Showing posts with label vehicle. Show all posts
Showing posts with label vehicle. Show all posts

Monday, February 20, 2017

PRIUS පදින්නේ..එහෙනම් ඕන වෙයි

ගොඩක් අයට PRIUS කිවුම තවත් එක වහනයක් විතරයි. දුවන්නන් වලේ දුවලා වැඩක් නැහැ හොද නඩත්තුවක් තියෙන්න ඕනා.

මම TYRE වලින්ම පටන් ගන්නම්. ගොඩක් මේවට අගල් 15 / 16 17 /18 යන WHEEL SIZES එන්නේ. එක ගැටළුවක් නැහ. 
1. ප්‍රදනව රෝද සදහා හුලං යෙදීමේදී නයිට්‍රජන් ම යොදන්න. ඉස්සරහ TYRE සදහා රාත්තල් 42 කුත් පසුපස සදහා රාත්තල් 40 කුත් යොදන්න.
හේතුව : කවුරුවත් වාහනයේ බර ගැන හිතන්නේ නැහැ. ඔය CAR එකේ HYBRID UNIT එකයි එන්ජිමයි එකතු වුනාම කොච්චර බරද කියල හිතන්න. එතකොට 4 දෙනෙක් එක්ක TOTAL බර කොච්චරද කියල හිතන්න. වාහනයේ එන්ජිම තියන කොටසේ බර දරන්න වෙන්නේ ඉස්සරහ රෝද වලට එතකොට වහනය 100% HANDLE වෙන්නේ ඉස්සරහ රෝද වලින් - මෙහෙම හිතන්න අපි පැයට කිලෝමීටර 60 වේගයෙන් ගමන් කරලා වමට හෝ දකුණට වංගුවක් ගන්නවා කියලා මොකද වෙන්නේ එතකොට. වාහනයේ සියලුම බර සහ විභව ශක්තිය සම්පූර්ණ දරන්න වෙන්නේ හරවන පැත්තට විරුද්ද රෝදයට. එතකොට හුලන් අඩු වුනාම වෙන දේ දන්නවා නේ. මොකද මේ PRIUS එකේ AUTOMATICALLY ම SKID වෙන එක නවත්වනවා.

#. හොදට TYRE එකට හුලං තියෙන කොට පාර සමග ස්පර්ශවෙන ක්ෂේත්‍ර පලය අවමයි එතකොර ගර්ශනයත් අවමයි. TYRE සහ පාර අතර ගර්ශනය අවම වෙනවා. එතකොට TYRE ගෙවෙන ගතියත් අවම වෙනවා. එකේ වාසිය නොදැනීම තමන්ගේ සාක්කුවට එන්නේ. අවම ඉන්දන දහනයක් වෙන්නේ.

# Nitrogen යොදන එකේ වාසිය. - PRIUS එකේ රෝද 4ම DISC BREAK එන්නේ CERAMIC + ALUMINUM +(TITANIUM සමහරවිට ) MIX DISC එකක් ALUMINUM වලින් වලින් හදපු ALLOY WHEEL එකකට SET වෙලා තියෙන්නේ . මේ ඔක්කොම තාපය සන්නයනය කරනවා අපි BREAK කරන හැම පාරම DISC එක රත් වෙනවා රස්නය DISC එක හරහා ALLOY WHEELS වලටත් යනවා. එතකොට TYRE එක ඇතුලේ තියෙන වාතය රත් වෙනවා රත් වෙන කොට ප්‍රසාරණය වෙනවා ඊට පස්සේ TYRE පුපුරනවා. ( අපේ කිරියේ ඉන්න කොළඹ - අම්පාර LEYLAND BUS තියෙන අයියා නම් දන්නවා වෙන වැඩේ ගොඩක් දුර ගමන් යන බස් වලට රෝද වතුරෙන් හෝදන්නේ මේ නිසා. මේක කරන්නෙත් රීම් එක තෙමන්නේ නැතුව.) ඊට අමතරව TYRE එකත් පාරත් අතර ගර්ශනය හේතුවෙන් ඇතුලේ තියෙන වාතය රත් වෙනවා . මෙන්න මේවා අවම කර ගන්න තමා නයිට්‍රජන් යොදන්න කියන්නේ. නයිට්‍රජන් කියන්නේ අයිස් වගේ සීතල වායුවක්.

2. වහනයේ REVERSE GEAR එක යොදන හැම විටම ECHO MODE OFF කරන්න. POWER MODE එකට CHANGE කරාට කමක් නැහැ මොකද වාහනයේ තියෙන POWER ම GEAR එක තම REVERSE GEAR එක.

3. DRIVE කරන හැම වෙලාවේම , තැනිතලා පාරක නම් D POSITION එකට දාගෙන යන්න කදු සහිත පාරක් නම් කවදාවත් මචන් ECHO දාගෙන යන්න එපා එන්ජිමට කෙලවෙනවා කාලයක් යද්දී. මතක තියාගන්න මචන් මේකට එන MANUEL එකේ පැහැදිලිවම කියලා තියෙනවා මේක. උදා: කඩුගන්නාව , මහනුවර - නුවර එලිය පාර. කන්ද බහිනවානම් B POSITION එකට දන්න. එතකොට නිතරම BREAK යොදන්න ඕන නැහැ. BATTERY එකත් CHARGE වෙනවා. උද: නුවර එලිය බහින කොට.

4.PRIUS (සියලුම HYBRID ) එකේ කිසිම මොහොතක A C OFF කරගෙන යන්න එපා. HYBRID BATTERY එකට කෙලවෙනවා. හේතුව : මචන් ඔය BATTERYඑක FULL SEAL TYPE කිසිම වෙලාවක එළියෙන් හුලන් අතුල්වෙන්නේ නැහැ. ඔය HYBRID BATTERY එකේ හැම CELL එකකම FAN තියෙනවා. BATTERY එක වැඩ කරන කොට ඇතිවන HEAT එක ඔය FANS වලින් එලියට දානවා . එක එලියට දාන්නෙත් CAR එක අතුලටමයි. වාහනේ දකුණු පැත්තේ දොර ලග PASSENGER SEAT එක ලගම පොඩි කවුළුවක් තියෙනවා එතනින් තමයි HEAT එක එලියට දාන්නේ.එතන BLOCK වෙන්න දෙන්න ත් එපා.එහෙම එලියට දාන ගමන්ම BATTERY එක තියෙන ROOM එකට CAR එකේ PASSENGER SEAT එක යටින් හුළං අදිනවා. අපි A C නැතුව ගියාම BATTERY එක COOL වෙන ප්‍රමාණය අඩුවෙනවා. එතකොට මචන් BATTERY එක HEAT වෙනවා. HEAT වෙනකොට FAULT එකක් කියලා CHARGE වෙන එක නවත්වනවා. එකියන්නේ මචන් SYSTEM එකෙන් ඒ CELL එක DEAD කරනවා. ඔයවිදියට අනිත් ඒවත් DEAD කරනවා. එතකොට BATTERY එකෙන් යන දුර ප්‍රමාණය අඩුවෙනවා. CHARGE වෙන ප්‍රමාණයත් අඩු කරනවා. කාලයක් ගියාම TOTALLY DEAD . එතකොට තම මචන් BATTERY එක චන්ගේ කරන්න ඕන කියන්නේ. නමුත් BATTERY එක චන්ගේ කරන්නේ නැහැ . හදන්න දුන්නම උන් උබලට පෙන්නේ නැතුව BATTERY SYSTEM RESET කරනවා. ඊටපස්සේ එකම දෙනවා. මොකද වෙන්නේ ඊට පස්සේ උබලගේ දත ගැලවෙනවා. RESET කරට පස්සේ BRAND NEW වගේ වැඩ. නමුත් මචන් FANS ටික නම් අලුතින් දානවානම් හොදයි. වාහනේ වීදුරු ඇරන් ගියත් A C එක 25ට සෙට් කරලා මද තියෙන A C කවුළු පහලට හරවලා තියන්න.

5.වහනයේ WINDSCREEN එක සෝදන වතුරට SHAMPOO දන්නා එපා. ඉස්සරහ වීදුරුව වතුර රදන්නේ නැති PLASTIC LAYER එකක් තියෙනවා. හැකිතරම් GLASS WASH LIQUID එකක් පාවිච්චිකරන්න. SHAMPOO දැම්මාම පොඩි පටලයක් වගේ බැදෙනවා.

6.තෙල් ගැනනම් කියන්න යන්නේ නැහැ 93 න් ඉහල දානවානම් හොදයි.

7.DRIVING STYLE .
# මුලින්ම වාහනේ START කරලා POWER MODE දාලා පලවෙනි මීටර 20-30 යන්න ඊට පස්සේ ECHO දාගන්න. මතක තියාගන්න මචන් කගවෙනා වගේ යනවානම් අසරණ ECHO දාන්න එපා POWER MODE ම දාන්න. ලසිගමනේ යනවානම් ECHO තම ඉතින්.

# අපි වහනයක් OVERTAKE කරනවානම් ගොඩක් වෙලාවට ECHO MODE එක අවුලක් නැහැ. අවශ්‍ය SPEED එක අරගෙන වහනය OVERTAKE කරන්න. අනිත් වහනය පහුවෙනවත් එක්කම ACCELERATOR එකෙන් කකුල අරගන්න. එතකොටම බලන්න HYBRID මීටර් එක එකේ 20 තියාගෙන යන්න. බැරිනම් පොඩ්ඩක් TRY කරන්න අවසානයේ වැඩේ හොදටම පුළුවන් වුනොත් 35 K M /L අනිවා කරනවා. NORMAL DRIVE කරනවානම් ඔය විදියටම කරන්න. වීදුරු වහගෙන යන තරමට වාතය මගින් ඇතිවන ගර්ශනය අවමයි. AERODYNAMIC SHAPE නිසා හොදට තෙල් කරනවා.

# EV MODE යනවානම් 35KM /H උපරිමයකට තිය ගන්න.

# CRUISE CONTROL SET කරනවානම් 72 Km /h සෙට් කරගන්න. 100 සෙට් කරන්න එපා. එහෙම නැත්නම් 112 ට සෙට් කරන්න. ( CRUISE CONTROL ORIGINAL අපු වාහනවලට පමණයි. CRUISE පසුව සවිකරන ලද වාහන නම් මචන්ලා නිකන්ම DRIVE කරන්න.)

# වහනයට GADGET සවිකරනවානම් දන්නා තැනකින් කරන්න POWER LINE TAP කරනකොට අවශ්‍ය විදියට කරන්න . හිතෙන විදියට කරන්න එපා. RESISTIVITY එක වෙනස්වෙනවා.

මෙ සියළුම දේවල් මගේ EXPERIENCE එකෙන් මම ම ඉගෙන ගත්ත දේවල් මගේ වාහන නම් 32 - 35 KM/L කරනවා. 

බැටරිය ගැන දැනගතයුතු දේ

මේකෙදි වැඩි අවධානයක් යොමු කරන්නේ කාර්බැටරි නඩත්තුව වගේම ඒ ගැන අවධානයෙන් ඉන්න හැටි තමයි. මම මේ කතා කරන්න යන්නේ හයිබ්‍රිඩ් වාහනවල එන බැටරිය ගැන නම් නෙවෙයි ඕං. සාමාන්‍යයෙන් මෝටර්රථවල භාවිතා කරන බැටරි ගැන. 
පැට්‍රල් හෝ ඩීසල් වාහනයකට අත්‍යවශ්‍යම අංග වලින් එකක් තමයි බැටරිය කියන එක. ඒක ඉතිං අමුතුවෙන් මෙතන උඹ කියන්න ඕනෙ නෑනේ අපි ඒවා දන්නවා.. කියන එක උඹලගේ හිත් කියනවා ඇති
අහිංසක විදිහට බොනට් එක ඇතුලේ ඉදගන හිටියත් මේ බැටරියට ඕනි නම් පුලුවන් අපිට මල වදයක් වෙන්න. එහෙමත් නැත්තං පරිපථ වලට යම් යම් හානි කරන්න. එහෙමත් නැත්තං සියදිවි හානි කර ගන්න.  ඉතිං මේ යකාව අවශ්‍ය ගානට මෙල්ල කරගෙන සියදිවි හානි කරගන්න දෙන්නේ නැතුව රැක බලාගන්න එක වාහන හිමියෙකුගේ පොකට් එකට හොදයි. ඒ වගේම වාහනේටත් හොදයි. වැඩි බයිලා එව්වා මෙව්වා වැඩක් නෑ අපි කෙලින්ම මාතෘකාවට බහිමු

මූලිකව කාර් බැටරියක කෝෂ 6 ක් තියනවා. මේ එක කෝෂයක වෝල්ටීයතාවය ආසන්නවශයෙන් 2.2 ක්. එතකොට සම්පූර්ණ බැටරියේ වොල්ටීයතාව ආසන්නවශයෙන් වොල්ට් 13 කට කිට්ටුයි. වොල්ට් අගයට අමතරව බැටරියක ඇම්පියර් ධාරිතාවක් තියනවා කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. මේ බැටරිය ආරෝපනය වෙන්නේ මෝටර් ඕල්ටනේටරය, ඩයෝඩ් ප්ලේට් , කටවුට් එක, ඕල්ටනේටර් බෙල්ට් එක, කන්ට්‍රෝල් අයි.සී එක වගේ කොටස් කීපයක උදව්වෙන්. වාහනේ පණගන්වලා තියන හැම වෙලාවකම බැටරිය ආරෝපණය වෙනවා




ඉතිං මොනවද අපි මේ බැටරියට කරන්න ඕනේ නඩත්තු කටයුතු.
ඒක තමයි වැඩේ. ඒක මම පියවර කීපයක් යටතේ ලියන්නම්කෝ.

1) බැටරියේ ජල මට්ටම පරීක්ෂාව.
නඩත්තු කරන්න ඕනේ බැටරියක් නම් හැම මාසෙකටම සැරයක්ම බැටරියේ ජල මට්ටම නිවැරදිව තියනවද කියලා බලන්න. මූඩි ඇරලා බලන්න min ලෙවල් එකට උඩින් වතුර තියනවද කියලා. අඩු නම් බැටරි වතුර දාන්න. මේ බැටරි වතුර max ලෙවල් එක ඉක්මවනකන් දාන්න එපා. (උඩින් අගල් භාගයක් විතර පහල මට්ටම හෝ ෆිල් හෝල් එකට පහලින් වතුර තියන මට්ටම.) බැටරියේ වතුර මට්ටම ගොඩක් අඩු උනොත් ශෙල් පුපුරන්න හෝ සව්ත්තු වෙන්න හෝ පුලුවන්. ඒ වගේම බැටරියේ විද්‍යුත් ධාරිතාව අඩු වෙන්න පුලුවන්.
(බැටරි ඇසිඩ් අත්වල ගෑවිලා වැඩි වොලා තියෙන්න දෙන්න එපා. අත් හම යනවා. ඒ නිසා බැටරි ඇසිඩ් අත්වල ගෑවුනොත් ඉක්මනින් හෝදන්න. නැත්තං අත්ආවරණ පාවිච්චි කරන්න. බැටරි ඇසිඩ් ඇදුම් වල ගෑවුනොත් නම් සොරි තමයි.)

2) ලෝවර් චාර්ජ් දෝශය
බැටරිය චාර්ජ් වෙනවා මදි නම් මීටර් බෝඩ් එකේ තියන බැටරි චාර්ජින් ලයිට් එක පත්තු වෙනවා. මූලිකව මේක දැනගන්න පුලුවන් හෙඩ්ලයිට් දැම්මම, චාර්ජින් ලයිට් එක පත්තු වෙනවා.

3) ඕවර් චාර්ජ් දෝශය
මේ ගැන නම් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද බැටරිය ඕවචාජ් වෙනවා කියන්නේ වාහනේ සර්කිට් වලට හොද දෙයක් නෙවෙයි. බැටරිය ඕවචාජ් වෙනවා කියලා මූලිකව දැන ගන්න පුලුවන් දෙයක් තමයි ශෙල් ඉක්මනින් වියලීම, ශෙල් මතු පිට පින්න වගේ ඇසිඩ් තැන්පත් වීම, ඒ වගේම නිතර නිතර බැටරි අග්‍රවල ලුණු තැන්පත් වීම. නමුත් බැටරිය ඕවර්චාජ් වෙනවද කියලා දැන ගන්න මේ රෝඝ ලක්ෂණ එනකම්ම ඉන්න ඕනෙ නෑ. මල්ටිමීටර් එකක් තියනව නම් මේ වැඩේ කරන්න.

අ) වාහනේ ස්ටාට් කරලා idle එකේ තියන්න.

ආ) හෙඩ් ලයිට් දල්වන්න.

ඇ) මල්ටිමීටරේ වෝල්ට් 20 ට කරකවලා බැටරියේ + හා - ටර්මිනල් දෙකට තියන්න. මෙතනදි වෝල්ටේජ් එක 13.8 ත් 14.2 ත් අතර තියෙන්න ඕනේ. මේ ප්‍රමාණයට වඩා ටිකක් වැඩි උනත් ලොකු අව්ලක් නෑ. නමුත් වෝල්ට් 14.5 සීමාව ඉක්මවන්න බෑ.

ඈ) දැන් වාහනය 1500 RPM වගේ වෙනකල් ඇක්සලරේට් කරන්න මෙතනදි වෝල්ටේජ් එක 14.2 ත් 14.6 අතර තියෙන්න ඕනේ. ඔතනදි 14.2 ට වඩා වෝල්ටේජ් එක අඩු නම් ඕල්ටනේටරය පරීක්ෂා කර ගන්න ඕනේ.

ඉ) දැන් ඒ RPM එක තියද්දි හෙඩ් ලයිට් ඔෆ් කරන්න. එතකොට බැටරියේ වෝල්ටේජ් එක 14.8 සීමාව ඉක්ම වන්න බෑ. .
4) අපිරිසිදු බැටරි අග්‍ර
බැටරි අග්‍රවල ඔක්සයිඩ් බැදෙන්න පුලුවන්. ඒ වගේම ලුනු තැන්පත් වෙන්න පුලුවන්. ලුනු තැන්පත් වෙන්න කලින් කියපු ඕවර්චාජ් වෙන ලෙඩේට බැට්‍රියේ වැඩිපුර වතුර පුරවලා තිබීම, ඇසිඩ් සාන්ද්‍රනයේ අඩු හෝ වැඩි හෝ වීම, බැටරියේ ශෙල් සව්ත්තු වීම වගේ හේතු බලපානවා. තාවකාලික පිලියමක් විදිහට උණු වතුර දාලා බැටරියේ ටර්මිනල් සුද්ධ කරන්න. ඔක්සයිඩ් බැදිලනම් කම්බි බ්‍රශ් එකකින් අග්‍ර සුද්ධ කරන්න. කොහොම උනත් මාස 4 කට 5 කට සැරයක් ලුණු, ඔක්සයිඩ් බැදෙන එක නම් ගොඩක් වෙලාවට වෙන දෙයක්. නිතර නිතර මෙහෙම වෙනව නම් බැටරි කඩේකින් බැටරිය පරීක්ෂෘ කර ගන්න එක හොදයි.

5) බැටරියේ ටර්මිනල් ඇම තිස්සෙම වියලි තත්වයෙන් තියාගන්න ඕනේ.

6) ටික කාලයක් වාහනේ එක තැන නතර කරලා තියනව නම් බැටරි වයර් (+ අග්‍රය) ගලවලා තියන්න.


7) බැට්‍රියෙ ධාරිතාව අඩුවීම

තව වෙන වැඩක් තමා බැට්‍රිය වයසට ගිහින් හෝ වෙන වෙන හේතු නිසා සවුත්තුවෙලා බැට්‍රියෙ ධාරිතාව අඩුවෙන එක. එතකොට ඉතින් කොච්චර චාර්ජ් කලත් වැඩක් නෑ චාජ් අල්ලන්නෙ නෑ. බැට්‍රියෙ එහෙම දෝෂයක් තියනවනම් ඉතින් මාරුකරන එක තමා කරන්න වෙන්නෙ. බැට්‍රිය අවුරුදු දෙකහමාරකට තුනකට වඩා වැඩිනම් මේගැන අවදානෙන් ඉන්න එක හොඳයි.

බැට්‍රියෙ තත්වෙ ගැන හරියටම දැනගන්න ඕනෙනම් බැට්‍රියෙ ලෝඩ් ටෙස්ට් එකක් කරන්න වෙනව. නැත්නම් ගොඩක් වෙලාවට හරියට කියන්න අමාරුයි. මොකද බැට්‍රි කියන්නෙ මහ කුප්ප යක්කු. චාජ් වුනාම ඔන්න හොඳට වෝල්ටේජ් පෙන්නනව අපි ගිහින් කරන්ට් එක ටිකක් ඉල්ලුවම දෙන්න බෑ කියනව.

ඒ හින්ද තමන්ගෙ වාහනේ මෝටරේ වදින්නෙ අමාරුවෙන් වගේනම්. ටික දවසක් තියල ආයි ස්ටාර්ට් කරනකොට අමාරුයි වගේනම් (බැට්‍රි ටර්මිනල් වල එහෙම ලෙඩක් නැත්නම්) බැට්‍රිය ලෝඩ් ටෙස්ට් එකක් කරල බලන එක හොඳයි.

ඒ වැඩේට තියනව මේ වගේ උපකරණයක්.

මේකෙන් කෙරෙන්නෙ බැට්‍රියට තරමක් ලොකු ලෝඩ් එකක් දීල.(එන්ජිම ස්ටාර්ට් නොකර හෙඩ්ලයිට් දැම්ම වගේ කියල හිතන්නකො) බැට්‍රියෙ වෝල්ටේජ් එක මනිනව. බැට්‍රියෙ අදාල රේටින් එකට කොයිරේන්ජ් එකේද ලෝඩ් වුනාම වෝල්ටේජ් තියෙන්න ඕනෙ කියල ගේජ් එකෙන් බලාහන්න පුලුවන්.


බැට්‍රියෙ වෝල්ටේජ් ඕනවට වඩා අඩුවෙනවනම් ඉතින් ෂුවර් එකටම දැනගන්න පුලුවන් තත්වෙ හොඳ නෑ කියල.

(ඕකෙ CCA (cold cranking amps) කියල කියන්නෙ බැට්‍රියට ස්ටාර්ට් කරන වෙලාවට කොච්චර ඇම්පියර් ගානක් දෙන්න පුලුවන්ද කියල එක.)

හරි දැන් ඉතින් ඕව මොකුත් නැත්නම් ලෙඩක් හොයාගන්න පොඩ්ඩක් ඔලුව කල්පනාකරල අපිට දල අවබෝධයක් ගන්න පුලුවන් බැට්‍රිය ගැන. මේ වැඩ 100% සාර්ථම නෑ ඒත් තල්ලු ස්ටාර්ට් වලින් බේරෙන්න පුලුවන් වෙයි.

අංක එක බැට්‍රිය බැහැලද කියල බලන්න හෙඩ්ලයිට් දාල බලන්න.(engine off) ලයිට් ඩිම් වගේනම් ඉතින් දන්නවනෙ වැඩේ.

බැට්‍රියෙ ලෝඩ් ටෙස්ට් එකකුත් යන්තම් වගේ කරන්න පුලුවන් මෙහෙම. හෙඩ්ලයිට් දාල තියන්න විනාඩි 5ක් විතර. ඊට පස්සෙ ලයිට් ඕෆ් කරල මෝටරේ ගලහ බලන්න ස්ටාර්ට් වෙනකොට පොඩ්ඩක් ඇදල ස්ටාර්ට් වෙන ගතියක් එනවද කියල. එහෙම එනවනම් බැරියෙ ධාරිතාව අඩුවෙලා වෙන්න පුලුවන්. එහෙමනම් කලබල වෙන්න ඕනෙනම් අවධානෙන් ඉන්න බැට්‍රිය ගැන.

8) මේ ගැනත් සිතන්න.
තව පොඩි දෙයක් තියනව. වාහනේ නිකම් තියල බැට්‍රි බහිනවනම් බැට්‍රියෙ දෝශයක් නොවී වාහනේ ලෙඩක් වෙන්න පුලුවන්. (අලුත් වාහනවලනම් තරමක කාලයක් එකතැන තිබ්බොත් බැට්‍රි බහින්න පුලුවන් ඒ නිසා ලෙඩ හොයන්න කලින් ඒගැන බලල ඉන්න)
ඒ වගේම ඔය වැඩේ වෙනව බැට්‍රිය උඩ ගොඩක් ඔක්සයිඩ් බැඳිල තියනවනම්. මොකද ඒ හැදෙන ඒවට සමහරවෙලාවට කරන්ට් එක කන්ඩක්ට් කරන්න පුලුවන්. එතකොට කාලයක් යනකොට ඔක්සයිඩ් ලේයර් දිගේම බැට්‍රියෙ අග්‍ර දෙක එකට කනෙක්ට් වෙලා කරන්ට් එක ගිහිල්ල බැට්‍රි බහිනව. ඒ නිසා බැට්‍රි ටර්මිනල් පිරිසිඳුවට හොඳට කනෙක්ට් වෙලා තියෙන්න ඕනෙ.





ඔක්සයිඩ් වීම වලක්වන්න බැට්‍රි ටර්මිනල් වලට ගහල තියන්න ඒව තියනව

තව දෙයක් කියන්න ඕනෙ. ගොඩක් වෙලාවල පරණ වාහන වල බැට්‍රි අවුල් චාර්ජ් වෙන්නෙ නෑ ස්ටාර්ට් වෙන්නෙ නෑ කිව්වට අවුල තියෙන්නෙ බැට්‍රි ටර්මිනල් වල. ඒ නිසා නැතිලෙඩ හොයනව සමහර බාස්ල. ඔක්කොමට කලින් බැට්‍රි ටර්මිනල් සුද්දකරල තදවෙලා තියනව නෙද කියල බලල ඉන්න.

අන්තිමට කියන්න තියෙන්නෙ බැට්‍රි මරණ මංචකේ තියාගෙන වාහන දුවන්න එපා. අන්තිමට ECU පවා දාන්න වෙන්න පුලුවන්. ඒවගේම රීකන්ඩිෂන් බැට්‍රි දාන්න යන්න එපා දානවනම් අලුත් බැට්‍රියක් දාගන්න.

කවදා හරි වාහනයක් ජම්ප් ස්ටාට් කරන්න උනොත් මේ පහල තියන පිළිවෙලත් වැදගත් වෙයි



ප.ලි
1. අද අලුතින්ම මිලදී ගන්න බැටරි එකත් ලෙඩ දෙන වෙලාවල් තියෙනවා දවසක් යන්නත් කලින්...ඒ නිසා අලුත් බැටරියක් ගද්දි වගකීමක් තියෙන තැනකින් ගන්න.

2. හැම වාහනේකම Alternator එක අදාළ වාහනේ තියෙන විදුලිබල අවශ්‍යතාවයට ගැලපෙන්න තමා දාල තියෙන්නේ... ඊට වඩා වැඩි බල අවශ්‍යතාවයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඇම්පියර් ගාන වැඩි Alternator එකක් හෝ Alternator දෙකක් පාවිච්චි කරන්න වෙනවා. (Like Offroad Vehicles with Heavy additional Lights/ Sound Systems that required lots of current)

3. කිසිම වෙලාවක බැටරියේ අග්‍ර Short කරලා බලන්න එපා battery එකේ Charge ලෙවල් එක... බලන්න දෙන්නත් එපා... (Multi meter එකක් ළඟ නැති එකෙක්ට වාහනේ බලන්න දෙනවා නම් මඩු වලිගයක් හොයන් තමන්ටම ගහගන්න...)

4. අලුතින් Battery එකක් ගන්නකොට Cold Crank Capacity එක වැඩි එකක් ගන්න පුලුවන්නම් හොඳයි.. 

5. සාමාන්‍යයෙන් වාහනේක ECU එකක් ලේසියෙන් Replace කරන්න වෙන්නේ නෑ.. Factory Fault නිසා Replace කරන්න වෙන අවස්ථා ගොඩක් විරලයි.. වාහනේක තියෙන Most Durable and Reliable Part වලින් එකක් තමා ECU එක.. පණ්ඩිත වැඩ කරන්න ගිහින් Short Circuit කර ගත්තේ නැත්තන් ECU එකකට හානි වෙන්නේ සෑහෙන කලාතුරකින්...

හැබැයි විශේෂයෙන් CDI හෝ TCI Ignition ආපු මෝටර් සයිකල් නම් බැටරි බැහැල තියෙද්දී තව දුරටත් Selfstart ගහල ස්ටාර්ට් කරන්න ගියොත් CDI/TCI එක දොයියා බබා වෙන්න ඉඩ තියෙනවා...

ඒ වගේම  බැහැපු බැටරියකින් ECU එකට හානියක් නැති උනාට අනිත් ඉලෙක්ට්‍රොනික් කොටස් දොයියා වෙන්න පුළුවන්... සමහර වාහන වල එන LED Lights එහෙම හරිම සෙන්සිටිව්...

6. වාහනයක් දීර්ඝ කාලයක් පාවිච්චි කරන්නේ නැතුව තියනවා නම් බැටරි එක ෆුල් චාජ් කරලා බැටරිය ගලවලා බැටරියේ ඇසිඩ් අයින් කරලා බැටරිය හොඳට වේලලා අරන් තියන්න පුතිලා.. අයින් කරන ඇසිඩ් ටිකත් බෝතලේකට දාල තියලා තියන්න.. ආයේ බැටරිය අවශ්‍ය වෙනකොට පරණ ඇසිඩ් ම දාලා පාවිච්චියට ගන්න පුළුවන්..

7. වාහනේට හිතුමතේට ලයිට්, Subwoofer දාන්න යන්න එපා.. බැටරියත් දොයියා වෙලා, Alternator එකත් දොයියා වෙන්න ඉඩ තියෙනවා... ඒක නිසා තමන් කරන දේ ගැන හරි අවභෝදයක් තියෙන එකක් ලව්වා ඕව හයි කර ගන්න ...


උපුටා ගත්තේ එළකිරි.කොම් ස්තුතිය ටොම් අයියා සහ මහේෂ් 

Sunday, February 12, 2017

හයිඩ්‍රොලික් ජැක්


hydraulic jack එකක් ගැන න කියන්න  හිතුවේ අද මගේ යාලුවෙක් අහපු ප්‍රශ්නයක් නිසා. හයිඩ්‍රොලික් ජැක් එකක් කියන්නේ තෙල්වල පීඩනයෙන් වැඩකරන ජැක් එකක්. මේකකින් වාහනයක් උස්සන එක සාමාන්‍ය යාන්ත්‍රික ජැක් එකකට වඩා හරිම ලේසී.



මේකෙදී වාහනේ ඉස්සෙන්නේ ජැක් එක ඇතුලේ එක පැත්තක තියන තෙල් තවත් පැත්තකට යොමු කරලා. ඒ කිව්වේ තෙල් පීඩනය වැඩි කරලා.



මෙතනදී ජැක් එක ඉස්සෙන පැත්තට ලොකු පීඩනයක් දෙන්න ඕනේ. ඒක සරළව වෙන්නේ පහත රූපෙ තියෙන විදිහටයි.



මෙතනදී ජැක් එකේ ලීවර් එක තද කරනකොට එක පැත්තකට කපාටයක් විවෘත වෙලා එතනින් ඇතුලට තෙල් ටික තල්ලු වෙනවා. එතකොට ඒ පැත්තේ පීඩනය වැඩි වෙලා ජැක් එක උඩට යනවා. අන්තිමට ජැක් එක බුරුල් කරනකොට නැවත පීඩනය වැඩි පැත්තෙන් අඩු පැත්තකට තෙල් යොමු වෙනවා. එතකොට වාහනේ පහත් වෙනවා


දැන් තේරෙනව නේද, නට් එක බුරුල් කරල තියං ජැක් ගහල වැඩක් නෑ . ඒවගේම ඇතුලේ තෙල් පීඩනය අඩු වුනොත්, ජැක් එක හරියට වැඩ කරන්නෙ නෑ. තව වාහනේ උස්සල තියද්දි නට් එක බුරුල් වුනොත් සොරිම තමයි. ඒ නිසා කවදාවත් ඕනම ජැක් එකක් ගහලා උස්සල තියන වාහනයක් යටට, කොටයක් හරි වෙන ආධාරකයක් හරි තියන්නෙ නැතුව රිංගන්න එපා.

යාන්ත්‍රික ජැක් එකක්   



මේකෙ වෙන ක්‍රියාවලිය නම් බැලූ බැල්මට පේනවනේ

වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න

ඔයාලා දන්නවනේ වාහනයක  ආදායම් බලපත්‍රය ගන්න නම් වාහනේ පොත, ඉන්ෂුවරන්ස් එක වගේම අපි දුම් සහතිකය කියල හදුන්වන Vehicle Emission Test Certificate එක ගෙනියන්න ඕනේ කියලා. ඉතිං අද උදේ මම ගියා ඔන්න ඔය කියන දුම් සහතිකය ගන්න. මම දුම් සහතික ගන්න යන තැන තමයි ඩ්‍රයිව් ග්‍රීන් එක. එයාලගේ රිපෝට් එකේ තියන විෂේශ දෙයක් තමයි ඉන්දන ලීටරයකට කොච්චර මුදලක් නාස්ති වෙනවද කියන එක පෙන්වන එක. ඒවගේ සුහදශීලී සේවාවක් තියනවා. මේ පහල තියන්නේ මගේ වාහනේ ගැන ගත්තු රිපෝට් එක තමයි. මේක පැට්‍රල් කාර් එකක් ඈ


දැන් බලමු මොකවද මේකෙ මේ තියන ලට පට කියලා. ඔයාලට පේනවනේ මේකේ මම රතු පාටින් එංක දාලා තියනවා කියලා. දුම් සහතිකේ ජාතකේ දිග අරින්නේ මේ අංක වලින් තමයි.
මෙන්න මෙහෙමයි කතන්දරේ දුම් පරීක්ෂාව වේග දෙකක් යටතේ කරනවා. එකක් තමයි IDLE ටෙස්ට් එක. එකෙන් කරන්නේ එන්ජිම IDLE තියද්දී මිනිත්තුවකට වට කීයක් කැරකෙනවද කියල බලන එක. අනිත් එක තමයි 2500 RMP ටෙස්ට් එක. ඒ කිව්වේ එංජිමේ වේගය මිනිත්තුවට වට 2500 දී ලැබෙන ක්‍රියා කාරීත්වය. මේවා බලන්නේ එන්ජිම වැඩ කරන සාමාන්‍ය උෂ්නත්වයේදී ඒ වගේම තත්පර 30 ක් විතර එන්ජිම ඒ වේගයේ තියාගෙන ඉදලා. ඔයාලා දැකල ඇති නේ රේස් කරගෙන කම්පියුටර් ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්නවා. ඉතිං හරස් අතට තියන IDLE හා 2500 RMP කියන තීරු දෙක ඉස්සරහින් තමයි මේ පරීක්ෂා දෙකේ විස්තර දාලා තියන්නේ.

ඔය අංක වලටා අදාළ විස්තර මේව තමයි.

1. HC - පිටාර වායුවේ ඇති නොදැවුනු පෙට්‍රොල් (හයිඩ්‍රොකාබන්)
මේක බලන්නේ පරිමාව අනුව කොටස් මිලියනයකට නොදැවුනු කොටස් කීයක් තියනවද කියලා. මෝටර් රථවාහන ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් කියන්නේ මේ අගය 1200 ට අඩු වෙන්න ඕනි කියලා. ඔයාලට තේරෙනවනේ එංජිමට ලැබුන පෙට්‍රල් වලින් කොච්චර ප්‍රමාණයක් පිච්චෙන්නෙ නැතුව අපතෙ යනවද කියලා මෙතනින් පෙන්නව කියන එක ඉතිං ඒ අගය වැඩි වෙනව කියන්නේ දුම් සහතිකේ ෆේල් වෙනව කියන එක විතරක් නෙවෙයි. අපේ පොකට් එකට තට්ටු වෙනව කියන එකයි.

2. C0 - පිටාර වායුවේ ඇති කාබන් මොනොක්සිඩ
මේක බලන්නේ පිටාර වායුවේ පරිමාව අනුව ප්‍රතිශතයක් විදිහටයි. මේකත් එංජිමේ පෙට්‍රොල් බාගෙට පිච්චෙනව කියල පෙන්වන දෙයක් තමයි. කැටලිටික් කන්වර්ටර් එක හරියට නැත්තං පෙට්‍රොල් වැඩිපුර සිලින්ඩරය ලැබෙනව නම් වගේම එයා ෆිල්ටර් එක බ්ලොක් වෙලා නම්, ප්ලග් හරියට වැඩ න්ත්තං මේ අගය වැඩි වෙන්න පුලුවන්. මෝටර් රථවාහන ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් කියන්නේ මේ අගය 4.5ට අඩු වෙන්න ඕනි කියලා. කාබන් පරමාණුවක් හා ඔක්සිජන් පරමාණුවක් එකට බැදිලා CO හැදෙනව කියලා ඔයාලා දන්නවනේ. මේ CO කියන්නේ අධික විෂ සහිත වායුවක් කියල අමුතුවෙන්න කියන් ඕනි නෑනේ. ඉතිං CO පුලුවන් තරම් අඩුවෙන් පරිසරයට මුදා හරින එක තමයි අපේ යුතුකම.

3. LAMBDA : මේ මොහොතේ වාහනයේ වායු ඉන්ධන අනුපාතය
මේ අගය ගන්නේ HC, CO, CO2, O2 යන අගයන් වලට අදාළව කරන ගණනය කිරීමකින් තමයි. මේ අගය 1.00 ට ආසන්නව තියෙන්න ඕනි. මේ අගය 1.00 වැඩි කියන්නේ පෙට්‍රල් වායු මිශ්‍රනයේ වායුව වැඩී කියන එකයි 1 අඩු නම් මිස්‍රනයේ පෙට්‍රල් වැඩී කියන එක තමයි කියන්නේ.

4. O2 - පිටාර වායුවේ ඉතුරු වෙලා තියන ඔක්සිජන් ප්‍රතිශතය තමයි මේකෙන් පෙන්නන්නේ. මේ අගය 2 කට කිට්ටු නම් වඩාත් හොදයි.

5. CO2 - පිටාර වායුවේ තියන කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය තමයි මේකෙන් පෙන්නන්නේ. ප්ලග් එහෙම සව්ත්තු වෙලා පැට්‍රල් හරියට පිච්චෙන්නෙ නැත්තං පිටාර වායුවේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය අඩුයි.

6. OVERALL RESULT - පාස්නම් පාස් නැත්තං ෆේල් ඈ

7. Estimated fuel wastage - මේක තමයි එලම කතාව මේකෙන් එංජිම ඇතුලට ආපු පෙට්‍රල් වලින් කොච්චර නිකරුනේ පිච්චෙන්නේ නැතුව අපතේ යනවද කියලා ප්‍රතිශතයක් විදිහට වගේම රුපියල් සත වලිනුත් බලාගන්න පුලුවන්. හිතන්නකෝ පෙට්‍රල් ලීටරයකින් 20.81% විතර, වැඩක් ගන්නේ නැතුව සයිලන්සරයෙන් එලියට යන වනම් ඒක හැම ලීටරයටම රුපියල් 24.34 විසි කලා වගේ. ඊට වැඩිය හොදයි ඒ සල්ලි වලින් බලු කපුටු දානයක් දෙනවා. අඩුම තරමේ පිනක් වත් වෙනවනේ. ඒ නිසා වාහනේ තායන ලෙඩ වහගන්නේ නැතුව ඒවා නිවැරදි කරගෙන දුම් සහතිකේ ගන්නව නම් තමන් වියදම් කරන සල්ලි  නිකරුනේ අපතෙ යන්නෙ නෑ.

මම මෙතනදි දැම්මේ පැට්‍රල් කාර් එකක තත්වය ගැන විතරයි. බයික් එකක නම් මේ අගයන් වෙනස් වෙනවා. ඒ වගේම ඩීසල් වාහනයක නම් දුම් සහතිකේ වෙනස්.