Thursday, February 23, 2017

ලොව ජනප්‍රියම ක්‍රීඩා 7

1.පාපන්දු
               
ලොව ජනප්‍රියම ක්‍රීඩාව ලෙස අවිවාදයෙන් ම හැදින්විය හැකි ක්‍රීඩාව වන්නේ පාපන්දුය .යුරෝපය අප්‍රිකාව ආසියාව හා ඇමරිකා මහ්ද්විපා පුරා අතිශය ජනප්‍රිය ක්‍රීඩාවක් වන  පාපන්දු වට ලොව පුරා ප්‍රේක්ෂකයන් බ්ලියන 3.5 සිටි

2.ක්‍රිකට්

ශ්‍රී ලංකාවේ අතිශයින්ම ජනප්‍රිය ක්‍රීඩාව වන කිර්කට් ලොව පුරා දෙවනියට ප්‍රේක්ෂක පිරිසක් සිටින ක්‍රීඩාව වේ.ලොව පුරා ප්‍රේක්ෂකයන් බිලියන 2.5 ක් ,ක්‍රිකට් ක්‍රීඩාව වටා එක රොක් වී ඇතත් එය වඩාත් ජනප්‍රිය ඇත්තේ ආසියානු .ඕස්ට්‍රේලියානු මහද්වීපයේ සහ යුරෝපයෙන් එක්සන් රාජධානියේය .


3.හොකී

යුරෝපා  ,අප්‍රිකානු ,ආසියානු හා ඕස්ට්‍රේලියානු පුරා විහිදී පවතින හොකී ක්‍රීඩාව ,ලොව පුරා ප්‍රේක්ෂකයන් බිලියන දෙකකගේ  පමණ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි කර ගැනීමට සමත් වී ඇත



4.ටෙනිස්

යුරෝපය,ආසියාව හා ඇමරිකාවේ දැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර වලට ලක්ව ඇති ටෙනිස් ක්‍රීඩාව ලොව පුරා ජනප්‍රියව ඇති ඒකල ක්‍රීඩා අතොලොස්ස අතරින් එකකි .ලොව පුරා ප්‍රේක්ෂකයන් බිලියනයකගේ පමණ ආකර්ෂණය දිනා ගැනීමට මෙයට හැකි වී ඇත .



5.වොලිබෝල්

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ,ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ ,ඇමරිකානු ඕස්ට්‍රේලියානු හා යුරෝපියානු කලාපයේ දැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගැනීමට සමත්ව ඇත.ලොව පුරා ප්‍රේක්ෂකයන් මිලියන 900 පමණ මෙය වටා රොක්ව ඇත.




6.මේස පන්දු

ඒකල ක්‍රීඩාවක් ලෙස ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයට පත්ව ඇති මේස පන්දු ආසියා ,යුරෝපා ,ඇමරිකා හා අප්‍රිකෑ මහද්වීපයන් හි වැඩි ප්‍රසිද්ධියක් හා ජනප්‍රියත්වයක් උසුලයි.ලොව පුරා ප්‍රේක්ෂකයන් මිලියන 850 ක් පමණ මෙය වටා එක රොක් වී ඇත .




7.බේස් බෝල්

ශ්‍රී ලංකාවේ හෝ ලොව බොහෝ රටවල එතරම් ප්‍රසිද්ධියක් නොලැබුනත් ,බේස් බෝල් ක්‍රීඩාව ට ඇමරිකාව හා ජපානයේ දී හිමි වන්නේ ඉහල ජනප්‍රියත්වයකි.එමෙන්ම මෙය වටා ලොව පුරා මිලියන 500 ගේ පමණ ප්‍රේක්ෂක ආකර්ෂණයක් ඇත,


Related Posts:

  • තායිලන්තයේ ‘ක්‍රා කැනල් ව්‍යාපෘතිය’ සහ ලංකාව ගෙවී යමින් තිබෙනුයේ 2017 වසරේ පෙබරවාරි මාසයයි. වර්ෂය ආරම්භයේදීම ඉන්දියන් සාගර කලාපයේ වෙළෙඳ නාවික ගමන් අරබයා අසන්නට ලැබෙන ආරංචි බෙහෙවින් කුතුහලය දනවන්නේය. එසේම ඒවා ශ්‍රී ලංකාවට අතිශයින්ම තීරණාත්මක බවද පෙනී යයි. වර්ෂ 2000න්… Read More
  • ලොව ජනප්‍රියම ක්‍රීඩා 7 1.පාපන්දු                 ලොව ජනප්‍රියම ක්‍රීඩාව ලෙස අවිවාදයෙන් ම හැදින්විය හැකි ක්‍රීඩාව වන්නේ පාපන්දුය .යුරෝපය අප්‍රිකාව ආසියාව හා ඇමරිකා මහ්ද්විපා පුරා අතිශය ජනප්‍රිය ක්‍රීඩාවක් ව… Read More

0 comments:

Post a Comment

ඔබේ අදහස මට කෝටියක් වටි..ලියා යන්න වචන දෙක තුනක්