Showing posts with label song. Show all posts
Showing posts with label song. Show all posts

Saturday, April 8, 2017

ගිහින් 14 වුනාට තවමත් මුමුණනවා

අප්‍රේල් 03 වෙනිදට කපුගේ මිය ගිහින් අවුරුදු 14 වෙනවා...ඒ 2003 අවුරුද්දේදී ..කපුගේ කියන්නේ මගේ ෆේවරිටම  ගායකයා ..මොකද මගේ බෑන්ඩ් පිස්සු දවස්වල කියන්න ට්‍රයි කරපු සිංදු වැඩිපුරම කපුගේ ගේ තමයි....

කපුගේ ගැන හරි අපුරු විස්තරයක් දවසක් කළා සන්ෆලවර් නිල් ..කපුගේ සන්ෆලවර් එක්ක  කැසට් ඒක කලාම හැමෝම බැන්නලු .එකට උත්තරයක් විදියට කපුගේ කියලා තියෙන්නේ..මට කන්න බොන්න දෙනවද කියලා තමයි..හැබැයි ඒ සල්ලි වලින් වැඩි කොටසක් වියදම් කරලා තියෙන්නේ ජුලි වර්ජකයෝ වෙනුවෙන් කියල තමයි නිල්වලා කැසට් එකේ උපුල් ජයසිංහ කිව්වේ..උග්‍ර සමාජවාදියෙකු විදියට තමයි කපුගේ හදුන්වන්නේ..

දැන් වුනත්ඩ අපේ සෙට් එක මී  විතකට සෙට් වෙඡ්චා ගමන් කපුගේ තමයි..මොකද ඒ සිංදු නොදන්නා කෙනෙකුත් නැති තරම්.. මේ කියන්න යන්නේ මම  කපුගේ ගේ සිංදු වලින් මගේ හිත නවතිඡ්ච්ම සිංදු 10 ගැන

1.දවසක් පැල නැති හේනේ 

මේක තමයි අදටත් මව් ගුණ සිංදු වලින් වැඩිපුරම ඇහෙන සිංදුවක්....ඒ වගේම මම වැඩිපුරම කියපු සින්දුවත් ඕකම තමයි..නිදහසේ අහන්න නියම සින්දුව..

දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ...
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ ...

නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුනදා
බිරිදකගේ සෙනෙහෙ ගියා
යෝධ ඇලේ නැම්මේ...

ඔබෙ සෙනෙහස සුවද දිදී
දැනුනා මට අම්මේ ...//

කොළඹ අහස කලු කරගෙන
මුහුදු හුලග හඩලනකොට
ඔටුන්න බිමදා දුවගෙන
එන්නද එක පිම්මේ...

මං එනතුරු ඉදිකඩ ලග
ඉන්නවාද අම්මේ...// 


Title :  Dawasak Pala Nathi Hene 
Singer : Gunadasa Kapuge
Lyrics : Ran Banda Seneviratne
Music :  Gunadasa Kapuge


2.මන් මුලා වී 

මේකත් මන් අසම සිංදුවක් ..මේකේ තේරුම නම් ඒක ඒක අය ඒක ඒක විදියට විස්තර කරනවා ..සමහරු කියනවා මේක අටලෝ දහම ගැන කියවෙන සිංදුවක් කියලා ..හරි නිස්කලංක මියුසික් එකත් ගැබුරු කටහඩින් ගුණදාස කපුගේ සින්දුව කියද්දී හිත භාවනාවකට ගියා වගේ වෙනවා 

මං මුලාවී පාර හොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලාවූ සමනළියකගෙනි
පාර අසා තිබුනේ //

ඇයත් නොදන්නිය ඇය යන මානය
උන්හිටි තැන් මතකයේ අඩමානය //
පාර කියන්නේ කෙලෙසද මා හට
ඇයටද පාරක් ඇති නැති ගානය

මං මුලාවී..........

අප හමුවූයේ මන්දැයි නොදනිමි
පාර ඇසූයේ ඇයිදැයි නොකියමි //
අපේ ගමන අද නවතනු හැකිනම්
අප යන ගමනද අද මෙතැනින් නිමි

මං මුලාවී.........


Title :  Man Mulawee Para Asagena
Singer : Gunadasa Kapuge
Lyrics : Sunil Ariyaratne
Music : Gunadasa Kapuge


3.උන්මාද සිතුවම් 

එකටම් ගේ කියන චිත්‍රපටියට තමයි මේ සින්දුව ගයනා කරලා තියෙන්නේ..ලංකාවේ හදපු බුට් සිංදු වලින් උඩින්ම තියෙන සින්දුව මේක තමයි..ඉකොලේ යන කාලේ අපේ සෙට් එකේ ගොඩ දෙනෙක් අහිමිවීම් එක්ක වැඩිපුරම කියපු.,පොත් වල ලියපු ,අහුමුලුවල කුරුටු ගාපු සිංදුවක් තමයි මේක..එකයි කියන්නේ හොදම බුට් සින්දුව කියලා 

උන්මාද සිතුවම් මැවේ බිඳේ
මීදුම් වළා මැද අතීතයේ
බිඳුණු පෙමින් ගිණිගත් හදවත්
තනිවේවි එක්ටැම් ගේ

අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
පාළු හුදකලා සුළග පමනි උරුමේ
හඩා වැටෙන සිත සදා සරණ මට
තනිවේවි එක්ටැම් ගේ

උන්මාද සිතුවම්.....

දහසක් මල් මැද එකම මලයි පැතුවේ
එමල කිමද සරදම් කර සැඟව ගියේ
දැනේ තවම මට මලේ සුවඳ පොද
තනිවේවි එක්ටැම් ගේ

උන්මාද සිතුවම්.....

Singer : Gunadasa Kapuge
Lyrics : Sunil Ariyarathne 
Music : Sarath Dasanayake


4.දුක හාදු දෙන රැයේ 

මේකත් ප්‍රේමයේ දුක ..අහිමිවීමේ දුක ගැන කියවෙන එකක්....කට්ටිය සෙට් වුනාම ඉස්සෙල්ලම කියන සිංදුවක් තමයි මේක ...

දුක හාදු දෙන රැයේ 
හිත පතුලටම වෙලා
යෞවනේ අගට විය විරහී 
හද ගිලන් වෙලා..//

ගහ කොළද මල් පිපේ 
ඇල දොල නිල කඩා හැලේ
පෙර දාක මිරිගු සයුරේ 
ඒ රුවට රැවටුනේ...

දුක හාදු දෙන රැයේ....

නන්නාඳුනන ලෙසේ 
මග තොට යලිත් හමු වෙලා
මහ මෙර හිසින් දරාගෙන 
අපි යමු දුරස් වෙලා...

දුක හාදු දෙන රැයේ....

Singer : Gunadasa Kapuge
Lyrics : Wasantha Bandara Dissanayaka
Music : Gunadasa Kapuge



5.නින්නද නැති රැයේ 

කවුරු හරි කියයි කපුගේ කියන්නේ අඩන අය ගැනම සිංදු කියපු කෙනෙක් කියලා..මොකද පැරදුණු ප්‍රේමය ගැන සෑහෙන්න සිංදු තියෙන නිසා..තවත් විශේෂත්වයක් තමයි ගොඩක් ඒවගේ තනුවත් කපුගේ ගේ නිසයි..මගෙත් කුලුදුල් ඒක නැති වුනාම ලැජ්ජාවට ද කොහෙද ටොයිලට් එකට ගිහින් තමයි ඇඩුවේ ...

නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා අඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ

කිළිපොළා සැලී යමින් නොහිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදිවී යා යුතුව තිබේ

නින්ද නැති රැයේ.....

රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ

නැති රැයේ.....

Singer : Gunadasa Kapuge
Lyrics : Rathna Sri Wijesinghe 
Music : Gunadasa Kapuge


6.රුවක් ඇදෙනවා 

කපුගේ එක්ක දිවුල්ගනේ කියන හරි අපුරුතම සින්දුව ක් තමයි මේක..විරහව නැති කරන්න බාර් ගානේ යන කෙනෙක් ගැන කියවෙන සිංදුවක් නේ..මහින්ද දිසානායක තමයි ලියලා තියෙන්නේ සංගීතේ කපුගේ ගේ..මොකද කපුගේ මී විතට බර කෙනෙක් කියල නේ ප්‍රසිද්ද ..

රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇතිරිය දෑස වසනවා
හද පොදි බැදි රුව දියකර පා කර
ඔබේ ලොවට මා..මොහොතින් එනවා...

සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද
කිම තොල මීවිත පොඟවන්නේ...//
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ

රුවක් ඇදෙනවා...//

නැගුනු නුරා ගිනි මිනි පොද වැටිලා
හතර අතින් දළුලා එනවා...//
අවන්හලේ මීවිත තනිකරලා
වරෙන් මලේ පියවර නගලා..

රුවක් ඇදෙනවා...//

Singer : Gunadasa Kapuge ,karunarathana diwulgane 
Lyrics : mahinada disaanayaka 
Music ;gunadaasa kapuge 



7.සබඳ අපි කදු නොවෙමු 

මේකත් මගේ හිතගත්ම සිංදුවක්..මේකට එඡ්චාරටම කැමති වෙන්නේ අයි කියලා කියන්න නම් දන්නේ නෑ..එත් ආයි ආයි අහන්න ආස සිංදුවක් ..

සබඳ අපි කඳු නොවෙමු 
උනුන් පරයා නැගෙන 
සුනිල දිය දහර වෙමු 
එකම ගඟකට වැටෙන

වියරු ගිනිදැල් නොවෙමු 
වනය අවුලා තබන 
මිහිර දෙන වැස්ස වෙමු 
දැවෙන කැලයට වසින

සබඳ අපි කඳු නොවෙමු 

නපුරු හීනය නොවෙමු 
ළමුන් නිදි සුව බිඳින 
සොඳුරු අඬහැරය වෙමු 
දනන් නින්දෙන් මුදන

සබඳ අපි කඳු නොවෙමු 


 8.බිරිඳ මගේ ඔබ

නන්දා මාලනිත් එක්ක කපුගේ කියන මේ සින්දුව ත් මගේ හිත ගත එකක්..යෝජිත විවාහයක් සහ ඔවුන්ගේ ප්‍රේම කතා ගැන කියවෙන සිංදුවක්..සුනිල් අරියර්තනය්න් ලිව්වා හරි අපුරවම සිංදුවක් තමයි මේක ;;

බිරිඳ මගේ ඔබ
නැ මා ඔබ‍ගේ බිරිඳ නොවේ
දෑගිලි හුයකින් බැඳි පමණින් මා ඔබගේ
බිරිඳ ‍නොවේ.. ඔබගේ බිරිඳ නොවේ

ඔබ පෙම් කල අය ඔබට ලැබී නැත
මා පෙම් කල අය මටද ලැබී නැත...//
මාව් පිය නෑ සිය ආසිරි ගී මැද
දෑගිලි පමණක් එකට බැඳී ඇත
දෑගිලි පමණක් එකට බැඳී ඇත

බිරිඳ මගේ ඔබ..//

සිරුරින් එකතැන හදවත් දෙතැනක
දෙදෙනෙකු වෙමු අපි එකම වහලයට..//
ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද..
අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද..

බිරිඳ මගේ ඔබ..//



9.මං හින්දා ඔබෙ

සුනිල් ආරියරත්න ලියලා කපුගේ සංගීතවත් කරපු මේක මලානි බුලත්සිංහල එක්ක කියන මන් හින්දා ඔබේ කියන සින්දුවත් මගේතවත් හිත ගත සිංදුවක් 

මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා..
මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැගෙන්නෙපා..
ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ
කිසිදා එක් නොවෙනා...

අහස් මාලිඟා නැහැ ඔබ නිසා මැවී...
සැක සංකා නැහැ ඔබ ගැන හිතේ රැදී...
හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා...
උරණ නොවන්නෙමි ඔබ අන්සතු වූ දා...

මං හින්දා ඔබෙ...//

අතැඟිලි බන්ධන නොපතමි පෙමින් බැදී..
ඔබ සිරකරලන දොරඟුලු දමනු බැරී..
නෑ කුල සිරිතෙන් සැලෙනා පෙමක් නොවේ..
පෙමට පෙමින් යන පෙම්ලොව මෙයයි අපේ..

මං හින්දා ඔබෙ...//


10.බිතුසිතුවම් රු මෙන් 

මේකනම් මගේ යි තව යාලුවෙකුගෙයි ජිවිත අත්දැකීමක් වගේ ම තමයි..සින්දුව ඇහුවම තේරෙයි මොකක්ද කියලා ..ලක්ෂ්මන් හේවාවිතාරණ එක්ක කියන මේකැ අහලා බලන්න කෝ 

බිතු සිතුවම් රූ මෙන් පැවතී
හිත මිතුරන් විරසක නොවෙතී...//
එක මලකට පෙම් බැන්ද පවින්..
මිතුරු දමින් සමුගමුද ඉතින්...
හෙවනැල්ලෙන් සමු ගමුද ඉතින්...

මල කීවේ නෑ මට ඔබ පෙම්කල වග..
කීවානම් මා පෙම් කරන්නෙ නෑ තව..
මොටදෝ පෙමකට සොහොයුරු දම් බිඳ
අප දෙන්නා සමුගත යුතු නෑ..නෑ..

බිතු සිතුවම්......

මලට කියන්නම් මා පෙම් නොකරන වග
සමාවෙයන්කෝ මට ඕනෑ මිතුදම..
ඇගෙ පෙම ජයගෙන සතුටින් ඉනුමැන
මා නම් හිත රිදවන්නේ නෑ නෑ..

බිතු සිතුවම්....


------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

කපුගේ ගේ සිංදු 10 ක් නෙවෙයි 100 විතර තියෙනවා මම කැමති ඒවා "මලානි බුලත්සින්හලත් එක්ක කියන ලා දම් පාටින් සඳ බැස යනවා ,ඔබට යන්නට ඕනා නම් ,ලෙලි තලන මගේ දෝණියේ ,පසක්කොට් ඇති .පිහිටක් නැති සරණක් නැති ,..ඔය වගේ සිංදු බර ගානක තියෙනවා ..ඔය යන්තම තෝරලා බේරලා ගත්ත ටික තමයි මෙටික..මන්නම් හිතන විදියට කපුගේ කියන්නේ ප්‍රේමයේ විරහව ගැන හරි අපුර්වතම අත්දැකිමක් ලබාදෙන්න පුළුවන් විදියේ ගායකයෙක්..

එතුමා ගිහින් 14 වුන්නට අදත් එතුමාගේ ගීත ඕනෑම රේඩියෝ චැනල් එක්ක යනවා ..හම පයකම ඒක සිංදුවක් යනවා..එකනම පේනවනේ එතුමාගේ ගීත කොඡ්චාර ජනප්‍රියද කියලා ..

කපුගේ ඔබට නිවන්සුව ...!!!!

Sunday, March 26, 2017

වික්ටර්ගේ හිට්ම 10

මේක මට ලියන්න හිතුනේ මෙන්න මේ කෑල්ල නිසා තමයි ඉතිං ":ඉතින් ඔන්න ඔහොමයි වික්ටර් රත්නායකයන්ගේ ගී ගඟුලෙන් තොරල බේරල මම කැමතිම 10ක් ලිස්ට් ගත කලේ.හා දැන් කවුද කැමති ඔයාලා කැමති ගීතත් මේ වගේ ලිස්ට් එකකට ගන්න. වැඩිය ඔනේ නෑ මේ වගේ 10ක් ඇති."මෙහෙම කිව්වේ සොදුරු සදාවතී ඒ එයාගේ වික්ටරුයි මමයි .බ්ලොග් ලියන අයයි කියන එකේ .ඒක බලන්න යන්න ඕනේ නම මෙතනින් යන්න ..

ඒකට උත්තර ලිව්වේ ඉයන් ..සොදුරු සදවතිගේ වික්ටර් අභියෝගය කියලනේ..ඒක බලන්න මෙතනින් යන්නකෝ එහෙනම් ..ඉයන් ඉතිං සංගීත ය ගැන අනං මනං ගොඩක් දාලා තිබුනට මම නම් දන්නේ සිංදු අහන්න විතරක් නිසා ඒ ගැන කියන්න දන්නේ නෑ ..

ඔන්න එහෙනම් මගේ 10

1.තරු අත් අකුරින් ඔබට ලියා එවමි පෙම් පත

මේක ටිකක් විශේෂ යි.මොකද එක්තාරා කාලෙක ඩි ගැල් ළමයෙකුට ලියන ලියුමකට ඔය සින්දුව ලියන්න ගිහිල්ලා ආයි නොලිය හිටියා මගේ අකුරු තරු වගේ නොවන නිසා ..හැබැයි තාමත් මන් ගොඩක් අසාවෙන් අහන සිංදුවක්

තරු අත් අකුරින් ඔබට ලියා එවමි ඔබට පෙම් පත
ඔබේ සෙවන පමණි මිහි පිට ඇති එකම සම්පත ...//

මඳ පවන මොටද ඔබේ සුවද මුසුවී නැත්නම්
සඳකිරණ මොටද ඔබ මගේ තනියට ළඟ නැත්නම්
හෙළිකරමි මගේ ළඟ ඇති ආදරයේ වත්කම්
පැල්පතද මට හොදයි මිහිරියේ ඒක හිත ඇත්නම්

තරු අත් අකුරින් ...//

කල්ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම පිය කතේ
කල්පනා කල පමණ මට කල්පනාවක් නැතේ
ඇඳිරියේද මණික හදුනන ඇස් දෙකක් මට අතේ
එනු මැනවි රස බලනු සෙවනක එකම පල පතේ



2. සිහින් සුළන් රැල්ලේ

මේක අහන කොට හිත අමුතුම තැනකට යනවා වගේ..වෙනස්ම හැඟීමක් තියෙන සිංදුවක් ..

සිහිල් සුළං රැල්ලේ...
ඔබේ සුවඳ මුසු වේ ආදරයේ මඳ සිනිඳු
පහස ලැබ හදවත දළු සෙලවේ
සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ

සුදු වැලි කතරේ පිපුණු මල වගේ
ලොව්තුරු රස ගංගා
ඔබේ ආදරේ වරුසා වැහැලා
කතර දෙව්ලොවක් වේ... කතර දෙව් ලොවක් වේ...

සිහිල් සුළං රැල්ලේ... ඔබේ සුවඳ මුසු වේ..//

සීත හිමව්වේ කඳු ගැට අතරේ
සෙනෙහස දිය දහරා
ඈත හිමේ කඳු අතරේ පාවෙන
අමා සුවය පැතුවේ... අමා සුවය පැතුවේ


3.අම්මා නැති මට

මේක ආස හිතුනේ ඉකොලේ යන කාලේ අපේ පන්තියේ හිටපු ගෑනු ළමයෙක් නිතර කිව්වා සිංදුවක්..ඒ ක එයාගේ ජිවිත කතා ව වගේ නිසා නිතරම කිව්වා..මන් මුලදී හිතුවේ මේක ගායිකාවකගේ සිංදුවක් කියලා .පස්සේ තමයි දන්නේ මේක වික්ටර් රත්නායක ගේ සිංදුවක් කියලා...

අම්මා නැති මට කිරි අම්මා වී
කරුවල ගෙදරට මිනි පහනක් වී
දැන ගත් දා සිට පෙරුම් පිරුවේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලා දෝ ...

පියුම් රටාවට පැදුරක් පිපෙයි රැයේ
උදයට ලිප ළඟ කඩයප්පන් ගොඩවෙ
දෙකම්මුලින් වට වූ මුතු වට්ටිය නුබගේ
පණ මට දී මගේ නැණ නෙත් පෑදුවේ ...

අම්මා නැති මට

මෝරා හද ගැබ පෙම් මල් නැහැ පිපුණේ
ඉහිලා බඳ වට ගෝමර ලතවිල්ලේ
බාල යොවුන් හද වැහැරී ගේ ඇතුලේ
මා ලද ශිල්පය නුබ හා ඒක මුල්ලේ ..

අම්මා නැති මට


4.කොහේද කොහේද අපේ ලොවක්

මේක මඩොල් දුව ෆිල්ම් එකේ සිංදුවක් ..මේක ට ඉස්කෝලේ යන කාලේ නැටුමක් තිබුනා ..එකට මමත් හිටියා .හැබැයි මම  කලේ චිත්‍ර .මොකදෝ හෙතුවකට මව තෝරාගත්තා ඕකට ..ඉතිං පුරුදු වෙන්නම අහලා සින්දුව කැට පාඩම් වෙලා තිබුනා

කොහෙද කොහෙද අපේ ලොවක්
කොහෙද කොහෙද අපේ රටක්
මුරකාවල් නැති වැට කොටු බැමි නැති
අපේම අපේම නවාතැනක් ..

රාජ කුමාරයන් කුමරියන් ඉන්න පළාතක්
නපුරු රාස්සයන් රාස්සියන් ඉන්න කැලාවක්
පුංචි සුරන්ගනාවන් සැඟවී ඉන්න වලාවක්
අපට හිතුමතේට රජ කරගෙන ඉන්න දිහාවක්
අපට හිතුමතේට රජ කරගෙන ඉන්න දිහාවක්

කොහෙද කොහෙද අපේ ලොවක් ..

කිදුර විමානයට පාර ලගයි එන්න යාලුවේ
මුහුදු හතක එහා ඔරු පදින්න එන්න යාලුවේ
මකර කටින් නාග භවනට යමු එන්න යාලුවේ
අපිම අපේ ලොවක් සොයා ගන්න එන්න යාලුවේ
අපිම අපේ ලොවක් සොයා ගන්න එන්න යාලුවේ

කොහෙද කොහෙද අපේ ලොවක් ..


5.මිණ නුවන් යුගින් බලන් මීනා

මේක වික්ටර් රතාන්යක එක්ක නිරංජලා සරෝජනී එක්ක කියපු යුග ගීතයක්...මේක ඉස්සර දවසක රේඩියෝවෙන් ඇහුවම පොඩි මතකයක් ඉතුරු වෙලා තිබිලා  මිට අවුරුදු 6-7 කලින් තමයි ඉන්ටනෙට් එකෙන් හොයලා ඇහුව්වේ...මොන විශේෂත්වයකට්ද දන්නේ නෑ මේක එහෙම ඒක පාරින් ම මතකේ  තිබුනේ කියලා ..මන් හිතන්නේ එහම මතක හිටිම්ම තමයි මේකේ තියෙන විශේෂත්වය

මිණ නුවන් යුගින් බලන් මීනා මීනා
තල්  ඇරඹේ තල්  පවුරෙන් එබී බලන් මීනා
බලන්න බැහැ බණ්ඩාරේ උඩරට කුල නිල බල යුතු
බණ්ඩාරේ බණ්ඩාරේ

ඔබ කෝවිල් එන්නෙත් නැහැ
මට පන්සල් එන්නත් බැහැ
අපි ඇතැයි අපි ඇතැයි බණ්ඩාරේ බණ්ඩාරේ

මිණ නුවන් යුගින් බලන් මීනා මීනා

අත්වැල් බැඳ කෝවිල් යමු
පෝයදාට පන්සල් යමු
මෘදංග නද ගැට බෙර හඩ
අපගේ  දෙසවනට එකයි

මිණ නුවන් යුගින් බලන් මීනා මීනා


6.පෙම් රස වහෙනා

ඉන්ද්‍රානි පෙරේරාත් එක්ක කියන යුග ගීතයක්..ඒ එක්කම වේග රිද්මේ ගීතයක්..මේකටත්  මන් ගොඩක් කැමතියි ..

පෙම් රස වැහෙන මංගල ගීතේ ජිවිතේ
මධුරස වැහෙන ආදර නැකත ලඟාවේ
නිල වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොලඟ ගී සැලේ මි වඳ සුවඳ සදා දේ ..

පෙම් කතරේදී දෑස නිවාලන
අවාරයේ ආ පිනි රස වේවා
ඒ පෙම් කතරේ මා එන අතරේ
තනි තරුවක් සේ පා වේවා

පෙම් රස වැහෙන

සසර සඳැල්ලේ නැගුනු සුපෙම් සඳ
මැකී නොයේවා සදාතනික වේවා
සසරින් සසරේ එන්නම් මිහිරේ
ධිවරියක් සේ මා එනවා

පෙම් රස වැහෙන


7.දෛවයෝගයකින්

මේක මගේ ලකී 7 වගේ තමයි...හීනියට කියන්න පුළුවන් වගේම විදින්නත් පුළුවන් එකක්

දෛවයෝගයකින් නොවේදෝ
හමුවුනේ අප හමුවෙනේ
දෛවයේ සරදම් ලබන්නට
කීම මෙසේ අප හමු වුනේ ..

අදුරුතුමියයි ඔබ ප්‍රමයේ
අදුරුතුමියයි යෞවනේ .....
ශෝකයේ රුදු වේදනාවේ
කදුළු සයුරේ උල්පතයි ...

දෛවයෝගයකින් නොවේදෝ

නදුන් උයනයි ස්නේහයේ
සදුන් සිසිලයි ජිවිතේ ....
සොම්නසේ ආනන්දයේ
හසරැල් තරන්ගේ උල්පතයි

දෛවයෝගයකින් නොවේදෝ




8.අහිමි උනත් නුබ ලඳේ

මේක ට ආස කරේ අපේ ගෙවල් ළඟ අයියා කෙනෙක් බටනලාව පිබ පිබ කියනවා ..ඒක ඇහිලා මන් පොඩි කලේ ඉදලම ආස සිංදුවක්..4 වසරේ විතර ඉන්න කාලේ වාර විභාගෙට තියෙන කවි කතන්දර කියන එකකට කියන්න ගිහිල්ලා බැනුම් ඇහුව්වා ..ඒ තරම් මගේ හිට් එකක්


අහිමි උනත් නුඹ ලදේ ….
මට හඩන්න අවසර නෑ….. 
විලෙන් එහා ඉද නුබේ සුවද වත
එතී ආ සුලං මගෙ මුව සිම්බා 

නොපැතූ අතකට... අතදුන් දවසේ 
හෙලු දුක් සුසුම්.. මගෙ මුව සිම්බා 

අහිමි උනත් නුබ ලදේ 
නුබ කැනදන් ගිය මංගල රිය නැගි 
දූලි වලාවන් මගෙ මුව සිම්බා….. 

අහිමි උනත් .. 

කියාගන්න බැරි... දුකක් නිමන්නට 
නෙත හෙලු කදුලක්.. මගෙ මුව සිම්බා 

අහිමි උනත්… 




9.ආදරයේ උල්පත වූ අම්මා

මව් ගුණ සිංදු වලින් මන් ආසම එක

ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදු වන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැඟිලේ එල්ලී...

සඳ දිය කොට කිරි වතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක් වන් නැළැවිලි ගීයෙන්
මතකයි මා නැළැවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජිවිතයට කිරි දී පණ දී
මා දැඩි කළ අම්මා...

ආදරයේ උල්පත වූ අම්මා

තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ළබැඳී
ගෙන දී දිවියට නව පණ ලැබ දී
මා දැඩි කල අම්මා.

ආදරයේ උල්පත වූ අම්මා


10.දෙව්රම් වෙහෙරේ ..

බුදු ගුණ ගියක තියෙන්න ඕනේ ශාන්ත බව අඩු නැතිව තියෙන හොදම සිංදුවක්...

දෙව්රම් වෙහෙරේ
හිමි වැඩ සිටි සමයේ
මා සිටියානම් සමිදුනි ඔබ පිළිසරණ පතා
මම‍ එමි බවදුරු කතර ගෙවා

සහසක් දොම්නස් දුක් ගිනි අතරේ
දැවෙන මහද සිතිවිලි ගිණි අදුරේ
සමිද ඔබේ පිළිරුව දුටු පමණින්
නිවී නිවී යන අරුමය කිමද...

දෙව්රම් වෙහෙරේ

ජීවමානවන් හිමි දැක ගන්නට
මා නෙත කල පින් මද බව වැටහිනි
එහෙයින් හිමි අනුරුව අභියස සිට
බවුන් වඩමි ‍මෙත් බුදුන් දකින්නට

දෙව්රම් වෙහෙරේ


ඔන්න ඕවා තමයි ඉතිං මම කැමති 10 ..මටත් කියන්න තියෙන්නේ සොදුරු සිත කිව්වා වගේ ඔයාලගේ 10 ත් කියන්න කියලා තමයි...

ජය වේවා ...!!!!!!