Sunday, February 12, 2017

අබිරහස්‌ පරිත්‍යාග

ඝන ඇමසොන් වනාන්තරය මධ්‍යයේ තනි ව ම සැරිසරන තරුණ විද්‍යාඥයෙකි.

"මම දිව්රනවා මම මේ හරියේ පිග්මි මනුෂ්‍යයෙක්‌ දුවනවා දැක්‌කා කියලා. මම මේ තාක්‌ කල් හිතාගෙන හිටියේ මෙතැන කිසි ම මනුෂ්‍යයෙක්‌ පය ගහපු නැති තැනක්‌ කියලා. ඒත් දැන්, අර පිග්මි මනුෂ්‍යයා දුටුවයින් පස්‌සේ මට හිතෙනවා මේ ළඟපාත ගෝත්‍රික කඳවුරක්‌ ඇති.... ඒත් ඉතින් මම කවදාවත්, අවම වශයෙන් දුමක්‌ නඟිනවා වත් දැක්‌කේ නැහැ නේ. කඳවුරක්‌ තියෙනවා නම්, දුමක්‌ නඟී වී නේ ද? හරි පුදුමයි."

තරුණ විද්‍යාඥයා, ඩේවිඩ් සැම්සන්, තනිකම මඟහරවාගැනීම පිණිස, සිය අතෙහි වූ දැලකින් වසන ලද බෝතලයක සිර කරගන සිටි මකුළුවකුට කථා කළේ ය. ඩේවිඩ් සැම්සන් විනෝදයට බර චරිතයකි. දීප්තිමත් නිල් පැහැ දැස්‌ යුවලකට හිමිකම් කී ඔහු, අමුතු ම සිරියාවකින් යුත් පුද්ගලයෙකි. ඔහු ඇමසොන් වනාන්තරය මධ්‍යයේ සැරිසරමින්, අහම්බෙන් සොයාගත් කළු පැහැ මකුළු විශේෂයක්‌ පිළිබඳව පර්යේෂණ කරමින් සැහැල්ලු ජීවිතයක්‌ ගත කළ පුද්ගලයෙකි. ඔහු ගේ දැතෙහි වූ බෝතලයේ වූයේ ඒ මකුළු විශේෂයේ එකෙකි. 

ඔහු, එම මකුළු විශේෂයේ, මකුළු දැල් තන්තුවල අන්තර්ගත ප්‍රොaටීනයක්‌ අනුසාරයෙන් HIV ඒඩ්ස්‌ රෝගයට ප්‍රතිජීවකයක්‌ නිපදවී ය. ඒ අළලා ඔහු පර්යේෂණ ලිපි මාලාවක්‌ ලිවී ය. මේ වැදගත් සොයාගැනීම නිසා ඔහු නොබෙල් ත්‍යාගයට පවා හිමිකම් කියනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළ හ. මේ මකුළු විශේෂය ඇමසොන් වනය මධ්‍යයට ආවේණික වූවකි. තව ද, ඒඩ්ස්‌ ප්‍රතිජීවකය සෑදීමට නම්, මකුළු දැල්වලින් හෝ ඒ මකුළුවා ගේ ශරීරයෙන් හෝ අදාළ ප්‍රොaටීනය නිස්‌සාරණය කළ යුතු විය. ඒ වන විටත් ඒඩ්ස්‌ රෝගය අති දරුණු වසංගතයක්‌ ලෙස ලොව පුරා පැතිරෙමින් තිබුණු අතර, එය තුරන් කිරීමට නම් අතිවිශාල මකුළු ජනපදයක්‌ සෑදිය යුතු ව තිබිණි. නමුදු, අදාළ මකුළු විශේෂය ජනපද ආකාරයෙන් කෘත්‍රිමව වගා කළ විට උන් ප්‍රචණ්‌ඩකාරී වී, තම වර්ගයා භක්‌ෂණය කරගනිමින් ජනපද විනාශ කරගනී. (cannibalism). එබැවින්, මකුළු ජනපද සෑදීම සාර්ථක පිළියමක්‌ නො වී ය. ඊට පිළියමක්‌ වශයෙන් ඩේවිඩ් සැම්සන් අපූරු ක්‍රමයක්‌ හඳුන්වා දුනි. එනම්, ඒ ප්‍රතිජීවක ප්‍රොaටීනය සෑදීමට අදාළ ජාන, බැක්‌ටීරියා ජීනෝමයකට බද්ධ කොට, බැක්‌ටීරියා ජනපද නිපදවා, බැක්‌ටීරියා මාර්ගයෙන් ප්‍රොaටීනය නිස්‌සාරණය කිරීමයි. එය සාර්ථක විය. ඒ ආකාරයෙන් නිස්‌සාරණය කරගත් ප්‍රතිජීවක ප්‍රොaටීනයෙන් නිපදවූ එන්නත් අනුසාරයෙන්, ප්‍රථම සායනික නියෑදියට ස්‌වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ රෝගීහු 1,500 දෙනා සම්පූර්ණයෙන් ම ඒඩ්ස්‌ රෝගයෙන් සුවය ලැබූ හ.

මේ ගැන ඉතා ම ප්‍රීතියෙන් පසු වූ ඩේව්ඩ් සැම්සන්, සිය සතුට සැමරීම සඳහා අවසාන වතාවට යෑයි සිතා, ඇමසොන් වනය මධ්‍යයේ වූ ඔහු ගේ කුඩා පර්යේෂණ භූමියට පැමිණියේ ය. ඔහු සති කිහිපයකින් නැවතත් සිය රට වූ ඇමෙරිකාව බලා පිටත් වන බවට, සිය පෙම්වතිය වූ ලාරාට පොරොන්දු වී තිබිණි. ඔහු පර්යේෂණ භූමියට ළඟා වන විට, හදිසියේ ම එතැනින් පිග්මි මනුෂ්‍යයෙක්‌ වේගයෙන් දිව යනු ඔහු ගේ නෙත ගැටිණි. පිග්මි මනුෂ්‍යයා උසින් අඩි තුනක්‌ පමණක්‌ විය. ඔහු දිව යනු දුටු සැම්සන්, "හෝව්, හෝව් පොඩ්ඩක්‌ නවතින්න." යෑයි බෙරිහන් දුනි. එහෙත් පිග්මි මනුෂ්‍යයා ඉදිරියට දිව ගොස්‌, වනයේ ගස්‌ කොළන් අතර සැඟව අතුරුදන් විය. සැම්සන් වහා, මකුළුවා දමාගත් වීදුරු බෝතලයත් ඇති ව, පිග්මි මනුෂ්‍යයා සොයා වනය මැදට පිවිසුණේ ඒ ආකාරයට ය. සැම්සන් හති දමාගෙන දිව ගොස්‌ නතර වූයේ ඝන වනාන්තරය මැද ය. 

"හාහ්..... හාහ්.... මම හිතන්නේ..... හාහ්..... අපිට ඔහුව මඟහැරුණා. අපි ආපහු හැරෙමු.... හාහ්....." ඔහු හති දමමින් මකුළුවාට පැවසී ය. "මේ පැත්තට, මීට කලින් කිsසි ම මනුෂ්‍යයෙක්‌ ඇවිත් නැහැ වගේ. මොකද දන්නේ නැහැ." ඔහු වටපිට විපරම් කරන අතරතුර අදහස්‌ දැක්‌වී ය. "ඔයා දන්නව ද, ඉංගී්‍රසියෙන් "Curiosity killed the cat" කියලා ප්‍රසිද්ධ කියමනක්‌ තියෙනවා. ඒ කීවේ, කුතුහලය නිසා අනවශ්‍ය දේට අත පෙවීමෙන් බළලෙක්‌ මිය ගියා ලු." ආපසු හැරෙමින් සැම්සන් මකුළුවාට පැහැදිලි කළේ ය. "හොඳ වෙලාවට අපි දෙන්නා බළලුන් නො වුණේ, නැත්නම් අපටත් ඒ ඉරණම අත් වෙන්න ඉඩ තිබුණා." සැම්සන් මකුළුවා සමඟ විහිළු කරන්නට වූ නමුදු, ඊළඟ ක්‌ෂණයේ දී ඔහු ගේ පාදයට යටින් වූ පොළොව වේගයෙන් කි¹ බැස, උමඟක්‌ දිගේ ඔහුව ඇදී ගියේ ය. ඔහු කෑගැසී ය. දිගට ම අඳුරු උමෙග් ඇදී ගිය ඔහු හදිසියේ ම දෘඪ පෘෂ්ඨයක්‌ මතට වැටිණි. වටපිට බැලූ ඔහු දුටුවේ අමුතු ම දර්ශනයකි. ඔහු වටා පිග්මි මිනිස්‌සු රැස්‌ ව සිටිය හ. ඔවුහු ඔහු දෙසට උල් වූ ආයුධ එල්ල කරගෙන සිටියෝ ය. අවට වූ අවකාශය, හුළු අතු වැනි දැවෙන පන්දම් වර්ගයකින් ආලෝකවත් වී තිබිණි. ඔහු ගේ දකුණුපසින්, තරමක්‌ උස්‌ වූ සිහසුනක්‌ වැනි ස්‌ථානයක, ඉතා වර්ණවත් වූ වස්‌ත්‍රාභරණවලින් සැරසී සිටි පිග්මි කතකි. ඇය බැලූ බැල්මට ප්‍රභූ කාන්තාවක විය යුතු යෑයි සැම්සන්ට සිතිණි. සැම්සන්ට බිය මිශ්‍ර හැඟීමක්‌ ඇති විය. ඔහු මෝඩ ලෙස සිනාසෙමින්, තමන් දෙසට එල්ල වූ උල් ආයුධයක්‌a සෙමින් තල්ලු කරමින්, "හායි, මම ඩේවිඩ් සැම්සන්. මම ආවේ ඇමෙරිකාවෙන්. ඉතින්, ඔයගොල්ලෝ කවුද?" යෑයි විමසී ය. එක්‌ පිග්මි මනුෂ්‍යයෙක්‌ හුළු අත්තක්‌ සමඟ ඔහු දෙසට එන්නට විය. අනෙක්‌ අය ඔහු වෙතට උල් ආයුධ එල්ල කරගෙන ම සිටිය හ. හුළු අත්ත සහිත පිග්මි මිනිසා, ඔහු ගේ අතෙහි වූ කුඩු වර්ගයක්‌ හුළු අත්තේ දැල්ලට ඉසී ය. එවිට, මහත් වූ සුදු ආලෝකයක්‌ ඇති වී, අවකාශය ආලෝකවත් විය. පිග්මි මිනිසා හුළු අත්ත ඉහළට ඔසවා සැම්සන් ගේ මුහුණට එබිණි. පිග්මි මිනිසා අනපේක්‌ෂිත ලෙස පුදුමයට පත් ව, මහා හඩින් යමක්‌ තෙපළේ ය. එවිට අනෙක්‌ සියලු පිග්මි මිනිස්‌සු උල් ආයුධ හනික පසෙක ලා, සැම්සන්ට වැඳ නමස්‌කාර කළ හ. සිහසුනේ හුන් කාන්තාව ද, සිහසුනින් නැඟිට, හිස නමා ආචාර කළා ය. 

"මම හිතන්නේ මේක පිග්මි ගෝත්‍ර ජනපදයක්‌ වෙන්න ඇති. මේගොල්ලෝ මම දෙවියෙක්‌ කියලා හිතලා මට වඳිනවා ඇති." මුව අයාගෙන වටපිට බලන ගමන් සැම්සන් කල්පනා කළේ ය. ඔහු බිම බැලූ විට, තමා අවට මිනිස්‌ ඇටකටු සහ හිස්‌කබල් දුසිමකටත් වඩා දුටුවේ ය. ඒවා පිග්මි නො ව සාමාන්‍ය මිනිසුන් ගේ විය. ඒ දසුනින් සැම්සන් භීතියට පත් විය. ඔහු ඉහළ බැලූ විට දුටුවේ වහලේ සිදුරු හතරක්‌ සහ ඊට සම්බන්ධ උමං පද්ධතියකි. ඔහු ඒ එක්‌ උමඟක්‌ ඔස්‌සේ රූටා අවුත්, එක්‌ සිදුරකින් මේ බිමට පතිත වූ බව තේරුම්ගත්තේ ය. සැම්සන් ගේ මකුළු බෝතලය පසෙකට විසි වී තිsබිණි. තව ද, ඔහු ගේ වම්පසින් විශාල කුහුඹුවකු ගේ ප්‍රතිමාවක්‌ විය. ප්‍රභූ කාන්තාව ගේ සිහසුන ස්‌ථානගත ව තිබුණේ, මේ කුහුඹු ප්‍රතිමාවට මුහුණ ලන පරිදි ය. ඔහු සිටගෙන සිටින්නේ යම් පූජාසනයක්‌ මත විය හැකි යෑයි සැම්සන් එයින් තේරුම්ගත්තේ ය. 

වන්දනාමාන අවසන් වූ පසු, පිග්මි මිනිස්‌සු දෙදෙනෙක්‌ ඉදිරියට අවුත් සැම්සන්ව පූජාසනයෙන් බස්‌සා, එම භූගත ගුහා සංකීර්ණයේ වෙනත් කුටීරයකට ගෙන ගියෝ ය. ඒ සියලු උමං මාර්ගවල හොඳින් වාතය සංසරණය වූ අතර, ඒවා හුළු අතුවලින් ආලෝකවත් ව තිබිණි.

òòòòòò

මාස දෙකක්‌ ගත විය. සති කිහිපයකින් ගෙදර එන බවට පොරොන්දු වූ සැම්සන්, නැවත දක්‌නට ලැබුණේ මාස 2කින් පසු ව ය. ඔහු, සිය නිවැසියන්ට හෝ ලාරාට හෝ හඳුනාගත නොහැකි තරමට ම වෙනස්‌ වී තිබිණි. කොණ්‌ඩය සහ රැවුල වැවී තිබිණි. ඔහු ගේ මුහුණෙහි වූ ප්‍රියමනාපභාවය පහ ව ගොස්‌, අඳුරු පරාජිත ස්‌වභාවයක්‌ ආරුඪ වී තිබිණි. එහෙත් ඒ වන විට, ඒඩ්ස්‌ රෝගයට සොයාගත් ප්‍රතිජීවකය ලොව පුරා ප්‍රචාරණය වෙමින් පැවතිණි. ඔහු කළ සේවයට නොබෝ කලකින් ඔහු නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීමට නියමිත ව තිබිණි. මීට පෙර, සමාජ ඇසුරට සහ සැලකිලිවලට බෙහෙවින් ප්‍රිය කළ ඩේවිඩ්, දැන් සිය බිරිඳ වූ ලාරා සමඟ, සමාජයෙන් දුරස්‌ ව හුදෙකලා දිවියක්‌ ගත කළේ ය. ඔහු ගේ මේ අබිරහස්‌ වෙනස්‌ වීම කාගේත් කථාබහට ලක්‌ වූ නමුදු ඊට හේතු වූ සාධක ඔහු ගේ පවුලේ උදවිය හැර වෙන කවරකු වත් දැන සිටියේ නැත. තව ද, ඔහු ගේ ජීවිත අබිරහස තවත් ගුප්ත කරමින් ඔහු ගේ සහෝදරයා වූ වෝල්ටර් සැම්සන් හදිසියේ ම අතුරුදන් විය. ඔහුට කුමක්‌ වූවා ද යන්න කිසිවකු නො දැන සිටි අතර, ඔහු ගැන සෙවීමට වත් ඩේවිඩ් ගේ පවුලේ උදවිය එතරම් උනන්දුවක්‌ නො දැක්‌වූ හ. 

òòòòòò

අවුරුදු විස්‌සකට පසුව........

"හම්...., ඔයා තව ටික දවසකින් ලෝකයේ ළාබාලතම අභ්‍යවකාශ ඉංජිනේරුවා විදියට ඉතිහාසගත වේ වි." මහාචාර්ය එලන් සිය ගෝලයා වූ ජොෂුවා සැම්සන් දෙසට හැරෙමින් ආඩම්බරයෙන් පැවසී ය. ජොෂුවා සිනාසිණි. ඔහු සිය අතැඟිලිවල දවටාගෙන සිටි රබර් පටියකින් කැටපෝලයක්‌ ආකාරයෙන් කුඩා කොළ කැබැල්ලක්‌ ජනේලයක්‌ වෙත ප්‍රක්‌ෂේපණය කළේ ය. 

"ඔව් මට හිතාගන්නත් අමාරුයි. මට තාම අවුරුදු 18යි. නමුත් අඟහරු ග්‍රහයා වටා කක්‌ෂගත කළ ප්‍රථම අභ්‍යවකාශ මධ්‍යස්‌ථානයේ නිර්මාතෘ මමයි. තව ටික දවසකින් ඒකේ වැඩ නිල වශයෙන් ඇරඹේ වි. මිනිස්‌සු ඒක අන්තර්ජාතික ජොෂුවා සැම්සන් අභ්‍යවකාශ මධ්‍යස්‌ථානය විදියට හඳුනාගනී වි." ඔහු උදම් අනන්නට විය. ජොෂුවා වටා සිටි අනෙක්‌ අභ්‍යවකාශ විද්‍යාඥයෝ ඔහු ගේ පිටට තට්‌ටු කර ඔහුට සුභාසිංශනය කළ හ. එහෙත් මහාචාර්ය එලන් පැට්‌රික්‌ දිගු සුසුමක්‌ හෙළී ය. 

ජොෂුවා සැම්සන්, නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය ඩේවිඩ් සැම්සන් ගේ පුත්‍රයා ය. ඔහු සිය පියා ගේ තරුණ කාලයේ මෙන්, විනෝදයට බර, ප්‍රියමනාප, කාගේත් සිත් දිනාගත් චරිතයක්‌ විය. තවමත් අවුරුදු 18ක්‌ වත් නො වූ ඔහු විශ්වවිද්‍යාලයකට වත් ඇතුළත් ව නො සිටියේ ය. එනමුත් ඔහු නාසා ආයතනයේ සේවයට බඳවාගෙන තිබිණි. ඔහුට එම අවස්‌ථාව ලැබුණේ අභ්‍යවකාශ මධ්‍යස්‌ථාන නිර්මාණය පිළිබඳව අන්තර්ජාතික ව පවත්වන ලද විවෘත තරගයකින් තේරීමේ ප්‍රතිඵලයක්‌ ලෙසිනි. නාසා ආයතනය සංවිධානය කළ ඒ තරගයට අනුව, අඟහරු වටා ඉදි වීමට නියමිත ව තිබූ ප්‍රථම අභ්‍යවකාශ මධ්‍යස්‌ථානය සෑදිය හැකි පහසුතම ක්‍රමවේදය පිළිබඳව අදහස්‌ දක්‌වන ලෙස ඉල්ලීමක්‌ කර තිබිණි. ලොව නන් දෙසින් ඊට ප්‍රතිචාර ලැබිණි. මේ ලක්‌ෂ සංඛ්‍යාත ප්‍රතිචාර අතුරින් ජයග්‍රාහී යෝජනාව ලෙස තේරුණේ ජොෂුවා සැම්සන් ගේ යෝජනාවයි. ඔහු ගේ අදහස සරල ප්‍රායෝගික එකක්‌ විය. සිය පියා ඒඩ්ස්‌ මර්දන ප්‍රතිජීවකය මකුළුවා ගෙන් නිස්‌සාරණය කර බැක්‌ටීරියා ජනපද මාර්ගයෙන් මහා පරිමාණයෙන් වගා කළා හා සමාන අදහසක්‌ ජොෂුවා සිය අභ්‍යවකාශ මධ්‍යස්‌ථානය නිර්මාණය කිරීමට යෝජනා කළේ ය. 

ස්‌වාභාවික ලෝකයේ ඇති ශක්‌තියෙන් වැඩිතම තන්තු වන්නේ මකුළු දැල් තන්තු ය. ජොෂුවා ගේ යෝජනාව වූයේ, මකුළුදැල්වල අන්තර්ගත ප්‍රොaටීන සෑදීමට අදාළ DNA (ඩී.එන්.ඒ) මකුළුවා ගේ ජීනෝමයෙන් නිස්‌සාරණය කොට බැක්‌ටීරියා ජීනෝමයකට ඇතුළත් කර, එම බැක්‌ටීරියා රෝපණ මාධ්‍යයක වගා කොට, ඉන් නිපදවන මකුළු දැල් තන්තු ප්‍රොaටීනය නිස්‌සාරණය කළ හැකි බවයි. එම තන්තුවලින් යන්ත්‍රානුසාරයෙන් ශක්‌තිමත් අමුද්‍රව්‍යයක්‌ සාදාගත හැකි ය. මේ අමුද්‍රව්‍යය මූලික අමුද්‍රව්‍යය කරගනිමින් අභ්‍යවකාශ මධ්‍යස්‌ථානය තැනිය හැකි ය.

තව ද මේ යෝජනාවට අනුව, පෘථිවියේ සිට අභ්‍යවකාශයට ප්‍රවාහනය කළ යුතු ව තිබූ අමුද්‍රව්‍ය ස්‌කන්ධය සාපේක්‌ෂව ඉතා අඩු විය. එනම්, අදාළ අමුද්‍රව්‍යය ප්‍රවාහනය කරනවාට වඩා, එම අමුද්‍රව්‍යය නිපදවිය හැකි බැක්‌ටීරියා ගහන පමණක්‌ අභ්‍යවකාශයට ගෙන යැම ප්‍රමාණවත් විය. මේ බැක්‌ටීරියා ගහන 

රැගත් කුඩා අභවකාශ යානා අඟහරු වටා කක්‌ෂගත වූ පසුව, ඒ තුළ ප්‍රශස්‌ථ පරිසර තත්ත්ව යටතේ, විශේෂ කුටීර තුළ තැන්පත් කර තිබූ බැක්‌ටීරියා වර්ධනය වී අදාළ ප්‍රොaටීනය නිපදවන ලදි. එම අභ්‍යවකාශ යානා තුළ වූ විශේෂිත රොබෝවන් විසින් ඒ ප්‍රොaටීනය නිස්‌සාරණය කර යන්ත්‍රානුසාරයෙන් අමුද්‍රව්‍ය නිපදවා, ඒ අමුද්‍රව්‍ය ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍ර (3D printers)වලට කවා, එමගින් අභ්‍යවකාශ මධ්‍යස්‌ථානයේ කොටස්‌ නිර්මාණය කොට එකලස්‌ කරන ලදි. අඟහරු ග්‍රහයා වටා කක්‌ෂගත වූ ප්‍රථම අභ්‍යවකාශ මධ්‍යස්‌ථානය නිර්මාණය වූයේ එලෙස ය. තව මාස දෙකකින් පමණ එහි වැඩ ආරම්භ කිරීමට නියමිත ව තිබිණි. 

"ජොෂුවා, කොහොම ද අභ්‍යවකාශ මධ්‍යස්‌ථානයේ වැඩ? විවෘත කරන්න සියල්ල සූදානම් ද?" එක්‌ දිනක්‌ සවස ජොෂුවා ගේ පියා ඩේවිඩ්, ඔහු ගේ පිටට තට්‌ටුවක්‌ දමමින් විමසී ය. ජොෂුවා බර කල්පනාවක නිමග්න ව සිටියේ ය. "හම්... මම මේ කල්පනා කළේ," ජොෂුවා සිය ඇතැඟිලිවල දවටාගෙන සිටි රබර් පටියෙන් කොළ කැබැල්ලක්‌ බිත්තියකට ප්‍රක්‌ෂේපණය කරන ගමන් කථා කරන්නට විය. "අපි බැක්‌ටීරියා සාම්පල, ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍ර, පරිගණක වැඩසටහන් මගින් ක්‍රියාත්මක කළ හැකි අභ්‍යවකාශ රෝබෝවන් කියන ත්‍රිත්වය එකට ඈඳලා අභ්‍යවකාශයට නිකුත් කළොත්, ඒවා අලෝක වර්ෂ ගණනාවක්‌ ඈතින් තියෙන ග්‍රහ පද්ධතිවලට ළඟා වෙන්න පුළුවන් වන විදියට වැඩසටහන්ගත කළොත් (programmed) ඒවා අදාළ තැන්වල ස්‌ථානගත වෙලා, සක්‍රීය වෙලා අභ්‍යවකාශ මධ්‍යස්‌ථාන නිර්මාණය කරා වි. ම්ම්... මගේ දෙවැනි ව්‍යාපෘතිය විදියට ඒ අදහස අත්හදා බලන්න වටිනවා නේ ද?" ඔහු විමසී ය. "ඒක නෙවෙයි, ඔයගොල්ලෝ දන්නව ද? මහාචාර්ය එලන්, මගේ සංකල්පයක්‌ අනුව නිපදවපු මේ ප්‍රථම අභ්‍යවකාශ මධ්‍යස්‌ථානයට මම කැමැති නමක්‌ දාන්න අවස්‌ථාව ලබා දුන්නා. මම ඉතින් මගෙ නම යෝජනා කළා." ඔහු පොඩි දරුවකු මෙන් සතුටින් ඉපිල යමින් කී ය.

"මහාචාර්ය එලන් මගේ කොල්ලව නරක්‌ කරනවා." ජොෂුවා ගේ මව කථාබහට එක්‌ වූවා ය.

"එහෙම ද? එයා කිව්වා මම ලු ලෝකයේ ළාබාලතම අභ්‍යවකාශ විද්‍යාඥයා. ඔය දෙන්නට මගේ දක්‌ෂකම් ගැන සතුටු නැද්ද?" ජොෂුවා සිනාසෙමින් විමසී ය.

"ඒක මයි අපිට දුකෘ" ඔහු ගේ පියා ගෙන් ලැබුණේ අනපේක්‌ෂිත පිළිතුරකි. ඊට ප්‍රතිචාර ලෙස, ජෙෂුවා රබර් පටියෙන් සිය පියා ගේ පපුව ඉලක්‌ක කරමින් කොළ කැබැල්ලක්‌ ප්‍රක්‌ෂේපණය කළේ ය. කොළ කැබැල්ල අතරමඟ දී අල්ලාගත් ඩේවිඩ්, එය ඉවතට විසි කරමින්, බැරෑරුම් කටහඩකින් ජොෂුවා ඇමතී ය. 

"ජොෂුවා, ඔයා ගේ 18 වැනි උපන්දිනය යෙදිලා තියෙන්නේ ඔක්‌තෝබර් 1 වැනිදාට නේ. අපි එදාට ඔයාට, ඔයා ගේ ජීවිතයෙන් මෙතෙක්‌ කල් වසන් කරපු අබිරහසක්‌ හෙළි කරනවා. ඒක ඔයාට හෙළි කිරීම අපේ යුතුකමක්‌. නමුත් ඒකට ඔයා මාත් එක්‌ක ඇමසොන් වනාන්තරය මැදට ගමන් කරන්න ඕන කරනවා. මොකද කියන්නේ?" එන්න කැමති ද?" 

"අනිවාර්යයෙන් මෘ ඒත් මොකද්ද ඒ අබිරහස? මට දැන් ම දැනගන්න පුළුවන් ද?"

"නැහැෘ" ඔහු ගේ පියා ඉවතට හැරී ගමන් කළේ ය. 



නිමාෂි ප්‍රනාන්දු

0 comments:

Post a Comment

ඔබේ අදහස මට කෝටියක් වටි..ලියා යන්න වචන දෙක තුනක්