Wednesday, May 10, 2017

ඊට පස්සේ

ඊට පස්සේ කියන්නේ මේ නාට්‍යක්වත් ,නවකතාවක් හරි කෙටි කතාවක් වගේ එකක් නෙවෙයි.අවුරුද්දෙන් පස්සේ ඉතිරි මාස 3-4 හෙන බිසී කාලයක් නේ අපිට ඒ දවස්වල තිබුනේ.ඒ දවස්වල කියන්නේ ස්කොලේ යන කාලේ.මොකද අවුරුද්ද ගියපු ගමන් එන වෙසක් එක හෙන ජයටම අපි සමරනවා නේ .සමහරු ඉතිං අප්‍රේල් 20 වගේ ඉදන් තමයි  වෙසක් එකට  ලේස්ති වෙන්නේ.වෙසක් කිව්වොත් සරුංගල් .,වෙසක් කූඩු ,දන්සල් තමයි ඉතින් ඔන්න

වෙසක් එකට ගමන් තුනක්වත් කැලේට යනවා .ඉස්සෙල්ලම යන්නේ වේලිච්ච කිතුල් පිලි .තල් ඉරටු හොයාගෙන ..කට්ටිය ත් එක්ක කැලේට යනවයි කියන්නෙත් මාරම ගමනක් .ගෙවල් වලට හොරෙන් යන මේ ගමන් නිකන් හොල්මන් ෆිල්ම් එකක් බලනවා වගේ.කට්ටිය ත් එක්ක යන කොට ටිකක් කල්පනාවෙන් යන්න ඕනේ.මොකද කයිය පිට ගියොත් මොකක් හරි කට්ටියට හිනා වෙන්න වැඩක් කාට හරි කරන නිසා.දවසක් ඔහොම යද්දී කට්ටිය මාව නිකන් ආඩි  පාරෙන් එලියට යන විදියට කට්ටිය ඈත් වෙනවා.මන් දන්නවා මොකක් හරි ගේමක් තමයි කියලා.පොඩ්ඩක් වට පිට බැලුවා ..අප්පා හෙන කහඹිලියා ගොඩක්.මන් ටිකක් පස්සට වුනා.මට මෙහා පැත්තෙන් ගිය අජිත්ට මතක නැති වුනා ඕක.මොකද කතාව ඒ තරම් රසවත් නිසා.අජිත් දන්නෙම නැතිව කහඹිලියා ගාලේ.දැන් අජිත් උඩ පැන පැන කසනවා.අනිත් අය මහ හයියෙන් හිනා වෙනවා.ටිකක්  වෙලා  කට්ටිය හිනා වෙලා ඉවර වුන් පස්සේ ගෙනාපු පිහිවලින් අර බූව ටික හුරලා අයින් කරනවා.එතකොට ඉතින් වෙන්න ඕනේ හරිය වෙලා ඉවරයි.

ආයි කරන දෙයක් තමයි ඔන්න සර්පයෙක් කියලා කට්ටිය බය කරන එක,මොකද මේ කන්දේ නයි පොලොංගු පිඹුරෝ ඉදලා ඔය කරවැලා කුනකට්ටා වෙනකන් සර්පයෝ ඉන්නවා .එක පාරක් එහෙම බය වෙඡ්චා කෙනෙක් උඩ පැනලා අඩිය තිව්වේ බෝල ගලකට.මිනිහා ගලත් එක්ක බොලේ වගේ පෙරලිලා පල්ලෙහාට ගියා.කට්ටිය ඉතින් යනකන් එනකන් මිනිහා පෙරලුඅන් හැටි තමයි කතාව.ඔහොම යද්දී මට ඇහෙනවා  සතෙක් දගලන සද්දෙයක්.කොයි එකටත් අනිත් අයට කිව්වා සරපයෙක් ඉන්නවා කියලා.කට්ටිය එච්චර ගණන් ගත්තේ නෑ.එක යාලුවෙක් කෙලින්ම කකුල තියලා තියෙන්නේ සර්පයාගේ ඇඟ උඩ .මිනිහට කකුලට හීතලට දැනිලා.එක පාරටම බුදු අම්මෝ කියලා කෑ ගහපි.එතකොටම යෝධ කහ ගරඩියෙක් නිකන් නයා පෙනේ පුප්පනවා වගේ ඉස්සුනා.කට්ටියට සතාට බය නැතිවුනත් හෙන අප්පිරියාවක් වගේ දැනුනා.ඔහොම  යන කොට කට්ටිය හොඳටම බය වෙඡ්චා දවසකුත් තිබුනා.කට්ටිය ගිහින් කිතුල් පිත්තිත් කපාන එනවා.අපිත් එක්ක ගිය එක අයියා කෙනෙක් දර කාලක් උඩින් පැනලා ගියා.ඊට පස්සේ ගියපු කෙනා අර දර කෑල්ලට පයින් ගැහුව්වා.පයින් ගැහුව්වා ගමන් බොස් ගාලා සද්දයක් විතරයි ආවේ.අර අයියා අපිවත් පෙරලගෙන කන්දේ උඩහට දිව්වා.හෙන පිඹුරෙක් ගොදුරක් ගිලලා ඉදලා තියෙන්නේ.අපි යනකොටත් මූ මෙහෙම ඉන්න ඇති කියලා තේරුනාම තමයි කට්ටිය හොඳටම බය වුනේ.

ඒ දවස්වල අපිට සරුංගල්වේ හදන්න දන්නේ නෑ.ලොකු අයියා කෙනෙකුට කියලා තමයි සැකිල්ල බන්දවා ගන්න ඕනේ.ඒකට හොදම කෙනා තමයි සිරි අයියා.හැබැයි සිරි අයියගෙන්ලි සරුංගලයක්ච්ච හදා ගන්නවයි කියන එක ලේසි නැත.මුළු අවුරුද්දක්ම අවාතෙව කම් කරන්නම වෙනවා.සිරි අයියා සරුංගලේ හදලා පිහියේ තුඩ උඩ තියලා තමයි බැලන්ස් කරන්නේ.ඒ හැකියාවනම් පුදුමය . කිතුල් පිතිය වලින් හදපු සරුංගල් ලොකු අයද ,තල්  ඉරටු වලින් හදපු සරුංගල් පොඩි අය මේ දවස් වල යවනවා.තවත් අය පොල් කොළ ඉරටු වලින් හදපු ඒවත් ගෙනාවා.ඔය කොයි කවුරු ආවත් ලොකු අයගේ සරුංගල් වලට සහයෝගය දෙන්නම ඕනේ.නැත්නම් ඒ අය පොඩි අයගේ සරුංගල් වල නුල පටලවා කඩනවා.ලොකු අය තංගුස් නුලද ,පොඩි අය සන් නුල් තමයි ගත්තේ.ඉතින් තමන්ගේ සරුනගලේ කැඩෙනාවට  අකමැති නම් ලොකු යට සපෝට් කරන්නම වෙනවා .ආයි ජොලිම වැඩේ තමයි සරුංගලයක් කූරිය ගහලා බාන වෙලාවට හරි නූල කඩාගෙන ගියොත් පස්සෙන් දුවන එක.සමහර වෙලාවට උඩ බලාගෙන දිව්වේ කොහොමද කිව්වොත් ආයි ඒ පාරෙන් ආපහු එන්න බැරිය .

ආයි කැලේට යන්නේ කූඩු බඳින්න පට්ට ගන්න.ඕකට ඉතින් දැමිණ හරි වෙලන් පට්ට තමයි ගන්නේ.ඔය වැඩේනම් ලොකු කෙනෙක් තමයි ගොඩක් වෙලාවට කරලා දෙන්නේ.මන් නම් ඔය පට්ට ගන්න ලී කපන්න කැලේට ගිහින් නැති තරම්.මොකද අච්චිලයි ගෙදර ගියපු ගමන් රබර් වත්තට පැන හොරෙන් ඔට්ටපාළු ටිකක් ගලවන් එනවා කූඩු බඳින්න.ඔට්ටපාළු වලින් පට්ට වලට වැඩිය හොදින් කූඩු බදින්න පුළුවන් .ආයි ඉතිං කට්ටියත් එක්ක යනවා උණ ගස් කපන්න.මෙහෙ බට ගස් නැති නිසා උණ ගස් වලින් තමයි කූඩු හැදුවේ.ගොඩක් මොරලත් නැති ගොබත් නොවන සාමානය ගානේ උණ ගස් තමයි කපන්නේ.ගොඩක් වෙලාවට උණ ගහේ මැද විතරයි අරන් එන්නේ.මොකද මුල මෝරලා ,අඟ ලා නිසා.උණ ගස් කපාලා දාන දාඩියට උණ බූව ගෑවුනාම කට්ටිය කසන්නේ ඔක්කොම තරගෙට වගේ.අන්තිමට කට්ටිය කසපු තරම කිව්වොත් ඔක්කොම රතු පාටට තමයි කැලෙන් එලියට එන්නේ.ආපු ගමන් කරන්නේ නා ගන්න එක තමයි.ඒ නානකොට තවත් සුන්ඳරය.උණ කොළවලට කැපිච්චා ඔය වෙන වෙන ඒවාට හිරිච්චා වලට වතුර වැටෙනකොට දැනෙන සනීපෙ ගැන නම් කියන්න වචන නැහැ.

ඊට පස්සේ කට්ටිය වෙන වෙනම තමයි ගෙවල් වල කුඩු හදන්නේ.තමන් හදන කූඩුව ගැන කලින් කාටවත් කියන්නේ නැහැ.කට්ටියට හොරෙන් තමයි කූඩු හදන්නේ.දවල්ට සරුංගල් ඇරලා ඇවිල්ලා රෑට තමයි කූඩු හදන්නේ.අටපට්ටමේ සිට දහඅට පට්ටම දක්වාත් තරුවේ සිට නෙලුම් මල් දක්වාත් හඬනවා.අට්ටපට්ටමට අනිවාර්යෙන්ම පැටව ද පැටවුන්ට පැටව් ද හදනවා. පස්සේ ප්ලේන් ,දළදා මාලිගාව වගේ එව්වත් හැදුවා.පොල් තෙල් පහන් හරි ඉටි පන්දම් හරි තමයි ගොඩක් වෙලාවට පත්තු කරන්නේ.ඒවා පත්තු කරන නිසා බාන්න පුළුවන් වෙන්න තමයි හැදුවේ.මොකද ඒ කාලේ අපිට කරන්ට් එක තුබුණේ නෑ.පස්සේ කාලෙක මම කරන්ට් එක ආපු කාලෙක ටියුබ් ලයිට් එකක ස්ටාටරයක් අරන් ඔටෝ මැටික් වෙන්න හදලා තිබුනා.එකටනම් යාළුවො ගොඩක් පුදුම වුනා.ඇත්තටම ඒක ඔටෝ මැටික් වුනා නෙවෙයි.ලයිට් එලිය ගැස්සුනා විතරයි වගේ.ඔය ඔක්කොම වැඩ පෝය දවස වෙන කොට ඉවර කරලා තියෙනවා.

පෝය දවසේ උදෙන්ම පන්සල් ගිහින් ගෙදර එනවා.ඊට පස්සේ කට්ටියත් එක්ක දන්සල් වන්දනාවේ යෑම තමයි කරන්නේ.පොඩි දවස්වල නම් අහල පහල අයත් එක්ක ලෑන්ඩ් මාස්ටරේ තමයි යන්නේ.ඉස්සරහා පුවක් මලක් අනිවාර්යෙන්ම ගහනවා.ටෙලරේට කොටු බැදලා ටෙන්ට් රෙද්දක් බදිනවා.නැත්නම් කොටු විතරක් බැදලා රෙද්ද නොදා යනවා.වැස්සොත් විතරක් දාන්න.ට්‍රැක්ටරේ කොහොමත් 50 විතර යනවා.ලොකු කදු තිබුනොත් බැහැලා තල්ලු කරන්න ඕනේ.වෙසක් එකට මේ පැත්තේ එච්චර දන්සල් නැත.තියෙන්නේ තේ ,බත් දන්සල් විතරයි.දැන් කාලේ වගේ බිම ,සව් .අයිස්ක්‍රීම් තිබුනෙම නැත.ඉදාලා හිටලා තැනක් තැඹිලි දන්සල් තිබුනා.ට්‍රැකටරේ ගියාම නිදහස අඩු නිසා පස්සේ කාලෙක කාත් එක්ක හරි බයිසිකලේක එල්ලිලා යන්න පටන් ගත්තා.එතකොට ඉතින් මට බයිසිකල් පදින්නත් බැහැනේ.කාගේ හරි බයිසිකලේක තමයි යන්නේ.කදු සේරම තල්ලු කිරීම මගේ වගකීම.මාත් බයිසිකලයක් ගත්තම තමයි හොඳම නිදහස ආවේ.ඒ කාලේ වෙනකොට බිම ,සව් දන්සල් තිබුනා.වෙසක් පෝයේ පලවෙනි දවසේ කොහොමත් දන්සල් 25 -30 අතර ගානකට වගකියලා තමයි එන්නේ.බයිසිකලෙත් කිලෝමීටර් 50 විතර පදිනවා.ගෙදර එන්නේ නිකන් බඩ කොරවෙලා වගේ.මොකද කාපු බිපුවගේ තරම නිසා.කිසි දන්සලක් අතාරින්නේත් නැත.කොඩිය නොදැම්මත් දන්සලට ගිහින් කන පුරුද්දක් අපිට තිබුනේ.

මේ පොයටනම්දැ දන්සල්න් වල ලොකු අඩුවක් තියෙනවා.දැන් ඉන්න පොඩි අය ඔහොම බයිසිකල් වල දන්සල් වන්දනාවේ  යනවා මන් නම් දැකලා නැත.ඒ අතින් අපි කොච්චර නරකද කියලත් දැන් ළමයි හොඳයි කියලත් හිතන්න පුළුවන්.එත් ඒකාලේ මරු .

දැන්  නම් ඉතින් දන්සල් දෙක තුනක් විවෘත කරන්නත් පෝය දවස්වලට තියෙනවා.දන්සල් වලට යනවයි කියලා යන්නෙත් ඒ දෙක තුනට විතරයි.වෙසක් පෝය ගියාම එන පොසොන් පෝයටත් අපි  ගොඩක් බිසී.ඒ කාලේ ......

10 comments:

  1. කළින් දවසක සගයො පිරිසත් සමග කැළයට දුවනවා
    විටින් විට එන අත්දැකීමද විඳගෙනම බට කපනවා
    නෙතින් සැනසෙන කූඩු හදමින් වෙසක් සිරි නිති විඳිනවා
    ඉතින් ඊට පසු පොසොන් ලිපියක් ලියන තුරු මග බලනවා.....

    සුමුදු. මේ ලිපිය හදිසියේ ලිව්වා වගෙයි දැණෙන්නේ. ලිපිය වරක් දෙකක් කියවලා ඉන්පසු බ්ලොගයට දාන්න.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උපදෙස් වලට

      ජය වේවා ..!!!!

      Delete
  2. Replies
    1. ස්තුතියි

      ජය වේවා ..!!!

      Delete
  3. බොහොම සුන්දර අතීතයක මතක කන්දක් නේද ... ගෑණු ළමයි වෙච්චි අපිටනම් කොයි කාලෙකවත් ඔහොම අත්දැකීම් ගන්න බැරි උනා.රසවත් මතකයක් ඒත් දුමී කිව්වා වගේම කළබලෙන් ලියපු පාටයි.අකුරුවල මිස්ටේක් මහ ගොඩයි. මුලින් ලියපු රටාව නෙවෙයි අන්තිම වෙනකොට.ඒවාත් ටික ටික හදාගත්තනම් මරු

    ReplyDelete
    Replies
    1. උපදෙස් වලට බොහොම ස්තුතියි

      ජය වේවා ..!!!!

      Delete
  4. බ්ලොග් කියන්නේ නිදහස් අදහස් දරන තැනක්.අනික මේක මේ පත්තරේ වගේ තුන් හතර දෙනෙක් කියවලා publish කරන එකක් නේ .අනික පත්තර සල්ලි දීලා අරගෙනත් කොච්චර අකුරු අඩු පාඩු තියෙනවද .අනික සිංහල ටයිපින් හොඳටම කරන කෙනෙකුට ඇරෙන්න වෙන කෙනෙකුට බෑ ටයිපින් 100% හරියට

    මිනිස්සු උපදින ගමන් ම ඇවිද්දේ නෑ නේ.ඒක නිසා කාලෙත් එක්ක උඹත් කීබෝර්ඩ් වීරයෙක් වෙයි.එදාට හොඳට ලියපන්.එතකන් වචන ගැට ගහන ලියපන්.කවදාවත් නොලියා ඉන්න එපා.අනික උඹේ ඔය අත්දැකීම් මේකේ ඉන්න ගොඩක් වුන් දන්නෙවත් නෑ ..

    උඹට පොරක් වෙන්න ඕනෙනම් උඹේ ස්ටයිල් එකට ලියපන්.මේක ගත්තෙත් උඹගේ එකෙන්මයි .උඹගේ ස්ටයිල් එක අනුන් කිව්වට මාරු කරන්න එපා.

    තවත් ලිව්වොත් මේකත් කමෙන්ට් එකක් වෙන්නේ නෑ.මේක ත් බ්ලොග් එකක් වෙයි ..

    මීට
    බ්ලොග්ලොවේ රජු

    ReplyDelete

ඔබේ අදහස මට කෝටියක් වටි..ලියා යන්න වචන දෙක තුනක්