Showing posts with label love. Show all posts
Showing posts with label love. Show all posts

Sunday, February 26, 2017

බිදුණු පෙමක් වෙනුවෙන්


ලව් ඒක ..සතුටක් වගේම ලව් ඒක කැඩුනම දුකක් ..එකනේ කරුනාරතන දිවුල්ගනේ මත්තයා කියලා තියෙන්නේ
                                                   පිවිතුරුය  පළමු පෙම 
                                                   බිහිසුණුය බිඳුණු දින 
                                                   ලෙන්ගතුය සුවඳ ඔබ 
                                                   සුදු හාමිනේ ...
                                                   තනිකඩය තවම මම 
කියලා තියෙන්නේ නිකන් නෙවේනේ..පරාජිතයෝ..වෙනුවෙන් මෙච්චර ලංකාවේ බුට් සින්දු තියෙන්නේ..හිතා ගන්න පුළුවන්නේ තත්වෙ ...ඒක තමයි ලංකාවේ තත්වෙ .. 

ඒ වුනාට ලෝකේ තත්වෙ ඊට වඩා ටිකක් වෙනස් ..මොකද ඒ වගේ පැරදුණු ප්‍රේමය වෙනුවෙන් ..තමන්ගේ මතකයේ  තියෙන  දුක නැති කරගන්න..ප්‍රේමයේදී හුවමාරු වුනු සිහි වටන තියා තියන්න තැනක් තියෙනවා ..මේක කටු ගෙයක් ..බිදුණු සම්බන්දතා කටුගෙය ක්..

මේකේ මුල්ම ඒක පටන් ගෙන තියෙන්නේ ක්‍රෝඒෂියා වල...ඒ 2003 අවුර්ද්දේ දී....ඔලිංක විස්ටිකා  (Olinka Vištica) සහ ඩ‌‍ැසන් (   Dražen Grubišić) කියන දෙන්නා එකතුවෙලා..ඒ ඔවුන්ගේත් ප්‍රේමය බිද වැටීම නිසා ..කොහොම හරි 2006 ඩි තමයි මේක ස්ථිර තැනක පටන් ගෙන තියෙන්නේ..ඒ වෙලාවේ ඔවුන් දෙදෙනා තම හිතවතුන්ගෙන් මේ සමබන්ධ භාණ්ඩ ඉල්ලා සිටින ලදී..

ඉන්පසු ලොස් ඇන්ජලිස් වලද මෙවැනි කටු ගෙයක් පටන් ගන්නා ලදී..මේ කටු ගෙවල් වලට හැමදාම සිහිවටන ලැබේ..


මෙහි නෝවේජියානුවෙක් විසින් දෙන ලද විදුලි ස්ත්රික්කය ද ඇත..ඒ සමග ලියා ඇත්තේ මේ තමයි මගේ මංගල ඇදුම අයන් කරන්න පාවිච්චි කරපු එක..අන්තිමට මට ඉතිරි වුනේ එච්චරයි..ඒ වගේම බ්‍රිතාන්‍ය යුවලකගෙන් ලැබුණු වයින් බෝතලයක් වෙනුවෙන්ද මෙහෙඉ තැනක් වෙන් කර ඇත...

මෙහෙඉ මංගල ඇදුම් ,තෑගී භාණ්ඩ ,පොත් වගේ දේවල් ද තැනපත් කර ඇත.

මේ කටු ගෙයි පිරිලා තියෙන්නේ නොයෙක් මිනිස්සුන්ගේ අත්දැකීම්.මේකත් ඒක විදියක කලාවක්..ආදරේ වේදනාව තේරුම් ගන්න හොද තැනක් වගේම තනි කම හොදට දැනෙන තැනක්..
මෙතනට එන ගොඩ දෙනෙකුගේ අදහස එය තමයි 

නරකද අපේ රටෙත් එකක් පටන් ගත්තොත් ..