Saturday, February 25, 2017

අලි කතාවක්


ට්‍රින්... ට්‍රින් ...

නිදිමතේම ෆෝන් ඒක කනේ තියාගෙන මොකද යකෝ .. කීවෙමි මම .
මචන් ලොකු  කෙස් එකක් ..
කව්ද මැරුණේ ...
මැරිච්ච මඟුලක් නෙවෙයි 
එහෙනම් ...

මේ බං ඇත්තටම අලියා දිවුල් ගෙඩි  පිටින් ගිලිනවද ..?යකෝ මුන්ටත් තියෙන ප්‍රශ්න මේ උදේ පාන්දර කියා මම උගේ ප්‍රශ්නේ ගැන කල්පනා කරන්න විය ..

උගෙන් බේරීමට බැරිම ය..
මට ටක් ගලා මතක් වුනා  "අර සොමාවතියේ කෙස් එකක් ගැන තියෙන පොතක තියෙන සිද්දියක්"


කොහොමත් අලියා ඇඹුල් රස දේවල් කෑමට වැඩි කැමැත්තක් තියෙනවා ..අනික අලියා හොදට  හපලා කන සතෙක්..මොකද උගේ තියෙන පුර්ශ්චාර්වක චාර්වක දත් යොදා තල මහාගේ දත් වලට වැඩිය ලොකුයි..එක නිසා අලියා කියන්නේ හොදට හපලා කන සතෙක් කියන්නේ එකයි..

අලියා දිවුල් කන්න ආවම අලි බෙටි දානවනේ..ඒ බෙටි උඩට දිවුල් වැටුනම ..ඔය පුංචි පුංචි සතුන් ගිහින් දිවුල් කට්ට හිල් කරන් ඇතුලේ තියෙන සාරේ උරා බොනවා.සමහර දිවුල් ගැහෙදීම පුහු ඒවත් තියෙනවනේ..මොකද අපේ ගමේ තියෙන දිවුල් ගස් පල්ලෙත් ඔය කියන පුහු දිවුල් තියෙනවනේ..මොකද මෙහෙ අලි නැහැනේ..

හැබැයි අපේ පරණ මිනිස්සු කියන "අලියා ගිල්ල දිවුල් වගේ " කියන උපහැරණේ මේකට කොහොම සම්බන් ද වුනාද කියන්නන දන්නේ නෑ..

මේ මචන් හොද දිවුල් ටිකක් මටත් ගෙනෙන් කියා කියනවත් එක්කම ..යාලුවා ෆෝන් ඒක කට් කර ඇත..දැන් එතින් ආයි නිදා ගන්න බැරි නිසා මේක ලියලා දැම්මා ..

2 comments:

ඔබේ අදහස මට කෝටියක් වටි..ලියා යන්න වචන දෙක තුනක්