Sunday, April 23, 2017

ගෑනු ෂොපින්

අපේ එකෙක් ඊයේ කියනවා .අවුරුද්දට කරන්න තියෙන වැඩවලින් එපා කරනම වැඩේ ලු ගෑනිත් එක්ක ෂොපින් කරන එකලු..කොටින්ම පොලේ ගියත් මුළු පොලේම ඇවිදින්න ඕනලු.. අවුරුදු කාලෙට පොළ කියන්නේ සෙනග සෑහෙන්න ඉන්නවා නේ..එත් ගණක නැතිලු..අන්තිමට මිනිහට  මල පැනලා බඩු  අරන් එන්න කියලා පැත්තකට වෙලා ඉන්නවලු .. කිව්වම මට පොඩි කතාවක් මතක් වුනා .. කතාවක් කියන්නේ  මන් අත්දැකපු සිද්දි ටිකක් 

 සාපෙ ලියලා ගෙදර ඉන්න තියෙන මාස තුනේ සල්ලි ටිකක් හොයා ගන්න ජොබක් හෙව්වා ..කොහොම හරි අන්තිමට කොළඹ සපත්තු ෂොප් එක්ක ජොබ සෙට් වුනා .එක තට්ටු දෙකක එකක්..එකේ යට තට්ටුවේ ටමයි ගෑනු අයගේ සපත්තු බෑග් තිබුනේ..එකේ එකම ඩිසයින්  එකේම  පාට පාට සපත්තු සෙරෙප්පු ගොඩක් තියෙනවා ..උඩ තියෙන පිරිමි එකේ තියෙන්නේ එක ඩිසයින් එකකින් එක ගානේ විතරයි..උඩට ඉන්නෙත් එක පිරිමි ලමයි..පල්ලෙහා තව අක්කලා තුන් දෙනෙක් හිටියා..මටත් සෙට් වුනේ පහල තියෙන එක..

මුල් දවස්වල තිබුනේ ඉති අර අක්කලාට හෙල්ප් පාරක් දීගෙන ඉන්න එක විතරයි..පස්සේ මටත් බිනස් කරන්න වුනා..ගෑනු කෙනෙක් ආපු ගමන් මැඩම් කිව්වා ගමන් ඒ කෙනාගේ කට උකුණු වලට විතර ඇදිලා යනවා ..මැඩම් මොනවද බැලුවේ..අලුතෙන් ආපු සපත්තු සෙරෙප්පු හෑන්ඩ් බෑග් තියෙනවා කියලා කියනවා ..ගොඩක් අය එන්නේ සෙරෙප්පු බලන්න තමයි..පස්සේ ඒ ගෑනු කෙනා පස්සෙන් යනවා ..ගිහින් එයා තොරණ ඩිසයින් වලට ඇහැ ගහගෙන ඉන්න ඕනේ ..ඊට පස්සේ එයා තොර ගත්ත ඒවත් එක්ක කන්නාඩි ය ලගට ගිහින් අයි කකුලට දාගෙන හැඩ  බලනවනේ ..ගොඩක් වෙලාවට ඔය සෙරෙප්පු සපත්තුවල තියෙන බකල් හරි ගස්සලා කකුලට ෆිට් ද කියලා බලන්න ඕනේ වැඩ කරන කෙනා ..ඒ දවස්වල ජනප්‍රියම විලාසිතාවක් තමයි දිගට ඇදලා උඩට පලපු එක..ඕක තමයි කට්ටිය ආපුවම කෙරෙන සාමාන්‍ය විදිය..

ඕකට එනවා ඔප දුප සංගමයක් ..ඒ ලග ක්ලාස් එකක ළමයි ගෙනත් දාන අම්මලා සෙට් එකක්..එයාලා අවම මුල් කාලේ බිස්නස් එක කරන්න දුන්නේ මට..අර අක්කලා මිසින් වෙනවා .මමත් හරි සතුටින් බාරගන්නවා එක පාර බිස්නස් ගොඩක් කරගෙන කොමිස් එකක් ගන්න පුළුවන් නිසා .අපි කඩේ බිස්නස් එකක් කලොත් කොමිස් එකක් පඩියට එකතු වෙනවා .අපෝ මුළු කඩේම ඇදලා පෙන්වන්න ඕනේ..හැම එකකම මොකක් හරි ඇදයක් කියනවා ..අන්තිමට රුපියල් 100 විතර පොඩි එකක් තමයි අරන් යන්නේ..අන්තිමට අර ඇදපු ටික ආයි  පිළිවෙලට තියන්න ගියාම දවස ඉවරයි..එයාලා හැම සතියෙම එනවා ..හදිස්සියෙන් දවසක විතරයි ටිකක් ලොකු ගානක එකක් ගන්නේ..මන් ගෙදර එනකන් එයාලගෙන් බේරෙන්න බැරි වුනා.

තවත් එනවා ගණන් කියලා ඉවරයක් නැති කට්ටියක්..ඔය රාක්කවල තියෙන්නේ මිල අනුව තමයි ..හැම තිස්සෙම ගණන් දාලා තියෙන්නේ 100 වැඩියෙන් ..අඩු කරන්න බැරි ද කියලා ඇහුවම ගැන අඩු කරලා කියනවා ..අපි ගණන් කියද්දී එයාලට කල්පනාවෙන් කියන්න ඕනේ..අපෙන් ගාන වෙනස් වෙච්ච ගමන් කොක්කට එන අය ..එයාලත් ගොඩක් වෙලාවට බඩු ගන්නේ නැති තරම්..හැබැයි අර වගේ කකුලට දාලා හැඩ බලන්නේ අඩුවෙන් ..කොහොම හරි කකුලට දම්මුවොත් බිස්නස් එකක් කරගන්න පුළුවන් .

තව කට්ටියක් එනවා ඔෆිස් යාලු වෝ ..ඒ කියන්නේ ඔෆිස් එකක  වැඩ කරන කට්ටිය ..එයාල යාළුවො ගොඩක් එක්ක එනවයි කියන්නේ බඩු බලන්න විතරයි..එයාලටත් මුළු ෂොප් එකම පෙන්වන්න ඕනේ..ඒ මුණු මතක තියාගන්නම ඕනේ..මොකද එයාලා බඩු බලද්දී තෝරපු ඩිසයින් ගැන මතකයක් තියෙන්න ඕනේ..එයාලා තනියෙන් එනවයි කියන්නේ අනිවාර්යයෙන්ම බිස්නස් එකක් වෙනවා තමයි..මැඩම් ට මේක ගොඩක් ලස්සනට තියෙයි.කියලා එදා තෝරපු ඩිසයින් එකක් පෙන්නවා .එයා අර මිල වැඩි ඒවා අත ගගා ඉදලා වට පිට බලලා මේ ඩිසයින් එකේම ගාන  අඩු එකක් නැද්ද කියලා අහනවා .ඉතින්  පස්සේ ඒ ඩිසයින් එකේම ලෝකල් එකක් දෙනවා ..ඔය ආපු අය ඉන්නේ එක එක අයට හොරෙන් .සමහර වෙලාවට ආයි බඩු අතගගා ඉන්නවනම් "මැඩම්  එක්ක ආපු අර එක මිස් කෙනෙක් මේ ජාතියේ එකක් අරන් ගියා කියලා මිල වැඩි එකක් පෙන්නුවම්..ගොඩක් වෙලාවට එයත් අර ලෝකල් එකක් අරන් යනවා .

තව කටිටියක් එනවා කලින් අරන් ගියපු එකක් කැඩුනා කියාගෙන එන කට්ටිය..එයාලගේ ට්‍රයි එක හොඳ එකක් ලෝකල් එකෙක ගානට ගන්න එක.හැබැයි එයාලට කඩේම ඇදලා පෙන්වන්න ඕනේ නෑ..එයාලගේ කන්දොස්කිරියාව අහන ඉන්න එක තමයි වැඩේ .

ඊලග කට්ටිය තමයි මැඩම්ට මේක ලස්සනයි කියලා කිව්වම ගන්න අය .එයාලා හරි කැමතියි ලස්සනයි කියනවට .එයාලත් වැඩිය බඩු අදින්න ඕනේ නෑ .දෙක තුනක් බලලා මේක ලස්සනට තියෙනවා කිව්වා ගමන් එක ගන්නවා ..තව කට්ටිය එනවා අර ආපු නිසා මොනවහරි ගන්න ඕනේ කියලා හිතාන එන කට්ටිය..එයාල ගෙන් කරදරයක් ඇත්තෙම නෑ .

ආයි එනවා පුරාජේරුවට කැමති අය ..එයාලත් එන්නේ තව කවුරු හරි එක්කෙනෙක් දෙන්නෙක් එක්ක..ඒ ආපු අනිත් අයට වැඩිය වටිනාකම් වැඩි බඩු තමයි ගන්නේ.එයාලට බිස්නස් කරන්න මාර ලේසියි..සල්ලි සේරම කඩේට දීලා යන්න උනත් බැරි කමක් නෑ ..මොකද ඒ තරම් කැමතියි මුරුංග ඇත්තේ තියලා කතා කරනවට..තමන්ගේ යාලුවන්ට වඩා කැපිපෙනෙන එක තමයි එයාලගේ ගේම් එක..එක නිසා කිසි ප්‍රශ්නයක් නැතිව බිස්නස් එක කරගන්න පුළුවන්.එයාලා එන්නේ පඩි දවස් අල්ලලා ..

බිස්නස් කරන්න අමාරුම කට්ටිය තමයි ඔය ස්කොලේ මිස්ලට..එයාලා රුපියලත් දෙකට පලලා ගණන් හදලා තමයි බඩු ගන්නේ..මන් හිතන්නේ ස්කොලේ උග්ඵන්වන්න ට්‍රේනින් දෙද්දීම ඕවත් ට්‍රේනින් කරනවා වෙන්න ඕනේ..එයාලා තමයි එන ගෑනු අය ගෙන් වෙනස්ම කට්ටිය..

හැබැයි පිරිමි සපත්තු තියෙන පැත්තේ ඔය කිසි කතාවක් නෑ..ගාන කිව්වම ගත්තා..හදිස්සියෙන් කෙනෙක් අඩු කරන්න පුළුවන් ද කියලා අහනවා ..

වෙට්ට  පිත්තල කට්ට කයිරාටික වුනත් බිස්නස් ට්‍රික්ස් වලට ගෑනු හොදට අහු වෙනවා ..




10 comments:

  1. වගතුගට හොද එක්ස්පීරියන්ස් තියෙනවා වගෙයි... ජයවෙවා !!!

    ReplyDelete
    Replies
    1. මේක මේ ගෑනු අයගේ උපතින් එන ගතියක් මන් හිතන්නේ..මේක ඔය කටත් පොදුයි

      Delete
  2. අත්දැකීම් ටික මරු. මේ දැනීමත් ඇති සාර්ථක බිස්නස් එකක් කරන්න

    ReplyDelete
    Replies
    1. බිස්නස් කරන්න මේවා විතරක් මදි ..තව කොච්චර දේවල් කරන්න ඕනද

      Delete
  3. මචෝ ඔය ඉගෙනීම සල්ලි වලට ගන්න බෑ...සමාජයේ ඉදලමයි ඉගෙන ගන්න ඕනෙ...

    ReplyDelete
    Replies
    1. සමාජයෙන් ඉගෙන ගන්න ඒවා කැම්පස් ගිහින් ගන්න උපදධියකටත් වැඩිය වටිනවා කියලා තමයි කියන්නේ

      Delete
  4. හි හී මරු අත්දකීම් නෙ ඔයාට තියෙන්නේ... මම මේ කල්පනා කොරන්නේ මේ මම කොයි ගොඩේද ඉන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. හොඳට හිතලා බලන්න ..ඔයින් එකකට වැඩි ගණනක් ඔයා ලඟත් තියෙනවා

      Delete
  5. හා හා. මරු පෝස්ට් එක.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ජයෙන් ජයම වේවා ..!!!!

      Delete

ඔබේ අදහස මට කෝටියක් වටි..ලියා යන්න වචන දෙක තුනක්