච්චලයක් බවට පත් ව තිබූ ඉපැරැණි තරංග මාලා එකිනෙක අල්ලාගන්නට
තැත් කළේ ය. ඉතින් ඔහු එසේ සෙමින් සෙමින් සවන් දෙමින් සිටිනා අතරතුර දී තමන්
තුළ කුළුගැන්වුණු සියුම් බලාපොරොත්තුව ද කෙමෙන් කෙමෙන් වියෑකී යන්නට විය. වරෙක
අර සියුම් ඊතරය කන්කරච්චලයක් බවට පත් කළ නගර නිහඬ ව ගොසිනි. ලෝකයේ අඩකට ඈතින්
ඉඳහිට නැගී ඇදී එන කුණාටුවක ජරබර නාදය පමණක් ඉඳහිට නොවෙනස් ව තිබූ නිහැඬියාව
බිඳ දැමුවේ ය. මිනිසා ඔහු ගේ අලුත් ම උත්සාහය ද අත්හැර දමලා ය.