මේක නිකන් මොන්ටිසෝරි කතාවක් වගේ තියෙයිද මන්දා ..කාට කොහොම හිතුනත් ඒ ඉතිං මන් ගැන නේ ..ආයි ඉති මක්කෙටෙයි දුක් වෙන්නේ කියලා හිතලම ලියනවා හිටං .මේ මන් ගැන .මන් ගැන කිව්වට මේ මන් දැකපු හිනා ගැන .
හින කියන්නේ මෙව්වා තවමත් හින .පොඩි කාලේ එක එක අය අහනවනේ පොඩි කාලේ කවුද වෙන්න කැමති කියලා ..අපේ පන්තියේ හිටපු ගොඩක් වුන් ඒක ඒක ඒවා කියලා ,ම්ම් විතරයි ඔලුව කහලා තියෙන්නේ..ඒ කියන්නේ මට එදා ඉදන්ම හීනයක් තිබිලා නෑ නේ..
මට ඉස්සෙල්ලම පොඩි හීනයක් තිබුනා රුකඩ නටවන්න ..ඒක වුනේ මෙහෙමයි අපේ පන්සලට රුකඩ නටවන්න අම්බලන්ගොඩ ශ්රී අනුර කියන රුකඩ කට්ටිය ආවම ඕක බලන්න මමත් ගියා. ගියා කියන්නේ හමදාම යනවා .ටිකට් නැතිව බැලීමේ භාගයක් තිබුනා නිසා ආරාධිත අමුත්තන්ටත් කලින් තිබුන පොඩි බැංකුවක ඉදන් තමයි රුකඩ බැලුවේ.කතාවට වැඩිය ඒ අයගේ අත් වැඩ කරන විදිය තමයි බැලුවේ...සතියෙම රුකඩ බැලුවා ..දැන් ඉතිං රුකඩ නටවන ඒක තමයි ..සපත්තු පෙට්ටියකට යතුරු කටු වලින් හදපු අත් කකුල් සෙට් කරලා නුල් දාලා ලියක ගැට ගහලා කට හඩ වෙනස් කර කර කතා කරලා වැඩේ ගොඩ දාගත්තා ..පස්සේ ඒක ඒක විදියට රුකඩ හදලා නැටෙව්වා ..වැඩේ තවත් දියුණු කරන්න මේසයක් උඩ නැගලා කරන්න ගිහින් මේසෙන් වැටිලා ඔලුව පැලිලා ගියා .ඔලුව පැලුනත් හරි රුකඩ හීනය ඉවර වුනා
ඊට පස්සේ මට ආවේ ක්රිකට් හීනෙ..ඉස්කෝලේ 5 වසරේ වගේ වෙද්දී අත කරකවලා වේගෙන් බෝල් කිරන්න මට පුළුවන්..හැබැයි ඒ වෙනකොටත් මට වැඩිය අවුරුදු දෙකක් විතර වැඩිමල් අයත් සි බෝල් තමයි දැම්මේ..ඒක නිසා ලොකු අයියලා උනත් මන් සෙල්ලම් කරන්න එනවට කැමතියි..එක නිසා අපේ සෙට් එකේ හිටිය වැඩර් කෙනෙක් උනෙත් මම තමයි ..අපේ උන්ගේ විරයත් මම ..ඔය ක්රිකට් හීනෙ කොච්චරද කියනවනම් මට එක එක බොලස්ලා බෝල් කරන විදියටත් බෝල් කරන්න පුළුවන් වුනා ..රවින්ද්ර පුෂ්පකුමාරගේ ,වකා යුස්නිස් වගේ බෝල් කරන්න ..දන්නවනේ දැන් ඔය මාලිංග බෝල් කරන වගේ තමයි .හැබැයි එච්චර අත හරහට යන්නේ නැතිව ..ඊට චමින්ද වාස් වගේ ..ඊට පස්සේ ජවනගල් ශ්රීනාත් ..ඔය වගේ හැට හුට හමාරක් ඇක්ෂන් වලින් බෝල් කරා ..සමහර වෙලාවට විකට් ගියාම දුන්නෙත් නෑ කලින් විදියට නෙවෙයි බෝල් කරේ කියලා ..සමහර් වෙලාවට මට මතක නෑ කලින් කොහොමද බෝල් කරේ කියලා ..හොදම දේ කියන්නේ අදටත් මට බෝල් කරන්න ඔය එක ඇක්ෂන් එකක් නෑ ..ක්රිස් ඒක ලඟදි හිතුන විදියට දැම්මා ..ටෙනිස් නේ ගැහුවේ ..ආසාවට ලෙදර් බෝලයක් තිබුනේ නැති නිසා ඒ හීනෙත් සොරි උනා ..
ඊට පස්සේ අපේ ගමේ පාර කපන්න බැකෝ ,ඩෝසර් ,ගෙඩර් අවම ඔන්න අලුත් හීනයක් ආවා ඩෝසර් ඩ්රයිවර් කෙනෙක් වෙන්න ..කොහොම හරි පස්සෙන් ගිහින් ගෙදරේ ඩ්රයිවර් හිටපු අයියව සෙට් කරගත්තා ..අයි ඉතිං ඉස්කෝලේ ගිහින් ආපු ගමන් දුවනවා..කන්නෙත් නැතිව ..ඊට පස්සේ ගෙඩර් එකෙන් තල්ලු කරන පස් වල තියෙන ගල් එහෙම අයින් කරලා අයියට සපෝට් කලාම ඔන්න රවුමක් එක්ක යනවා ..ඒ යන්නෙත් හෙන ස්පීඩ්..පාර හදලා ඉවර වෙනකම්ම ගෙඩර් ඒක පස්සේ ගියපු නිසා පන්තියේ දෙවනියා වුන මම 3 වෙනියට පල්ලම් බහින්නත් වුනා ...ඒ ගල් අස්සකර්ද්දී අත කොච්චර කැපිලා අත් ද ..හැබැයි ඒ හීනේ පාර හදලා ඉවර වෙනකොටම ඉවර වුනා ...
ඊට පස්සේ තව හොඳ පිස්සුවක් හැදුනා ..ඒ බෑන්ඩ් පිස්සුව ..එක්ස්ට්රේ කොළ ,බයිසිකල් කොෆ්ෆ්රිල් ,අලුමියම් පිගන් ,කෑන් එක්ක තියෙන ඩ්රම් ,මෙගා බෝතල් ,එක්ස්ට්රේ කොළ වලින් හදපු ඕකට පෑඩ් ,ඉදල් ගිටාර් වගේ ඒවා එක්ක තමයි බෑන්ඩ් පිස්සුව තිබුනේ..ඒක ඒක අයගේ කටහඩින් සිංදු කියන්න ට්රයි කරන කාලේ ..මන් නම් ඉතිං ඔය කපුගේ ගේ විජයගේ සිංදු තමයි ගැබුරු කටහඩින් ට්රයි කලේ ..හැබැයි මට සිංදු කියන්න පුළුවන් වුනාට අනිත් යට අහන ඉන්න බැරි නිසා කියන ඒක නතර කරලා ..ඩ්රම්ස් ,ඔක්ට පෑඩ් ගහන්න පටන් ගත්තා...ගෙදරින් බර බරේ කනක් ඇහිලා ඉන්න නෑ කියලා ..එත් ඒක ඇතාරියේ නෑ ..හැබැයි යාලුවොන්ට ඒක ඒක බෑන්ඩ් වලින් කතා කරා..මට කවුරුවත් කතා කරන්නේ නැත්තේ මන් හරි නැති නිසා වෙන්න ඇති කියලා ..ඒ පිස්සුව කෙලින්ම වහලා දැම්මා ..
ඊට පස්සේ වයිකින් උන ..ඒ කියන්නේ බස් ඩ්රයිවර් කෙනෙක් වෙන්න තියෙන ආසාව.ස්කොලේ යනකොට ඔය සෙට් වෙච්ච ඩ්රයිවර් ලා දෙතුන් දෙනෙක් නිසා බොනට් ඒක උඩ දොරේ යන්න පහසුකම තිබුනා ..අදටත් අසයි වයිකින් එකක් 100 විතර අරන් යන්න..හැබැයි අරන් ගිහින් තියෙනවා ඒ 100 විතර නෙවෙයි 40 වගේ ..
ඔය ස්කොලේ යන කාලේ ඒවානේ .ඊට පස්සේ අපොයි පොත් වලට ගිය සල්ලි උ/පෙ ලියලා ගාමන්ට් ගියා ..රිසාල්ට් එනකන්..දැම්මා ට්රේනින් ලයින් එකට ..මන් විතරයි කොල්ලෙකුට ඉන්නේ..අනිත් ඔක්කොම මල් මල් අක්කලා ,නංගිලා .ට්රේනින් කරන්න හිටියේ රානි අක්කා .නුල දාන්න ..කොළ වල මහන්න .ඊට පස්සේ තමයි තමයි රෙදි කෑලි ..දෙවැනි දවසේ දැම්ම නේද ලයින් එකට ..දැම්මෙත් ඔර්ලොක් එකට..අතන ඇල්ලුවේ nomal මැෂින් .මේක ඔලොක් ..දැන් ඉතිං කවද කාපු ටකරන් ද මේවා කියලා හිත හිත ඉන්න කොට සංජිව කියන ලයින් හෙඩ් අවා ..මන් හිතුවේ ඇගේ තරමට හෙන තද පොරක් කියලා ..අනේ එහෙම නෑ ..හරි හොඳ මනුස්සයා ..මට මහන විදිය කියලා දුන්නා..ඒ එක්කම එතනට ටෙක්නිශියන් කෙනෙකුත් දුන්න මැෂින් ඒක බලන්න ..ඔන්න එදා හවස් වෙනකොට පයකට කෑලි 30 විතර මහන්න පුළුවන් උනා ..ඒ ලයින් එකේ දෙවනි දවස හවස් වෙනකොට එකේ ටර්ගට් ඒක වෙච්ච කෑලි 80 මහන්න පුළුවන් උනා ..ඒක අහපු ප්රඩක්ෂන් මනේජරුත් ඇවිත් බලලා ගියා ..නිකන්ම නෙවෙයි මගේ ඔලුත් අත ගලා ..ඊට එහා පැත්තේ හිටියේ ඒක කලින් මහපු අක්කා .ඒ අක්කා ඇවිත් කිව්වා මල්ලි ටර්ගට් ඒක විතරක් දෙන්න .වැඩිය මහන්න එපා කියලා ..පස්සේ පසේ මට 120 මහන්න පුළුවන් උනා ..එත් දෙන්නේ 80-85 වගේ ගණන් තමයි...කලින් හිටපු කෙනා අතින් ඩැමේජ් එනවා කියලා තමයි මන් එතනට දාලා තියෙන්නේ...සංජිව සර් පොරොන්දු වුනා මට ෆීල්ඩ් ඒක උගන්නවයි කියලා ..මොකද එයත් බින්දුවෙන් පටන් ගත්ත කෙනෙක් නිසා..ලයින් සුපවයිසර් කෙනෙක් වෙන ඒක තමයි මගේ ඉ ළඟ හීනෙ වෙලා තිබුනේ .මන් මන් මහන ගානට අඩුවෙන් තමයි රෙකෝඩර් අක්කට දුන්නේ..
අන්තිමට එකටත් කෙස් එකක් අවා ..කවුරු හරි කියලා මන් ගොඩක් මහනවයි කියලා .අඩුවෙන් රෙකෝඩ් එකට දන්වය කියලා..මොකද මන් මහපු කෑල්ල හෙල්පර් කෙනෙක් කපලා තමයි ඊලග කෙනාට දෙන්න ඕනේ ..එත් මන් මහන වේගෙට හෙල්පර්ට කපන්නත් බෑ ..මගේ ඉස්ස්ස්රහා බින් එකේ හෙන තොගයක් තියෙනවා කියලා ..දැන් රෙකෝඩර් අක්කයි ,සංජිව සරුයි ,ඉන්නවා ප්රඩක්ෂන් මැනේජර් ලග ..මේ යකා ඇහුවේ කවුද පුතාට අඩුවෙන් කියන්න කියලා කිව්වේ ..මන් කන්නේ ටිකිරි මාරි නිසා කිව්වා ,සමහර වේලාවට් මැෂින් ඒක කැඩුනොත්, ඩැමේජ් අවොත් ඒවාට කවර කරන්න අඩුවෙන් කිව්වයි කියලා .ආයි අහපි එහෙම කියන්නේ කියාලේ...දන්නවනේ ගාමන්ට් වල බැනුම් අහන්න වෙනවයි කියන්නේ හොඳි ඕනෙම නෑ ..ගත් කටටම කිව්වා බැනුම් අහන්න බැරි නිසා කියලා ..අන්තිමට රෙකෝඩර් අක්කට බැන්නා .මොකද මහන එව්වා කටින් එකෙන් ගේන්නේ එයා නිසා ..එයා දැන ගන්න ඕනය කියලා කොච්චර කෑලි මහේනවද කියලා .එන ගමන් අක්කට සොරි කිව්වා ..අක්කට සොරි කියලා පහු වෙනිදා ඉදන් වැඩට ගියේ නෑ ..අන්තිමට ප්රඩක්ෂන් මැනේජර් මන් හොයාගෙන ගෙදරත් අවා වැඩට එක්ක යන්න..එත් මන් කිව්වා මන් නිසා කෙනෙක් නිකන් බැනුම් අහපු නිසා ආයි වැඩ කරන්න හිත නෑ කියලා ..රෙකෝඩර් අක්කත් අවා වැඩට එන්න කියන්න එත්මන් ගියේ නෑ..දවස් 10 මගේ ගාමන්ට් ගැන තිබුන හීනෙත් ඉවර වුනා
ඊට පස්සේ තව රස්සාවල් කරාට ඒ එකක්වත් හීනයක් වුනේ නෑ ..තවමත් ඒක ඒක මොන්ටිසෝරි හින හිතෙනවා ..සමහරු කියනවනේ හින තියෙන්න ඕනේ කියලා ජිවත් වෙන්න ..එකත් අත්හ තමයි..ජීවිතෙත් ඒක පිස්සුවක් තමයි හිටං











