Showing posts with label life story. Show all posts
Showing posts with label life story. Show all posts

Wednesday, May 10, 2017

ඊට පස්සේ

ඊට පස්සේ කියන්නේ මේ නාට්‍යක්වත් ,නවකතාවක් හරි කෙටි කතාවක් වගේ එකක් නෙවෙයි.අවුරුද්දෙන් පස්සේ ඉතිරි මාස 3-4 හෙන බිසී කාලයක් නේ අපිට ඒ දවස්වල තිබුනේ.ඒ දවස්වල කියන්නේ ස්කොලේ යන කාලේ.මොකද අවුරුද්ද ගියපු ගමන් එන වෙසක් එක හෙන ජයටම අපි සමරනවා නේ .සමහරු ඉතිං අප්‍රේල් 20 වගේ ඉදන් තමයි  වෙසක් එකට  ලේස්ති වෙන්නේ.වෙසක් කිව්වොත් සරුංගල් .,වෙසක් කූඩු ,දන්සල් තමයි ඉතින් ඔන්න

වෙසක් එකට ගමන් තුනක්වත් කැලේට යනවා .ඉස්සෙල්ලම යන්නේ වේලිච්ච කිතුල් පිලි .තල් ඉරටු හොයාගෙන ..කට්ටිය ත් එක්ක කැලේට යනවයි කියන්නෙත් මාරම ගමනක් .ගෙවල් වලට හොරෙන් යන මේ ගමන් නිකන් හොල්මන් ෆිල්ම් එකක් බලනවා වගේ.කට්ටිය ත් එක්ක යන කොට ටිකක් කල්පනාවෙන් යන්න ඕනේ.මොකද කයිය පිට ගියොත් මොකක් හරි කට්ටියට හිනා වෙන්න වැඩක් කාට හරි කරන නිසා.දවසක් ඔහොම යද්දී කට්ටිය මාව නිකන් ආඩි  පාරෙන් එලියට යන විදියට කට්ටිය ඈත් වෙනවා.මන් දන්නවා මොකක් හරි ගේමක් තමයි කියලා.පොඩ්ඩක් වට පිට බැලුවා ..අප්පා හෙන කහඹිලියා ගොඩක්.මන් ටිකක් පස්සට වුනා.මට මෙහා පැත්තෙන් ගිය අජිත්ට මතක නැති වුනා ඕක.මොකද කතාව ඒ තරම් රසවත් නිසා.අජිත් දන්නෙම නැතිව කහඹිලියා ගාලේ.දැන් අජිත් උඩ පැන පැන කසනවා.අනිත් අය මහ හයියෙන් හිනා වෙනවා.ටිකක්  වෙලා  කට්ටිය හිනා වෙලා ඉවර වුන් පස්සේ ගෙනාපු පිහිවලින් අර බූව ටික හුරලා අයින් කරනවා.එතකොට ඉතින් වෙන්න ඕනේ හරිය වෙලා ඉවරයි.

ආයි කරන දෙයක් තමයි ඔන්න සර්පයෙක් කියලා කට්ටිය බය කරන එක,මොකද මේ කන්දේ නයි පොලොංගු පිඹුරෝ ඉදලා ඔය කරවැලා කුනකට්ටා වෙනකන් සර්පයෝ ඉන්නවා .එක පාරක් එහෙම බය වෙඡ්චා කෙනෙක් උඩ පැනලා අඩිය තිව්වේ බෝල ගලකට.මිනිහා ගලත් එක්ක බොලේ වගේ පෙරලිලා පල්ලෙහාට ගියා.කට්ටිය ඉතින් යනකන් එනකන් මිනිහා පෙරලුඅන් හැටි තමයි කතාව.ඔහොම යද්දී මට ඇහෙනවා  සතෙක් දගලන සද්දෙයක්.කොයි එකටත් අනිත් අයට කිව්වා සරපයෙක් ඉන්නවා කියලා.කට්ටිය එච්චර ගණන් ගත්තේ නෑ.එක යාලුවෙක් කෙලින්ම කකුල තියලා තියෙන්නේ සර්පයාගේ ඇඟ උඩ .මිනිහට කකුලට හීතලට දැනිලා.එක පාරටම බුදු අම්මෝ කියලා කෑ ගහපි.එතකොටම යෝධ කහ ගරඩියෙක් නිකන් නයා පෙනේ පුප්පනවා වගේ ඉස්සුනා.කට්ටියට සතාට බය නැතිවුනත් හෙන අප්පිරියාවක් වගේ දැනුනා.ඔහොම  යන කොට කට්ටිය හොඳටම බය වෙඡ්චා දවසකුත් තිබුනා.කට්ටිය ගිහින් කිතුල් පිත්තිත් කපාන එනවා.අපිත් එක්ක ගිය එක අයියා කෙනෙක් දර කාලක් උඩින් පැනලා ගියා.ඊට පස්සේ ගියපු කෙනා අර දර කෑල්ලට පයින් ගැහුව්වා.පයින් ගැහුව්වා ගමන් බොස් ගාලා සද්දයක් විතරයි ආවේ.අර අයියා අපිවත් පෙරලගෙන කන්දේ උඩහට දිව්වා.හෙන පිඹුරෙක් ගොදුරක් ගිලලා ඉදලා තියෙන්නේ.අපි යනකොටත් මූ මෙහෙම ඉන්න ඇති කියලා තේරුනාම තමයි කට්ටිය හොඳටම බය වුනේ.

ඒ දවස්වල අපිට සරුංගල්වේ හදන්න දන්නේ නෑ.ලොකු අයියා කෙනෙකුට කියලා තමයි සැකිල්ල බන්දවා ගන්න ඕනේ.ඒකට හොදම කෙනා තමයි සිරි අයියා.හැබැයි සිරි අයියගෙන්ලි සරුංගලයක්ච්ච හදා ගන්නවයි කියන එක ලේසි නැත.මුළු අවුරුද්දක්ම අවාතෙව කම් කරන්නම වෙනවා.සිරි අයියා සරුංගලේ හදලා පිහියේ තුඩ උඩ තියලා තමයි බැලන්ස් කරන්නේ.ඒ හැකියාවනම් පුදුමය . කිතුල් පිතිය වලින් හදපු සරුංගල් ලොකු අයද ,තල්  ඉරටු වලින් හදපු සරුංගල් පොඩි අය මේ දවස් වල යවනවා.තවත් අය පොල් කොළ ඉරටු වලින් හදපු ඒවත් ගෙනාවා.ඔය කොයි කවුරු ආවත් ලොකු අයගේ සරුංගල් වලට සහයෝගය දෙන්නම ඕනේ.නැත්නම් ඒ අය පොඩි අයගේ සරුංගල් වල නුල පටලවා කඩනවා.ලොකු අය තංගුස් නුලද ,පොඩි අය සන් නුල් තමයි ගත්තේ.ඉතින් තමන්ගේ සරුනගලේ කැඩෙනාවට  අකමැති නම් ලොකු යට සපෝට් කරන්නම වෙනවා .ආයි ජොලිම වැඩේ තමයි සරුංගලයක් කූරිය ගහලා බාන වෙලාවට හරි නූල කඩාගෙන ගියොත් පස්සෙන් දුවන එක.සමහර වෙලාවට උඩ බලාගෙන දිව්වේ කොහොමද කිව්වොත් ආයි ඒ පාරෙන් ආපහු එන්න බැරිය .

ආයි කැලේට යන්නේ කූඩු බඳින්න පට්ට ගන්න.ඕකට ඉතින් දැමිණ හරි වෙලන් පට්ට තමයි ගන්නේ.ඔය වැඩේනම් ලොකු කෙනෙක් තමයි ගොඩක් වෙලාවට කරලා දෙන්නේ.මන් නම් ඔය පට්ට ගන්න ලී කපන්න කැලේට ගිහින් නැති තරම්.මොකද අච්චිලයි ගෙදර ගියපු ගමන් රබර් වත්තට පැන හොරෙන් ඔට්ටපාළු ටිකක් ගලවන් එනවා කූඩු බඳින්න.ඔට්ටපාළු වලින් පට්ට වලට වැඩිය හොදින් කූඩු බදින්න පුළුවන් .ආයි ඉතිං කට්ටියත් එක්ක යනවා උණ ගස් කපන්න.මෙහෙ බට ගස් නැති නිසා උණ ගස් වලින් තමයි කූඩු හැදුවේ.ගොඩක් මොරලත් නැති ගොබත් නොවන සාමානය ගානේ උණ ගස් තමයි කපන්නේ.ගොඩක් වෙලාවට උණ ගහේ මැද විතරයි අරන් එන්නේ.මොකද මුල මෝරලා ,අඟ ලා නිසා.උණ ගස් කපාලා දාන දාඩියට උණ බූව ගෑවුනාම කට්ටිය කසන්නේ ඔක්කොම තරගෙට වගේ.අන්තිමට කට්ටිය කසපු තරම කිව්වොත් ඔක්කොම රතු පාටට තමයි කැලෙන් එලියට එන්නේ.ආපු ගමන් කරන්නේ නා ගන්න එක තමයි.ඒ නානකොට තවත් සුන්ඳරය.උණ කොළවලට කැපිච්චා ඔය වෙන වෙන ඒවාට හිරිච්චා වලට වතුර වැටෙනකොට දැනෙන සනීපෙ ගැන නම් කියන්න වචන නැහැ.

ඊට පස්සේ කට්ටිය වෙන වෙනම තමයි ගෙවල් වල කුඩු හදන්නේ.තමන් හදන කූඩුව ගැන කලින් කාටවත් කියන්නේ නැහැ.කට්ටියට හොරෙන් තමයි කූඩු හදන්නේ.දවල්ට සරුංගල් ඇරලා ඇවිල්ලා රෑට තමයි කූඩු හදන්නේ.අටපට්ටමේ සිට දහඅට පට්ටම දක්වාත් තරුවේ සිට නෙලුම් මල් දක්වාත් හඬනවා.අට්ටපට්ටමට අනිවාර්යෙන්ම පැටව ද පැටවුන්ට පැටව් ද හදනවා. පස්සේ ප්ලේන් ,දළදා මාලිගාව වගේ එව්වත් හැදුවා.පොල් තෙල් පහන් හරි ඉටි පන්දම් හරි තමයි ගොඩක් වෙලාවට පත්තු කරන්නේ.ඒවා පත්තු කරන නිසා බාන්න පුළුවන් වෙන්න තමයි හැදුවේ.මොකද ඒ කාලේ අපිට කරන්ට් එක තුබුණේ නෑ.පස්සේ කාලෙක මම කරන්ට් එක ආපු කාලෙක ටියුබ් ලයිට් එකක ස්ටාටරයක් අරන් ඔටෝ මැටික් වෙන්න හදලා තිබුනා.එකටනම් යාළුවො ගොඩක් පුදුම වුනා.ඇත්තටම ඒක ඔටෝ මැටික් වුනා නෙවෙයි.ලයිට් එලිය ගැස්සුනා විතරයි වගේ.ඔය ඔක්කොම වැඩ පෝය දවස වෙන කොට ඉවර කරලා තියෙනවා.

පෝය දවසේ උදෙන්ම පන්සල් ගිහින් ගෙදර එනවා.ඊට පස්සේ කට්ටියත් එක්ක දන්සල් වන්දනාවේ යෑම තමයි කරන්නේ.පොඩි දවස්වල නම් අහල පහල අයත් එක්ක ලෑන්ඩ් මාස්ටරේ තමයි යන්නේ.ඉස්සරහා පුවක් මලක් අනිවාර්යෙන්ම ගහනවා.ටෙලරේට කොටු බැදලා ටෙන්ට් රෙද්දක් බදිනවා.නැත්නම් කොටු විතරක් බැදලා රෙද්ද නොදා යනවා.වැස්සොත් විතරක් දාන්න.ට්‍රැක්ටරේ කොහොමත් 50 විතර යනවා.ලොකු කදු තිබුනොත් බැහැලා තල්ලු කරන්න ඕනේ.වෙසක් එකට මේ පැත්තේ එච්චර දන්සල් නැත.තියෙන්නේ තේ ,බත් දන්සල් විතරයි.දැන් කාලේ වගේ බිම ,සව් .අයිස්ක්‍රීම් තිබුනෙම නැත.ඉදාලා හිටලා තැනක් තැඹිලි දන්සල් තිබුනා.ට්‍රැකටරේ ගියාම නිදහස අඩු නිසා පස්සේ කාලෙක කාත් එක්ක හරි බයිසිකලේක එල්ලිලා යන්න පටන් ගත්තා.එතකොට ඉතින් මට බයිසිකල් පදින්නත් බැහැනේ.කාගේ හරි බයිසිකලේක තමයි යන්නේ.කදු සේරම තල්ලු කිරීම මගේ වගකීම.මාත් බයිසිකලයක් ගත්තම තමයි හොඳම නිදහස ආවේ.ඒ කාලේ වෙනකොට බිම ,සව් දන්සල් තිබුනා.වෙසක් පෝයේ පලවෙනි දවසේ කොහොමත් දන්සල් 25 -30 අතර ගානකට වගකියලා තමයි එන්නේ.බයිසිකලෙත් කිලෝමීටර් 50 විතර පදිනවා.ගෙදර එන්නේ නිකන් බඩ කොරවෙලා වගේ.මොකද කාපු බිපුවගේ තරම නිසා.කිසි දන්සලක් අතාරින්නේත් නැත.කොඩිය නොදැම්මත් දන්සලට ගිහින් කන පුරුද්දක් අපිට තිබුනේ.

මේ පොයටනම්දැ දන්සල්න් වල ලොකු අඩුවක් තියෙනවා.දැන් ඉන්න පොඩි අය ඔහොම බයිසිකල් වල දන්සල් වන්දනාවේ  යනවා මන් නම් දැකලා නැත.ඒ අතින් අපි කොච්චර නරකද කියලත් දැන් ළමයි හොඳයි කියලත් හිතන්න පුළුවන්.එත් ඒකාලේ මරු .

දැන්  නම් ඉතින් දන්සල් දෙක තුනක් විවෘත කරන්නත් පෝය දවස්වලට තියෙනවා.දන්සල් වලට යනවයි කියලා යන්නෙත් ඒ දෙක තුනට විතරයි.වෙසක් පෝය ගියාම එන පොසොන් පෝයටත් අපි  ගොඩක් බිසී.ඒ කාලේ ......

Sunday, May 7, 2017

චුටි ටීචර් සහ අපේ පංතිය

අලුත් අවුරුද්දේ අලුත් පන්තියට ගියාම හොයන දෙයක් නේ කව්ද උගන්වන්න ඉන්න ගුරුවරු ,පන්ති බාර කව්ද වගේ ඒවා .අපේ වුන් කවුරුත් කුරු කුරු ගගා හිටියේ ජෝතිපාල මහත්තයා පංතිය බාර ගත්තොත් ඉවරයි කියලා .මොකද 10 වසරේ ඉදන් විභාගේ ලියන කන් එකම ගුරුවරයෙක්ට තමයි පංතිය භාර දෙන්නේ  .එහෙම උනානම් අවුරුදු දෙකම ජෝතිපාල මහත්තයත් එක්ක ඉන්නවයි කියන්නේ මැරුවා සමග වාසේ වගේ තමයි ..ජෝතිපාල කියන්නේ සර්ගේ නම් නෙවෙයි ..කොහේ ගියත් කියන්නේ ජෝතිපාලගේ සින්දු විතරයි ..ඒක නිසා කවුරුත් කිව්වේ ජෝතිපාල කියලා තමයි.ඇත්ත නම නම් මතකම නෑ .

ඔන්න ඉතින් ජනවාරි වල ස්කොලේ ගියාම හැමදාම වගේ නිතරගයෙන්ම පන්තියේ මොනිටර් කම ලැබෙනවා .අපේ  .උන් කියන්නෙම කිබුලට කිරි මැටි වගේ තමයි මට මොනිටර් කම කියලා ,මේක නිතරගයෙන් දෙන්නේ 7 වසරේදී උගන්වපු මලානි ටීචර් නිසා තමයි.ඒ කාලේ මන් නොසන්ඩාල කොල්ලෙක් නිසා හදන්නලු මොනිටර් කම් දුන්නේ..පන්තිය උන් වැරද්දක් කරලා අහුවුනත් ඉතින් මට සඳ ගුටි ..අනිත් උන්ට එකනම් මට දෙකයි ..ඔය මොනිටර් කම් නිසා මන් ටිඅක ශේප් එකේ ඉන්න පුරුදු වුනා ..

මොකක් හරි වැඩකට ඔෆිස් එකට ගියාම ප්‍රින්සිපල් මගෙන් ඇහුව්වා කව්ද පන්තිභාර ඕනේ කියලා ..මන් කියන්න හිටියේ ඉතිහාසේ මිස් හරි සිංහල මිස් දෙන්න කියලා .එත් මන් ප්‍රින්සිපල් එක්කගෙන ගියා ස්ටාෆ් රූම් එකට .එතන හිටියා අලුත් පත්වීම් අරගත්තු මිස්ලා හතර දෙනෙක්.ඒ මිස්ලා පෙන්නලා ඇහුව්වා කව්ද පන්තිභාර ඕනේ කියලා ..අම්මට සිරි කිව්වලු ..මන් කොයි එකටත් මිස්ලා දිහා හොඳට බැලුවා .එතන හිටියා වැඩිය උස මහතා නැති .කොටින්ම කියනවනම් අවුරුදු 15 කෙල්ලෙකුගේ සයිස් මිස් කෙනෙක්.හිනා වෙනකොට කම්මුල වල ගැහෙන ..ඒ එක්කම නල දත් තියෙන මිස් කෙනෙක් .මන් කිව්වා ඒ මි හොඳයි කියලා ..ඒ මිස් හොඳයි කිව්වම සමහර සර්ලා මිස්ලා චුටි ටීච දිහා බැලුවේ පහුවෙනිදා රස්සාවට නෑවිදින් ඉදියි කියලා වගේ කියලා මට තේරුනා ..මොකද අපේ පන්තියේ කිසිම මුල් ම පත්වීමක් ලබපු කෙනෙක් වැඩි දවසක් උගන්නපු නැති නිසා ..මොකද අපේ උන් ඉස්සෙල්ලම මිස් රැග් කරන නිසා ..හැබැයි සරත් සර් විතරයි කිසිම ප්‍රශ්නයක් නොවී අපිට ඉගැන්නුවේ..හැබැයි සරත් සර් කිසිම දිනක කොටුවකින් පාරක් තියා අතින්වත් ගසා නැත.එත් අපි පුදුම කීකරු කමක් තියෙන්නේ ..මිස් කැමති උනා අපේ පංතිය භාර ගන්න.මම මිසුත් එක්ක එලියට එද්දී සමහරු මගෙන් ඇහුව්වේ හෙට මිස් එයි නේද කියලා ..මිස් මගේ පස්සෙන් අපේ පන්තියට එන්න අවා .ඒ එන ගමන් මිස් මගෙන් ඇහුව්වේ ඇත්තටම මෙහෙ දුෂ්කරයි ද කියලා .මාත් ඉතින් මට නම් එහෙම නෑ කියලා කිව්වා ..

මිස් මගින් නතර කරලා මන් පන්තියට දුවලා ඇවිත් අපේ උන්ට විස්තරේ කිව්වා.අපේ උන් ඉස්සි බලනවා .සමහරු උන් එක එක යෝජනා දානවා මිස්ව රැග් කරන්න.ඒ එක්කොම ශේප් කරන මිස්ව පන්තියට එක්ක ඇවිත් කතාවක් කරලා අදුන්වලා දුන්නා.මන් මිස්ගේ නම දන්නේ නැති නිසා අදුන්නලා දෙද්දී චූටී ටීචර්ව සාදරයෙන් පිලිගන්නවා  කියලා කියපු නම් තමයි අන්තිමට චුටි ටීචර් උනේ .හැබැයි මිස් කතාව කරද්දී බාධා කරන්නේ නැතිව අහගෙන ඉදලා මිස් ගේ කතාවේදී නම ගම කිව්වා.යශෝධරා මිස්ගේ ගම දෙහිවල.අපේ උන් දෙහිවල කියද්දීම ඇහුව්වේ අඹුල් තියේ ද කියලා .මිස්ටත් එකට හිනා.හැබැයි මන් කියපු එකාට ඔරෝපු නිසා කතාව එතනින් ඉවර වුනා .ටිචර්ටත් පුදුමයි අපේ පන්තියේ සයුතිය ගැන ගෑනු ළමයි 32 පිරිමි ළමයි 9 .එකෙනුත් දෙපැත්තේම ඉස්සරහින් ඉන්නේ ගෑනු ළමයි.අපි හිටපු පැත්තේ මුල්ම පේලි 3 ගෑනු ළමයි.ඉතිරි පෙලි දෙකේ තමයි අපි 9 දෙනා හිටියේ .ඇයි මේ පිරිමි ළමයි පස්සේ කියපු එකට අපේ සිසිරයා කිව්වේ එයාලා කැම්පස් එකට ළඟ නිසා ඉස්සරහින් තිව්වා කියලා.

මිස් කතා කරන කොට "නේද් නේ " කියලා හැම තිස්සෙම කියන්න පුරුදු වුනා.අපේ පන්තියේ කෙල්ලොන්ටත් එච්චරකල් නැතිවම බැරිව හිටිය අපි කොල්ලෝ නම දෙනාට වැඩිය මිස් ව ලොකු උනා.එකට අපේ සමහර උන්ගේ නම් වැඩි කැමැත්තක් තිබුනෙම නෑ .අපේ උනුත් මිස්ව අනුකරණය කරන්න ගත්තා.ඒ වගේ පිළිවෙලට එන්න පුරුදු වුනා.එකෙන් මෙච්චර කල් අර නවදැලි හේනේ පිච්චුනු වදිරියෝ වගේ හිටපු කෙල්ලෝ නිකන් සුරංගනාවියෝ වගේ නැතත් ,ටිකක් ලස්සනට ස්කොලේ අවා.එකෙන් උනේ ඉහල පන්තිවල කොල්ලෝ අපේ පංතිය වටේ කැරකෙන්න පටන් ගත්තා.එකත් චුටි ටීචර් ඈවිල්ලා කරපු හොඳ දෙයක් වුනා.කෙල්ලෝ උක්කොම මිස් වගේ වෙන්න පටන් ගත්තා.මිස් නැවතිලා හිටියෙත් අපේ ගෙවල් ළඟ ගෙදරක.මන් බයිසිකලේ න් තමයි ස්කොලේ ආවේ ගියේ.හැබැයි මිස් බයිසිකලේ යන්න කොච්චර කතා කලත් ආවේ නම් නෑ.හැබැයි බයිසිකලේ ඉල්ලගෙන තනියම පැදලා තියෙනවා.නැත්නම් ස්කොලේ හවස පංති තියෙන දවසට මිස් බයිසිකලේ ඉල්ලා ගන්නවා .මන් ඉති හවසට ගිහින් බයිසිකලේ ගෙන්න යනවා .නැතනම් මිස් ගෙදර එන ගමන් ගෙනත් දෙනවා .

මිස් අපිට ගොඩක් ලං වෙලා.අපේ යාලුවෙක් තරමට ම.මිස්ට ඕෆ් පීරියඩ් වල අපිට උගන්වන්න කවුරුවත් නැත්නම් මිස් ඇවිත් අපිට ඉංග්‍රීසි කියලා දෙනවා.ඒ අවම අපේ කෙල්ලෝ වට කරන ඕප දූප කතා තමයි වැඩිපුර කෙරුනේ.අපේ පන්තියේ උන් ඕපා දුපෙට නියම කට්ටිය.යන්තන් වචනයක් තිබුනම් ඇති දවසෙම කියවයි.චුටි ටිචත් එකටනම් අහුවෙලා හිටියේ.ඒ වෙලාවටනම් එයාටත් ගුරුවරියක් කියලා අමතක වෙනවා වගේ.අනික ටිචරුයි අපි අතරේ එච්චර ලොකු වයස් පරතරයක් නැති නිසා මිස්ටත් ඒක අමතක වෙනවා ඇති.අපේ පන්තියේ හිටපු කොල්ලන්ගේ සිහින කුමාරිත් ඒ වෙනකොට මිස් වගේ වෙන්න ඕනේ කියලා හිතිලා තිබිච්ච උන් හිටියා.ඊට කලින් ට්‍රයි කරපු කෙල්ලෝ නිකන්ම විසි වෙලා ගියා.මොකද මිස් වගේ නෙවෙන නිසා ....

ඔය කිව්වේ පොඩි හැදින්වීමක් විතරයි ..රස කතා බලාපොරොත්තු වන්න 

Saturday, April 15, 2017

ජන ක්‍රීඩා සහ අපේ ගේම්

ඔක්කොලටම ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ,බත බුලති සපිරුණු අවුරුද්දක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා ..


 
මේ කියන්නේ මට මතක ඇති කාලේ ඒ කියන්නේ හිච්චි එකා කාලේ අපේ ගමේනම් අවුරුදු උත්සව තිබුනේ නැත..තිබුනේනම් තිබුනේ ටවුන් එකෙය..එකත් ගමේ හිටං හතක්ම 6-7 දුරින් ය...

අවුරුද්දට කලින් ඔකේ ප්‍රචාරය යනවා ..යන්නේ දැන් වගේ ත්‍රිවිල් එක්ක නොව ලෑන්ඩ් මාස්ටර් එක්ක හරි මහා ට්‍රැක්ටර් එක්ක ය ..
ආයුබෝවන් වාසනාවන් ..මේ ඔබ අමතන්නේ  එක්සත් ක්‍රීඩා සමාජය 13 වෙනි වරටත් ඉදිරිපත කරන මහා අවුරුදු උත්සවයේ ප්‍රචාරක රථයයි..අප්‍රේල් 15 දින පොළ භුඋමියේදී පැවැත්වේ...එහිදී බනිස් කෑම ..අලියට ඇස තැබීම ,අන්ධයාට කිරි කවිම ,පොල් අතු විවීම ,කොට්ටා පොර ,ලිස්සන ගහ ........ආදී ජන ක්‍රීඩා රැසක් පැවැත්වේ..එදින රාත්තිරි යාමේදී දිවයෙනේ ජනප්‍රිය කලාකරුවන් සහබාගි වෙන මහා සංගීත ප්‍රසංගයක් ද පැවැත්වේ ..ඔබ සැමට ආරාධනා ..

අපිත් ඔය ට්‍රැක්ටර් පස්සේ දුවන ඒක තමයි කරන්නේ..ඕක බලන්න කොහොම හරි යනවා ..යන්නේ ඉතිං පයින් තමයි..ඕකට අපේ පුන්චිලා ,අච්චිලත් යන වේලාවන් තියෙනවා ..මොකද ආච්චිත් එක්ක යන්න මන් හරි කැමතිය..මොකද ආච්චිත් එක්ක යන කොට මගදිගට හැමබ්වෙන අයත් එක්ක කතා කර කර තමයි යන්නේ..සමහරු ගෙට ගොඩවෙන්න කියලත් කියන්නවා ..මම නිකන් අකමැති මුණක් පෙන්නුවත් ,කැමැත්තෙන්ම යනවා ..මොකද කැවිලිත් කාලා තෙත් බිලා ඉවර වුනාම අර ගනුදෙනු කරන පිරිසිය අල්ලනවනෙ..හොඳට බලලා ලොකුම කාසිය ගන්න තමයි මගේ කැමැත්ත..සමහර වෙලාවට ආච්චි බනිනවා ලොකු ඒවා ගන්නවාය කියලා..නැත්නම් සත 50 පිරිසියෙන් අරන් දෙනවා .ඔකේ තියෙන ලොකුම කාසිය දෙකේ කාසිය තමයි ..ඒ එක්කම හුණු කිල්ලොටෙත් දෙනවා ..මන් නම් බොරුවට කිල්ලොටෙට ඇගිල්ල දාලා නිකන් ඉන්නවා ..කොහොමත් ඔය ගමන යද්දී ගෙවල් 4-5 ගොඩ වෙලා යන නිසා රුපියල් 5 විතර හොයා ගන්න පුළුවන්..සමහර ගෙවල් වැල ඔය පිරිසිය අල්ලන්නේ නැත .ආච්චි  ත් එක්ක අවුරුදු උත්සවේ බලන්න යනවයි කියන්නේ කොහොමත් 12 විතර වෙලා ..ඒ වෙලාවට ඉතුරු වෙලා තියෙන්නේ කොට්ටාපොරයි ,කානා මුට්ටියයි ලිස්සන ගහ විතරයි ..අනිත් සේරම ඉවර වෙලා ...සත 50 ක් දීලා අයිස් කිරීම් දෙකක් කාලා ආයි එන්න ගන්නවා ..

ඔය අවුරුදු කාපු සල්ලිත් අරන් යනවා ලොතරැයි අල්ලන්න .තිබුනේ බෝල කෝර්ඩ් එකේ බෝ ගහ යට .එතනට ගෑනු පිරිම දෙගොලෝම එනවා ..පෝය දොළහටම සිල් ගන්න අයත් එනවා..අවුරුද්දට අය වැය කොහොමද බලන්න..තවත් අය ඉන්නවා එයාලා එන්නේ තමන්ගේ ලග්නේ අය වැඩිනම් විතරයි වැය වැඩිනම් එනේන්ත් නැත,,මම නම් ඕකට ගොඩක් අවුරුදු වල ගිහින් ඇත .

.ඕකට ගන්නේ කොළ 12 අසියා ඉදන් හේරා වෙනකන් කොළ අරන් තමයි සෙල්ලම කරන්නේ..ඒක කොලෙකට කිව්වේ ගොඩක් කියලා ..ඔය දවස්වල සබන් කැටයක් ,රතිඤ්ඤා පෙට්ටියක ගොඩක් රුපියලයි ..ඔකේ තිබුනෙත් කොහොඹ සබන් තමයි ගොඩක් ම .සමන් ටින් රතිඤ්ඤාවගේ ඒවා රුපියල් දෙක වගේ තමයි මතක ..කොළ ටික වටේට තියාගෙන යනවා ..කොළ තියන්නේ නොපිට..අන්තිමට කරන කෙනා අහනවා මේ ගොඩ කාගේද කාගේද කියලා..ඒ වෙලාවට ඒක ඉල්ලන්න පුළුවන්..ඒ දවස්වල මගේ ලක් ඒක කොහොමද කියනවනම් අල්ලන හැම ඔට්ටුවක්ම දිනනවා ..සමහරු මම ලොතරැයි පොලට එනවා දැක්කම එතනින් නැගිටලා යන්න පවා පුරුදු වෙලා තිබුනා..සමහරු කියනන්වා ඔය දරුවා ගොඩවල් ඉල්ලනවානම් අපි ඉල්ලලා වැඩක් නෑනේ කියලත් කියනවා ..කොහොමත් මන් ලොතර්යි වලින් මුළු අවුරුද්දටම සබන් ,සැමන් දිනනවා ..ලොතරැයි පොලට කවදාකවත් පොලිසියෙන් පන්නේද නැත..සමහරු කිව්වේ බෝගහ යට නිසා පොලිසියෙන් පනින්නේ නැති විත්තිය..

ලොතරැයි පොලට පොලිසිය පනින්නේ නැති නිසා ප්‍රජාශාලාව පිටි පස්සේ කැට පොලක් සහ හෙඩ් පොලක් තිබුනා..එතනින් දිනපු සමහරු ගොඩ වැඩිකර ගන්නට එතන එහා පැත්තේ තිබුණු කොස් මන්ඩියේ බුරු පොලට ගියා..සමහරු ගොඩ ගියා තවත් අය නැති වුනා ..ඕකට පොලිසියෙන්ඔ පැනපු වෙලාවට අර ඔක්කොම ලොතරැයි පොළ ළඟය ..අන්තිමට ලොතරැයි පොලේ මුළු ගමේම අය ඉන්නවා ..ඔහොම කට්ටිය වැඩි වුනොත්ය අර සේරවම පන්නලා දානවා ගෙවල් වලට ..පස්සේ කාලෙක ලොතරැයි පොලත් අවුරුදු දවස් දෙකට විතරක් තියන්න කියලා බුරු ගාමිණීට පොලිසියෙන් කිව්වා .ඔය  සුදු පිටි ඔක්කොම කලේ බුරු ගාමිණිය ..බුරු ගාමිණි කියන්නේ මල ගෙවල් වල් හොයාගෙන ගිහින් සුදු ගහන කෙනෙක්..සමහරු කියන්නේ ගාමිණීට මුණු හයක් තියන කතරගම දෙයියෝ බුරු ගහන්න ගියාම අරුඩ වෙනවය කියලා ..කොච්චර මල ගෙවල් වල බුරු ගැහුවත් අවුරුදු දවස් වල බුරු ගැහුවේ නැත..අන්තිමට අඩුම ගොඩ 2,5,10 වුනා ..බුරු ගාමිණීට බුරු පොළකදී පිහියෙන් ඇනලා මැරුණම ලොතරැයි පොළ නැතිව ගියා ..එත් කැට පොලයෝ හෙඩ් එකයි ,බුරු පිටියයි තවම තියෙනවා ..

අවුරුද්දෙන පස්සේ තමයි එක එක්කෙනා දිනපු පැරදුන එකේ ප්‍රතිඵල එන්නේ..සමහර  අයගේ ගෙදර ගෑනිගේ ද දත් අඩුය... තවත් අය වේද ගෙදර ගිහින් තැල්මට බේත් ගන්නවා ...ඔලු පැලීම් ද නැතිවා නොවේ ..ඒ  හොදටම පැරදුණු අය ය ..කොච්චර ලක් ඒක තිබුනත් ලොතරැයි පොලෙන් එහාට එක අඩියක්වත් මම තිව්වේ ද නැත..ඒ ඇයිද කියන්න මම තවම දන්නේ ද නැත ..

Sunday, March 12, 2017

කෝච්චි කතා

ගිය සතියේ අගහරුවා දා කොළඹ යන්න උවමාන්වක් තිබුනා ..එත් මගේ කරුමෙට ද දන්නේ නෑ දවල් වෙනකන් නින්ද ගියපු නිසා ට්‍රෙන් එකේ යන්න හිතා ගත්තා ..මොකද දවල් වෙනකොට ට්‍රැෆික් නිසා යන්න ලේසි නැති නිසා ..කොහොමහරි දනී පනියේ ලේස්ති වෙලා රැජිනට යන්න අවා ..මාතරින් 9.40 නේ අදින්නේ...මමත් ඉතිං අයිනක් අල්ලන් වාඩි වෙලා ඉන්නකොට පෙර පාසල් පොඩි උන් ටිකක්  අම්මලා එක්ක ඇවිල්ලා මන් හිටපු පෙට්ටියේම ඉද ගත්තා ....

මං ඉස්සෙල්ලම ට්‍රේන් එකක ගියෙත් අර පොඩි උන් වගේ මොන්ටිසෝරියෙන් නෙවෙයි ස්කොලේ 3 පන්තිය්දී විතර ට්‍රිප් එකක් විදියට මාතර ඉදන් වැලිගමට ගියපු ගමන තමයි  ..ඒක තමයි කෝච්චියේ ගිය ගමන් වලින් අමතක නොවෙන ගමන..එදා ගමනට කොච්චර වෙලාවක් ගියාද කියන්නවත් තේරුමක් නෑනේ..

ඊට පස්සේ ස්කොලේ අට වසරේ වගේ ඉන්න කාලේ ගමපහට ගියා ..ඒ ගියේ අපේ මාම කෙනෙක් එක්ක..ගමන යනකන් මම හිතින් බැන බැන තමයි ගියේ...ඇයි යකෝ බස් එකේ ගියානම් මීට කලින් සිංදුවක් අහගෙන ශපාන් එකේ යන්න තිබිඡ්චා ගමන් ..මේ කෝච්චියක නැගලා මුළු දවසෙම ගිය ඒක ගැන...ඒ නොතේරෙන කාලෙනේ

පස්සේ කෝච්චියේ යන්න ආස හිතුනා මහන්සිය අඩු නිසා .මොකද රුහුණ 80 ට විතර යනවනේ..ඒක නිසා ගොඩක් වෙලාවට ගියේ රුහුනෙම තමයි..අනික රේල්ඊ පාරත්ට හදපු නිසා කලින් වගේ උඩින් විසිවෙලා යන්නේ නැතුව ඇලට්ප එකක්ස්සේ උනත් ගෙන යන්න පුළුවන් කම තිබ්බා ..ඒක නිසා ගමන ගොඩක්ම පහසු උනා

 මම ජොබ් එකක් කරන කලේ මාතර ඉදන් කළුතර ට වැඩට එනවා රුහුණු කුමරියේ .ටික කාලෙකට නිසා සීසන් ගත්තෙත් නැතිව ටිකට් අරන් එනවා ..හොදට නිදා ගන්න ඕනේ නිසා ටිකට් එක අරන් බෑග් එකේ සාක්කුවේ දාගන්නවා ..ඔහ්හොම ටික දවසක් ගියාම චෙකර්ලා පැනලා ටිකට් චෙක් කරනවා ..මමත් හීනෙන් වගේ බෑග් පොකට් එකට අත දාලා ටිකට් එක දුන්නා ..මේ මොකක්කද මිනිහෝ කියලා අහපු පාරට නින්ද කොහේ ගියද දන්නේ නෑ ..අයි ඔය තියෙන්නේ ටිකට් ඒක කියලා මමත් කියලා දැම්මා ..මේක මේ පරණ එකක්..හොරෙන් යන ගමන් සද්දෙත් දමනවා .නැගිටිනවා නැගිටිනවා
මටත් ඉතිං මල මම ගත්තනේ , ගත්තනම් තියෙන්න එපාය  ටික්කයි මයි හෙන වලිය වගේ..අපේ සද්දේ ඇහිලා තවත්ම චෙකර් කෙනෙක් අවා ..ඒ මනුස්සයා හරි හොදයි ..මහත්තයා පොඩ්ඩක් ආයි බෑග් එක බලන්න කිව්වා ..මම  කොයි එකටත් කියලා ආයි බෑග් එකට අත දාලා බැලුවා ..අම්මට සිරි හෙන ටිකට් කන්දක් පොකට් එකේ....මම ඒ මනුස්සයට ඒ ටිකට ටිකම දුන්නා හරි එක තොර ගන්න කියලා ..කොහොම හරි කළුතරින් බහිනකොට අර සද්දේ දාපු ටික්කා ලගට ඇවිල්ලා කියනවා රාජකාරියට බාධා කරයි කියලා නඩු දානවයි කිව්වා මමත් ඇරියා නෑ හරි නඩු කියමු ..මමත් දානවා මගී අයිතිවාසිකම් කඩ කලා කියලා ..ඇත්තටම එහෙම එකක් දාන්න පුලුවන්ද කියලවත් දන්නේ නෑ..කොහොම හරි ඒ වෙලාවේ කටට ආපු ඒක කියලා මන් බැස්සා..එයින් පස්සෙනම් මම ටිකට් එක ගමන් ඉවර වුන් පස්සේ විසි කරනවා

මේකනම් ටිකක් අවුල් වගේ..මේකත් රුහුණේ ඇවිල්ලා කට්ටිය තබදෙට බහිනවනේ..මම දැන් ඉකමනට බහින්න දොර ලග ඉන්නවා ..ඔය ලේක් හවුස් ඒක ලග බෙන්ඩ් එකේදී ට්‍රෙන් ඒක පොඩ්ඩක් පද්දෙනවනේ..ඔහොම පද්දෙනකොට කවුද මන්දා කෙනෙක්ගේ මුණක් වැදුනා පිට මැදට ..මමත් එච්චර ගණන් ගන්නේ නැතිව වැඩට ගියා ..කට්ටිය හිනා වෙලා අහනවා කොහෙද උදේම  ගියේ කියලා ..මට ෆුල් අවුල ..මුන් මාව අහස්වෙනකන් බයිට් කරලා තමයි කිව්වේ ලිෆ්ටික් පාරක් තියෙනවය කියලා ..එතකොට තමයි මට මතක් වුනේ දොරේදී වදීන ඇත්තේ කෙල්ලෙකුගේ කටට්ක් වෙන්න ඇති කියලා ..කොහොමහරි ටිනර් පොඩ්ඩක් දාලයි ෂර්ට් ඒක හෝද  ගත්තේ...හවස ගෙදර යන්න ඕනේ නිසා ..

ට්‍රේන් වල ලව් සිනුත් තියෙනවනේ..මම මේක උනේ ඒ ක ගෑනු කෙනෙක් නැග්ගේ වැලිගමින් .එයා යාලු වෙලා ඉන්න කොල්ල නැග්ගේ හික්කඩුවෙන්..කොහොමත් ඒ ගෑනු කෙනා පිරිමි කෙනාට ෂීට් එකක් බුක් කරන එන්නේ..දවසක් මම ඔය කපල් එක ඉස්ස්සරහින් තියෙන එකේ වාඩි වෙලා යනවා ..ට්‍රෙන් එක අම්බලන්ගොඩි අද්දලා කන්දෙගොඩ පහුවෙනවත් එක්කම මනුස්සයෙක් ඇවිල්ලා අර කපල් එකට ගහගෙන ගහගෙන ගියා ...මටත් හිතා ගන්න බැරිව ගියා මොකද වුනේ කියලවත්..කොහොම හරි අර ගෑනු මනුස්සයව කොන්ඩෙන්  ඇදන් කොස්ගොඩින් බැස්සුවා අර මනුස්සය ..කොල්ලා අලුත්ගමින් බැහැලා ගියා ..පස්සේ ආරංචි වෙච්ච විදියට ඒක තැනම ගැහෙ ගෙඩි කෑමක් ලු..අර කොල්ලා බැදලා නැහැ..ඒ කොල්ලා එක්ක යාලුවෙන්න බලන් හිටපු වැලිගමින්ම නගින කෙනෙක්ලු ඔත්තුව දීලා තියෙන්නේ..කොහොමහරි ඒ කොල්ලා එයින් පස්සේ අවේ නෑ ට්‍රේනේ එකේ ..ඔය වගේ ලව් සින් නම්  තියෙනවලු ගොඩක්

මේක වුනේ 2008 වගේ ..යුද්දේ අවසාන කලේ ඔය දෙහිවලදී ට්‍රේන් එකට බෝම්බ ගහපු අලුත ම වගේ මතක විදියට..මම ඔන්න එදත් කොළඹ ඉදන් මාතර යන ගමන් 2.20 ගාලු කුමරියේ යනවා ..මට ඔය දවස්වල ට්‍රේන් එකේ යන කොට බයටම  නින්ද යන්නේ නෑ ..මම ඉතිං වැඩි සෝදිසියට වට පිට බල බල යනවා..ඇදන් ගියෙත් කලුයි දුබුරුයි තියෙන අත් දිග ෂර්ට් එකක්..මගේ අතෙත් ලොකු පාර්සලයක් තිබුනා ..ඒක මන් ඉන්න තැන බිම තියලා තිබුනේ..ට්‍රේන් එක නැවැත්තුවා පානදුරේ ..ඒ එක්කම පොලිසියේ දෙන්නෙකුයි රේල්වේ එකේ දබලකුයි ඇවිත් මගෙන් අයිඩින්ටිය ඉල්ලුවා..මමත් ඉතිං දුන්නා ..දාහක් ප්‍රශ්න අහනවා ..අන්තිමට ඇහුවේ පාර්සලේ මොනවද කියලා ..වයර් වගයක් කිව්වා..මම පොඩි පාර්ට් ටයිම් වැඩකට පළමු හරස් විදියෙන් ගත්ත බඩු වගයක් තිබුනේ..ඇරලා පෙන්නන පුලුවන්ද කියලත් ඇහුවා..මම ඉතිං ඇරලත් පෙන්නන්න හදාදීම මනුස්සයෙක් කිව්වා අම්මෝ එපා ඕක පුපුරයි කිව්වා  මට හිතා ගන්න බෑ ඒ මොකද කියලා ..මම කොයි එකටත් අරක ඇරලා පෙන්නුවා..පොලිසියට තේරුනා කාට හරි පොඩි වැරදීමක් වෙලා කියලා ..මොකද පෙට්ටිය පැක් කරද්දී ටුකෝ වයර් කෑල්ලක් පෙට්ටියෙන් එළියට ඇවිත්..එකට බය වෙච්ච කෙනෙක් තමයි 119 ට කෝල් කරලා  තියෙන්නේ..

ආයි දවසක් රුහුණෙන් මාතර එනකොට ,රුහුණට කලින් ගිය කෝච්චිය උතුරු කළුතර හරියේදී කැඩිලා..දැන් ඉති කෝච්චිය නතර කරන ඉන්නවා ..මොකද පිල්ල මාරු කරන්නත් බැරි හරියෙකදී තමයි රුහුණ නතර කලේ..හුටා තමයි..කට්ටිය බැහැ බැහැ බස්සෙක යන්න යනවා ..පර්ස් එකේ මට මතක විදියට තිබුනේ ගෙදරට යන බස් එකේ ගාන විතරයි ..දැන් මොකෝ කරන්නේ..කමක් නෑ ඕන එකක් කියලා හිටියා ..අපේ පෙට්ටියේම මම විතරයි..ඉස්සරහා එකේ නම් 4-5 දෙනෙක් ඉන්නවා ..අවුලක්කො නෑ කියලා හිතා හදා ගත්තා ..හොම හරි පැය දෙකක විතර චාටරයක් කන්න වුනා ..හැබැයි ඊට පස්සෙනම් අවා වෙඩිල්ල වගේ..ඊට පස්සේ මම ට්‍රේන් එකේ යාම පොඩ්ඩ පොඩ්ඩ  අඩු කලේ හයිවේ එක නිසා ..ඒ හැබැයි අතේ සල්ලි තියෙනවට නෙවෙයි පැයක විතර වේලාවේ ඉතිරියි ,සැප පහසුවයි නිසා තමයි.ඒ මුල් කාලේ..එත් ආයි ට්‍රේන් එකටම බහින්න උනා ..

කෝච්චිය  ඇතුලේ වෙනම සංස්කෘතියක් තියෙනවා ..ගොඩක් වෙලාවට ඔය ඔෆිස් ඒවගේ  ..ෂීට් වලට රණ්ඩු ,ඕපා දුප සංගම් ,කාර්ඩ් ගැහිලි ඒ වගේම සමහර පෙට්ටිවලට පිට අයට නගින්න නොදෙන තරම් ..ඒවගේ නැග්ගොත් ,ඒ නැගපු කෙනාට කනක් ඇහිලා ඉන්න නැති තරම් ..සමහර ගැහුණු ය මගින් අනගින යට ෂීට් අල්ලන්න බෑග් එක බද අයිනෙන් තියලා කකුල් දෙක පළල් කරන යනවා අනන්තවත්..සමහර එව්වගේ බබෙක් ඉන්නන කෙනෙකුටවත් ෂීට් හමබ්වෙන්නේ නැති තරම් .

කොච්චි ඇතුලේ ජැක්සන් ලා ගැන ඕනේ තරම් විස්තර තියෙනවා ..සමහර ගැහැණු අයද එකට ස්ව කැමැත්තෙන් යනවා කියලා මගේ යාලුවෙක් නිතර කියනවා ..ඒයා එන්නේ කෑගල්ලේ ඉදලා ..කොහොමත් පොදු ප්‍රවාහන සේවය ඇතුලේ කාන්තාවනට සිදුවන අතවර ප්‍රමාණය 90% කියලා තමයි කියන්නේ..එකෙනුත් වැඩිපුර වෙන්නේ ට්‍රේන් එකෙය කියලා කියන්නේ..

ඕවා තමයි ඉතිං කෝච්චියේ කතා ..ඔයාලගෙත් කතා තියේනම් බෙදා ගමු

Saturday, February 25, 2017

අලි කතාවක්


ට්‍රින්... ට්‍රින් ...

නිදිමතේම ෆෝන් ඒක කනේ තියාගෙන මොකද යකෝ .. කීවෙමි මම .
මචන් ලොකු  කෙස් එකක් ..
කව්ද මැරුණේ ...
මැරිච්ච මඟුලක් නෙවෙයි 
එහෙනම් ...

මේ බං ඇත්තටම අලියා දිවුල් ගෙඩි  පිටින් ගිලිනවද ..?යකෝ මුන්ටත් තියෙන ප්‍රශ්න මේ උදේ පාන්දර කියා මම උගේ ප්‍රශ්නේ ගැන කල්පනා කරන්න විය ..

උගෙන් බේරීමට බැරිම ය..
මට ටක් ගලා මතක් වුනා  "අර සොමාවතියේ කෙස් එකක් ගැන තියෙන පොතක තියෙන සිද්දියක්"


කොහොමත් අලියා ඇඹුල් රස දේවල් කෑමට වැඩි කැමැත්තක් තියෙනවා ..අනික අලියා හොදට  හපලා කන සතෙක්..මොකද උගේ තියෙන පුර්ශ්චාර්වක චාර්වක දත් යොදා තල මහාගේ දත් වලට වැඩිය ලොකුයි..එක නිසා අලියා කියන්නේ හොදට හපලා කන සතෙක් කියන්නේ එකයි..

අලියා දිවුල් කන්න ආවම අලි බෙටි දානවනේ..ඒ බෙටි උඩට දිවුල් වැටුනම ..ඔය පුංචි පුංචි සතුන් ගිහින් දිවුල් කට්ට හිල් කරන් ඇතුලේ තියෙන සාරේ උරා බොනවා.සමහර දිවුල් ගැහෙදීම පුහු ඒවත් තියෙනවනේ..මොකද අපේ ගමේ තියෙන දිවුල් ගස් පල්ලෙත් ඔය කියන පුහු දිවුල් තියෙනවනේ..මොකද මෙහෙ අලි නැහැනේ..

හැබැයි අපේ පරණ මිනිස්සු කියන "අලියා ගිල්ල දිවුල් වගේ " කියන උපහැරණේ මේකට කොහොම සම්බන් ද වුනාද කියන්නන දන්නේ නෑ..

මේ මචන් හොද දිවුල් ටිකක් මටත් ගෙනෙන් කියා කියනවත් එක්කම ..යාලුවා ෆෝන් ඒක කට් කර ඇත..දැන් එතින් ආයි නිදා ගන්න බැරි නිසා මේක ලියලා දැම්මා ..

Friday, February 24, 2017

මම සහ ලයිෆ් ස්ටයිල්



පිටතින් බලපු උන් කියන්නේ හෙන ආඩම්බර කාරයෙක් කියලා ..හැබැයි ඒ මගේ හැටි ද ..?..නැත්නම් මම පොරක් කියා හිතාගෙන ඉන්න නිසා පිටතින් බලන යට පෙන්නේ මගේ පොර ස්ටයිල් ඒක ආඩම්බර කමක් හැටියට ද ..?

ඇත්තටම මම පොරක් ද ...එත් මේ පොර මානසිකත්වය කොහෙන් ආපු එකක්ද..?මේක ලේවලින් එන දෙයක් ද .?

අපි හැමෝම පොරක් ය...පොරක් ය කියන්නේ අපේ ලයිෆ් ස්ටයිල්  ඒක එහෙම නැත්නම් ජිවන අනන්‍යතාවය ..අපි හැමෝටම අපේමය කියන අනන්‍යතාවයක් ඇත..එය අපෙන් තව කෙනෙකුගෙන් පැහැදිලිව වෙනස් කමක් ඇත..කොටින්ම කියනවනම් අපේ ඇඟිලි සළකුණු තව කෙනෙකුට සමාන වෙන්නේ නැහැනේ.අන්න ඒ වගේ තමයි අපේ ලයිෆ් ස්ටයිල් එකකත් ..

ඔබ දන්නවා ද ඔබේ ස්ටයිල් එක..ගොඩ දෙනෙක් කරන්නේ අනුන්ගේ ස්ටයිල් කොපි කර අමාරුවේ වැටීමයි..මොකද ඔබ ට එය නොගැලපෙන නිසාය ..ඉස්සර ඔය පඩිවරු කියලා තියෙන්නේ තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කියලා දත් පනුවෝ කනොවට නෙවෙයි නේ..අන්න ඒක නිසා ඔබේ ස්ටයිල් ඒක හොයා ගන්න 

කොහොමද ස්ටයිල් ඒක හොයා ගන්නේ..ඔබ ,ඔබ ගැනම කල්පනා කරන්න..ඔබ සතුටු වෙච්ච සහ දුක් වෙච්ච දේවල් ගැන එහම නැත්නම් ඔබේ සාර්ථකත්වය අසාර්ථකත්වය ගැන..ඔබ සාර්ථක වුනානම් ඒ කොහොමද ..අසාර්ථක වුනානම් ඒ මොන හේතු නිසාද කියලා තේරුම් බේරුම් කර ගන්න..ඕනෙනම් කොලේක ලියන්න..

දැන් ආයි කලපනා කරන්න ඔබ අසාර්ථක වුනේ ඇයි..ඔබට තේරෙනවා ඇති ඔබට ඔබ ම නොවී කරපු වැඩ නිසා තමයි ඒ අසාර්ථකත්වය ට හේතුව..මෙහෙම පැහැදිලි කරනවා නම් ඔබේ යහළුවාට බයික් එකේ හිටගෙන යන්න පුළුවන්..ඔබත් හිතෙනවා එහෙම කරන්න පුළුවන් කියලා.ඔබ එය කරනවා ..අසාර්ථක වෙනවා ..වැටෙනවා ..අන්න ඒක නිසා තමයි කියන්නේ ඔබ ,ඔබම වෙන්න කියාය..එතැනදී කියයි පුරුදු වුනේ නෑ ....වගේ ඒවා ..සමහර වෙලාවට කොච්චර පුරුදු උනත් ඒ යාලුවා වගේ කරන්න බෑ..ඒ කියන්නේ ඔබේ ස්ටයිල් ඒක වෙනස් .

ඔබ කරේ ඔබගේ යාලුවා අනුකරණය කිරීමක් ..අන්න එතනදී තමයි ඔබට වැරදුනේ..ඔබ කල යුතුව තිබුනේ ඔහුගෙන් දෙයක් ගෙන එය ඔබේ ස්ටයිල් කරන්න..අන්න එතනදී ඔබට බයික් එකේ හිටගෙන නෙවෙයි ..ඔලුවෙන් උනත් යන්න පුළුවන්..

ලෝකේ මිනිස්සු වෙනස් කළා නොව මිනිස්සු ලෝකේ වෙනස් කළා. ඒ මිනිස්සු ලෝකේ  වෙනස් කලේ අනුන්ගේ දේවල් ගෙඩි පිටින් කොපි කරලා නෙවෙයි..ඒවායින් හොඳ දේවල් ගෙන තමන්ගේ දේවල් වලින් පුරෝලා තමයි..අපි හැමෝම පොරක් වෙන්නේ තමන්ගේ ලයිෆ් ස්ටයිල් එක අදුර ගත්ත දවසට අන්න එදාට කියන්න පුළුවන් ලයිෆ් ඉස් මයි ස්ටයිල් කියලා ..ඔබ ඔබම වෙන්න අනුන්ගේ චරිත රඟ නොපා ...

Sunday, February 12, 2017

හිගන රැජිණ සහ නිමල් පතිරණගේ නිල් මැණික





1980 අවුරුද්දේ ජනවාරි 17 වැනිදා රත්නපුරේ මැණික්‌ ව්‍යාපාරික නිමල් පතිරණට හදිසි වාසනාවක්‌ උදා කළ දවසකි. එදා උදේ 10 ට පමණ පැරැණි මිතුරෙක්‌ තවත් හතර දෙනකු සමඟ ඔහු හමුවීමට ආවේය. බේබි සිංඤොa නමැති මේ මිතුරා නිමල් පතිරණට මැණික්‌ ගල් ගෙනා ගල් බ්‍රොaකර් කෙනෙකි. 1979 තෙක්‌ නිතර නිතර පතිරණ හමුq වී මැණික්‌ සැපයුව ද ඉන්පසු බේබි සිංඤොa අතුරුදන් වෙයි. පසුව ඔහු රක්‌වානේ පොතුපිටියේ පතලක්‌ බැස ඇති බවට පතිරණට පණිවුඩයක්‌ එන්නේය. බේබි සිංඤොa අතට හොඳ ගලක්‌ හමුවුණොත් ඔහු අනිවාර්යයෙන් තමා වෙත එන බව නිමල් පතිරණ දන්නේ ය.





එය එසේම සිදුවිය. බේබි සිංඤොa එදා පැමිණ සිටියේ රාත්තල් එකහමාරක්‌ බර ගලක්‌ රැගෙනය.

"මොකක්‌ද මේක.......?" නිමල් පතිරණ ඇසුවේය.

"නිලක්‌" බෙබි සිCඳ්ෙC¹a කීවේය. මෙච්චර හොඳ ගලක්‌ ආයි මේ ආත්මෙදී හම්බ වෙන්නෙ නැහැ."

නිමල් පතිරණ ගල පිරික්‌සුවේය. මේ ආත්මයේ නොව ලබන ආත්මයේදීවත් මෙවැනි ගලක්‌ නොලැබෙන බව ඔහු සිතින් තක්‌සේරු කර ගත්තේය. "ගලට කීයක්‌ බලාපොරොත්තු වෙනවද?" ඔහු ඇසුවේය.

"අඩුම ගණනේ ලක්‍ෂ සීයක්‌වත් ඕනෑ. හරියට කපා ගත්තොත් ලක්‍ෂ පන්දාහකට එහා ඔය ගලෙන් හම්බ කරන්න පුළුවන්" ඒ බේබි සිංඤොa ගේ උත්තරය ය.

නිමල් පතිරණ ගල කිරා බැලුවේය. කැරට්‌ බරෙන් නම් කැට්‌ 3250 ක්‌ එතැන විය. ගල නැවතත් පෙරළා බැලූ පතිරණ එයට යටින් ටෝච් එක ගසා මෙසේ කීවේය. "මැද පැල්මක්‌ තියෙනවා නේද?"

"මේකනෙ නිමල් මහත්තයා වැඩේ. කැරට්‌ 3250 ක ගලක්‌ ඒ බර තියාගන්නට කපන රටක්‌ නැහැනෙ. මේ ගලත් එහෙමයි. පැල්ම තියෙන තැනින් ගල ඉරා ගන්න හැකි. ඊට පස්‌සෙ තව කෑලි කීයකට නම් මේක වෙන් කර ගත හැකිද? එක කෑල්ලකින් කෝටි කීයක්‌ නම් හොයන්න හැකිද?

"කීයක්‌ ඉරුවත් ලක්‍ෂ 100 ක්‌ නම් දෙන්න බැහැ. එහෙම දෙන්න සල්ලි මා ළඟ තියා කා ළඟවත් ඇත්තෙත් නැහැ...... නිමල් පතිරණ කීවේය. ලක්‍ෂ 30 ක්‌ දෙන්නම්..."

"හැත්තෑපහක්‌ දෙන්න." බේබි සිCඳ්ෙC¹a කීවේය.

"තිස්‌පහක්‌ දෙන්නම්."

"කෙරෙන්නම කතා කරමු නිමල් මහත්තයා..." බේබි සිCඳ්ෙC¹a ස්‌ථිර හඬින් කීවේය. පනහක්‌ දෙන්න...."

"හොඳයි හතළිහක්‌ දෙන්නම්....." නිමල් පතිරණ තම දැතේ තිබූ ගල බේබි සිංඤොa අතට දෙමින් හිඳ සිටි තැනින් නැඟී සිටියේය. කතා නොකළ බේබි සිංඤොa එකඟත්වය පළ කරමින් හිස සැලුවේය. කැරට්‌ 3250 ක්‌ බර ලොව ඒ වන විට සොයාගෙන තිබූ ලොකුම නිල් මැණික නිමල් පතිරණගේ ගෙදර කාමරයක ඇතුළු බිත්තියෙක සවිකර තිබූ රහස්‌ සේප්පුවකට ගියේය.

1980 දී රුපියල් 500, 1000, 2000, 5000 නෝට්‌ටු නැත. එකල පාන් රාත්තලක්‌ සත 35 ක්‌ වූ අතර හොඳම සම්බා කිලෝවක්‌ රුපියල් එකයි සත දහයකට වැඩි නොවීය. සීනි රාත්තලක්‌ සත 72 කි. භූමිතෙල් බෝතලයකුත් සත 72 කි. බස්‌ හෝල්ට්‌ 6 ක්‌ පමණ දුර යැමට බස්‌ ටිකට්‌ටුව ශත 25 කි. උපාලි විජයවර්ධනගේ උපාලි මෝටර්ස්‌ සමාගම මෙරටදී නිෂ්පාදනය කළ µ්‍රන්ට්‌ වීල් කාරයක්‌ වූ උපාලි µsයට්‌ රථයක්‌a රුපියල් 72,000 කි. වැඩිම වටිනාකම සහිත මුදල් නෝට්‌ටුව රුපියල් 100 කි. ඊට අමතරව රුපියල් 50. රුපියල් 10, රුපියල් 5, රුපියල් 2 යනාදී වශයෙන් නෝට්‌ටු සංසරණය විය.

රුපියල් ලක්‍ෂ 40 කට සීයේ නෝට්‌ටු හතළිස්‌ දහසක්‌ තිබේ. පනහේ නෝට්‌ටු අසූදාහක්‌ තිබේ. නිමල් පතිරණගේ සල්ලි සේප්පුවල ලක්‍ෂ 90 කට වඩා තබිණ ඔහු කල්පනා කළේ මේ තරම් විශාල මුදල් තොගයක්‌ බේබි සිCඳ්ෙC¹a ගෙදර ගෙන යන්නේ කොහොමද යනුවෙනි. අන්තිමේදී බේබි සිCඳ්ෙC¹a සමඟ සාකච්ඡා කළ ඔහු බේබි අතට සත 25 ක්‌ දී ළඟම පිහිටි සිල්ලර කඩෙන් හිස්‌ හාල් ගෝනි 2 ක්‌ රැගෙන එන ලෙස කීවේය.

"ඒ මොකටද...?" බේබි ඇසුවේය. මැණික්‌ ගල් බ්‍රොaකර් කෙනෙකු වූ බේබි සල්ලි විශාල ප්‍රමාණවලින් ගනුදෙනු කර තිබුණේනැත. ඒ බැවින් විශාල මුදල් තොගයක පරිමාව හෝ විභවය ඔහුට නොතේරෙන බව නිමල් පතිරණට වැටහින. තමා ලක්‍ෂ 40 ගෙවීමට යන්නේ රුපියල් සියයේ නෝට්‌ටු සහ පනහේ මුදල් නෝට්‌ටුවලින් කලවමේ බැවින් එතැන නෝට්‌ටු හැටදහසක්‌ පමණ විය හැකිබව ඔහු බේබි සිCඳ්ෙC¹aට පෙන්වා දුන්නේය.

අන්තිමේදී මුදල් තොගය එකක්‌ සත 10ක්‌වූ ගෝනි දෙකක බහා ඒවා උඩින් එළවළු අතුරා කටවල් හොඳින් බඳින ලදී. බේබි සිCඳ්ෙC¹a ඇතුළු පිරිස ඒවා කර තබාගෙන නික්‌ම ගියහ.

නිමල් පතිරණ එදා මැදියම් රෑ ඉක්‌මවන තුරුත් අවදිව සිට කල්පනා කළේ මැණික්‌ ගලට කුමක්‌ කරන්නේ ද යන්නය. එය එහෙමම තායි මැණික්‌ වෙළෙන්දෙකුට විකුණනවාද?, එහෙමත් නැත්නම් කැබලිවලට ඉරා කපා ඔප දමා විකුණනවාද යන්න තේරුම් බේරුම් කර ගැනීමට ඔහුට බැරි විය. මෙතැන් සිට පහතින් පළවන ඡේදයෙන් කියෑවෙන්නේ 1980 ජනවාරි 17 වැනිදා මධ්‍යම රාත්‍රියේදී තමා අත්විඳි දේ ගැන නිමල් පතිරණ තම වචනවලින් පැහැදිලි කරන කතාවය.

"එතකොට මට වයස තිහකට වඩා නැහැ. සල්ලි - මැණික්‌ ගෙදර තියෙන නිසා මම හැම තිස්‌සෙම සූදානමින් හිටපු කෙනෙක්‌. ඔන්න එදා රෑ 12ට විතර මම සාලේ පුටුවකට වෙලා කල්පනා කළා ගලට මොකද කරන්නේ කියලා. ගෙදර ඔක්‌කොමලා නිදි. හිටපු ගමන් සාලේ මැද්දෙන් සුදු ඇඳුමක්‌ ඇඳපු රූපයක්‌ මතුවුණා. ආයුධයක්‌ ගන්න කාමරේට යන්න නැගිට්‌ටත් මට නැගිට ගන්න බැහැ. පුටුවට බැඳලා වගේ. සුදුපාට රූපෙ කතා කරන්න පටන් ගත්තා. ඕක හරි වටින මැණිකක්‌. දැන් උඹ ලංකාවේ ලොකුම කෝටිපතියා වෙලා ඉවරයි. හැබැයි ඔය මැණික හිතු මතයට කපන්න එපා. ඊට කලින් උඹ රත්නපුරේ මහ සමන් දේවාලෙට ගිsහින් පූජාවක්‌ කරන්න ඕනෑ. එහෙම කියලා රූපය අතුරුදන් වුණා.."

ලැබුණු උපදෙස්‌ ඒ හැටියටම අනුගමනය කරමින් නිමල් පතිරණ සමන් දෙවි හාමුදුරුවන්ට පූජාවක්‌ පවත්වා ගල කැබලිවලට ඉරුවේය.මේ ගලෙන් කැරට්‌ 22 ක්‌ බර කොටසක්‌ කපා ඔප දමා ළඟÊතබා ගත් ඔහු ඉතිරිය එසේම කපා ඔප කර ලොව පුරා වික්‌කේය. ඒ කාලයේ හැටියට ඔහු එයින් රුපියල් කෝටි 100 කට එහා ඉපැයිය යුතුය. එහෙත් ඔහු කීයක්‌ උපයන ලද්දේ දැයි අප දන්නේ නැත.




1981 දී බ්‍රිතාන්‍යයේ එළිසබත් රැජන ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණියාය. යටත් විජිත රසික සමාජයේ සභාපති ලෙස හැසිරුණ ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන ඇය වෙනුවෙන් බොහෝ උත්සව පවත්වා කොළඹ ජනාධිපති මැඳුරේදී මැණික්‌ ප්‍රදර්ශනයක්‌ ද සංවිධානය කළේය. විශාල සිප්පි කටුවක්‌ මැද තැබූ නිමල් පතිරණයට අයත් කැරට්‌ 22 නිල් මැණික ඔහු ඒ ප්‍රදර්ශනයට ඉදිරිපත් කළේය. තියුණු ආලෝක ධාරාවක්‌ මැණික මතට එල්ලකර එය කැපී පෙනීමට සැලැස්‌වීමට සංවිධායකයෝ කටයුතු කර තිබිණි. හරියටම එදා උදේ 10.30 ට මහ රැජන ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති මන්දිරයට ආවාය. නිමල් පතිරණගේ මැණික දෙස සෑහෙන වේලාවක්‌ බලා සිටි ඇය ප්‍රදර්ශනය නැවත වරක්‌ නැරඹීමට හවස්‌ වරුවේ එන බව කියා නික්‌ම ගියාය. හවස හතරයි පහට ඡේ. ආර්. සමඟ මහරැජන නැවත එහි ආවාය. නිමල් පතිරණගේ මැණික දෙස බොහෝ වේලාවක්‌ බලා සිට ඇය ජනාධිපති ඡේ. ආර්.ගෙන් කිසිවක්‌ ඇසුවාය.

ඊළඟ මොහොතේදී නිමල් පතිරණ දෙසට හැරුණු ඡේ. ආර්. රෙද්දත් ඇඳගෙනම මෙසේ විමසීය.

"නිමල් කැමතිද මහ රැජනට මේ මැණික තෑගි දෙන්න..?"

නිමල් පතිරණ දැන් කිව යුත්තේ කුමක්‌ද? මෙතැන නිමල් පතිරණ වෙනුවට ඔබ සිටියේ නම්, ඔබ කරන්නේ කුමක්‌ද?

"හොඳයි සර් අතින්ම මේක එතුමියට තෑගි දෙන්න......" නිමල් පතිරණ කීවේය.

ඡේ. ආර්. වහාම මැණික ගෙන දොaතින්ම මහ රැජනට දුන්නාය. ඇය ද රෙදි ඇඳගෙනම වෙන මිනිහකුට අයත් නිල් මැණික ඡේ. ආර්. අතින් ලබාගෙන ඒ වෙන මිනිහා වන නිමල් පතිරණට ස්‌තුති කර නික්‌ම ගියාය.

--------------------------------------------------------------------------------

1947 දී රත්නපුරයේදී උපන් නිමල් පතිරණ මැණික්‌ පරම්පරාවකට අයත් කෙනෙකි. ඔහුගේ පියා සහ බාප්පලා මෙරට සිංහල - බෞද්ධ මැණික්‌ ව්‍යාපාරික ප්‍රජාවගේ සමාරම්භක සාමාජිකයෝ ය. අවුරුදු 22 දී මැණික්‌ ව්‍යාපාරයට ඔහු එන විට ඔහු වැනිම තවත් තරුණ සිංහලයන් පිරිසක්‌ එම ව්‍යාපාරයට අවතීර්ණ වූහ. ජිනදාස ගුරුගේ, රත්නාලෝක මුදලාලි, විජය නිල්මිණි මුදලාලි ඒ අතර වූහ. ඇහැලියගොඩ බුලත් මුදලාලි ඔවුන් අතර යෝධයා විය. නලීම් හඡ්ජියාර් මැණික්‌ ව්‍යාපාරික මුස්‌ලිම් ප්‍රජාවගේ ප්‍රමුඛයා ය. රත්නපුරේ ඇලෝසියස්‌ විදුහලේ උගත් නිමල් පතිරණ වයස 40 වන විට රත්නපුරේ ධනවත්ම මැණික්‌ ව්‍යාපාරිකයාව සිටියේය. ඔහුට අයත් සංචාරක හෝටලයක්‌ රත්නපුරයේ විය. රටේ හැම තැනකම ඉඩම්ද, කොළඹ බාන්ස්‌ පෙදෙසේ ගෙයක්‌ ද ඔහුට විය. ඔහු ඒ නිවස මිලට ගත්තේ තම දරුවන් එහි පදිංචි කරවා, කොළඹ ඉස්‌කෝලවලට යෑවීමටය. දරුවන්ගේ තනියට බිරිය ද එහි පදිංචි කළ ඔහු රත්නපුරයට වී සිය ව්‍යාපාර කටයුතු බලා ගත්තේය. සේවකයන් සමඟ මහා මන්දිරයක තනිව ජීවත් වූ ඔහු සතුව වසර සිය ගණනක්‌ පරණ මෝටර් රථ කිහිපයක්‌ සහ පුරාවස්‌තු රැසක්‌ තිබිණ. ඔහු ජීවත් වූ මහා මන්දිරය මැද තෙත් වන ගහනයක්‌ වැනි කුඩා උයනක්‌ වූ බවත් එහි ජලජ ජීවීන් මෙන්ම දිය ගොඩ දෙකෙහිම වසන උභය ජීවීන් ද ජීවත් වූ බව මේ ලියුම්කරුට මතකය.

පසු කාලයේදී නිමල් පතිරණගේ ආර්ථිකය පරිහානියට පත් විය. ඉන් පසු ඔහු ගැන කිසිදු ආරංචියක්‌ මේ ලියුම්කරුට නොලැබිණ. මේ ලියුම්කරුට ඔහු සමඟ කිට්‌ටු ඇසුරක්‌ ද තිබිණි. අවසානයේදී ඔහු ගැන ලැබෙන අලුත්ම ආරංචිය වන්නේ ඔහු අතුරුදන් වූ බවය.

නිමල් පතිරණ හොඳ සිහියෙන් සිටියේ නම් කවදාවත් මඟ වැරදීමකට ලක්‌වීමට හෝ ඉබාගාතේ ගොස්‌ අතුරුදන් වීමකට පත්වන කෙනෙකු නොවේ. ඔහු තරම් පිටරටවල සංචාරය කළ වෙනත් ව්‍යාපාරිකයකු සොයා ගැනීමට අපහසුය. වරක්‌ ඔහු තමා සතු පාස්‌පෝට්‌ 87 ක්‌ මේ ලියුම්කරුට පෙන්විය.ඇතැම් විට ඔහුගේ පාස්‌පෝට්‌ මාස තුනකින් පිරී ගිය අතර ඔහු අවුරුද්දකට පාස්‌පෝට්‌ 3 ක්‌ පමණ ලබාගෙන තිබිණි.

නිමල් පතිරණගෙන් තෑගි වශයෙන් ඉල්ලාගත් කැරට්‌ 22 නිල් මැණික මාලිගයට ගෙන ගිය මහ රැජන එය චාල්ස්‌ - ඩයනා විවාහ ගිවිස ගන්නා විට ඩයනාගේ මුදුවට එබ්බවීම සඳහා තෑගි කළාය. සුදු රත්තරනින් තැනූ එම මුදුවට ගල එබ්බවූ රන් කරුවෝ, හොඳම වර්ගයේ දියමන්ති රවුමක්‌ ගල වටා ඇල්ලූහ. මීට වසර කිහිපයකට ඔටුන්න හිමි විලියම් කුමාරයා සමඟ කේට්‌ කුමරිය විවාහ වන විට ඇයට පළඳවන ලද්දේද ඩයනා දැමූ එම මුදුවය. එය පරම්පරාවෙන් පරම්පරාවට රාජකීය තරුණියන්ගේ අත්වල විවාහ ගිවිස ගැනීමේ මුදුවක්‌ ලෙස දිලෙනවා ඇත.

ඒ අගනා මැණික තිබෙන තැන සහ එහි නූතන හිමිකරුවන් ගැන ලොවම දනිති. එහෙත් එහි අයිතිකරු වූ නිමල් පතිරණ සිටින තැන මෙය ලියන මොහොත වන විටත් කවුරුවත් දැන සිටියේ නැත.