Showing posts with label short story. Show all posts
Showing posts with label short story. Show all posts

Sunday, April 30, 2017

රතු කමිසය

සාදුකින් පෙලෙන වුන් දැන් ඉති නැගිටියව් .......
ආ ...සහෝදරයා පෙළපාලියට යන්න වගේ ..
නැතිව නැතිව බෑනේ ..එතකොට ඔය සහෝදරයා 
ආ...මන් මේ මිටියයි දෑකැත්ත හොයාගෙන යන ගමන් 
ඒ මොකද .....
අපේ පක්ෂේ දෙකට කැඩීලානේ ... උන් යද්දී කෑලි දෙක අරන් ගිහින් ...මන් ඒක එකතු කරන්න යන ගමන් 

අමරබන්දු පිටව යන ජයසේකර දිහා කිසි හැගීමකින් තොරව බලා සිට දිග හුස්මක් හෙලීය. මාසේ වැටුපෙන් කරන්න තියෙන වැඩ සහ ණය ගැන කල්පනා කරමින් ගෙදරට ආ අමරබන්දු පියවි සිහිය ලැබුවේ මැටිල්ඩා ගේ කට හඩිනි ..

මොකෝ මේ බර ක්ල්පානාවක ..
ධනපතියා භංග වේවා - කම්කරුවා දිනේවා .
දැන් එතකොට ඕක ගැනද කල්පනා කර කර හිටියේ .
මේකනේ මැටි ..හෙට අපේ දවසනේ ..
ඒ කියන්නේ 
හෙට කම්කරු දවස 
එතකොට අනිත් දවස් කාගේද 
ඒ දවස් ඉතිං .....අපේ නෙවෙයි නේ ..
හරි හරි ..දැන් ඔයා හෙට මොනවද කරන්නේ 
ආ ..කිව්වමයි මතක් වුනේ හෙට පෙළපාලියට යන්න එන්න කියලා මන්ත්‍රීතුමා කිව්වා ..
සල්ලි නම් ඉල්ලන්න එපා ...මාසේ වියදමට ගානටම්යි තියෙන්නේ 
ඒ ඔක්කොම මන්ත්‍රී තුමා ගානේ තමයි ..තව කෑම බිමත් දෙනවා ..

මට කතා කර කර ඉන්න වෙලාවක් නෑ වැඩ තියෙනවා 

මැටිල්ඩා පිටව ගිය පසු අමරබන්දු කල්පනා කරේ කොච්චර ot කලත් මාසේ අන්තිමට ගන්න පඩිය ,මාසයක් ජිවත් වෙන්න මදි බවය.අමරබන්දු හෙමින් හෙමින් කුස්සිය පැත්තට ගියේ කෑමට ඇත්තේ මොනවද කියලා බැලීමටය ..හට්ටි ඇර  බැලු විට දැක්කේ අදත් සුපුරුදු කෑම වෙලාම ඇති බවය ..එකෝ ලංකාවේ පරිප්පු තහනම් කල යුතුය ..එතකොට වෙන මොනවා හරි කන්න හැකිය.එත් ..අඩුවට තියෙන දේ නේ මේ කියා අමරබන්දු හිත හදා ගත්තේය ..

මේ මැටි ...හෙට දෙන කෑම එකක් ඔයාටත් අරන් එන්නනම් ..
ඒ කොහොමෙයි 
එක මන් කරන්නම් කෝ 
මොනවද ඔය කෑමට දෙනවයි කියන්නේ 
චිකන් ප්‍රයිඩ් රයිස් ලු 
හැබැයි ජරාව කටේ දෑ ගත්තම ඕවා මතක්වෙයි ද දන්නේ නෑ ..මතකනේ ගිය සැරේ හතර ගාතෙන් අවා ..

තවත් එතන හිටියොත් මැටිල්ඩා ගේ කුරු කුරුව ටික ටික වැඩිවී කන්දොස්කිරියාවක් වෙන්න කලින් සාලෙට ආවේය ..හෙට ඇදන් යන්න ඇදුම් පිළියෙළ කරග්ගන් සිතා අල්මාරිය පැත්තට ගිය අමරබඳුට ..,තමන්ගේ රතු කමිසය එහි නැති බව ය ..

මැටි ..කෝ මගේ අර රතු කමිසේ 
අල්මාරියේ ඇති ..
මේකේ නැහැ.. නේ 
හොයන්නකෝ ..
මේ හොයලා දෙනවා කෝ 
මේ මොන කරදරයක් ද මන්දා 

මැටිල්ඩා වේගයෙන් පැමිණ අමරබන්දු අත කමිසය තැබීය ..

මේකේ පාට රතු නෙවෙයි නේ 
හෙදුවම සායම ගියා 
එක පාරයිනේ ඇන්දේ 

ගිය අවුරුද්දේ මැයි දිනේට යන්න  පොඩි මුදලාලිගෙන්රු පියල් 1000 පොලියට අරන් ගත්ත කමිසේ රෝස පාට වෙලා ..ඔය දාහේ පොලිය ගෙවා ගන්නත් මාස කිහිපයක් ගියා ..මුදලාලිගේ කරු කුරුවත් සෑහෙන්න අහන්න වුනා ..දැන් ඉතින් මොනවා කරන්නද ..කුස්සියට ගොස් වතුර උගුරක් බි පුටුවෙහි ඇලවුණු අමරබන්දු .....එක පාරටම පුටුවෙන් නැගිට 
මැටිල්ඩා ..හෙට මන් පෙළ පාලි යන්නේ නෑ ...